***—–මාංචු—–***(28 කොටස )

කොල්ලා දැක්කා කොල්ලගේ ලොකු ෂර්ට් එකකට නෝන අම්මා ගෙනත්දිපු දිග සායත් ඇදගෙන ඉන්න සරූව.ඒ ඇදුමට කෙල්ල හිටියේ සකලබුජං වගේ..ඒකයි දැකපු ගමන් දේව්ට බකස් ගාලා හිනාගියේ.කෙල්ල දැක්කා දගකාර විදිහට හිනාවෙන දේව්ව..එ්කයි සරූ තරහෙන් බුම්ම ගත්තේ.පිම්බුන කම්බුල් තවත් චුට්ටක් තරහෙන් පිම්බෙද්දි කෙල්ල ඇස් හිනි කරලයි දේව් දිහා බලන් හිටියේ.

“ආ….තේක”

තරහෙන්ම දේව්ගේ අත ඇදලා අරන් කෙල්ල තේ කෝප්පේ කොල්ලගේ අත උඩින් තිබ්බා.ගස්සගෙනම මූණත් හපුටු කරන් කෙල්ල ඇදට ගියා.තරහෙන් අඩි ගානක් මූණත් පහත් කරන් තමන්ගේ ඇද වගේ කෙල්ල දේව්ගේ ඇදේ හිටියේ..

“මට ගෙදර යන්න ඕන…”

“අර ඉන්නේ තාත්තලා යන්න ඉතිං…”

“යනවා තමයි…”

කෙල්ල ඇත්තටම යන්න හදනවා.දේව්ට ඕන වුනේ චූටි කෙල්ලව නවත්ත ගන්න..සරූ ඇදන් හිටිය ලොකු ෂර්ට් එක පොඩ් පට්ටම් වෙලා යන්න තරම් තදින් ඒ සිහින් ඉග දේව්ගේ අතකට තද වෙද්දි වේගෙන් යන්න ගිය කෙල්ල එතනම නතරවුනා.

“අත….ගන්න්න…”

“තරහෙන් යන්න දෙන්න බැහැ..ගන්නේ නැහැ ඒ නිසා..”

“අනේ…ඒ”

“මැඩම් ඇයි මෙච්චර ලොකු සීන්…ඔය ඇදුමට ඔයා ලස්සනයි…ඒත් තරහෙන් යනවා නම් ඇදන් ඉන්න මගේ ෂර්ට් එකත් ගලවලා තියලා යන්න..හාද”

කෙල්ල විසිවුනේ ඇදුම මතක් වෙද්දි..දෙයියෝ සාක්කි.ඇත්තනේ.සරූ මේ
ලොකු සීන් පෙන්නන්නේ කොල්ලගෙම ඇදුමක් ඇදගෙනයි.

“තාත්තා අතේ එවන්නම්..”

“එහෙම බැහැ…තරහෙන් යන්න ඔට්ටු නැහැ යනවා නම් ඇදුම තියලා යන්න..මි..”

“තරහ නැහැ ..දැන් යාලුවුනා..”

“කපටි කෙල්ල…”

එහෙම කියලා කොල්ලා සරූව බදාගත්තේ මහ ගොඩක් ආදරේ හැගුම් ඒ පිරිමි පපුව අවුස්සද්දිමයි.කෙල්ල තදවුනේ දේව්ගේ අවංක ආදරේ ගුලි කරන් හිටපු ලස්සන පිරිමි පපුවට..කෙල්ලට එහෙම ඉද්දි මොකක්දෝ ලෝභකමකින් හිත පිරිලයි තිබ්බේ..ඒකයි ඒ පහසට කෙල්ලගේ චුටි හිත මෙල්ල වුනේ.

“දේව් අයියේ..”

“ම්…”

“ඊයේ මොකද වුනේ..”

“මොනා වෙන්නද මැණික ..අර තිරිසනා හිරේ ඇති.කරපු බලු වැ‍ඩේ..මගේම ලගින් ඉදලා මට එහෙම කරන්න මුට යකෝ….මං මගේම එකෙක්ට වගේ සැලකුවේ..

“මං දන්නවා..ඔයාගේ හිත හොදකමින් හැමෝම අයුතු ප්‍රයෝජන ගන්න හදන්නේ.මට සමාවෙන්න.ඔයා ලගින්ම ඉන්නයි මට තිබ්බේ.”

“ඔයාට මොනාහරි වුනා නම් මං ඕකව මරනවා.ඒත් මං අත ඇරියේ මට හිරේ යන්න බැරිකමට.ඔයා මගේ වෙලා හිටියේ නැත්තන්ම් මට මාංචු දාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි.ඒත් දැන් මට මාංචු දාගන්න බැරි හේතුවක් තියනවා.මගේ මැණික නිසායි ඒ.”

“ආදරෙයි රත්තරං ..මගේ පණ ඔයා.කවදාවත් ඒ මාංචු දාගන්න හිතන්න එපා.මට බැහැ ඔයා නැතුව ඉන්න.අපි ඉවසලා ඉමු.”

කෙල්ල එහෙම කියලා දේව්ට තව ටිකක් තුරුල් වුනා.දේව් තමන්ට ලැබුනු මේ වස්තුව ආරක්ෂා කර ගන්නවා කියලා තරයේම හිතේ තැම්පත් කරගත්තා.

අතුකොරල දෙපලත් ඊයේ ඉදන් කොල්ලගේ ගෙදර හිට්යේ.සිද්ධිය දැනගත්තම දෙන්නම ආවත් ඒ වෙද්දි ඇදුම් මාරු කරලා එහෙම කෙල්ල මත්වෙලා නිදාගෙන හිටියේ.දේව් වගේම කට්ටියටම කෙල්ල නිසා රැ නින්දක් තිබ්බේ නැහැ.ඒ නිසා වේලාසන කවුරුත් ඇහැරුන් නැහැ.අතුකොරල නෝනා කෙල්ල ලගින්මයි නිදාගත්තේ.දේව් නිදියන අදහසින් නෙමෙයි සෝෆා එකේ හිටියේ.ඒත් අතුකොරල නෝනා සරූව තුරුලු කරන් ඉද්දි කොල්ලට අම්මාගේ උණුසුම දැනෙමින් තිබ්බේ.ඒ දිහා බලන් ඉදලාම කොල්ලට නින්ද ගියා.

“තාත්තේ නංගිට අැදුම් ගෙනාවද..”

“ඔව් පුතා ..අම්මගෙන් ඉල්ලගන්න.පහන තියන්න මල් කඩනවද කොහෙද..”

දේව් ආවේ නාගන්න ගිය චුටි කෙල්ලට ඇදුම් ඉල්ල ගන්න.කෙල්ල සීතලේ නිසයි දේව් කලබල වෙලා හිට්යේ.අතුකොරල නෝනා ලස්සනට මල් තියලා පහන තියනවා දැක්කම දේව්ට ආසයි.අම්මා දිපු කෙල්ලගේ ඇදුම් මල්ලත් අරන් ගිහින් කොල්ල සරූට දුන්නා.කොල්ලා නාගත්තේ ඊටත් පස්සෙයි.

“අහ්…පුතා…ඉදගන්න.ඉදි ආප්ප තියෙන්නේ පුතා කනවා නේද..”

“ෂා..මරුනේ..”

මේසේ උඩ ලස්සනට තිබ්බ කහපාට අල කිරි හොද්දට ගැලපෙන්න කට දිව පිනවන ගලේ අඔරපු රසපාට පොල් සම්බෝලේ අතරින් පතර කොච්චි මිරිස් කෑලි සැගවිලා තිබ්බේ.මාලු ඇඔුල් තියල් දිසිය අරන් ආවේ අතුකොරල නෝනා.

“රසද පුතා..අම්මගේ රෙසිපිය..”

“කටට රස තියනවා නම් අම්මගේ කෑම තමයි..”

“පුතා ..අර තිරිසනාව හිරේ දාලා..ඒත් කවුද ඇප දීලා නිදහස් කරගෙන..”

අතුකොරල එහෙම කියද්දි කන්න ගත්ත ඉදිආප්ප කට එහෙමම පිගානෙන් තිබ්බ දේව් පුදුම වුනේ කවුද ඇප දුන්නේ කියලා කල්පනා කරන ගමන්.

“කවුද ඇප දිලා තියෙන්නේ..”

“කවුද කියලා නම් දන්නේ නැහැ.මගේ යාලුවා අද මට කෝල් කරලා කිව්වා දුව.”

“ඌට ඇප දෙන්න එහෙම කවුරුත්ම නැහැ තාත්තා.මං දන්න තරමින් නම් එහෙම කෙනෙක් ඉන්න විදිහක් නැහැ.මෙච්චර ඉක්මනට ඇප දිලා තරම් බේරගන්න ඌව ඕන කෙනෙක් ඉන්නවා එහෙනම්.”

“එහෙනම් කවුරු වෙන්න ඇද්ද…මොනා වුනත් ඔය දෙන්න දැන් පරිස්සම් වෙන්න ..ඔය පලිය ගන්න බලාගෙන ඒ මනුස්සයා ඉන්නවා ඇත්තෙත්.”

“දැන් ඔය කතාව නවත්තලා කාලා හිටියා නම්.පස්සේ ඔවා කතා කරමු.”

උදේ පන්දරම ඒ තිරිසනාව මතක් වෙද්දි දැනුන පිලිකුල් සහගත හැගීම් නිසා අතුකොරල නොනා එහෙම කිව්වා.කට්ටියම ඒ කතාව නවත්තලා කෑම ගත්තා.කෙල්ලත් රස කර කර හොදට කනවා.දේව් හිටියේ ආසාවෙන් කන කෙල්ලගේ ඉරියව් හොරෙන් බලන ගමන්.ඒ බැල්මට හසු නොවුන සරූ හිතේ හැටියට කනවා.

“පුතා හොටෙල් එක පැත්තේ යන්නේ නැද්ද අද..”

“යන්න ඕන තාත්තේ..එහේ මොනා වෙලාද දන්නේ නැහැ.විදුරට කෝල් කරලා බලන්න ඕන.”

“ඒක හොදයි පුතා ..කොයිකටත් පරිස්සමින්..”

අතුකොරල එහෙම කියලා කොල්ලට අවවාද දුන්නා.කොල්ලා සාවදානෙන් අහන් හිටියා.අතුකොරල කියන හැමදේම කොල්ලා ධාරණය කරගත්තේ පසුවට වැදගත් වෙන නිසා.එතකොටම ගෙදර බෙල් එකේ හඩ ඇහෙද්දි කොල්ලා බැලුවේ ආවේ කවුද කියලා.

******——මතු සබැඳී—– ******

අඩුපාඩු දැනගන්න කැමතී..

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *