මා නොවේ ඈ නුඹේ 27 කොටස

කෑම කාලා ඉවර වෙනකන් කාගෙවත් අතරෙ විශේෂ දෙයක් කතා උනේ නෑ. උදම් බලාගෙන හිටියත් විහංසාව තමන්ගෙ ලඟින් වාඩි කරව ගන්නවත් බැරි උනා. විහංසා කෑම බෙදාගෙනත් කන්නෙ නැතුව කල්පනා කලා කරන්න ඕනෙ මොකක්ද කියලා.

“මේ තරම් රැවටීමක්. ඇයි එහෙම කලේ. අනේ අයියේ මම මොනව කරාටද? මම හීනෙන් දැකපු කෙනාගෙ කොලිටීස් සේරම තියෙන්නෙ අහස් අයියට. ඒත් එයා යුවතිගෙ. මට බෑ. මට ලොකු අයියගෙ වෙන්නත් බෑ. එයා වෙන කෙනෙක් ගැන හිත හිත මට ලං වෙද්දි මට ඒක දරාගන්න බෑ.” විහංසා හිතුවා.

“ඕහ් මයි ගෝඩ් එයා වෙහිකල් එකට ඇවිත් මට කතා කලෙත් සඳූ කියලා. ශිට්. මට ඒ වෙලාවෙ ඒක ගානක් උනේ නෑනෙ.” ඒක මතක් වෙලා විහංසා තරහෙන් හිතුවෙ.

“අයියෝ….” විහංසා එහෙම කියාගෙන එක පාරටම හිස බදාගත්තා…

“සමී!!”
“විහංසා!!”
“දෝණි!!”

එක පාරටම කට්ටිය අතරින් එහෙම ඇහුණා….

____________________________________________________________________

සඳලි බණ්ඩාරනායක ගුවන් තොටුපලට පය තියන්නෙ මේ අවුරුදු හතකට පස්සෙ.

“කොහොම හරි ඔයාව හොයාගන්න ඕනෙ අයියේ. මම කරපු වැරදි මට හදාගන්න ඕනෙ.” සඳලි තමන්ටම කියාගත්තා.

අවුරුදු හතකට කලින් මෙතනින්ම ගුවන් ගත උන දඟකාර සඳලි නෙමෙයි මේ අද ලංකාවට ආවෙ. ඇය එක් දරු මවක්. ඒ වගේම ප්‍රථමා ප්‍රේමයෙන් බැට කාලා ගොඩාක් දුක් විඳපු ලෝකෙන්ම තනි උන ගැහැණියක්.

“ඔයත් හිටිය නම් පුතේ.” සඳලි ෆෝන් එකේ තිබුණු ඇගේ පුතුගේ ෆොටෝ එක දිහා බලාගෙන කිව්වා.

සඳලි ලංකාවෙන් ගියේ ඇගේ ප්‍රථම ප්‍රේමයත් එක්ක. ඔහු ඇගේ පියාගෙ හොඳම යාලුවාගෙ එහෙමත් නැත්නම් තාත්තගෙ බිස්නස් පාට්නර්ගෙ ලොකු පුතා. නමින් තරූෂ වුනු ඔහුත් එක්ක ඇගේ කතාව පටන් ගන්නෙ ඇයට වයස අවුරුදු දහසයේදි. ඇය ගැහැණියක් වෙන්නෙ අවුරුදු දහ අටෙන්. ඒ තරූෂ අතින්. ඒ බැඳීම ඒ විදියටම තියෙන අතරෙදි සඳලි උදම් වගේම තවත් කිහිප දෙනෙක් එක්කම ප්‍රසිද්ධියේ ම සම්බන්ධතා පැවැත්වුවා. තරූෂත් එහෙමයි. ඔහුත් හිතේ හැටියට එක එක ගැහැණු ලමයි ආශ්‍රය කරා. දෙන්නට දෙන්නා ඒ හැමදේම දැනගෙනත් හිටියා. සඳලි මොන තරම් කොල්ලො ආශ්‍රය කරලා තිබුනත් ඒ එක්කෙනෙක්වත් උදම් තරම් ඇයට ආදරේ කලේ නෑ. හැමෝම ඇගේ සල්ලි වලට ආදරේ කරද්දි ඇයට ආදරේ කලේ උදම් විතරයි. මොකක්දෝ කරුමෙකට සඳලි ආදරේ කලේ තරූෂට විතරයි.

උදම්ට බොරු දහසක් කියලා ඔහු ඉදිරියේ අඬා වැටිලා ඇගේ අකමැත්තෙන් තාත්තාගෙ බිස්නස් ඩීල් එකකට මේ කසාදය කරන බව කියපු එක ගැන ඇය අද හිත යටින් සතුටු උනා.

තරූෂ කසාද බැඳලා රට ගිහින් සය මසකට පස්සෙ ඉඳන් සඳලිට විඳින්න උන දුක කියන්න බැරි තරම්. අවසානෙ ඇයට ආදරේ නාමෙන් ඉපදුන දරු පැටියාවත් මෙලොව එළිය දැකලා වසර පහකින් පසුව කැන්සර් එකකින් මේ ලෝකෙ අත ඇරලා යන්නෙ මුලු දෛවයම සරදමක් කරමින්. තරූෂත් සඳලිට ආදරේ කලේ ඇගේ සල්ලි වලට. ඒ තරූෂගෙ තාත්තගෙ උවමනාවට. තරූෂ ආදරේ කලේ වෙන කෙනෙක්ට. සඳලිව බැඳලා රට ගිහින් වසරකට පස්සෙ සඳලි ඒ හැමදේම දැනගන්නෙ. ඒ වෙද්දි ඇගේ කුසේ තරූෂ නමින් දරු පැටියෙක් හිටියා.

හැමදේම තරූෂ කිව්වෙ සඳලිට ඩිවෝස් පේපර්ස් ගෙනිහින් දෙනගමන්. ඒ මොහොතෙයි ඇය දැනගන්නෙ ඇයට හිමි සියලුම දේපල තරූෂ නමට තාත්තා ලියා අවසන් බව. තාත්තා සියලු දේපල තරූෂ නමට ලියලා සියදිවි හානි කරගෙන තිබුනා. ඇය තාත්තගෙ අවසන් කටයුතු වලටවත් සම්බන්ධ නොවුනෙ ඇගේ ජීවිතේ විනාශ කරපු තරහට.

සඳලි ඇඬුවා පොලවෙ හැපුනා ඒත් අවසානෙදි ඇය හිත හදාගන්නවා දරුවා හදාගන්න. වසර පහක් දරුවා උස් මහත් කරන්න රැකියාවක් කලත් අන්තිමටම දරුවත් මේ ලෝකෙන් ගියාම ඇයට පිස්සු හැදුනා. මාස හයක් රෝහලේ ඉඳලා ඇය ඇගේ නිවසට එන්නෙ ලංකාවට එන්න හිත හදාගෙන. ඇය වසරක් පහක් පුරා රැකියාව කරලා ඉතුරු කරගත් මුදල් ප්‍රමාණය සෑහුනා ලංකාවට ඇවිත් ස්ථාවරයක් හදාගන්නතුරු ජීවත් වෙන්න. කිරිල්ලියක් වගේ ජීවිතේ විඳපු කෙල්ලට අන්තිමටම කාත් කවුරුවත් නැති අසරණියක් වගේ ඇයට ලංකාවට එන්න උනා.

සඳලි තරූෂ නිසා විඳවන සෑම තත්පරයකම හිතුවේ උදම්ට බොරු කරපු එකෙ ප්‍රතිවිපාක විඳින්න සිදුවුනු බව.

“කොච්චර හොඳට ඉඳපු කොල්ලෙක්ද මම විනාශ කරලා දැම්මා ඒ අහිංසකයව. ශිට් මට මෙහෙම වෙලා මදි.” සඳලි ටැක්සියට නැගී ඇගේ නැන්දණියගේ ගෙදර යන ගමන් හිතුවා.

ඇය ශ්‍රියානි නැන්දාගෙ ගෙදර එනකොට නැන්දා ඇය එනකන් මග බලාගෙනයි හිටියේ. සඳලි ටැක්සි එකට සල්ලි දීලා බෑග් එකත් අරන් ගේට් එක ඇරියා.

“මමා….” සඳලි දුවගෙන ගිහින් ශ්‍රියානිව වැලඳ ගත්තා. සඳලි නැන්දට කතා කලේ මමා කියලා.

“මගේ රෝස මල. ඇදිලා ගිහින් හොඳටම.” ශ්‍රියානි තනිව ජීවත් උන කෙනෙක්. සඳලිගෙ අම්මා මැරුණට පස්සෙ සඳලිව උස් මහත් කලේ ශ්‍රියානි. ඒ නිසයි සඳලි නැන්දට මමා කිව්වෙ.

ශ්‍රියානි ජීවත් උනේ ඇගේ නිවසේ තනියම. සඳලිව බලාගන්න ඇය තම අයියගෙ නිවසට ගියත් සඳලි ටිකෙන් ටික උස් මහත් වෙලා තාත්තගෙ බිස්නස් සමාජයට හුරු උනාම ශ්‍රියානිගෙන් ඈත් උනා. ඒ නිසා ශ්‍රියානි ආයෙම ඇගේ නිවසට ආවා.

“සොරි මමා… මට ඔයාව මගහැරුනා. ඒකයි මෙහෙම උනේ මට. අයිම් සොරි මමා.” සඳලි ඇඬුවා.

“දැන් අඬලා වැඩක් තියෙනවද රෝස්. අපි යමු ගෙට. එන්න.” ශ්‍රියානි සඳලිව තුරුලු කරගෙනම ගෙට එක්කන් ආවා.

සඳලි හොඳට වට පිටාව බැලුවා. සඳලිගෙත් ශ්‍රියානිගෙත් ෆොටෝස් වලින් බිත්ති සැරසිලා තිබුනා. සඳලිට මතක් උනා ඒ කාලෙ. පුංචි කාලෙ ශ්‍රියානිගෙන් පුරුදු උන හොඳ පුරුදු නිසයි සඳලි පන්සල් ගියේ. ඒ දවසක තමයි ඇයට උදම් මුණ ගැහුනෙ. ඒ සම්බන්ධය වසරකට සීමා උනත් උදම් පිස්සු වැටිලා වගේ තමන්ට ආදරේ කල බව සඳලි දන්නවා.

“හ්ම්ම්ම්ම්…” සඳලි ලොකු හුස්මක් පිට කලා.

“රෝස්… මහන්සි නැදද? වොශ් එකක් අරන් ඇවිත් කාලා ගිහින් රෙස්ට් කරන්න. මම කෑම ලේස්ති කරල තියෙන්නෙ.” ශ්‍රියානි සඳලිගේ බෑග්ස් කාමරෙන් තියලා ඇවිත් ඇගේ බඳ වටා අත යවා ලං කරගෙන කිව්වා.

“ඕකේ මමා. ටිකක් නිදියන්න ඕනෙ. මහන්සියි තමා.” සඳලි කාමරේට ගියා.

____________________________________________________________________

“සමී ඇයි? මොකද උනේ?” සහස්‍රා විහංසාගෙ අතින් අල්ලන් ඇහුවා. එක පාරටම කෑම කකා ඉඳපු කෙල්ල කෑගහද්දි හැමෝම බය උනා.

“නෑ මට යුවතිව මතක් උනා. මට එයාට කෝල් එකක් දෙන්න බැරි උනා. මම කෝල් කරන්නමයි හිටියෙ. සොරි මම ඔයාලව බය කරා නේද?” විහංසා ඇස් වල කඳුලු හංගගෙන කිව්වා.

“අම්මෝ මම බය උනා.” අම්මා කිව්වෙ පපුවට අතක් තියාගෙන.

“සොරි ආන්ටි.” විහංසා කියද්දි අම්මගෙ හිතට අමුත්තක් දැනුනා. ඊයෙ උදේ අම්මා කියන්න කිව්වම සතුටු උන කෙල්ල අද ආන්ටි කියන්නෙත් අමුතුවට. මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. “අමතක උනානෙ කෙල්ලගෙ කකුලත් රිදෙනව ඇති සමහරවිට.” අන්තිමට අම්මා හිතුවා.

“හරි හරි කෑම කන්න දැන්.” අප්පච්චි කිව්වම කට්ටියම ආයෙත් කන්න ගත්තා.

සහස්‍රා වගේම මියුරංග කල්පනා ලෝකෙ ගිලිලා හිටියෙ මේ ප්‍රශ්නෙට මොකක්ද දෙන විසඳුම කියලා. මේ දෙන්නව ලං කරපු එක ගැන සහස්‍රා දහස් වතාවක් දුක් උනා.

“ශිට් අරූ මේ කෙල්ලට සඳූ කියලනෙ කතා කලේ. මට ලැජ්ජයි මේ යකා මගේ අයියා කියන්නත්.” සහස්‍රා හිතුවා. සහස්‍රා ඒකතාව ඒ වෙලාවෙ ඇද්දෙ නැත්තෙ රණ්ඩු වෙන්න බැරි නිසා. ගෙදර ගිය ගමන්ම දෙකක් කියන්න ඕනෙ කියලා සහස්‍රා හිතාගත්තා.

මියුරංග දුක් උනේ යුවතිට කැමති නෑ කියලා කියන්න මේ තරම් පහු වෙන්න උන එක ගැන. ඒත් ඔහුට ඕනෙ උනේ නෑ විහංසාගෙ හිත රිද්දන්න. මියුරංග හොඳටම දන්නවනෙ යුවති දුක් උනොත් විහංසා අනිවාර්යයෙන් ම දුක් වෙන බව.

“ඒත් අයියා හිතන්නෙ මේ කෙල්ල සඳලි කියලා. අපරාදෙ මට තිබුනා අයියට කියලා දෙන්න මේ කෙල්ල අහිංසක බව. ඔක්කොමත් හරි මේ යකා කෙල්ලට මූණටම සඳූ කියනවනෙ. මේ හරකිට අහන්න බැරිද කවුද සඳූ කියලා. දෝණි දෝණි ගගා ඉඳලා එක පාරම සඳූ කිව්වෙ මිනිහා අමතක කරන්න ට්‍රයි කරත් සඳලිව අමතක කරන්න බැරි නිසා වෙන්න ඇති. මොකද්ද මේකට කරන්නෙ.” මියුරංග හිතුවා.

මියුරංග කාලා ඉක්මණින් ෆෝන් එකත් අරන් එලියට ගියේ යුවති එක්ක කතා කරලා හොඳින් මේ ප්‍රශ්නෙ විසඳගන්න බලන්න. සහස්‍රා කාලා ඉවර වෙලත් අත ගගා හිටියෙ විහංසා තාම කන නිසා. විහංසා කනවට වඩා අත ගානවා.

“කාපංකො ඉක්මණට.” සහස්‍රා අත මේසය යටට යවලා කාටත් නොපෙනෙන්න විහංසාගෙ ඉණ කොනිත්තමින් කිව්වා. විහංසා ලාවට හිනාවෙලා අත සෝදගත්තා.

“මට ඇති.” විහංසා හෙමිහිට කිව්වා.

“ඔය කෑව හැටිද බං. මෙහෙ වරෙන් යන්න.” සහස්‍රා විහංසාගෙ අතින් අල්ලගෙන එලියට ගියා.

උදම් විහංසාලා නැගිටලා යනවා වත් දන්නෙ නෑ. ඔහු කල්පනා කලේ විහංසාගෙ මේ තරම් වෙනසක් උනේ කොහොමද කියලා. “අවුරුදු හතක් ගෙවිලත් මට ඒ ආදරේ අමතක කරන්න බෑනෙ. සඳලි මොනවා කරනව ඇතිද? පව් අහිංසකී දුක් විඳිනවා ඇති මාව දකින්නෙවත් නැතුව.” උදම් හිටියෙ සඳලිගෙ ලෝකෙ. කාලෙකට පස්සෙ උදම් ආයෙත් සඳලි එක්ක ඉඳපු කෙනා වෙලා.

පොඩි කාලෙ ඉඳන් උදම් ආගමට දහමට ලැදි හොඳ ගුණවත් ලමයෙක්. පන්සලේදිමයි ඔහු සඳලිව දකින්නෙ. ඒත් ඔහු වෙනස් උනා සඳලි නිසා. සඳලි නිසා අමුතු ගති පැවතුම් ඇති උනත් ඇය කසාද බැඳලා ගියාට පස්සෙ ඔහු ආයෙත් ආගමට දහමට යොමු උනා. ඒ අතරෙදි ආයෙත් අවුරුදු නවයකට කලින් සඳලිව දැක්කා වගේම මීට අවුරුදු තුනකට කලින් විහංසාව දකිද්දි උදම්ට හිතුනෙ ඒ සඳලිමයි කියලා. ඒ හැඟීම නිසාම ඔහු විහංසාව තමන්ගෙ කරගන්න හිතුවා.

උදම්ගෙ හිත කිව්වෙම විහංසා තුල ඉන්නෙත් සඳලිමයි කියලා. ඔහු විහංසාට ආදරේ කලා. සඳලිගෙ රුව ගත් මේ කෙල්ල තමන්ගෙ කරගන්න ඕනෙ කියලා හැමවෙලාවෙම ඔහුගෙ හිත කිව්වා. මේ වෙලාවෙ උදම්ගෙ හිතත් විහංසා සහ සඳලි අතරෙ දෝලනය වෙමින් තිබුනෙ. ඔහුට ඕන උනේ විහංසා සඳලි වගේ කරගන්න.

ආයෙත් හමුවෙමු.

උදම් හොඳ ලමයෙක් හරිද? 😊😊😊 බැනගෙන එහෙම එන්න එපා. කොටනවා සෙනිකව. 🔪🔪🔪🔪
සඳලි තමයි උදම්ව නරක් කලේ 😡😡😡😡.. නැට්ටිච්චි😂😂😂🔫🔫

මම හිතනවා මේක ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන එකක් නෑ කියලා. මගෙ හිතේ තියන විදියට මම කතාව ලියන්නෙ. ඔයාලට හිතෙනවද මේක හරියන එකක් නෑ කියලා??????

දිගටම රැඳෙන්න කතාවත් එක්ක.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *