***—–මාංචු—–***(37 කොටස)

“මචං පොඩ්ඩක් වරෙන්කෝ..”

පිටිපස්ස හැරුණු දේව් දැක්කේ විදුර ව.විදුර හිටියේ ෆයිල් ගොඩකුත් උස්සගෙන.දේව්ව පැත්තකට අඩගහලා ෆයිල් එකින් එක පෙන්නුවා .

“බලපන් …මේ…මේ ස්ටොක් එකෙන් මෙච්චරක් අඩුයි..එතකොට මේ..සතියෙන් සතිය අඩුවෙලා.පේනවද මේක උඔට..මේ සේරටම වැරදිකාරයො ගොඩක් ඉන්නවා.එකටම ඉන්නේ උඩගෙඩි දිපු උබේම මැරිච්ච මාමයි ඒකගේ දුව තිළිණියි ,කල්පයයි.මේ සිසීටිවි කැම්වල ඒවා හොරෙන් කරපු විඩියෝ තියනවා.”

“මචං…මූ…”

“ඔව් ඌ තමයි..මේ ඇතුලෙම කට්ටිය ගානක් දිලා අල්ලන් ගේම ඇදන් ගියේ.උඔ ඉස්සරහ ලස්සනට මූ රගපෑවා.උඔ අහුවුනා.”

“අද මං මූට….”

“එපා මචං.හිටපං…”

“අතඇරපං විදුර…උඔ දන්නවනේ මගේ හැටි..අතඇරපාාාං…විදුර….”

“අහපං මචං …මේ…උඔ ..මේ…උඔ කලබල වෙලානේ…අහපං.ඔහොම කලබලවෙන්න එපා යකෝ..”

“අත ඇරපං…”

විදුරව පැත්තකට තල්ලුකරලා දේව් ගියේ කල්ප ලගට.ඇගේ මස් දලු නලියද්දි කොල්ලා හිට්යේ කේන්තියෙන්.⁣කල්ප හිටියේ වියුරු වැටිලා වගේ ලගට එන දේව් දිහා බයවෙලා වගේ බලාගෙන.අතේ පයේ හිරි යන්නත් එක්ක අතපය දිග ඇරලම කොල්ලා කල්පටයි තව ලග හිටිපු කල්පගේ සෙට් එකේ හොරු ටිකටයි ඇතිවෙන්න දුන්නා.දේව්ගේ එක පාරක් ඇති වුනා එකෙක්ට බිම වැටෙන්න..

“හිතපං දේව්..ඔය ඇති.නවත්තපං.. පවුලක් ඉන්නවා උඔට..ඕක නවත්තපං..දේව්උඋඋ..”

පොලිසියේ අයත් විදුරත් කොල්ලව නතර කරන්න හැදුවත් හරි ගියේ නැහැ.කොල්ලගේ පහර කෑමට ලක්වුන කල්ප කටින් ලේ පෙරාගෙනම බිම වැටුනා.

“අනේ මගේ මහත්තයා ..අයියෝ…කවුරුත් නැද්ද දෙයියනේ..අනේ බේරගන්න රළහාමි..අනේ මගේ මහත්තයා.”

“කට වහපං බැල්ලි…මගේ හැමදේම හරි ලස්සනට උඔ උදුරගත්ත..හෙමින් සැරේ ලස්සනට උඔලා ගේම ගැහුවා.මගේ තාත්තව මට නැති කරා..මගේ අම්මාව මට නැතිවුනා.මගේ ආදරේ උඔ උදුරගන්න හැදුවා .අන්න එතනදි උඔට වැරදුනා.ඒත් උඔ හරි ලස්සනට මගේ දරුවව උදුරගත්තා.දැන් මගේ බිස්නස් උදුරගත්තා…උඔට.”

එහෙම කියලා දේව් තිළිණව බිම දිගේම ඇදගෙන පොලිසියෙන් එලියට එක්ක ආවා.

“අතඇරපං….දේව්…”

දේව් හිටියේ යකෙක් ආරූඩ වෙලා වගේ.ඇදගෙන ආපු කෙල්ලව එහෙමම නැගිට්ටලා අරන් තව මොන මොනාද කියලා දේව් බැන්නා.තිළිණගේ කෙස් වැටියෙන් අල්ලගෙන හිටිය දේව් එකපාරටම පස්සට පැන්නා.තිළිණි සගවගෙන හිටිය පිහිය අරගෙන දේව්ට අනින්නයි ගියේ.මොකද තිළිණි හිටියෙත් සිහියකින් නෙමෙයි.කල්ප ට ගහපුවා චිත්‍රපටියක් වගේ තිළිණිට මැවිලා පෙවුනා.

“උඔ මට පිහියෙන් අනින්න..ඇනපං බලන්න.බැල්ලි…”

දේව් බයක් සැකක් නැතුවම තිළණි ලගට ආවා.දෙන්න පිහියට රණ්ඩුවෙද්දි දේව් අතින් පිහි තුඩු තිළිණිගේ බඩ පසාරු කරන් ගියා.පිහියෙන් අනින අදහසක් තුන් හිතකවත් නොතිබ්බ දේව් එහෙමම පිහිය ඇදලා ගත්තේ වෙච්ච දේ හිතාගන්න බැරිවයි.තිළිණි එහෙමම බිම වැටිලා අන්තිම හුස්ම ටික පිට කරා…

පොලීසිය කොල්ලව වට කරගත්තේ ඊටත් සුලු මොහොතකට පසුවයි.

*****—–මතු සබැදි———***** 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *