***—–මාංචු—–***(22 කොටස )

කෙල්ල ගියේ දේව්ගේ ඔෆිස් එකට යන්න කියලා.ඒත් කොල්ලා හිටියේ නැහැ පේන්න.ඒකයි ලස්සන ඇස් ඔෆිස් කාමරේ පුරාම සැරිසැරුවේ.එහෙමම ඒ ඇස් නතර වුනේ මේසෙ උඩ පොඩියට රාමු කරලා තිබ්බ ෆොටෝ ටික ලග.දේව්ගේ අම්මායි තාත්තයි කියන්න පුලුවන් ලස්සන ජෝඩුවක් චුටි දේව්ව අත්වලින් උස්සන් ඉන්න ලස්සන ෆොටෝව කෙල්ල අතට ගත්තා.අම්මා කියන්න පුලුවන් ගෑනු කෙනා දිහා කෙල්ල ඇස් ලගටම අරන් බැලුවා.

“යසවතී අම්මා..😯😯😯නැහැ….අනේ එයා වෙන්නේ කොහොමද….මටත් පිස්සු…….ඒ්ත් එයා වගේමනේ…..දේව්ගෙන් අහලා බලමු….කො ඉතිං මෙයා..”

එහෙම හිතලා කෙල්ල ඔෆිස් කාමරෙන් යන්න හැදුවේ.හැරෙද්දිම ඇගේ හැපුන සද්දන්ත ඇගට කෙල්ල එතනම නැවතුනා.

“හොර කෙල්ල ..කාවද බැලුවේ..මි.”

“දේව් අයියා…..කොහෙද ගියේ..”

“මං ගියා සුදු වැඩ ටික බලන්න.දැන්ද ආවේ මගේ මැණික”

“හ්ම්…දේව් අයියා අර ෆොටෝ එකේ ඉන්නේ කවුද”

“කො..අහ්..මේකද..මේ සුකිරි බඩිල්ලා මං..එතකොට මේ අප්පච්චි…මේ…මගේ අම්මා.”

අම්මා ගැන මතක් වෙලා කොල්ලගේ මූණ දුකින් බරවුනා.කෙල්ල කල්පනා කරේ ගෙදර වැඩට හිටිය යසවතී අම්මා වගේම හැඩහුරුකම් තිබ්බ දේව්ගේ අම්මා දිහා බලාගෙන.පියවි සිහියට ආපු කෙල්ල දේව් ව දැක්කා.දුකින් හිටපු කොල්ලගේ පපුව අස්සට කෙල්ල රිංග ගත්තේ ඒකයි.ලස්සනට තුරුලු වුන කෙල්ලගේ බදවටා කොල්ලගේ අත එතිලා වගේ නැවතුනා.

“දන්නවද ..ඔයා මේ අම්මා කිව්වේ..”

“ඔව්..”

“එයාව මට දැකලා පුරුදුයි.”

“ඇයි සරු..කොහෙදිද.??.අනේ ..මේ ලගකදිද දැක්කේ.කියන්න.”

ක්ෂණිකව කෙල්ලව උරහිස් වලින් අල්ලලා පස්සට කරලා දේව් ඇහුවේ කලබලෙන් වගේ.

“නැහැ අනේ..ඉස්සර පොඩ් කාලේ මාව බලාගත්තේ යසවතී අම්මා කියලා කෙනෙක්.මට එයාව මතක් වුනා මේක දැක්කම.”

“හ්ම්…මං අම්මාව හොයනවා මැණික.එයා මට මොන වැරද්ද කරත් මට එයාව දකින්න ඔින.කතා කරන්න ඕන.ලගටම වෙලා මෙන්න මෙහෙම තුරුලු කරගන්න ඕන.”

“මං ඔයාට උදවු කරන්නම් දේව් අයියේ.අපි අම්මාව හොයාගමු.මගේ තාත්තත් උදවු කරයි ඒකට.මි.”

“හා මැණික.”

“බොස් යසයි හැසිරෙන විදිහ.ඔහොමද වැඩ කරන්නේ අහ්..හොටෙල් එකට බුදුසරණයි තමා.”

හිනාවේගෙන එහෙම කියන ගමන් කල්ප ආවේ කෙල්ල එතනින් යන්න හදද්දිමයි.සරූට කල්පව ඇල්ලුවේ නැති නිසා කෙල්ල යනවා කියලා එතනින් අයින් වුනා.

“දේව්..මේක සයින් කරලා දෙනවද.”

“වාඩිවෙන්න කල්ප.මොකද ජොබ් එක හොදද..”

“වරදක් නැහැ .”

“උඔ අර හොටෙල් වල කෑම ගැන දිපු අදහස නම් මරු.මං කිචන් එකට අදම ඒ ක්‍රමය ගේනවා.”

“අහ් ..ඒක මොකක්ද.”

කාලය එහෙමම ගතවුනා.ඇත්තටම කල්ප ගොඩක් හොටෙල් එක වෙනුවෙන් කැප වුනා. හොද අදහස් කල්පට ගොඩක් තිබ්බා.කල්පගේ ගොඩක් අදහස් හෝටලේ දියුණුවටත් බලපෑවා.දේව් හිටියේ ගොඩක් සතුටින් ඒ වගේ කෙනෙක් හෝටලේට එකතු වුන එකට.

කලබලෙන් වගේ ආපු දේව් එච්.ආර් එකේ සැපපහසු පුටුවට බර දිලා හිටපු කල්පට කතා කරා.

“හෙට මීටින් එකක් මචං.උඔත් යමං.”

“හරි දේව් .මං එන්නම්.”

කල්ප පුටුවෙන් නැගිටලාම කොල්ලට ආචාර කරලා එහෙම කිව්වා.

“හවස ඒ ගැන කතා කරමු එහෙනම්.”

“ඕකේ මචං”

“සරූ කෑම ගන්න යමුද..”

කල්පට එහා මේසේ ළග මොනවදෝ ලියන ගමන් හිටපු කෙල්ලට දේව් එහෙම කිව්වා.

“හා මං එන්නම්..”

කෙල්ල එද්දි දේව් බලන් හිටියේ කෙහෙල් කොලේ ඔතන් එන රසම රස නැන්දාඅම්මගේ බත් එක ලිහිනකම්.ඒ තරම් ඒ කෑම එක රසයි.කොල්ලට අම්මාගේ කෑම මතක් වෙන්න තරම් කෑම එක රසට තිබ්බා.අම්මාගේ සෙනෙහසත් කැටිවෙන නිසාද මංදා අම්මලා අතින් හදන කෑම කොල්ලට පුදුමම රසක් තිබ්බේ.දේව් නිසාම අතුකොරල නෝනාත් රසටම කෑම එක හදලා දෙනවා.කොල්ලා ඉතිං හොටෙල් එකෙන් මොනාහරි ගෙන්නගෙන කෑවේ.කෙල්ල තමයි ඒක නතර කරලා කොල්ලටත් එක්ක කෑම ගේන්න ගත්තේ.

“කවන්නකෝ…”

“ඇයි අද මොකක්ද ලෙඩේ..”

කෙල්ලා කපටි හිනාවක් දානවා.කෙල්ල තරවටු බැල්මෙන් බලන් හිටියා.හැමදාම දේව් මොකක් හරි බොරුවක් කියලා කෙල්ලට කියලම කවාගත්තේ ඒ අතින් කවන බත් තවත් රස නිසා.සරූ ආසයි කොල්ලට ලස්සනට අනලා කවන්න.ඒකයි බත් කටක් අනුවේ කවන්න කියලා.

“ඌයිඉඉඉ…මැට්ටා.”

“රිදුනද රත්තරං..”

“ඔයා..හරි නරකයි.රිදුනා මට.”

ඇත්ත කෙල්ලට රිදුනා.කොල්ලා විහිලුවට අත හැපුවත් ටිකක් තදට හැපුනා.ඒ නිසයි කෙල්ලට මේ කදුලුත් ආවේ.

“කො.බලන්න…”

“එපා..”

“අනේ මැණික හිතලා කරේ නැහැනේ.කෝ…අගිල්ල දෙන්න.”

දේව් බලෙන්ම කෙල්ලගේ අත ඇදලා අරන් හීනියට තොල්පෙතිවලින් තද කරා.වේදනාව අඩුවෙද්දි කෙල්ලට හිනා.කෙල්ල ආසයි ඒ දගකාර පිස්සු වැඩවලට.ඒකයි හිනාවෙන්නේ..

“හරිනේද..කවනවද එහෙනම් මැඩම්…”

එතකොටයි කෙල්ලට මතක් වුනේ කවන්න ඕන කියලා.බයෙන් වගේ ආයෙත් කටක් අනලා කෙල්ල කැව්වේ.දේව් බයෙන් කවන කෙල්ල දිහාවට දැම්මේ කුපාඩි හිනාවක්.එත් අයෙත් අත හපන්න ගියේ නැහැ.බත් කටත් එක්කම රතුපාට තොල්පෙති අතරට කෙල්ලගේ සුයුමැලි ඇගිලි හිරවෙද්දි කෙල්ලට ආසයි.දේව් කෙරෙහි තිබ්බ ආදරේ තවත් වැඩ්වුනේ ඒකයි.

******************************

පහුවදා තිබ්බ ඩීල් එකත් ලස්සනට ඉවර වෙද්දි හොටෙල් එකේ හැමෝටම සතුටුයි ඒ ජයග්‍රහණයට.ලොකු ජයග්‍රහණයක් තමයි අදත් කට්ටියට හම්බුනේ.ඇත්තටම කල්පගේ ප්‍රෙජෙක්ට් එක නිසා තමයි වැඩේ සාර්ථක වුනේ.දේව් ඒකට කල්පට ස්තුති කරා.කල්ප ඒ ස්තුතිය භාර නොගත්තේ දේව් කල්පට ඒකට උදවු කරපු නිසා.කල්ප නම් හිතුවේ කොල්ලා නිසා තමයි මේ ජයග්‍රහණය කියලා.

“දේව් උඔනේ කොල්ලෝ අදහස දුන්නේ..මොකටද මට තැන්කිව් කියන්නේ.මි..”

“අදහස මගේ වුනාට මහන්සි වුනේ උඔනේ …”

කල්පගේ බඩටත් විහිලුවට ගහන ගමන් දේව් කිව්වා.කල්ප බේරෙන්න වගේ පස්සට පැන්නා.පිටිපස්සෙන් ආපු සරූගේ ඇගේ හැප්පිලයි කල්ප නතර වුනේ.වේගෙන් ඇග දිහාවට ආපු කල්පව නවත්තන්නයි කෙල්ලට ඕන වුනේ.සරූට එකපාරටම පස්සට එන කල්පගේ අත ඇල්ලුනා.

****——මතු සබැඳී——-****

ආදලෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *