***—–මාංචු—–***(36 කොටස )

අම්මේ ගාගෙන ආපු චුටි කෙල්ල දුවගෙන ගියේ ඇවිල්ල හිටපු තිළිණි ගාවට..සරූගේ පපුව වේදනාවෙන් මොකක්දෝ වෙලා ගියේ තිලිණි පහතට නැමිලා ඉෂුකිව වඩාගනිද්දි.

“අම්මි….”

“දුව..”

“අම්මි ..ආන්ටි මට ගුඩක් ආදරෙයි..අම්මි වගේ ගැවුවෙත් නා..මට බේත් අලන් දුල්ලා..ගුඩාක් ආදරෙන්..”

මොහොතකින් ඉෂුකි සියලුම විස්තර තිළිණිට කිව්වේ සරූගේ නෙත් අග කදුලු කැට එකතු කරමින්.සරූ එහෙමම පිගානත් තියලා අත සෝදන් කාමරේට යන්න ගියා.

“තිළිණ මං ඔයාට කිව්වා එකපාරකුත්..ඇයි ඒ පාර මෙහේ ආවේ..අපේ දරුවා ගැන අපි බලාගන්නම් ..”

“මට දරුවෝ නැතුවැයි…මෙන්න තියාගන්න.මං මේ ආවේ තමුන්ගේ වැරදි නිසා පොලිසියට ගෙනිච්ච මගේ මහත්තයාව බේරලා නොදුන්නොත් කරන දේ බලාගන්න කියන්න.නැතුව කාගෙවත් ලමයි එක්ක හුරතල් වෙන්න නෙමෙයි.”

දරුවව ගත්තට වඩා වේගෙන් බිමින් තියලා තිළිණ දේව්ට තර්ජනය කරා.එතකොටයි තිළිණගේ ලග හිටිය පොඩ් කොල්ලා ඉෂුකිගේ අත හීරුවේ. ලේ එන්නම හීරිලා යද්දි කෙල්ල අඩන්න ගත්තේ වේදනාවට.

“දුව ..හොද දුව වගේ කාමරේට යන්න..නෝනා අම්මේ…මේ දරුවව ගෙනියන්න නෝනා ලගට..”

“යන්න මගේ පැටියනේ..මී…නෝනා ආච්චි එක්ක යන්න පැටියෝ”

ඉෂුකි දුවගෙන වගේ ගියේ කොලු පැටියා ඔරවගෙන ඉන්නවා දැකලයි.පොඩි එකී බයයි තිළිණගේ කොල්ලට.නෝන අම්මත් ඒ පිටිපස්සෙන්ම ගියේ පැටික්කිගේ ආරක්ෂකවට.තිළිණ ලගට දේව් ගියේ ඊටත් පස්සෙයි.එහෙමම තිළිණව විතරක් එක්කගෙන කොල්ලා මිදුලට ආවා.

“මොකක්ද තමුසේ කිව්වේ..කල්ප හිරේ …”

“දේව් තමුන්ගේ හොර වැඩ ,හොටෙල් එකේ වංචා වැඩ සේරම නිසා මගේ මහත්තයාවයි පොලිසියෙන් අරන් ගියේ..එනවා ඇවිත් මගේ මහත්තයාව බේරනවා ..”

“තමුසේගේ මහත්තයා වෙන්න කලින් යකෝ ඌ මගේ යාලුවා වුනේ.ඌගේ ජරා බලු වැඩත් මං තමුසෙට වඩා හොදට දන්නවා.මටත් දැනගන්න ඕන මේ වංචා කරපු එවුන් තමයි ..යමු පොලිසියට මං එන්නම්”

“සුදු ආන්ටි…අයි මේම අදන්න්නේ…අදන කුට මත ආස නා..”

කාමරේට ආව චුටි ඉෂුකි ඇදට පැනලා අනවසරෙන්ම ඒ චුටි අත්වලින්ම සරූගේ කදුලු පිහිදැම්මා .ගහන්නේ බනින්නේ නැතුව පැටික්කිව බලාගත්ත නිසාද මංදා ලොකු ලෙන්ගතු කමක් ඒ චුටි හිතේ මේ පිරිලයි තිබ්බේ.

“මං අඩන්නේ නැහැ රත්තරං..මට බයයි දුව මාව දාලා යයි කියලා.මං දුවට ගොඩක් ආදරෙයි රත්තරං..”

මහගොඩක් ආදරෙන් කෙල්ල පැටික්කිව තුරුලු කරගත්තා ..ඉෂුකි හිටියේ කෙල්ලගේ පපුවට තදවෙලා.

“මාව දාලා යන්න එපා රත්තරං ..”

“නා..මත නන්න බානේ.මං අයියා තෙක්ක ඉන්න ආස නා.අපේ අම්මි ආදලේ අයියට විතලයි.මත ආදලේ නා.ආන්ටි තමයි මත ආදලේ.අම්මිටත් වැඩියෙන්..

“මගේ හොද දුව..මගේ රත්තරං මං ආදරෙයි පැටියෝ..”

අතොරක් නැතිවම චුටි ඉෂුකි ව තුරුලු කරන් සිපගන්න ගමන් සරූ කිව්වේ මව් සෙනෙහස තදින්ම දැනෙද්දි .එතකොටමයි දේව් කාමරේට ආවේ..

“මැණික …දුවත් බලාගෙන ඉන්න..මං වැඩකට එළියට යනවා…”

“තාත්ති…තාත්ති ..කියන්න ආන්ටිට අදන්න අපා කීලා…ඇදුවොතින් දුව නනවා කීන්න..”

සරූගේ ඇකයෙන් පැනලා දුවගෙන ගිහින් දේව්ගේ ඇගේ එල්ලිලා කෙලි පැටික්කි දේව්ට එහෙම කියලා ඇවිටි⁣ලි කරා.

“හරි මගේ රත්තරං ආන්ටිවත් බලාගෙන තාත්ති එනකම් ඉන්න ඕනි..මගේ හොද කෙල්ල..”

දේවි ආදරෙන් ඉෂුකි ට කිව්වාම කෙලි පැටි හා කියන්න වගේ ඔලුව වනලා ඇදට පැන්නා.සරූට ඔලුවෙන් සංඥා කරලා දේව් ගියේ සේරම හරි කියන ගමන්…

“තාත්ති..”

“දුව..”

දොරෙන් හැරෙද්දිම ⁣ඉෂුකි ආයෙත් දේව්ට කතා කරා.

“තාත්ති අපේ අම්මිට කියන්න මත මෙහේ ඉන්න ඕනි කියලා.මත අයියා අපා තියන්න..මට ආන්ටි ඕන තියන්න.

කොල්ලා ලගටම දුවගෙන ඇවිත් චුටි පැටික්කිගේ කොපුලක් රෝස පාට වෙන්න සිපගත්තා.එහෙමම සරූගේ ඔලුවත් සිපගෙන ඒ හිස ආදරෙන් අතගාලා යන්න ගියා.ඉෂුකි එහෙමම කෙල්ලව අත් යවලා බදාගත්තා.සරූ ඉෂුකි පැටියගේ හිස උඩින් නිකට තියලා කෙල්ලව වැලදගත්තා.

කට්ටියම යද්දි කල්ප හිටියේ පොලිසියේ කූඩුවක් ඇතුලේ ..කූඩුව හුරු පුරුදු තැනක් නිසාද මංදා ගානක් නැතුවම කල්ප ඇතුලේ හිටියා.කල්පව දැක්කම දේව් අතීතයට ඇදිලා ගියත් ආයාසයෙන් කොල්ලා එ් මතක යටපත් කරගත්තා.

“මිස්ටර් සදේව්..”

“ඔව් සර්…”

“වාඩ්වෙන්න මිස්ටර් “

“තැන්කු සර්..”

“මිස්ටර් සදෙව් මීට මාස දෙක තුනකට කලින් දාපු ඇන්ට්‍රයට අනුව හොටෙල් එකේ හොරු අල්ලන්න අපිට පුලුවන් වුනා මිස්ටර් සදෙව්.ඔයාගේ නම පාවිච්චි කරලා හොර බිස්නස් කරපුවා සේරම අපි හොයාගත්තා.මේ මනුස්සයා තමයි මේ සේරම හොර වැඩ ලස්සනට කරපු කෙනා.එතකොට අර අනික් උදවු කරපු අය..”

කොල්ලා බැලුවා රාලහාමි පෙන්නපු දිහාව..තිලිණි හිටියේ විසල් වෙච්ච ඇස් පිහාටු වේගෙන් ගහන ගමන් පුදුම වෙලා .දේව්ගේ හොටෙල් එකේ සේවකයෝ දෙතුන් දෙනෙකුයි,කල්පයි ඒ අතරේ හිටියා දේව් දැක්කා .

කොල්ලට හොටෙල් එකේ වංචාවක් වෙනවා හොයලා බලන්න කිවවේ විදුර, කොල්ලාගේ හොදම යාලුවා.ඒකයි දේව් ඒ ගැන පොලිසිය දැනුවත් කරේ.එත් කල්ප ඒ වංචාවට ගෑවිලා ඇති කියලා දේව් හිතුවේ නැහැ.ඒ වගේම සේරම හොර මගෝඩි වැඩ කල්ප අතින් ලස්සනට සිද්ද වෙලා තිබ්බා.ඒකයි කොල්ලා පුටුවෙන් නැගිටලා කල්ප හිටපු තැනට යන්න ගියේ..

“දේව්….”

කවුදෝ තමන්ගේ නම කියලා අඩ ගහන සද්දෙට දේව් එහෙමම පිටිපස්ස බැලුවේ කවුද බලන්න.

*****—–මතු සබැදි———** 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *