***—–මාංචු—–***(32 කොටස )

“ඈ…………ඈ……….ඈ”

දේව්ගේ හදවත එතනම නතරවුනේ පොඩි පැටික්කිගේ ඇඩිල්ල ඇහෙද්දි..වේගෙන් යන්න ගිය දේව් ඒකයි ගල්වෙලා වගේ නතරවුනේ.තාත්තිට යන්න එපා කියන්න වගේ දු පැටික්කි දේව් යද්දි අඩපු නිසයි කොල්ල නැවතුනේ.රෝස කැකුලක් වැනි පැටික්කි එක්ක තිබ්බ තරහ අමතක කරලා කොල්ලා එහෙමම පැටික්කිව තුරුලට ගත්තා.

“බලන්න මහත්තයෝ..හරියට අදුරගත්තා වගේ පුතාට තුරුල්වෙන්න දගලන හැටි.”

අතුකෝරල නෝන අතුකෝරලට එහෙම කියද්දි අතුකෝරල බැලුවේ අලුත උපන් කිරි කැටියා දේව්ට තුරුල් වෙන්න දගලන විදිහ.දේව් නොතේරෙන දරු පැටියව එහෙමම තම පිරිමි පපුවට තබාගෙන ඒ උණුහුම විදගන්නට පැටික්කිට අවසර දුන්නේ හිතේ උපන් දුක ,තරහ මොහොතකට පැත්තකින් තියලා.

“පුතා….”

“තාත්තේ…”

“දුවට සිහිය එනකම් දරුවට කිරි දෙන්න විදිහක් නැහැ..මව්කිරි නැතුව කොහොමද දරුවගේ බඩගිනි නිවන්නේ..”

කෙල්ලගේ අම්මා ලතවුනේ එහෙම කියලා .අැත්ත..අවශ්‍යය පිය සෙනෙහස කෙසේ දුන්නද මව් සෙනෙහසින් කිරි පෙවීමට දේව්ට නොහැකිය…කොල්ලත් පැටික්කිවත් තුරුලු කරගෙන ඒකයි මේ දහ අතේ කල්පනා කරන්නේ.

“තාත්තේ..මට තේරෙන්නේ නැහැ.අනේ සරූට ගොඩක් අමාරු ඇති..මගේ කෙල්ල..දැන් මගේ දරුවා වෙනුවෙන් මං මොකද කරන්නේ තාත්තේ”

“මං දරුවට කිරි දෙන්නම්..

නොහිතූ වෙලාවේ ඇසුන ඒ ගැහැනු හඩට දේව් කලබලෙන්ම ඒ දිහාව බැලුවා.දෙයියනේ…

“තිලිණි…ඔයාට පුලුවන්ද..ඔ…ඔයා..”

“ඇති බං දේව්..මේක වුනේ අපේ අත්වැරෙන්දෙන්..තිලිණිත් දැන් මාස දෙකක පැටියෙක්ගේ අම්ම කෙනෙක්..ඔය වැඩේ මෙයා කරයි..”

කල්ප එහෙම කියද්දි හිතට තරහක් ආවත් දේව් ඉවසුව.ඒ දරු පැටික්කි නිසා උපන් සෙනෙහසිනි.කෑ ගහලා ගහගන්න බැරිකමක් නැහැ. ඒත් කොල්ලා ඉවසිමෙන් හිටියා.

“දේව් අයියා කෝ දෙන්න …මං දරුවට කිරි දෙන්නම්..”

දේව්ගේ තරහව සම්පුර්ණවම නැතිවෙලා යද්දි තිළිණි දෝතින්ම පැටික්කිව අරගෙන පැත්තකට ගිහින් කිරි දෙන්න ගත්තා..හයක් හතරක් නොදත් කිරිසප්පයා ඒ තන පුඩු ඇදගත්තේ බඩගිනි නිවාගන්නටයි.තමාගේම අම්මා කියලා හිතාගෙනද මංදා තිළිණිගේ ඇකයට පැටික්කි තුරුලුවෙලයි හිටියේ..දේව් එහෙමම එතනින් ගියේ සරූගේ තත්වේ දොස්තර මහත්වරුන්ගෙන් දැනගන්න හිතන්.

“ඩොක්ටර් මගේ නෝනාට…”

“වාඩිවෙන්න දේව්..”

“ඩොක්ටර්.ම..ගේ..”

“ඔයාගේ නෝනට තාම සිහිය ආවේ නැහැ.කෝම තත්වයදි සිහිය ගන්න අමාරුයි අපිට.ගොඩක්ම මේක හිසට ඇතිවුන බලපෑමක්…අපිට අදද හෙටද, තව අවුරුද්දකින්ද දෙකකින්ද කියන්න බෑ.ඉවසලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.අපි ඉවසලා බලමු.මේක මේ වැටුන නිසාම වුන දෙයක් නෙමෙයි.මේ පේෂන්ට ප්‍රශ්න මොනාහරි තිබ්බද”

“එහෙම කියලා ප්‍රශ්න නම් තිබ්බේ නැහැ ඩොක්ටර්..අනේ මගේ නෝනව බේරලා දෙන්න..”

“මේ පේෂන් ලොකු පීඩනයක ,බයකින් වගේ ඉදලා තියෙන්නේ.ඒ පීඩනෙත් මේ තත්වෙට හේතුවෙලා තියනවා.අපිි පුලුවන් තරම් උත්සාහ කරනවා.විශ්වාසය තියාගමු.මේ වෙලාවේ හාත හයිය කරගන්න එකයි වැදගත්”

පිටට තට්ටුවකුත් දාලා දොස්තර දේව්ට කියද්දි කොල්ලා හිටියේ බර කල්පනාවක.හදවත කඩාවැටිලා වගේ යද්දි දේව් කෙලින්ම එතනින් ගියේ කෙල්ල ඉන්න තැනට …

දවසම කෙල්ල ලගට වෙලා කදුලු පිහිදදා හිටපු දේව් හිටියේ මේ ලෝකේ නෙමෙයි.දවස් ගානක්ම කෙල්ලව බලන්න ගියත් සරූ තාමත් ඇස් පියාගෙන ඉන්නේ.කොල්ලට එහෙම දකිද්දි දුක තවත් වැඩිවුනා.

“අම්මේ…දේව් අයියා කෝ..”

“ආ..තිළිණි දුව..එන්න ඇතුලට ..පුතා මහත්තයා එක්ක ගියා දුවව බලන්න..”

“අම්මේ පැටියා නිදිද…”

“මොන ..මුලු රෑම අඩනවා දුව.මට නම් තේරෙන්නේ නැහැ.මගේ දුවට වුන දෙයක්…ක්..මගේ කෙල්ලට මේ මොන කරුමයක් පලිසන් දුන්නද කියලා.”

තිලිණි ආවේ මාස දෙකක පිරිමි දරුවත් වඩාගෙන.එහෙමම පැටික්කි ලගට ගිය තිලිණ කිරි දුන්නේ සැබෑම මව් සෙනෙහසකින්.කල්ප හිටියේ වෙච්ච දේ ගැන දුක් ගැනවිලි අතුකෝරල නෝනට කියමින්.අතුකොරල නෝනා හිටියේ ඔලුවේ අත ගහගෙන වෙච්ච දේට හුල්ලන ගමන්.හැමදාම තිලිණිට යන්න එන්න බැරි නිසා තිලිණි දේව්ලාගේ ගෙදර නතරවුනා.දේව්ගේ ඔලුවේ තිබ්බේ කෙල්ල ගැනම නිසා දේව් දරුවා ගැන වත් ගානක් නැතිවුනා.දරුවා නිසා තිළිණි ගොඩක් කැපවෙලා වැඩටික කරා.ඒ නිසාම දරුවා දැන් තිලිණිට ගොඩක් ලංවෙලා.

************************************

කාලය ගෙවිලා ගියා..දැන් පැටික්කි කතා කරන වයසේ ඉන්නේ.ඒත් තාමත් සරූට සිහිය ආවේ නැහැ.කෙල්ල නිසාම විඩාබර වෙච්ච දේව් හිටියෙත් දරුවා ගැනවත් මතකයක් නැතිවයි.උදේ ගියාම කෙල්ල ලගින්ම ඉදලා ඇස් අරින කම්ම දේව් අඩනවා,දුක කියනවා.කොල්ලගේ හැමදේම වුන සරූ මෙහෙම හෙලවෙන්නේවත් නැතිව ඉන්නකොට කොල්ලට හිත වාවන්නේම නැහැ.රෑ වෙලා කොල්ලා හැමදාම ගෙදර එන්නෙත්.

“ඉෂුකි…සුදු දුව…අච්චිඅම්මා දිහා බලන්න රත්තරං..ආච්චිඅම්මා කියන්න මගේ පැටියෝ…”

ඉෂුකි හිමංසි..ඔව් දේව්ගෙයි සරූගෙයි ලෙයින් උපන් රෝස කැකුල.ලස්සන අතින් උපරිම ලස්සන වුන කෙලි පැටික්කි වයස සම්පුර්ණ වුනත් තාමත් කතා කරේ නැහැ.අතුකෝරල පවුලේ වගේම හැමෝටම මේක ලොකු ප්‍රශ්නයක් වුනා.

“අම්මේ…යමු ..ලෙඩ්ඩු බලන වෙලාවත් ලගයිනේ..”

“තිලිණි දුව..බලන්නකෝ..මේ දරුවා කතා කරන්නේ නැත්තේ ඇයි..”

ඇඩු කදුලින් අතුකෝරල නෝනා එහෙම කියද්දි තිලිණි චුටි ඉෂුකිව වඩාගත්තා.කට්ටයම ගියේ සරූ ඉන්න ඉස්පිරිතාලෙට.අම්මා දැක්කමවත් දරුවා කතා කරයිද බලන්නයි කට්ටිය මේ දරුවත් අරන් ආවේ.

“දේව් …පුතා..මේ දරුවව දුව ලගින් තියන්න.”

අතුකෝරල නෝනා එහෙම කියද්දි දේව් ඉෂුකිව වඩාගත්තා.ඒ කිරි සුවද විහිදෙන පැටික්කියව එහෙමම සරු ලගින් තිබ්බා.

“දුව…අම්මිට කතා කරන්න..ඉක්මනට ඇස් අරින්න කියන්න..ඔයාට කුක්කු දෙන්න එන්න කියන්න.”

කදුලු පිට් අත්ලෙන් පිහිදාන ගමන් දේව් පැටියව තවත් සරූ ලගටම ලං කරා.කට්ටියම මුණුත් පුදුම කරගෙන වගේ බලන් හිටියේ නලියනවා වගේ මොනාද කියන්න දගලන චුටි ඉෂුකිගේ සෝස පාට තොල්පෙති දිහා.

—–මතු සබැදි—–

කතාව දාන්න බැරිවුනේ අම්මගේ දානේ වැඩ තිබ්බා..ගොඩක් අය බැන්න.හිත රිද්දුව.ඒත් හොයලා බලලා කතාව දාන්න කියලා ඉල්ලපු හොද ලාලුවොත් හිටියා.ඒ අය නිසා හිත හැදුනා.තැන්කු හැමෝටම

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *