මා නොවේ ඈ නුඹේ 15 කොටස

කට්ටියගෙම ෆොටෝස් ගත්තා. සහස්‍රා අහඹු විදියට උදම්ගෙයි විහංසාගෙයි ෆොටෝස් කීපෙකුත් ගත්තා.

“අපි යන්නම් ඇතුලට. හවස් වෙද්දි වහීවි.” සහස්‍රා එහෙම කියලා විහංසාත් එක්ක කැමර් එකත් අරන් ගත්තු ෆොටෝස් බල බල හිනා වෙවී කාමරේට ගියා.

“අයියා.. කවුද සඳලි? මොකද්ද ලොකු කතාව එයාගෙ?” මියුරංග ඇහුවෙ විහංසායි සහස්‍රායි නොපෙනී ගියාට පස්සෙ.

“සඳලි කියන්නෙ මගෙ ආදරේ. පණ වගේ මං එයාට ආදරේ කලා. ඒත් එයා…. එයා මාව දාලා ගියා. වෙන කෙනෙක්ව කසාද බැන්දා. බැඳලා මාස තුනකින් එයා රට ගියා. මම පිස්සෙක් වගේ විඳෙව්වා. කියන්න කෙනෙකුත් නෑ. මම ගොඩාක් විඳෙව්වා මල්ලි.” අවුරුදු හතක් පරණ සිදු වීමක් උනත් උදම් අදක ඊයෙක දෙයක් කියනව වගේ ඇස් වල කඳුලු පුරවන් කියද්දි මියුරංගටත් ඒ හැඟීම හොඳට දැනුනා.

“සඳලි ඇයි වෙන කෙනෙක්ව බැන්දෙ?”

“එයා හරි අහිංසක කෙල්ලෙක්. එයාට ගොඩක් සල්ලි තිබුනා. ඒත් එයා හරි සරලව ජීවත් උනේ. මගේ අහිංසකීව උන් විකුණුවා මල්ලි. උන් මගේ කෙල්ලව උදුර ගත්තෙ බිස්නස් ඩීල් එකකට විකුණන්න.” උදම්ගෙ ඇස් වලින් කඳුලක් වැටුනා.

“අයියා Be strong. ඒ දේවල් වෙලා ඉවරයිනෙ. ඔයා විහංසා ගැන අවුරුදු තුනක් බලන් හිටියෙ නිකන් නෙමෙයිනෙ. එයා එක්ක එකතු වෙන්න. ලස්සනට ජීවත් වෙන්න. විහංසා කියන්නෙ රත්තරං කෙල්ලෙක්. කොල්ලෙක්ට ලැබෙන්න ඕනෙ විදියෙ කෙල්ලෙක්. ඔයා පිං කරලා තියෙනවා වෙලාවට විහංසාට කොල්ලෙක් නෑ.” මියුරංග හැඟීම්බරව කියද්දි උදම්ට මියුරංගගෙ මොකක්දෝ වෙනසක් දැනුනා.

“උඹ යුවතිද කාටද ඇත්තටම ආදරේද බං” උදම් ඔහුගෙ මාතෘකාව වෙනස් කලේ හේතුවක් ඇතිව.

“අනේ මන්දා.” මියුරංග ඕනවට එපාවට උත්තර දුන්නෙ.

“ඒ කියන්නෙ?”

“ඒකි මට ආදරෙයිලු. ඉතිං මටත් ආදරේ කරන්නලු. මාත් මේ ආදරේ කරන්න හිතනවා.”

“කවුද උඹට එහෙම කිව්වෙ?”

“එක්කෙනෙක්.”

“කවුද ඒ?”

“කියන්නම්. දවසක් ආවොත්.” මියුරංග හිනාවෙලා නැගිට්ටා.

“මේ හවසට මෙතන පාර්ක් එකට යමුද?” උදම් ඇහුවෙ මියුරංග ගෙට යද්දි.

“අද ටිකක් ඉමු නේද? හෙට යමු.” මියුරංග හැරිලා බලන්නෙ නැතුවම කියලා ගියා.

උදම් කල්පනා කරා. තමන්ට උදා වුන තත්වයට හාත්පසින්ම වෙනස් තත්වයක් මල්ලිට උදා වෙලා තියෙන්නෙ. මූ කියන්නෙත් නැතුව කොහොමද දැන ගන්නෙ. උදම් හිතුවා.

“විහංසා කියන්නෙ රත්තරං කෙල්ලෙක්. කොල්ලෙක්ට ලැබෙන්න ඕනෙ විදියෙ කෙල්ලෙක්. ඔයා පිං කරලා තියෙනවා වෙලාවට විහංසාට කොල්ලෙක් නෑ” උදම්ගෙ හිතේ මියුරංගගෙ වචන රැව් පිළිරැව් දුන්නා.

“විහංසා මට කැමති වෙයිද?” උදම් තමන්ගෙන්ම ඇහුවා.

__________________________________________________________________

විහංසා උදම්ව නොදැක ඔහුට ආදරේ කරත් මේ වෙද්දි ඔහුව දැක්කා. ඒත් විහංසාට එක පාරම සහස්‍රාගෙ අයියට ආදරේ කරන්න බය හිතුනා. ඒ නිසා ඇයැ කට්ටියත් එක්ක් ඉද්දි පුලුවන් තරම් වෙනදා වගේ ඉන්න ට්‍රයි කලා.

“මේ හලෝ අපේ අයියා මොකක් හරි අවුලකද කොහෙද. එයාගෙ මූඩ් අප්සට්.” සහස්‍රා ඇඳට පනිමින් කිව්වා.

“ඇයි ඒ? අහස් අයියා ඔය හිටියෙ හිනා වෙලා.”

“මම කිව්වෙ ඒ මැට්ටා ගැන නෙමෙයි. ලොකු සර් ගැන.”

“ලොකු අයියට ලොකු අයියා කියන්න.” විහංසා සැරෙන් කියද්දි සහස්‍රාට හිනායි.

“අනේ නිකන් පලයන් බං යන්න. යකෝ මේකි මේ හීනෙන් දැකලා මෙච්චර ගෙම්බර් එක. ඇත්තටම මෙයාගෙ උනොත් මට මොනවා කරයිද.” සහස්‍රා ඉණට අත් දෙකත් ගහගෙන කිව්වා.

“පිස්සුද මගෙ නෑණට මම ආදරෙයිනෙ.” විහංසා සහස්‍රාව තුරුලු කරගෙන කිව්වා.

“හා හා මේ සහෝදරී හරිද? නෑණලා නෑ. අයියා නෙමෙයි කවුරු බැන්දත් ඔයා මගේ සහෝදරී. එච්චරයි.” සහස්‍රා තරහෙන් කිව්වෙ.

“ඒ ඉතින් බැන්දොත්නෙ.” විහංසා සුසුමක් හෙලමින් කිව්වෙ.

“ඇයි ඒ?”

“අඩුම ගානෙ අයියා මං දිහා එහෙම බැලුවෙවත් නෑනෙ.”

“හා හා ඒවා අපි බලාගන්නම්. ඔයා සුපුරුදු සුවච කීකරු අහිංසක කෙල්ල වෙන්න. එතකොට කවුරුත් ආදරෙන් බලයි ඔයා දිහා.” සහස්‍රා මූණත් ඇල කරලා ඇසි පිය වේගෙන් ගැහුවා.

“අනේ මේ එන්න එපා ඇද කරන්න. කෝ ගන්නවා ඔය කැමර් එක. ෆොටෝස් ටික බලන්න.”

දෙන්නත් එක්ක නිවිසැනසිල්ලෙ ෆොටෝස් බලන්න ගත්තා.

“මේ බලපං අපේ අයියත් උඹට කැමතියි.” සහස්‍රා උදම් විහංසා දිහා බලාගෙන ඉන්න ෆොටෝ එකක් පෙන්නලා කියද්දිම සහස්‍රාගෙ ෆෝන් එක රිංග් උනා.

“යර්ස් ස්පීකින්.” සහස්‍රා ඇදලා කියද්දි විහංසා බැලුවෙ ඒ කවුද කියලා.

“ඕයි මාර වැඩක් වෙලා තියෙන්නෙ.” මියුරංග කිව්වා.

“ඇයි?” සහස්‍රා කලබලෙන් ඇහුවෙ.

“ලොක්කා කලින් ලව් කරපු ගර්ල් විහංසා වගේලු.”

“මලා… ඉතිං???”

“ඉතිං මොකද්ද. අවුරුදු තුනකට කලින් පන්සලකදි විහංසාව දැකල තියෙනවා. මිනිහා කීප දවසෙ පන්සලට ගිහින් විහංසාව බලන්න. ඒත් හම්බ වෙලා නෑ. ගිය සතියෙ බීච් එකේදි දැකලා ෆොටෝ එකක් අරන් මට ඒක පෙන්නුවා. පිස්සු හැදෙනව හලෝ.” මියුරංග එක දිගට කියාගෙන ගියේ උදම් එන්න කලින්.

“මට තේරෙන්නෙ නෑ අප්පා.” සහස්‍රා ඔලුවෙත් අත ගහගෙන කිව්වෙ.

“තමුසෙට කොහෙ තේරෙන්නද. මට තේරෙන්නෙත් නෑ.” මියුරංග කිව්වා.

“එතකොට ඇත්‍තටම ලව් කාටද කියල දන්නවද?” සහස්‍රා ඇහුවෙ කෙල්ලගෙ හිත තව දුර යන්න කලින් විස්තරේ කියන්න ඕනෙ නිසා.

“දැන් විහංසාට ආදරේ ඇති. ඒකනෙ ඒ තරම් හෙව්වෙ. ඒත් තාමත් හිත දෙගිඩියාවෙන් වගේ. එයාම කියයි හෙමිහිට.”

“එතකොට මෙයා???”

“මෙයා කිව්වෙ?” මියුරංග ඇහුවෙ ඔහු විහංසාගෙ හීන කුමාරයගෙ කතාව දන්නෙ නැති නිසා.

“මම පස්සෙ කියන්නම්කො. දැන් තියන්නම්.” සහස්‍රා එහෙම කියලා කෝල් එක කට් කරේ විහංසා මෙලෝ සිහියක් නැතුව කැමර් එක දිහා බලන් ඉඳපු නිසා.

“මොනාද ඔය තරම් බලන් ඉන්නෙ?” සහස්‍රා කැමර් එක උදුරලා ගත්තා.

විහංසගෙයි උදම්ගෙයි ෆොටෝ එකක්. ඒකෙ හරි ලස්සනට ඉන්නවා දෙන්නම.

“ඒක හරි කලාත්මකයි නේද?” විහංසා අහද්දි සහස්‍රාට උත්තරයක් හිතා ගන්න බැරි උනා.

“පොඩි නොගැලපීමකුත් තියෙනවා වගේ.” සහස්‍රා කිව්වෙ විහංසාගෙ හිත බලන්න.

“ඒ කිව්වෙ?” විහංසා කලබලෙන් කැමර් එක ආයෙත් අතට අරන් බැලුවා.

“එන්නකො එලියට යමු. අර පල්ලෙහා ටිකක් ඇවිදන් යද්දි වික්ටෝරියා පාක් එක තියෙනවා. අයියලාටත් කතා කරන් යමු. ස්වීටර් ගන්නත් ඕනෙ.” සහස්‍රා එහෙම කියලා සපත්තු දෙක දාගත්තා. විහංසාත් ඇගේ පස්සෙන් ම එලියට ආවා.

“සුදු අයියා පාක් එකට යමු.” සහස්‍රා සාලෙ ඉඳන් කතා කලා.

“කොහෙද පුතා යන්න හදන්නෙ.”

“පාර්ක් එකට අප්පච්චී.”

“හා ලොකු පුතා කෝ.”

“අයියා එලියෙ මං හිතන්නෙ. අම්මා කෝ අප්පච්චි?” මියුරංග ඇහුවෙ ආවට පස්සෙම අම්මා එලියටවත් බැස්සෙ නැති නිසා.

“මහන්සියටද කොහෙද කාලා ගිහින් නිදි. ඔයාල ගිහින් එන්න එහෙනම්. මාත් ඉන්නම්.” අප්පච්චී නැවතුනා. තුන් දෙනත් එක්ක මිදුලට ආවා උදම් හොයාගෙන.

“ලොකු අයියා කෝ…” සහස්‍රා කතා කරාද්දි මියුරංග පාරට බැස්සා.

“අන්න පොර යනවා. අපිත් යමු.” මියුරංග නංගිලා දෙන්නවත් ඉස්සර කරන් පාර්ක් එක පැත්තට ගියා.

“අනේ අහස් අයියා ස්වීටර් ගන්න ඕනෙ.” විහංසා කිව්වා.

“ඔව් අපිට ස්වීටර් නෑ. මෙයා මේ ලොකු අයියගෙ එකක් ඇඳන් ඉන්නෙ.”

තුන් දෙනත් එක්ක පේලියට තියෙන කඩ අතරින් එකකට ගියා. යද්දි උදම් ලස්සන ස්වීටර් තෝරනවා.

“ලොකු අයියා ඔයා අපිට කිව්වෙත් නෑ.” සහස්‍රා ගිහින් උදම්ගෙ අතේ එල්ලුනා.

“කියන්න් මොනවද? මම මේ මට ස්වීටර් එකක් ගන්න ආවෙ. මගේ ස්වීටර් එක ගත්තා ගත්තමයි දෙන පාටක්වත් නෑනෙ.” උදම් කිව්වෙ විහංසා දිහා බලලා.

“අනේ අයියේ සොරි. අපි මේ ආවෙත් ස්වීටර් දෙකක් ගන්න. නේද සහස්‍රා.” විහංසා කිව්වා.

“ඒක නෙමෙයි අයියා ඔයා කවද ඉඳලද මේ රෝස පාට ස්වීටර් අඳින්න හිතුවෙ.” සහස්‍රා ඇහුවෙ උදම් අතේ තිබුන රෝස පාට ස්වීටර් දෙක අල්ලලා.

“එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ටලු.” මියුරංගත් හිනා වෙවී කිව්වෙ උදම්ගෙ කරටත් අත දාගෙන.

“අනේ මේ පලයං යන්න. මම බඩීටත් එකක් බැලුවා ඉතින්. මගේ නංගිනෙ.” උදම් බේරෙන්න කිව්වා. ඔහු ආවෙ ඇත්තටම කෙල්ලො දෙන්නට ස්වීටර් ගන්න. දෙන්නම ඇඳන් ඉන්නෙ උදම්ගෙයි මියුරංගගෙයි ස්වීටර් නිසා.

“හා හා මේ ඉක්මණට ගන්න මගුලක් අරන් යමු පාර්ක් එකට.” මියුරංග කඩෙන් එලියට යද්දි විහංසාත් ස්වීටර් දෙකකට මුදල් ගෙවලා එලියට ගියේ එයින් එකක් ඇඳ ඇඳ. ඒකට උදම්ගෙ හිත රිදෙන්න ගත්තා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *