***—–මාංචු—–***(35 කොටස )

“මහත්තයෝ එන්නකෝ….”

“තාත්ති…එන්නකූ…මල්ලි බබා ⁣දොයිය බබා වෙලා..මේ මගේ ලග…”

ඔව් …දේව් එද්දි චුටි පුතු පැට්යා ඉෂුකිගේ ඔඩොක්කුවේ හොදට නිදි..අක්කා කියලා තේරිලද මංදා හිනෙන් වගේ ජනිතු පැටියා හිනාවෙනවා.දේව් ඇවිත් සරූ ලගින්ම වාඩිවුනා.

“කෝ තිළිණලා ගියාද…”

“හ්ම්..අපි ඒ ගැන පස්සේ කතා කරමු මැණික.. දැන් පැටික්කිත් අපේ..සතුටින් ඉන්න….ඔයාගේ ආදරේට පුලුවන් දුවව වෙනස් කරන්න .මං ඒක දන්නවා.මි …”

“ආදරෙයි මහත්තයෝ…හැමදාම..”

සරූ එහෙම කියලා දේව්ගේ උර පත්තට බරවුනා.කොල්ල ආදරෙන් ඒ හිස අතගෑවා.ඉෂුකි දගලන්න ගත්තේ එකපාරටම වගේ…

“නැන්දි ..මල්ලි බබා නැගිට්ටා..කුක්කු ඉල්ලනවා.”

සරූට හිනා…මේකගේ පණ්ඩිත කම කියලයි සරූ හිනාවුනේ.දේව් පැටික්කිව ඔඩොක්කුවට ගත්තේ සරූ පැටියව අරන් කිරි දෙන්න ගත්ත නිසා..

“තාත්ති…කෝ අම්මි..”

‘අම්මි ගියා…දුව ආසයිනේ මල්ලි බබාට එයා එක්ක ඉමු ..”

“බා…මට අම්මිත් ඕන..අෑ…ඈ ….😢😢

කෙල්ල දගලන ගමන් තිලිණිව ඉල්ලලා අඩන්න ගත්තා.කොල්ලා හිටියේ කර කියාගන්න දෙයක් නැතුව.ඒත්දේව් බොරු ⁣ගොඩක් කියලා දුවව සනසන්න උත්සාහ කරා.ඒත් ඉෂුකිගේ ඇඩිල්ලේ වෙනසක් වුනේ නැහැ.

“මගේ පැටියෝ..එන්නකෝ..මං දුවට මල්ලි බබාව දෙනවා..දුව ආස මොනාද හැමදේම දෙනවා..එන්න මගේ රත්තරං ..”

චුටි හිත සැනසෙන්න සරූ ගොඩක් ආදරෙන් ඉෂුකිව තුරුලු කරගත්තා.පොඩි පුතු කිරි බිලා බන්ඩියත් පුම්බගෙන ඉෂුකි එක්ක දාංගලේ පෙන්නද්දි චුටි ඉෂුකි ඇඩිල්ල නතර කරා..මල්ලිගේ හිනාවට කෙල්ලත් හිනාවුනා .එ්ත් තිලිණිව මතක් වෙලා ඉෂුකි ආයෙත් අඩන්න ගත්තා..

“දුව අපි බයි කමු..එන්න රත්තරං”

“අපා මට..අම්මි ඕන..අම්මි…ඈ..ඈ😢😢😢😢😢😢😢😢

⁣මුලු රෑම ඉෂුකි ඇඩුවා..කෙල්ල දැගලුවේ චුටි ඉෂුකිව නලවන්න..යන්තන් මධ්‍යයම රැය පහන් වෙද්දි කෙල්ලගේ ඇඩිල්ල නවත්ත ගන්න සරූට පුලුවන් වුනා.අඩලා හෙම්බත් වෙලාම කෙලි පැටික්කිට නින්ද ගියා.

“පවු මගේ කෙල්ල මහත්තයෝ…මූණත් එක්ක කැත වෙලා.මගේ දුව දුක්වෙනවා මට බලන්න බැහැ මහත්තයෝ..මෙහෙම ඇඩුවොත් වෙනම ලෙඩක් හැදෙයි”

සරූ දේව්ව වැලදගෙන කනට කරලා මිමිණුවා.කෙල්ල එහෙම කරේ ඉෂුකි ඇහැරෙයි කියලා බයට.දේව් කෙල්ලව සැනසුවේ කෙල්ල දුක් විදිනවත් බලන් ඉන්න බැරි නිසයි..

“මැණික ..අඩලා හරි අපේ කෙල්ල තේරුම් ගනි එයාගේ අම්මා ඔයා කියලා..ඉවසමු පැටියෝ..දුව කවදා හරි අම්මා කියනවා ඔයාට..දැන් නිදාගමු..”

ජනිතු පැටියා කොට් එකේ සැපට නිදි ..ඉෂුකි හිටියේ සරූ ලගම තුරුලේ.වදපු අම්මාගෙම තුරුල නිසාද මංදා ඉෂුකි තවත් ගුලි ගැහිලා නිදාගත්තා.දේව් හිටියේ කෙල්ලගේ පිටපැත්තෙන් කෙල්ලව තුරුලු කරන් නිදාගෙන.

************************************

“අහ්….ආ ……අ….”

හීන් කෙදිරිල්ලට සරූ ඇහැරුණා.ඉෂුකි හිටියේ කෙදිරි ගානගමන්.

“ඇ..ඇයි රත්තරං …”

සරූ කලබලෙන්නම ලංවෙලා ඉෂුකිගෙන් එහෙම ඇහුවා.එහෙමම කෙල්ල පැටික්කිගේ නලලට අත තිබ්බා..දෙයියනේ පිච්චෙන්න තරම් රස්නෙයි ඉෂු⁣කිගේ නනලත්..එහෙමම බෙල්ලටත් ඒ අත තියලා බලපු කෙල්ල හොදටම බයවුනා..

“දේව් …මහත්තයෝ..නැගිටින්නකෝ.”

කෙල්ලව බදාගෙන සැපට නිදාගෙන හිටපු දේව් එහෙමම ඇස් ඇරියේ නිදිබරවමයි.කෙල්ලගේ කලබල ඇස් දැක්කම කොල්ලවත් ඉබේටම නැගිට්ටුනා..

“ඇ…ඇයි මැණික..”

“දුවට හොදටම උණ..අනේ අපි යමු ⁣ඩොක්ටර් ගාවට..”

“හරි මැණික ලැස්තිවෙමු…දුවව ලැස්ති කරන්න මං අම්මට කියලා එන්නම්..”

කෙල්ල ඉෂුකිට ⁣ඕඩිකොලොන් පැරැස්තරයක් අලවලා එහෙමම ගිහින් ලැස්තිවුනා.පොඩි පුතු පැටියා සැපට නිදියන් හිටපු නිසා සරූට වදයක් වුනෙත් නැහැ.ලැස්තිවෙලා ආපු කෙල්ල දුවටත් ගවුම් පොඩිත්තක් ඇන්දුවේ අඩන කෙල්ලව නලවන ගමන් .අමාරුවෙන් ඇදුමත් අන්දවගෙන ඇවිත් තුන්දෙනාම ගියේ ඩොක්ට ලගට.පොඩ් පැටිවා නිදි නිසා අතුකෝරළ නෝනාට පැටියව බලාගන්න බාරදිලයි ගියේ.ඉෂුකි හිටියේ අමාරුවටම සරූට තුරුලු වෙලා.කෙල්ල දුවව ආදරෙන් ඉඕන ගමන් තුරුලටම ලංකරන් හිටියේ.

චුටි පැටියාව ප්‍රවිවට් හොස්පිටල් එකකට එක්ක ගියේ.උණ වැඩි නිසා ඒ වෙලාවෙම ඉෂුකිව නවත්ත ගත්තා.සරූ හිටියේ ගොඩක් දුකින්.දේව් දුවලා පැනලා හැමදේම කරපු නිසා කෙල්ලට මහන්සි වෙන්න තරම් දෙයක් තිබ්බේ නැහැ.ඒත් කෙල්ල හිටියේ පැටික්කිට තුරුලු වෙලාමයි.

ටිකට් කපලා ඉෂුකිව ගෙදර එව්ඩව් දවස් දෙකකටත් පස්සෙයි.කෙල්ල වගේම ඉෂුකිත් අසනිපේ නිසා විදෙව්වා.ඒ දවස්දෙකට කෙල්ල ටිකක් පැට්කකි එක්ක යාලු වෙලා හිටියේ..දැන් කෙල්ල සරූ කියන දේ ටිකක් අහන්න කැමැත්තෙන් හිටියේ..

“කෝ ..අන්තිම චුට්ටත් බොමු..හොද දුවනේ..”

“අති…….”

“දුව ආස නැහැ නේද ඩොක්ට මාමා ලගට යන්න..ඒ නිසා හොද ලමයා වගේ බොමු අපි…”

ඇත්තටම ⁣ඉෂුකි බයයි ඉස්පිරිතාලෙ ට..සරූ ලගින්ම හිටපු නිසයි ඉෂුකි හිටියේ.සරූ කැද එකේ අන්තිම චුට්ටත් පැටික්කිට කොහොම හරි ආදරෙන් පෙව්වා.

හවස දේව් එද්දි පැටව් දෙන්නම නිදි..කෙල්ල හිටියේ කිචන් එකේ රෑට කෑම උයන ගමන්..ලගට ආපු දේව් එහෙමම සරූගේ ඉණ වටේ අත් යවලා කෙල්ලව පපුවට තද කරගත්තා.කෙල්ල ගැස්සිලා බැලුවේ කවුද කියලා.

“මං බයවුනා..”

“හොර ගෙඩියා වගේ ඔහොමත් එනවද.”

“මේ ආවේ…මැණික උයනවද..”

එහෙම කියලා දේව් ඒ පිම්බුන කොපුලක් රෝස පාට වෙන්න තොල්පෙතිවලින් තද කරා.කෙල්ල හිටියේ ඒ පහසට ලෝභ වෙලා.

“පැටවුන්ට කෑම හදනවා..”

“එතකොට මට…”

“ඔයාටත් එක්ක තමයි මහත්තයෝ…”

“මහන්සි …බඩත් ගිනි මැණික”

“ඉන්න මං බත් ටිකක් බෙදාගෙන එන්නම්..පරිප්පුයි චිකනුයි විතරයි තාම හැදුවේ..”

“ඒ ඇති රත්තරං…”

කෙල්ල ඇත්තටම කෑම හැදුවේ දුවට ..දේව්ටත් තව මොනාහරි කෑම ඊට පස්සෙයි කෙල්ල හදන්න හිටියේ.කට්ටියටම හදපු පරිප්පුයි,චිකන් කරියයි එක්ක බත් පිගානක් බෙදාගෙන කෙල්ල දෙව් ලගින් වාඩිවුනා.ටයි පටියත් ලිහිල් කරලා කොල්ල සරූට ලංවුනේ පොඩි එකෙක් වගේ.ආදරෙන් බත් කටක් අනලා සරූ දෙව්ට කැව්වා.දේව් සරූ ගේ ඇස් දෙක දිහාම බලාගෙන බත් කට හපන්න ගත්තේ.

“ආදරේ වැඩි නිසාද මංදා මාරම රසයි කෙල්ලේ..”

“බොරු නොකියා කාලා ඉන්න..”

දෙන්නම විහිලු කරන ගමන් හිටියේ..දේව් කනවට වඩා කෝලම් කරේ සරූවත් අල්ලගෙන.සරූ අම්මා වගේ කොල්ලට ආදරෙන් කැව්වා.

“අම්මා…”

දෙන්නම ගැස්සිලා ගියේ ඒ ආපු හඩට.ඒකයි දෙන්නම එකපාරටම හැරිලා කිචන් එකේ දොර දිහාව බැලුවේ …

***————මතු සබැදි———–***

අඩුපාඩු කියමු එහෙනම් ..කතාව ඉවරවෙනකම් මං දාන්න හිත හදාගත්තා.මගේ යාලුවෝ නිසා.තැන්කු මගේ යාලුවෝ හැමෝටම හිත හදන්න උදවු වුනාට.😙😙😙

ආදලෙයි😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *