මා නොවේ ඈ නුඹේ 21 කොටස

“මෙයා….” විහංසාට කියවුනා. ඒ ආවෙ ග්‍රෙගරි වැව ළඟදි ඇය එක්ක කතා කරපු පිරිමි ලමයා.

“ඇයි උඹ ඌව අඳුරනවද?” සහස්‍රා ඇහුවෙ විහංසාගෙ මූණෙ ස්වරූපය ඔහු දැකපු ගමන් වෙනස් උන නිසා.

“මම.. නෑ..හ්… ඒත් ලොකු අයියා කෑ ගැහුවෙ මට මෙයා නිසා.” විහංසා කිව්වා.

“ආහ් හැන්ඩියෙක්නෙ. අපේ ලොකු අයියට ජෙලස් වෙන්න ඇති. ආයෙ දෙකක් නෑ ඌ උඹට ලයින්. ඔන්න බලපං.” සහස්‍රා විහංසාට කුටු කුටු ගාලා කිව්වා.

“ඔයා???” අනුරාධ කෙල්ලො දෙන්නගෙ ලඟට ආවෙ විහංසාගෙ මුහුණෙන් ඇස් ඉවතට ගන්නෙ නැතුවමයි.

විහංසා නම් සද්ද නැතුව බලන් හිටියා.

“මම ඒත් බැලුවා මේ ලිට්ල් ඒන්ජල් කොහෙන්ද මේ ප්‍රාන්තෙට කඩා වැටුනෙ කියලා. එහෙනම් ඔයාත් ට්‍රිප් එකක් ආපු කෙනෙක්.” අනුරාධ හිනා වෙවී කිව්වෙ විහංසාගෙ ඇස් දිහා බලාගෙනමයි.

“ඔයා ගොළුයිද?” අනුරාධ ආයෙත් ඇහුවෙ විහංසාගෙ කිසිම සද්දයක් නැති නිසා.

“ගොලු නෑ එයා අන්ධයි.” සහස්‍රා කිව්වා.

“එක්ස්කියුස් මී ඔයා කවුද?” අනුරාධ එවර සහස්‍රාගෙ මූණ දිහා බලන් ඇහුවා.

“මම සහස්‍රා සේනාධීර. ඔයා කවුද?” සහස්‍රා ඇහුවා.

“මම අනුරාධ. මෙයා කිව්වෙ නැද්ද? මට හිතෙන්නෙ ඔයාලා දෙන්නා ටුවින්ස්ලා වෙන්න ඕනෙ.” අනුරාධ දෙතොල් උඩට ඇඟිල්ලක් තියලා කල්පනා කර කර කියද්දි කෙල්ලො දෙන්නම හිනාව නවත්තන් හිටියෙ හරිම අමාරුවෙන්.

“ඔව් එහෙම හිතා ගන්නකො. ඉතින් ඔයාට ඒකෙන් තියෙන ප්‍රයෝජනය මොකද්ද?”

“ප්‍රයෝජනය….. ම්ම්ම් ප්‍රයෝජනය තමයි මගේ අප්පච්චිලා මට ප්‍රපෝස් කරල තියෙන්නෙ සේනාධීර අංකල්ගෙ දුව. එතකොට ඔයාලා දෙන්නා ටුවින්ස්ලා නම් මට තෝරගන්න අවස්ථා දෙකක් තියෙනවනෙ.” අනුරාධ බැරෑරුම් දෙයක් කල්පනා කරනවා වගේ කිව්වා.

ඒක කියනවත් එක්කම විහංසාට හිනා ගියා.

“හිනාවෙන්නත් දන්නවා නේද? මම කැමතියි ඔයාගෙ හිනාවට. අහිංසක ලස්සනට. එතකොට…” අනුරාධට කතා කරල ඉවර කරන්න උනේ නෑ උදම් ආවා එතෙන්ට.

උදම් ඇවිත් විහංසාගෙ කර වටා අතක් යවලා ඇයව ලඟට කරගත්තා. ඒ එක්කම අනුරාධගෙ මූණ මැලවිලා ගියා.

“ඒ කියන්නෙ මට ඔප්ෂන් දෙකක් නෑ.” අනුරාධ එහෙම හිතමින් උදම් එක්ක හිනාවෙලා ගේ පැත්තට ගියා.

“බඩී කවුද ඒ…?” උදම් ඇහුවෙ ඔවුන්ට පිටුපා යන අනුරාධව පෙන්නලා.

“උදේ සමී එක්ක කතා කරපු බෝයි” සහස්‍රා කිව්වා.

“එතකොට ඒ?” උදම් ඇහුවෙ ඉතාමත් සමීපව තමන්ට ලඟින් ඉන්න විහංසා දිහා බලලා ඇයව අත අරින ගමන්.

“සිරිනන්ද අංකල්ගෙ පුතාලු. ලොකු අයියා අප්පච්චිලා මට එයාව ප්‍රපෝස් කරලද?” සහස්‍රා ඇහුවෙ මූණ සවුත්තු කරන්.

“එයාද ඒ? ඔයාගෙ අකමැත්තෙන් මුකුත් වෙන්නෙ නෑ බඩී.” උදම් සහස්‍රාගෙ හිස අත ගාලා කියලා ආයෙම ගේ පැත්තට ගියා. විහංසා නම් හිටියෙ ගල් ගැහිලා වගේ. උදම් ඇයව ලඟට ගත්තාම දැනුනු ඒ නුහුරු හැඟීම ඇතුලෙ ඇය තාමත් අතරමං වෙලා.

“සමී… සමී…” සහස්‍රා විහංසාව සොලවමින් කතා කරාමයි විහංසා මේ ලෝකෙට ආවෙ.

“ඇ.. ඇයි?” විහංසා බය වෙලා ඇහුවා.

“ලොකු අයියා ගියා. උඹ ඔය තරම් අපෙ අයියට ආදරෙයිද සමී?” සහස්‍රා ඇහුවෙ විහංසාගෙ අත් දෝතින් ම අරන්.

“ආදරෙයි…. මගේ නොවුනත් ආදරෙයි.” විහංසා කිව්වෙ සහස්‍රාගෙ අත උඩින් ඇගේ අතත් තියලා.

“උඹේ නොවුනත් කිව්වෙ ඇයි?” සහස්‍රා බැලුවෙ පුදුමෙන්.

“නිකන්. මට හිතුනා මම කිව්වා.” විහංසා සැහැල්ලුවෙන් කිව්වෙ.

ටික වෙලාවක් ඔහේ එක එක දේවල් කිය කිය ඉඳලා එක පාරම විහංසා….

“සහස්‍රා… මම කිව්ව දේ ඇත්තක් වෙලා…” විහංසා ගේ පැත්ත බලාගෙන හීනෙන් වගේ කිව්වා.

“මොකද්ද?” සහස්‍රා ඇහුවෙ ෆෝන් එකේ ගේම් එකක් ප්ලේ කරන ගමන්.

“ලොකු අයියගෙ වෙන්න මට පිං මදි.” විහංසා ඇස් වල කඳුලු පුරවගෙන කිව්වා.

“සමී… මොනවද කියවන්නෙ? ඔයාට පිස්සු හැදිලද?” සහස්‍රා විහංසාව උරහිස් වලින් අල්ලලා සොලවමින් හයියෙන් ඇහුවා.

“ඇයි බඩී?” උදම් ආවෙ හිමදිගෙ අතින් අල්ලන්. ඒක දැකලා සහස්‍රාටත් පිස්සු නොහැදුනා විතරයි.

“නෑ ලොකු අයියා. මුකුත් නෑ.” සහස්‍රා කිව්වෙ උදම්ගෙ අත දිහා බලමින්. නෑ හීනයක් නෙමෙයි ලොකු අයියා තමයි හිමදිගෙ අතින් අල්ලන් ඉන්නෙ.

“බඩී ඔන්න මට මගේ හීන කුමාරිව හම්බ උනා.” උදම් කිව්වෙ සහස්‍රාට උනත් ඇස් තිබුනෙ විහංසාගෙ මූණෙ. විහංසාගෙ මූණ මැලවිලා. ඇය හිටියෙ බිම බලාගෙන.

“නංගි මේ ඉන්නෙ හිමදි. හිමදි මේ අපේ බඩීගෙ හොඳම යාලුවා. නම නම් මතක නෑ මට. ඔයා බඩීව දන්නවනෙ.” උදම් එහෙම කියලා හිමදි එක්ක පාර පැත්තට ඇවිදන් ගියා. හිමදි හිටියෙ ඇයට ලෝකයක් ලැබුනා තරම් සතුටින්.

“විහංසා ඇයි මේ? බබා… මොකද මෙයා මේ අඬන්නෙ?” මියුරංග ඇවිත් අහද්දි තමයි සහස්‍රාත් මේ ලෝකෙට ආවෙ.

“සුදු අයියා අනේ අපි දැක්කෙ හීනයක් කියන්න. ඒක ඇත්ත වෙන්න බෑ. ලොකු අයියට එහෙම කරන්න බෑ. එයා මේ කෙල්ලට කොච්චර ආදරෙන්ද හිටියෙ. දැන් අනුරාධ ඇවිත් මෙයා එක්ක කතා කරද්දි එයා ඇවිත් සමීගෙ කරට අත දාගත්තා. ඇයි දැන් එහෙම කරන්නෙ?” සහස්‍රා මියුරංගගෙ අතේ එල්ලිලා අඬමින් ඇහුවෙ.

“විහංසා අඬන්න එපා. එයා මොනව කරනවද කියල එයා විතරයි දන්නෙ. ඔයා ඇඬුවා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑනෙ.” මියුරංග විහංසාගෙ හිස අත ගාලා ඇයව ලඟට අරන් කිව්වා.

“එයා වෙලාවකට මට ලඟින් ඉන්නවා. ආයෙම ඈත් වෙනවා. ඒක දරා ගන්න පුලුවන්. ඒත් වෙන කෙනෙක්ගෙ වෙලා අරම යද්දි දරාගන්න බෑ අහස් අයියා.” විහංසා අඬද්දි සහස්‍රාත් අඬනවා. ඇයටත් දුකයි.

“අපරාදෙ සමී ඔයාගෙ හීනෙ ලොකු අයියා හිටියෙ. මාත් හිතුවෙ එයා ගොඩක් හොඳයි කියලා. ඔයාගෙ හීන කුමාරයා සුදු අයියා උනා නම්.” සහස්‍රා කිව්වා නෙමෙයි අන්තිම ටික ඇයට කියවුනා. ඒ එක්කම විහංසා මියුරංගගෙන් ඈතට උනේ විදුලියක් කෙටුවා වගේ.

“සමී… අයිම් සොරි. මට කියවුනා.” සහස්‍රා බැගෑපත්ව කිව්වා.

“කමක් නෑ. මම ලොකු අයියව හැබැහින් නොදැක හිටිය නම් මෙච්චර දුක නෑ සහස්‍රා.” විහංසා ඒ අසල තිබුනු බෙන්ච් එක ලඟට ගිහින් ඉඳගත්තා.

“සමී ඔයා එයාට ආදරේ කරාට එයා ඔයාට ආදරේ නැත්නම් අපි හිටිය වගේ පාඩුවෙ ඉමු. කවුරු එයාව බැන්දත් උඹෙයි මගෙයි සම්බන්ධකම නැති වෙන්නෙ නෑනෙ. සත්තයි මම හැමදාම හිතුවා ඔයාව මගෙ නෑනා කරගෙන ගෙදරට එක්කන් එන්න. මගෙ අයියල දෙන්නටම පින නෑ ඔයාවගේ කෙනෙක් ලබන්න.” සහස්‍රා විහංසාගෙ හිස අත ගාමින් කිව්වා. ඇයත් අඬනවා.

මියුරංග හැමදේම අහගෙන හිටියෙ දරාගන්න බැරි වේදනාවකින්. මියුරංගත් හිතුවෙ අයියට පිස්සු හැදිලද කියලා. ඔහු පසුතැවුනා විහංසාගෙ හීන කුමාරයා උදම් කියලා ඊයෙ රෑම අයියට කියන්න බැරි උන එකට. එක අතකට තමුනුත් විහංසා වෙන කෙනෙක්ගෙ වෙන එකට කැමති උනේ නෑ කියලා මියුරංගට මතක් උනා. ඒ හැඟීමත් එක්ක ඔහුට තමන් ගැනම ලැජ්ජාවක් පසු තැවීමක් දැනුනේ ආත්මාර්ථකාමී උනා කියලා හිතුන නිසා.

“ඒන්ජල් ලෙඩ වෙලාද? කෝ බලන්න.” අනුරාධ ආවෙ ශෝට් එකකුයි ටීෂර්ට් එකකුයි ඇඳන් හිනාවෙවී.

“ඇයි ඔයා ඩොක්ටර් කෙනෙක්ද?” සහස්‍රා ඇහුවෙ කේන්තියෙන්.

“බඩී මේ සිරිනන්ද අංකල්ගෙ පුතා. අනුරාධ. ඩොක්ටර් කෙනෙක්.” මියුරංග ඔහුව අඳුන්වලා දෙද්දි සහස්‍රාට ලැජ්ජත් හිතුනා.

“හා…” සහස්‍රා එහෙම කියලා සද්ද නැතුව හිටියා.

“ඕහ් සොරි මම මේ ආවෙ කියන්නමයි. අපේ අප්පච්චිලා මට සේනාධීර අංකල්ගෙ දුව නෙමෙයි අපේ නංගිට එයාලගෙ පුතාව ප්‍රපෝස් කරල තියෙන්නෙ. මං ඉස්සෙල්ලා හිතුවෙ මගේ ඇඟේ එල්ලයි කියලා. සෝ.. ඔයාටද මේ ප්‍රපෝස් කරල තියෙන්නෙ අපේ නංගිව.” අනුරාධ මියුරංගගෙන් ඇහුවෙ මුකුත් දන්නෙ නැති නිසා.

“ආහ් නෑ මගේ අයියට.” මියුරංග කියද්දි අනුරාධගෙ හිතට ආයෙත් බලාපොරොත්තුවක් ආවා.

“ඕකේ. එතකොට…. මේ ඉන්නෙ එයාගෙ වයිෆ් නෙමෙයිද?” අනුරාධ නළලත් රැලි කරලා ඇහුවෙ විහංසා පෙන්නලා.

“පිස්සුද මේ අපේ නංගිගෙ හොඳම යාලුවා.” මියුරංග කිව්වෙ හිනාවෙවී.

“ආහ් එහෙමද? එහෙනම් මට චාන්ස් එකක් තියෙනවා.” අනුරාධ කියද්දි මියුරංග බැලුවෙ ඒ මොකද්ද කියලා.

“ආ ඒක නෙමෙයි අපි අර ඇල්ල බලන්න යන්නෙ හවසටද?” මියුරංග කතාව වෙනස් කරමින් ඇහුවා.

“නෑ දැන් යමු. මම එලියට එද්දි අංකල්ලා යමු කියනවා ඇහුනා. එයාලා එයි. අපි යමු.” අනුරාධ ඉස්සර උනා.

ආයෙත් හමුවෙමු.

මදි කියන්න නම් එපා… හෙට දාන්න ලිය ලිය ඉඳපු එක තමයි මේ ඉක්මණට ඉවර කරලා දුන්නෙ.

තෙරුවන් සරණයි! 

2 Comments

  1. You actually make it appear really easy together with your presentation but I
    to find this topic to be actually one thing that I believe I’d by no means understand.
    It kind of feels too complex and extremely broad for me.
    I’m looking forward in your next put up, I’ll attempt to
    get the hold of it! Escape rooms hub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *