***—–මාංචු—–***

(14 කොටස )

දේවි පච්චකාරයා ලගට යද්දි ඌ හිටියේ සරූව නැගිට්ටන්න අත දික් කරන් වගේ කෙල්ල ලගට ම පහත්වෙලා.මුණත් ටිකක් කෙල්ල ලගටම ලං කරගෙන කෙල්ලගේ මූණ ගාව තිබ්බ කෙස් රැල්ල අතින් අයින් කරන්නයි පච්චකාරයා හැදුවේ.ඒත් එහෙමම අත අහකට අරන් පච්චකාරයා හිනා වෙනවා.කෙල්ල බයවෙලා කරන්න දෙයක් හිතාගන්න බැරිව හිටියේ.ඒත් දැකලා පුරුදු මූණක් නිසා කෙල්ල බෙල්ලත් ඇද කරගෙන බලන් හිටියේ. දේවි පිටිපස්සෙන් ඇවිත් පච්චකාරයාව බෙල්ලෙන් අල්ලලා නැගිට්ටුවා.දේව්ගේ මූණේ තිබ්බ නපුරු පෙනුම දැක්කම කෙල්ලට සතුටක් දැනුනා.කෙල්ල දන්නවා කොල්ලා තමාට කවදාවත් කරදරයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.

“උඔට කොයින් ආපු හයියක්ද යකෝ”

සාප්පුවක් කියලත් මොහොතකට අමතක කරලා දේව් සද්දේ දැම්මේ කේන්තියෙන් හිටපු නිසා.එහෙම කියලා දේව් පච්චකාරයාව කොල්ලගේ මුණ පැත්තට හරව‍ලා නැගිට්ටන්න ගියේ.

“හුටා..”

දේව්ට එහෙම කියවුනේ ‍බෙල්ලෙන් අල්ලන් හිටපු පච්චකාරයාගේ මූණ සහ හැඩිදැඩි ශරීරය දැක්කම.එතකොටම
පච්චකාරයාගේ නක්කල් හිනාව දකිද්දි දේව්ට හිනා ගියේ වෙව්ලන අත පහලට දානගමන් ලැජ්ජාවෙන් වගේ.ඇග පුම්බන් සැබෑම වෙනසක් දිස් වුන ඒ මුණ අදුරගන්න දේව්ට බැරිවුනේ නැහැ.කොල්ලා ඒකයි මේ අසරණ විදිහට හිනාවුනේ.

“යකෝ උඔ “

හොම්බට හැටක් නෙලලා බිම දාගෙන අඩු දෙක තුනක් කඩන අදහසින් දේව් ඒ වෙලාවේ දුවගෙන ආවත්, එකට හිටපු කල්පයා නේද කියලා අදුරගත්ත නිසා එහෙමම කොල්ලා පැනලා වගේ කල්පව වැලදගත්තා.

“දේව් උඔ එහෙනම් මට ගහන්නයි ගියේ.”

“සොරි ලොකු අයියේ..මට ඇත්තටම උඔව අදුරගන්න බැරිවුනා බං.”

“පල පල යන්න.උඔ වෙනස් වෙද්දි අපිව අමතක වුනා එහෙනම්… “

තදින් බදාගෙන හිටපු කොල්ලව විහිලුවට වගේ තල්ලු කරලා කල්පයා කිව්වා.

“අඩෝ එහෙම නැහැ බං.”

“හරි හරි කෙල්ලව නැගිට්ටපං මගුලක් කතා නොකර..”

“හුටා..ඔව් මනේ..උඔ මගේ ලේ කෝප කරපු නිසා මට කෙල්ලවත් අමතක වුනා.”

එහෙම කියලා දේව් කෙල්ලව දෝතින්ම උස්සලා කෙලින් කරනවා.කෙල්ලගේ කොට සාය එහාට මෙහාට වෙලා කොල්ලගේ සුරත ඒ කලවා වල පිරිමැදෙනවා.ඒකයි කෙල්ල පොළවේ පය ගහපු ගමන් සාය හදාගත්තේ.එහෙමම සරූ ලැජ්ජාවෙන් රතුවෙලා නෙතු බිමට බර කරගත්තා.

“දැන් අැයි උබේ ලේ කෝප වුනේ.මි…”

කල්ප එහෙම කියලා දේව් දිහා බලනවා.කෙල්ලත් එතකොටම වගේ ඇස් උස්සලා දේව් දිහා බැලුවේ කොල්ලා මොනාද කියන්නේ කියලා.

“අඩේ ..දිපන්කෝ උත්තර ..”

එහෙමයි කොල්ලට හිතුනේ.
උත්තරයක් දීගන්න බැරිවයි කොල්ලා ලතවුනේ.කෙල්ල ලස්සනට හිනාවෙනවා දේව් දිහා බලලා.කියන්න ආපු වචනත් කොල්ලට ටැපලුනා.

“යකෝ මේක මගේ නංගි බං.”

“ඔි…මේක ගැන අපි පස්සේ කතා කරමුකෝ එහෙනම් දෙව් මල්ලි.”

“අනේ ලොකු අයියේ.කියහංකෝ..කවදද නිදහස් වුනේ..”

“ඊයේ බං.ඇප පිට හම්බුනේ”

“ඒ ටිකට පච්ච ගැහුවද උඔ..”

“ඔව් හු….”

කල්ප කුණුහරුප කියලා කෑගහන්න හදද්දිම කොල්ලා සංඥාවෙන් වගේ පෙන්නුවේ කෙල්ලව..ඒකයි එහෙමම කල්පයාගේ කට ලොක් වුනේ.

“ඔව් ඇයි අපිට පච්ච ගහන්න බැරිද දේව් මල්ලි.”

ඇත්තනේ…ඇග පුරාම නැතත් කොල්ලත් අත් ගොබයක පච්චරයක් කොටාගෙන හිටියේ ඉටිම්.

“අපෝ නැහැ.ඔහොමත් හොදයි.”

“ඒකනේ..දැන්ම යනවද ??මට උඔව හම්බෙන්න ඕන දේව්..”

කෙල්ල දේව් එක්ක හිනාවෙලා ඒ ඇස් දිහා බලනවා.ගත්ත ඇදුනුත් අරන් කට්ටියම සාප්පුවෙන් එළියට ඇවිත් කූල් පොට් එකකට ගියා.

“මේවා හරියන්නේ නැහැ ..සැර දෙයක් ඕන බං ..”

“මගෙන් අහගන්න එපා..”

“ගෙදර ගියාම බලාගමු එහෙනම්..”

කනට කරලා හොරෙන්ම වගේ කල්ප දේව් ට කියනවා.කල්පට සැර ජාති කිව්වොත් නම් වෙන මුකුත් ඕනම නැහැ ඉතිං.ඒ තරම් රස වැටිලා ඉන්නේ.පදම මිස් වෙලා චුට්ටක් අවුල් ගියත් රස දන්න නිසයි දේව්ගෙන් මේ ඉල්ලන්නේ.

*****************************

පහුවදා කොල්ලා හොටෙල් එකට යනකොට විදුර කෙල්ලට මොනවද කියාදෙනවා දේව් දැක්කා.කෙල්ල දේව් ඊයේ අරන් දිපු සාරි එකක් ඇදන් හිටපු නිසා පුදුමම ලස්සනක් තිබ්බේ.ඉග සුග මනාව කැපිලා සුන්දර ගැහැනු සිරුරට සාරිය හැඩට ගැලපුනා.ලස්සනට පොට හදලා,රැලි එහෙමත් තියලා කෙල්ලව අම්මා තමයි උදේම හැඩ කරේ.ඒකයි ඒ ගැහැනුකමට වශීවෙලා වගේ දේව් බලන් හිටියේ.ඇත්තටම පිරිමියෙක් වශී කරන්න පුලුවන් තරම් ලස්සසන සුන්දරත්වයක් ඇය උපතින් රැගෙන ආවත් සාරිය නිසා ඒ සුන්දරත්වයක් තවත් වැඩ්වුනා.සරූ දක්කා ආසාවෙන් බලන් ඉන්න දේව්ගේ ඇස් දෙක.එහෙම බලද්දි කෙල්ලට ලැජ්ජයිත් වගේ.

“‍බොස්..ඔන්න මං මේ දරුවට මුලින් කෙරෙන්න ඕනි වැඩ ටික කියා දුන්නා.”

කෙල්ල එක්ක තිබ්බ කතාව නවත්තලා විදුර කිව්වේ හිනාමුසු මුහුනක් මවාගෙන.බොස් කියලා අැහැක් ගහන්නත් විදුර අමතක කරේ නැහැ.ඒකයි දේව්ගේ තොල්පෙතිත් හිනාවකින් දිගහැරුනේ.

“හා හොදයි.එහෙම තමයි ඉන්න ඕන.”

“බම්මුව තමයි..”

එහෙම හිතුවත් විදුර කටපරිස්සම් කරගත්තේ අලුතින් ආපු කෙල්ල ඉස්සරහ ගොන් පාට් දාන එක හරි මදි කියලා දැනුන නිසායි.

තුන්දෙනාම හොටෙල් එකේ වැඩ කතාවුනත් වැඩි හරියක්ම කට ඇරුනේ විදුරගේ.එහෙමම ඉදලා විදුර ෂේප් එකේ මාරුවුනේ කොල්ලට ටිකක් කෙල්ල එක්ක කතා කරන්න ඉඩ දෙන එක හොදයි කියලා.කොල්ලා වුනත් ඒකට ආසවෙන් ඉන්නේ කියලා විදුරට ඉවෙන් වගේ තේරුණා.මොකද දේව්ගේ ඇස් තිබ්බේ කෙල්ල ලගම නිසාද මංදා විදුර ට ඒක තේරුණා.මිනිහත් ආදරේ කරන ප්‍රේමවන්තයෙක් නිසා ඒ හැගිම් ටිකක් අදුරනවා.

“මං යන්නම් හොටෙල් එකේ වැඩක් තියනවා .හවසට හම්බෙමු දේවි .”

එහෙම කියලා විදුර එතනින් ගියා විතරයි දේව් කෙල්ලගේ සියුමැලි සුරතෙන් අල්ලලගෙන කොරිඩෝව ලගින් තිබ්බ කොල්ලට වෙන් වෙච්ච රූම් එක ලගට එක්ක ගියා.අති නවීන ඔෆිස් කාමරේ ලස්සනට වටේම එක එක මාදිලියේ රූපවලින් හැඩවෙලා තිබ්බා .ඒ වගේද පිලිවෙල.ලස්සනට අවශ්‍යය හැම ඔෆිස් භාණ්ඩයක් ම කොල්ල ලස්සනට හරි ගස්සගෙන තියන් හිටියා.මෙහෙම පිලිවෙලට වැඩ කරන අයට කෙල්ල ආසයි.ඒකයි පුංච් ඇස් කරකවලා මුලු කාමරේම ඇස් දුවන්න ගත්තේ.

“මොකද..”

“ගොඩක් ලස්සනයි කාමරේ.”

“කාමරේ විතරද ලස්සන.ඇයි මං”

කෙල්ලට ලැජ්ජයි.ඒත් කොල්ලා ඔක්කොටම වඩා ලස්සනයි කියන්න කෙල්ලට හිතුනා.ඒත් එහෙමම ඒ මුණ දිහා බැලුවා ඇරෙන්න වචනයක්වත් ඒ මුවින් වැරදිල වත් කියවුනේ නැහැ.ඒත් ඒ ඇස් තේරුම් ගන්න දේව්ට පුලුවන් වුනා.ඇස්වල තිබ්බ මහ ගොඩක් අදරේ තේරුම් ගන්න තරම් කොල්ලා දස්සයා වුනා.ඒකයි කෙල්ලගේ හංගන් හිටපු ආදරේට දේව්ගේ මුලු හදවතම පිරිලා ගියේ.

“මට ආදරේයිද…මි..”

කෙල්ලගේ මුණ දේව්ගේ දිහාට අරවගෙන නොහිතපු වෙලාවක කොල්ලා ඒ ඇස්වලින් අහනවා.ඇස් ලස්සනට දිලිසෙනවා.හරියට මහ ගොඩක් ආදරෙයි වගේ.

“කියන්න කෙල්ලේ.”

මුකුත් කියාගන්න බැරුව ලත වුන කෙල්ලව දේව් එහෙමම ඒ පපුවට හිර කරගත්තා.

“මං ආදරෙයි දේව් අයියේ..”

කොල්ලගේ පපුවටම මුමුණලා කෙල්ල එහෙම කියනවා.පපුව පසාරු කරන් වෙඩ් උණ්ඩයක් යනවා වගෙයි කොල්ලට දැනුනේ.ඒ තරම් වේගෙන් සරූගේ ආදරේ කියන ලේ වලින් දේව්ගේ හදවත පිරුණා.කොල්ලගේ අත සාරියට නිරාවරණය වෙච්ච බදවටේ එතෙද්දි කෙල්ලව හිරිවැටුනා වගේ දැනුනේ.අතැගිලි ඒ සුදෝ සුදු බද මත ස්පර්ශ වෙද්දි කෙල්ලට ඒ පහස නිසා ඇතිවුනේ ලෝභ කමක් .ඒකයි කෙල්ලගේ අත් නොදැනිම දේවිගේ සුවිශාල සිරුරට වටා තදවුනේ.

කොල්ලා ඒ පහසින් ඈත්වුනේ කවුද කාමරේට එනවා වගේ දැනුන නිසා.එහෙමම කෙල්ලට බැලුනේ දොර දිහා.දොරෝ අගුල කරකවනවා කෙල්ල හොදටම දැක්කා.දේවි ඉක්මනටම ලග තිබ්බ ෆයිල් කවරේ අතට අරන් කෙල්ලට වැඩක් කියලා දෙනවා වගේ හිටියේ.හරියට අවධානමට පෙර සුදානමින් වගේ.

දොරෙන් ආපු ස්ත්‍රි රූපය අදුරගන්න කොල්ලට මහ වෙලාවක් ගියේ නැතිවුනත් සරූ හිටියේ කවුද කියලාවත් නොදැන.

****—-මතු සබැඳී—– ****

අඩුපාඩු කියන්න යාලු..වෙනසක් වෙන්න ඕනද කියලත් කියන්න.හිතට එන සුට්ටි අදහස් ලියන්නේ වැරදි ඇති ඒ නිසා.

ආදලෙයි 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙යාලු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *