***—–මාංචු—–***(33 කොටස )

කට්ටියම බලන් හිටියේ ඉෂුකි පැටික්කි වගේම සරූත් කතා කරනකම්.චුටි පැටික්කිගේ දැගලිල්ලට කෙල්ලගේ ඇගට අතපය වැදුනා.ඒත් කෙල්ල නෙමෙයි ඇහැරුනේ.ඉෂුකි හිටියේ බය වෙලා වගේ.ඒකයි දගලන්න ගත්තේ.තිළිණිගේ මවි සෙනෙහසට හුරුවෙලා නිසාද මංදා සරූ ලගදි පොඩි පැටික්කි බයවුනා.

“රත්තරං..අම්මා කියන්න..සුදු දුවනේ මගේ…මේ..අම්මානේ පැටියෝ ඔයාගේ”

ඔලුව අතගාලා අතුකෝල නෝනා කෙලි පැටික්කිට කියද්දි පැටියා අත් දික් කරේ තිළිණි දිහාවට..හරියට අම්මා තිලිණි කියලා හිතාගෙන වගේ.තිළිණි ගනන් නොගෙන වගේ හිටියා.මොකද කට්ටියම සරූ දිහා බලාගෙන ඉන්නවා දැක්ක නිසා.තිළිණිටත් දු පැටික්කි නැතුව දැන් ඉන්න බැරි තරම්.

“ඈ…..ඈ….අ….ම්….මි”

පැටියා අඩා වැටුනේ තිළිණිට අම්ම කියනගමන්..කොල්ලා හිටියේ තුෂ්ණීන්භූත වෙලා.අතුකෝරලටත් කදුලු ආවේ පැටියා කතා කරනවා දැනෙද්දි.ඇඩිල්ල වැඩිවෙද්දි තිළිණි ඉවස ගන්න බැරි මව් සෙනෙහකින් පැටික්කි ලගට ලංවුනා.ගැහැණු දරුවකුට පණ සේ ආදරේ කරත් තිළිණිට හම්බුනේ පිරිමි දරුවෙක් නිසා දේව්ගේ දරුවා ඉෂුකිට අමුතුම ලෙන්ගතුකමක් තිළණිගේ හිතේ තිබ්බා.

“අයි අම්මෝ…හලි…නාඩ ඉන්න …”

එහෙම කියලා පැටික්කිව නලවද්දි පැටියා හිටියේ තිළිණිගේ බෙල්ලේ එල්ලිලා.තිළිණි හිටියේ අම්මා කියාගන්න දගලන කෙලි පැටික්කිව ඉඔින ගමන්.එදත් දේව් කදුලු හංග ගත්තා විතරයි කෙල්ල නෙමෙයි වචනයක්වත් කිව්වේ.

පහුවදා උදේ දේව් නැගිට්ටේ ජංගම දුරකථනය වදින සද්දේ ඇහිලා.අදුරන නම්බරයක් නෙමෙයි නිසා කොල්ලා සැකෙන් වගේ ෆෝන් එක අන්සර් කරා.

“හලෝව්…”

“හලෝව්…මිස්ටර් සදෙව්…”

“ඔව් කියන්න.”

කතාකරේ ඉස්පිරිතාලේ සරූව බලන දොස්තර.කොල්ලට ඉක්මනට එන් කියපු නිසා දේව් ලැස්ති වෙලා පන කඩාගෙන ඉස්පිරිතාලෙට ආවේ කෙල්ලට කරදරයක් වෙලා වගේ දොස්තර කතාකරපු වචන වලින් තේරුනු නිසා.එහෙමම කලබලෙන් කොල්ලා අතුකෝරලටත් විස්තරේ කියපු නිසා එයාලත් යන්න ලැස්තිවුනා.ඒත් දෙව් ඒ හැමෝටම කලින් එතනට ගියා.

“ඩොක්ටර්…”

“එන්න සදෙව්..ඔයාගේ නෝනට සිහිය ආවා.එයා ඔයාව ඇහුවා.දැන් ගිහින් බලන්න පුලුවන්..”

“මොනවා..අනේ ..ඩොක්ට පිං සිද්ද වෙනවා..”

එහෙමම කියලා මෙහොතක්වත් නොරැදි දේව් වේගෙන් ගියේ කෙල්ල ලගට.විඩාබර කෙල්ල හිටියේ දිගු නින්දකට පසු අවදිවී බලා ඉන්න විදිහට.දේව් දැක්කම සේරම කෙල්ලගේ මතකෙට එද්දි එහෙමම කොල්ලා සරූව බදාගත්තා.

“මගේ මැණික ….මට ලොකු වේදනාවක් දුන්නේ ඇයි රත්තරං..”

“දේව්..අ..යියා…අපේ පැටියා. කෝ”

“අනේ මැණික පැටියා ඉන්නවා..”

“අයියේ මට මොකද වුනේ..”

“ඔයා අපි ඔක්කොමලව බය කරා මැණික..හරි දැන් මැණිකට සනීපයිනේ..අපි ඒ ගැන පස්සේ කතා කරමු..”

“දෙව් අයියේ මට ගෙදර යන්න ඕන..”

“හරි මැණික අපි යමු..තාත්තයි අම්මයිත් මග එනවා”

අතොරක් නැතිවම දේව් කෙල්ලව සිපගත්තේ හිතේ උපන් සතුටත් ආදරයේ සෙනෙහසත් කැටිකරලා.ඒ පහසට ලෝභකමින් කෙල්ල දේව්ට තුරුලු වුනේ ඒකයි.

“අයේ මං මගේ මැණිකට මෙහෙම කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.”

දේව් කතා කරේ කෙල්ලට කරදර වුනේ තමා බලාගත්ත නැති නිසා කියලා හිතුන නිසයි.

“අනේ මහත්තයෝ..එහෙම කියන්න එපා.මට දරුවා ලගට යන්න ඕන..”

“අපි යමු…ටිකට් කපනකම් ඉවසන්න මැණික”

අතුකෝරල දෙපලත් ආවට පස්සේ කෙල්ල දැගලුවෙම දරුව බලන්න.ඒත් තිළිණි අම්මා කියලා හිතන් හිටිය චුටි ඉෂුකි බලාගන්නේ තිළිණිගේ ගෙදර අය කියලා කවුරුත් සරූට කිව්වේ නැහැ.මේ තත්වය නිසා කියන්න බයේ කට්ටිය හිට්යේ.අතුකෝරල නෝනා ආදරෙන් කෙල්ලව සනසලා ගෙදර එක්ක එන්න කටයුතු කරා.සරූව පරිස්සමින් බලාගන්න කියලා අවවාද කරලයි දොස්තර ටිකට් කැපුවේ.

“අනේ …කෝ අම්මේ මගේ පැටියා..”

ගෙදර එක්ක ආපු සරූට විස්තරේ කෙටියෙන් පැහැදිලි කරලා දේව් කෙල්ලව නිදිකෙරෙව්වේ කරගන්න දෙයක් හිතාගන්න බැරිවයි.කොල්ලගෙම ඇගට තුරුලු වෙලා ඒ පිරිමි පපුවේ උණුහුමට සරූ ගුලිවෙලා නිදාගෙන ඉද්දි දේව් හිටියේ කෙල්ලගේ හිස ආදරෙන් ඉඔගෙනමයි.
ගොඩක් වේලාවකට පස්සේ එහෙමම කොට්ටෙට ඒ හිස තියලා දේව් නැගිටලා ගියේ අතුකෝලරව හොයාගෙන.

“තාත්තේ..”

“වාඩිවෙන් පුතා..”

“තාත්තේ..අපි දැන් මොකද කරන්නෙ..මගේ දරුපැටියා අම්මා කියන්නේ තිලිණිට කියලා සරූ දැනගත්තොත්.මගේ කෙල්ල ආයෙත් අසනීප වෙයි.මට බැහැ මගේ කෙල්ලව ආයෙත් අසනීප වෙනවා බලන්න.”

“පුතා.කලබල නොවී ඉන්න…අපි මොනාහරි කරමුකෝ.මගේ දුව අසනීප වුනාට හිතන්න පුලුවන් හොද මානසික තත්වයක් එයාට තියනවා.අපි කතා කරලා බලමුකෝ.”

දේව්ගේ පිටට තට්ටුවක් දාලා කොල්ලව තුරුලු කරන් අතුකෝරල කිව්වා.කොල්ලට එදා වගේම අදත් ප්‍රශ්නවලදි අතුකොරල ලගින්ම හිටපු එක හයියක් වුනා.හවස තිළිණිලා ආවේ දරුවෝ දෙන්නත් එක්කමයි.ඉෂුකි හිටියේ තිළිණිගේ ඔඩොක්කුවේම බයවෙලා වගේ..එ්ත් කොලු පැටියා විරාජ් හිටියේ ගේ වටේ දුවන ගමන්.

“අනේ මගේ පැටියා..එන්න අම්මා ලගට..”

සරූ පැටික්කිට අඩගහද්දි ඉෂුකි තවත් තිලීණිගේ ඇකයට තුරුලුවුනේ බයවෙලා වගේ.කදුලු කැට කඩා හැලෙද්දි එහෙමම ලග හිටපු දේව්ගේ පපුවට කෙල්ල තුරුල් වුනේ දුක උහුලගන්න බැරිව.දේව් කෙල්ලව සනසන්න හැදුවත් කෙල්ල අඩන එක නැවැත්තුවේ නැහැ.අතුකෝරල දරුවා එක්ක තිළිණිව පිටත් කරේ සරූගේ වේදනාව බලන් ඉන්න බැරිම තැන.

දවස් ගානක්ම අඩලා නොකා නොබී හිටපු කෙල්ල අසනිප වෙයි කියලා බයෙනුයි දේව් හිටියේ.ඒකයි උදෙන්ම අතුකොරල නෝනා හදලා දුන්න කැද එක කෙල්ලට බලෙන්ම පෙව්වේ.දේව්ගේ කැපකිරීම් ගොඩක් මැද කෙල්ල යන්තම් යථාතත්වෙට ගන්න පුලුවන් වුනා.අතුකෝරල දෙපලත් කෙල්ලව ඒ තත්වෙට ගේන්න ගොඩක් මහන්සිවුනා.දේව්ගේ ආදරේ, සෙනෙහස ඉදිරියේ කෙල්ල ඒ තත්වෙට පත්වුනා.කාලයත් එක්ක හැමදේම විසදිලා වගේ ගියා.දරුවෙක් නැති පාලුව නම් ඒ හිත්වලින් ඇත්වුනේ නැහැ.

“මැණික…නිදිද “

“නැහැ…”

තුවායත් ඇග දවටගෙන ආපු දේව් සීතල අත්වලින් කෙල්ලව දෝතට වඩාගත්තේ ආදරේ පිරිනු හිතින්.කෙල්ල ඒ නිරුවත් වතුර බිංදු තිබුන පපුවට තුරුලුවුනා.එහෙමම කෙල්ලව ඇදේ පෙරලගත්ත දේව් කෙල්ලගේ තොල්පෙති ආදරෙන් සිපගත්තේ අනවසරෙන්.වතුර බිංදු එක්ක සිතල වෙච්ච දේව්ගේ තොල්පෙති සරූගේ තොල්පෙතිවල දැවටෙද්දි කෙල්ල ඒ පහසට නතුවුනා.

එහෙමම මොහොතක් හැගිම් වලට වහල් වෙලා හිටපු දෙව් කෙල්ලට තව දරුපැටියෙක් හදන්න කියලා අවසර ඉල්ලුවා.දරුවෙක් බලාගෙනම පාලුවෙන් හිටපු සරූ කොල්ලගේ හැගීම් බලෙන්ම ඉල්ල ගත්තේ ඒකයි.තවත් මොහොතකට පස්සේ දාඩිය පිරුණු ඒ පිරිම් ශරීරය බදාගෙනම කෙල්ල ආයෙත් අම්මා කෙනෙක් වෙන්න සුදානම් වුනා.

“මැණික මහන්සිද..ආදරෙයි රත්තරං..මගේ පණ ඔයා…මට ජිවිතේ දුන්නේ ඔයා.මේ දරුවව අපි ගොඩක් පරිස්සම් කරගමු..මි..”

“ආදරෙයි මහත්තයෝ…මං පණ වගේ ඔයාවයි දරුවවයි බලාගන්නවා.”

“මාත් මගේ මැණිකව දරුපැටියා එක්ක බලාගන්නවා.”

කිව්වා වගේම දේව් සරුගේ බඩේ හිටිය දරුපැටියාවත් සරූවත් ආදරෙන් බලාගත්තා.කන්න ආස හැමදේම අතුකොරල නෝනා අතින හදලා දෙද්දි දේව් ආදරෙන් ඒවා සරුට කැව්වා.

*************************************

කාලය ගෙවිලා ගියා.සරූට මේ පාර පිරිමි දරුවෙක් හම්බුනේ.ඒ සුභ ආරංචිය එක්ක කොල්ල දුවගෙන ගියේ සරූ ලගට..ඒ එද්දි සරූ හිටියේ වේදනාව හංගගෙන රෝස පාටම පැටියවත් තුරුලු කරගෙනමයි.

————–මතු සබැදි—————-

අඩුපාඩු ඇති.විවේචන අදාලම නැහැ.මොකද මං ලේඛිකාවක් නොවෙමි.කතාව කියවන යාලුවෝ වෙනුවෙන් දැම්මේ.

ආදරෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *