මා නොවේ ඈ නුඹේ – හැඳින්වීම

මා නොවේ ඈ නුඹේ

බලා සැනසෙමි ප්‍රේමයේ නමින්

හැඳින්වීම

අහස් මියුරංග සේනාධීර
අවුරුදු 27යි
මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරලා කැනඩාවෙ ඉඳන් ඇවිත් සතියයි. අම්මගෙයි තාත්තගෙයි හදිස්සියට කෙල්ලෙක් ගැන හිතන්න අරන්. දවස් දෙකකට කලින් බලන්න ගිය මනමාලි (යුවති අහන්‍යා) ට ගොඩාක් ආදරේ කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගතිගුණ තියෙන කොල්ලෙක්. පවුලෙ ඉන්නෙ කොල්ලො දෙන්නයි කෙල්ලයි.

යුවති අහන්‍යා
අවුරුදු 24යි
සාමාන්‍ය ධනවත් පවුලක ටිකක් දඟකාර කෙල්ලෙක්. අම්මට තාත්තට හරිම කීකරුයි. පවුලේ එකම කෙල්ල. ඒ උනාට මුරණ්ඩු නෑ හරිම හොඳ හිතක් තිබුන කෙල්ලක්. බැලූ බැල්මට නම් හරිම අහිංසකයි. යාලුවො කොච්චර ආශ්‍රය කරත් එකම එක යාලුවෙක්ට විතරයි පෞද්ගලික ජීවිතේට එන්න දෙන්නෙ.

සමින්දි විහංසා
වයස අවුරුදු 25යි
සාමාන්‍ය පවුලක ඉපදිලා හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඉන්නෙ තාත්තා විතරයි. අම්මා නැති වුනේ ඒ ලෙවල් කරද්දි. දැනට ප්‍රයිවට් කම්පණි එකක වර්ක් කරනවා අකවුන්ට් ඇසිස්ටන් කෙනෙක් විදියට. චාර්ටඩ් ක්ලාස් එකේදි හමු උන පුංචි කෙල්ලෙක් එක්ක ආත්ම ගාණක ඉඳන් එනවා වගේ මිතුරු කමක් පටන් අරන් දැන් යාලු කමට අවුරුදු 6ක්. යුවති හැරුනම ඉන්න අනිත් එකම යාලුවා තමයි සහස්‍රා. සහස්‍රාගෙ තාත්තගෙ කම්පැණි එකේ තමයි කෙල්ල ජොබ් එක කරන්නෙ.

සහස්‍රා අනුෂානි සේනාධීර
මියුරංගගෙ නංගි. ඒ වගේම සමින්දිගෙ හොඳම යාලුවො දෙන්නගෙන් එක්කෙනෙක්. සල්ලි කොච්චර තිබුනත් නිහතමානීව සරලව ජීවිතේ ගෙවන්න කැමති සොඳුරු යුවතියක් කිව්වොත් හරි. උසස් පෙලින් පස්සෙ ඉගෙනීම අත ඇරියා. ජීවිතේ විඳිනවා උපරිමයෙන්. හැබැයි හැමදේම අම්මත් එක්ක කියනවා. ඒ වගේමයි යාලුවාට හරිම ආදරෙයි.

උදම් සහස්‍ර සේනාධීර
මියුරංගගෙ අයියා. දැන් අවුරුදු 29ක්. දවසින් දවස කසාදය පස්සට දාන ගුණවත් සහ නැණවත් කොල්ලෙක්. ටිකක් ආගමට දහමට ලැදියි. නංගියි මල්ලියි නම් විහිලු කරනව මහණ වෙන්න හදනව කියලා. කොහෙත්ම අප්පච්චිගෙ බිස්නස් වලට සම්බන්ධ නොවී තමන්ගෙ පාඩුවේ වාහන සේල් එකක් කරනවා. වැඩිය ගෙදර රැඳෙන්නෙත් නෑ.

උදේන සෙනෙවිරත්න
සමින්දිගෙ තාත්තා. අවුරුදු55යි. තමන්ගෙ දූ එක්ක ජීවත් වෙන අහිංසක තාත්තා කෙනෙක්. කවදත් කෙල්ලට නීති රීති දාන පුරුද්දක් උදේනට තිබුනෙ නෑ.

අමර සේනාධීර
මියුරංග, උදම්, සහස්‍රා තුන් දෙනාගෙ ආදරණීය අප්පච්චී. සේනාධීර ගෲප් ඔෆ් කම්පැණි හි ඕනර්. ටිකක් සැර විනෝදකාමී පුද්ගලයෙක්.

තිලකා සේනාධීර
අමර සේනාධීරගෙ ආදරණීය බිරිඳ. ඉතාමත් හොඳ ගෘහණියක් වගේම දරුවන්ට යාලුවෙක් තරම් ලඟ හොඳ අම්මෙක්.

දයාන් අතපත්තු
යුවතිගෙ තාත්තා. බිස්නස් කරන්නෙ. ඔහුට හෝටලයක් තිබුනා. බිස්නස් සියල්ලම යුවතිගෙ නමට තිබුනෙ. ඔහුට ඔහුගේ පණත් යුවතිත් සමානයි.

වන්දනා අතපත්තු
යුවතිගෙ අම්මා. ආදරණීය අම්මා කෙනෙක් බිරිඳක්. යුවති හෝටලයේ කළමනාකරන කටයුතු වලට නිවසේ සිටම උදව් කරනවා සිය සැමියාට.

මේ අයගේ ජීවිතත් එක්ක ගෙතෙන ටිකක් වෙනස් විදියක ආදර කතාවක් ලියන්න හිතුවා. කට්ටියම ආදරෙන් එකතු වෙයි කියලා හිතනවා.

ඔබගෙන් තරම්, Econ පන්තිය, පුංචි සීයා වගේම මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා. රැඳෙන්න ආරාධනා කරනවා “මා නොවේ ඈ නුඹේ” සමගින්.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *