***—–මාංචු—–***(17 කොටස )

පහුවදා දේව් හොනට් එකෙන් කෙල්ලගේ ගෙදර ආවේ වැදගත් දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න.කෙල්ල දැක්කා කොණ්ඩේ උඩට උස්ස උස්සා ලස්සනට ගේ ඇතුලට එන කොල්ලව.කෙල්ල ඒකයි පණ කඩන් කාමරේට දිව්වේ.මොකද සරූ බාගෙට අදින ගමන් ආවේ අම්මාගෙන් කට්ටක් ඉල්ල ගන්න.එතකොටම යි කොල්ලව දැක්කේ.එහෙමම කොල්ලා ඇවිත් තාත්තා එක්ක කතාවක හිටියේ.

“කොළඔ යන්න වෙලා තියනවා බිස්නස් වැඩකට.නංගිව එක්ක ගියාට කමක් නැද්ද.තව ඔෆිස් එකේ ගර්ල් කෙනෙකුත් යනවා.”

“හා පුතා .ඒක දුවටත් වෙනස් අද්දැකීමක් වෙයි.”

“ඔව් ඒක ලොකු ව්‍යාපාර හවුලක්.අපේ අනාගතේට වටිනවා.හොටෙල් ෆීල්ඩ් එකට තමා ගොඩක්ම හොද.ඒ වගේම ඉගන ගන්න ගොඩක් දේවල් තියන ප්‍රොජෙට් එකක්.”

“මං කැමති පුතා මගේ දුව ගේ අස්සටම වෙලා ඉන්නේ නැතුව සමාජෙට හුරුවෙනවට.පුතා එක්ක යවන්න මට කොහොමත් බයක් නැහැ.”

“හෙට උදේම යන්න වෙනවා.මං එන්නම් නංගිව ගන්න එහෙනම්.”

“හා පුතා .වැඩේ සාර්ථක වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා එහෙනම්.”

එහෙම කියලා අතුකොරල දේව්ට හදවතින්ම සුභ පැතුවා.අතුකොරල දන්නවා කොල්ලා අත ගැහුවොත් වැඩේ සාර්ථක වෙනවා කියලා.ඒකයි බය නැතුවම කොල්ලට ධෛර්යය දුන්නේ.ඊටත් පස්සෙයි කෙල්ල ලස්සනට ලා දම් පාට සාරි එකක් ඇදන් කොටසක් අතින් අල්ලගෙන තාලෙට පඩිපෙල බැස්සේ.ගැහැනුකම මනාව සාරියට කැපිලා පෙනෙද්දි ඒ ඇගේ හඩයත් ඉස්මතු වුනා.ඒකයි දේව්ගේ පිරිමි ඇස් ඒ ලස්සන දර්ශනය විදගත්තේ.

“මං හොටෙල් එකට යන්නේ.නංගිත් යමු.”

කෙල්ල බැලුවේ තාත්තා දිහා තාත්තා ලස්සනට හිනාවෙනවා.පරිස්සම්න් ගිහින් එන්න කියලා ආශිර්වාද කරන්න වගේ..

වැදලා අතුකොරලගෙන් ආශිර්වාද අරගෙන කොල්ලා එළියට ආවේ.කෙල්ලත් එහෙමයි.හොනට් එකට නගින්න ටිකක් ගේමක් දුන්නත් කෙල්ල අන්තිමට දේව්ගේ කරේ එල්ලිලා නැගගත්තා.සරූ බය වුනේ සාරිය ගැලවිලා වැටෙයිදෝ කියලා.වෙලාව හොදකමද මංදා එහෙම උනේ නැහැ.

බයික් එක පදින ගමන් කොල්ලා බේක් ගහනවා.කෙල්ල එතකොට දේව්ගේ පිට උඩ නතරවෙන්නේ.
බැරිම තැන කෙල්ල දේව්ව අත් යවලා බදාගත්තා.වැටෙයි කියලා බයට.දේව්ට ඕන වුනේ කෙල්ල එහෙම කරනවා දකින්න.ඒකයි අතොරක් නැතිව බොරුවටත් එක්ක බේක් ගැහුවේ.මුකුත් දන්නේ නැති සරූ පණ බයේ තදින්ම දේව්ගේ පිට කොණ්ද බදාගෙන හිටියේ.කොල්ලා වේගෙන් යන්න දස්සයා.ඒත් සරූ බයයි.

“දේව්..හෙමීට යමුකෝ..”

“හෑ…අහුන් නැහැ පැටී..”

“හෙමින් යාාාං…”

කොල්ලට ඇහුනා.ඒත් හයියෙන්ම යනවා ඇහුන් නැහැ වගේ.කෙල්ල බයට ගල් ගැහිලා දේව්ට තුරුල්වෙලා හිටියේ.කොල්ලා ආසයි ඒ පහසට.හොටෙල් එක ගාව බයික් එක නවත්තද්දි කෙල්ල බැස්සේ ජිවිතයත් මරණයත් අතර සටනක ඉදලා ජයගත්තා වගේ සතුටින්.කෙල්ලගේ පපුවත් ගැහෙනවා.දේව්ටත් තේරුණා.මොකද කොල්ලා හෙල්මට් එක දෙද්දි කෙල්ලව ලගට ඇදලා ගත්තා.ඒ වෙලාවේ කොල්ලට ඒ ගැස්සම හොදටම ඇහුනා.

අද දවස කෙල්ල ගෙව්වේ ඉවසිල්ලක් නැතුවයි. හෙට කොළඹ යන ගමනට කට්ටියම ලැස්ති වෙනවා.කොල්ලයි විදුරයි තව හොටෙල් එකේ කොල්ලෝ ටිකකුයි ඇරුනම කෙල්ලයි තිළිණි යන්න ලැස්ති වෙලා හිටියේ.එ්ත් තිළිණි එනවා කියලා සරූ දැනන් හිටියේ නැහැ.දේව්ටත් කියන්න ගානක් වුනේ නැහැ.හොටෙල් එකේ කෙල්ලට ටිකක් ලගින් හිටපු අරුණි කෙල්ලවත් එක්ක යමු කියලා යොජනා කරේ සරූම තමයි.කොල්ලා කැමති වුනා ඒකට.

**************************-

පහුවදා පන්දරම දේව් ලස්සනට ලැස්තිවුනේ ගමන යන්න.සැහැල්ලු ඇදුමක් තමයි යද්දි ඇදන් යන්න කොල්ලා තෝරගත්තේ.ඇගටම ස්ලිම් ටී ෂාර්ට් එක නිසා කොල්ලගේ දේහදාරි ශරීරය ඉස්මතුවෙලා පෙනුනා.මනා කඩවසම් රූපය දේව්ට පුදුමම ලස්සනක් ගෙනාවේ.කෙල්ල ලස්සන ගවුමක් තෝරගත්තේ.කට්ටියම ගිහින් පහුවදා ඉදලා එන්නයි කතිකා කරගත්තේ.මොකද මීටින් එක පහුවදාට වැටිලා තිබ්බේ.

කට්ටියම එක්ක නවීන පන්නයේ වෑන් එකේ කෙල්ලගේ ගේ ලගට යද්දි කෙල්ල ලැස්ති වෙලා බලන් හිටියේ.ගමන යන්න ආසාවේ දගලන ඒ ඇස් දේව්ගේ ඇස් අල්ලගද්දි කොල්ලා මොහොතක් ඒ ඇස් ලග නතර වුනා.අතුකොරල ගමන් මලු පටවද්දි කෙල්ල ගියේ දෙව් ලගට.දෙව් ලගින්ම වාඩ්වෙලා ඉන්න තිළිණි ව දැක්කම ඒ චුටි හිත මෙව්වා වුනා.දේව් ලගින්ම වාඩිවෙලා හිටපු නිසාද මංදා කෙල්ලට දුක හිතුනා.ඒ අසරණ ඇස් ගියේ දේව් දිහාවට.

“තිළිණි .නංගි ඔයා පිටිපස්සට යන්න.

“අනේ දේව්..මට නම් බැහැ.ඒ
සී එකට අමාරුයි..”

“එතකොට මෙතන එකට අමාරු නැද්ද.”

“නැහැ ඔයාට කවර් වෙලානේ”

තිළිණි හුරතල් වෙනවා.සරූට තවත් ජෙලස්.චුටි කෙල්ල කැමති දේව් ලගින් වාඩ්වෙන්න.ඒත් තිළිණි ඒකට හරස් වුනා.

****—-මතු සබැඳී—– ****

අඩුපාඩු කියන්න යාලු.
අද අසනීපෙන් ඉන්නේ.ගෑස්ටික් හැදිලා..සමාවෙන්න පොඩ්ඩක් දාන්න උනාට.අමාරුවෙන් දැම්මේ.

ආදලෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *