මා නොවේ ඈ නුඹේ 28 කොටස

“සුදු අයියා ලොකු වැඩකටද එලියට ආවෙ?” සහස්‍රා මියුරංගගෙන් ඇහුවෙ විහංසා ලඟින්ම ඉඳගෙන.

“නෑ මම යුවතිට කෝල් එකක් ගන්න ආවෙ. ඒත් වේටින්. මම නොකියා හිටියට පෙරේදා ඉඳන්ම එයාට කෝල්ස් ගන්න බෑ හැම වෙලාවෙම ලයින් බිසී.” මියුරංග කියද්දි විහංසා ඇස් පුංචි කරලා බැලුවෙ යුවතිට කවුද ඔය තරමටම කෝල් කරන්නෙ කියලා හිතමින්. මොකද ඊයෙ ඉඳන් විහංසා කෝල් ගන්න හදපු හැම වෙලාවකම යුවතිගෙ නම්බර් බිසී.

“හ්ම්ම්… මම හිතුවෙ ඔයා එක්ක කතා කරනවා කියලා. මාත් ගන්න ට්‍රයි කරා බැරි උනා. මට කතා කලෙත් දවස් තුනටම දෙපාරයි. එදා එද්දි ගත්තා විතරයි. මොකද මන්දා. හැබැයි තාත්තා කිව්වා එයාට ගත්තා කියලා.” විහංසා මතක් කරලා කිව්වා.

“හ්ම්ම්.. ඒකත් බලමුකො එහෙනම් ගෙදර ගියාම. අයියෝ මගෙ නම් ඔලුවත් එක්ක අවුල් වෙලා හලෝ තියෙන්නෙ. ශික්.” සහස්‍රා නලල දෙපස මිරිකා ගෙන කිව්වා.

“ඉක්මණටම හැමදේම විසඳෙනව නම් හොඳයි.” විහංසාට නොදැනුවත්වම කියවුනා.

“මාත් හිතනවා.” මියුරංගගෙ නම් හිත කිව්වෙම යුවති වෙන කොල්ලෙක් සෙට් කරගෙන කියලා. එහෙම උනොත් අයියට තේරුම් කරලා දීලා විහංසාට ලං වෙන්න පුලුවන් කියලා මියුරංග හිතුවා.

“යන්නෙ නැද්ද අනේ. මගෙ ඔලුවත් කකියනවා. මදැයි ට්‍රිප් එකක් ආවා. හිතේ තිබුන නිදහස නැති උනා විතරයි.” විහංසා ඉස්සරහා සීට් එකට හිස තියාගෙන කිව්වා.

“පිටිපස්සෙ සීට් එකට යන්න විහංසා. නංගි වාඩි වෙනවා විහංසා ලඟින්. දැන් අයියා එයි.” මියුරංග සැරෙන් කියලා ආයෙත් කඩේ ඇතුලට ගියා.

“අප්පෝ එයාගෙ ගෙම්බර් එක. වරෙන් බං පස්සට යමු. නැත්නම් අර රාස්සයා ඇවිත් උඹව අල්ලලා ගිලියි.” සහස්‍රාට තරහයි උදම් එක්ක.

“කවදාවත් මම හිතුවෙ නෑ මගේ ලොකු අයියා මේ වගේ කෙනෙක් වෙයි කියලා.” සහස්‍රා කණගාටුවෙන් කියද්දි විහංසාටත් දුකයි.

“සහස්‍රා….” විහංසා එක පාරටම කෙලින් වෙලා සහස්‍රා දිහාට හැරුනා.

“ඇයි සමී මොකද මේ? නින්ද ගියාද මේ ඩිංගට.” සහස්‍රා හිතුවෙ විහංසා හීනෙන් බය උනා කියලා.

“ඔයාට මතකද උදම් අයියගෙ ඇස් දෙක ගැන කිව්වා අර සුනේත්‍රා ආන්ටි?” විහංසා ඇහුවෙ ඊයෙ උන සිදුවීම ටිකක් වෙනස් නිසා.

“ඔව් ඉතිං….” සහස්‍රාට ඒකෙ වෙනසක් දැනුනෙ නෑ.

“මට මොකක්ද අමුත්‍තක් දැනෙනවා සහස්‍රා..” විහංසා කතා කලේ මොකක් හරි මතක් කරන්න උත්සාහ කරමින්.

“ඒ කියන්නෙ?” සහස්‍රා බය උනා මේ කෙල්ලට පිස්සු හැදෙන්න යනවද කියලා.

“දන්නෙ නෑ. ඒත් මොකක් හරි අපිට නොතේරෙන දෙයක් තියෙනවා.”

“ඔයා ඕවා හිතන්න එපා. ප්ලීස් අනේ සමී.” සහස්‍රා විහංසාව වැළඳගෙන කිව්වේ අඬන්න වගේ.

“නෑ සහස්‍රා මම ආයෙ එයා ගැන හිතන්න මහන්සි වෙන්නෙ නෑ.” විහංසා එහෙම කියලා සද්ද නැතුව හිටියා.

“විහංසා…” මියුරංග ඇවිත් දොර ඇරලා විහංසා ඉඳපු සීට් එකට ඉස්සරහා සීට් එකේ ඉඳගත්තා.

“ඇයි අහස් අයියේ.”

“මාර වැඩක් වෙලා තියෙන්නෙ.”

“මොකද්ද?” සහස්‍රා ඇහුවෙ විහංසා මීට ටිකකට කලින් කියපු දේ ගැන හිත හිත තෝන්තුවෙන් වගේ.

“මොකද නංගී… බබා…. ඇයි?”

“නෑ නෑ මම වෙන කල්පනාවක හිටියේ. මොකද්ද වෙලා තියෙන්නෙ දැන්. අනේ මන්දා මට පිස්සු වගේ දැන් නම්.”

“ලොකු අයියා අපේම අයියා නෙමෙයිලු.” මියුරංග කියද්දි සහස්‍රාට දැනුනෙ මුලු ලෝකෙම කැරකෙනවා වගේ. ඒ එක්කම හැමදෙයක්ම කලුවර උනා.

“බබා…. බබා… මොකද උනේ…” මියුරංග සහස්‍රාගෙ මූණට තට්ටු කරමින් කතා කලා. විහංසාත් බය වෙලා කතා කලා.

“සහස්‍රා.. අනේ නැගිටින්නකෝ… අහස් අයියේ අර වතුර එක ගන්න. ටක් ගාලා…” විහංසා මියුරංග අරන් දුන්න වතුර බෝතලෙන් වතුර ටිකක් අතට අරන් සහස්‍රාගෙ මූණෙ ගාලා වතුර ටිකක් පෙව්වා.

සහස්‍රා හෙමිහිට ඇස් ඇරලා මියුරංග දිහා බලන් ඉඳලා විහංසාට තුරුල් වෙලා අඬන්න ගත්තා.

“සුදු අයියේ මට නිකමට හිතුනා එයා අපේ කෙනෙක් නෙමෙයි කියලා. මෙච්චර වෙලා හිතුවා මාත්. මම දැන් විහංසාටත් කිව්වා මට පුදුමයි එයා මගේ අයියා උන එක කියලා. ඒත් ඒක කොහොමද උනේ සුදු අයියේ.” සහස්‍රා අඬ අඬ ඇහුවා.

“මම ඒ මුකුත් දන්නෙ නෑ නංගී. ඒත් මට යන්තන් ඇහුනා විතරයි. මාව දැක්ක ගමන් එයාලා කතාව නැවැත්තුවා.” මියුරංග කණගාටුවෙන් කිව්වා.

“සහස්‍රා මම දැන් ටිකකට කලින් කිව්වෙ මතකද?” විහංසා කිව්වෙ සුනේත්‍රා ආන්ටිගෙ හැසීරීම ගැන.

“ඔව් මෙයා මේ කිව්වා විතරයි ලොකු අයියගෙ ඇස් ගැන සුනේත්‍රා ආන්ටි කියපු කතාව.” සහස්‍රාත් මතක් කරා.

“මටත් හිතුනා ඒ වෙලාවෙ සමහරවිට අයියා එයාලගෙ කෙනෙක්ද දන්නෙ නෑ.” මියුරංගත් කිව්වා.

“යමු නේද කට්ටිය? මොකද මේ තුන් කට්ටුව පැත්තකට වෙලා.” අප්පච්චි ඇහුවෙ නළල රැළි කරලා. ඔහුට සැක හිතුනා කතා කර කර ඉඳපු දේවල් මියුරංගට ඇහුනාවත්ද කියලා.

“නෑ අප්පච්චි අපි මේ යුවති ගැන කතා කලේ.” මියුරංග කිව්වා.

“ඇයි යුවතිට මොකද?” අම්මා ඇහුවා.

“නෑ එයා ෆෝන් ආන්සර් කරන්නෙ නෑ අම්මා.” මියුරංග අප්සට් එකෙන් කිව්වා.

“මැට්ටී කඳුලු පිහිදාගන්නවා.” විහංසා රහසින් කියලා සහස්‍රාට ඇන්නා. වෙලාවට අම්මලා දැක්කෙ නෑ.

“හා හා යමු. ලොකු පුතා වාහනේ ගන්න.” අප්පච්චි එහෙම කියලා ඉස්සරහා සීට් එකට නැග්ගා.

“දැන් කොහෙද අප්පච්චි යන්නෙ?” මියුරංග ඇහුවෙ ටික දුරක් එද්දි. කොහෙ හරි ගියා නම් ටිකක් හිත නිදහස් වෙයි කියලා දැනුනු නිසා.

“ම්ම්ම්… යමු තියෙනවා මරු පොට් එකක්. ලොකු පුතා ඉස්සරහින් දකුණට හරවලා යමු.” අප්පච්චි හිනාවෙවී කිව්වා.

____________________________________________________________________

“හෙලෝ.. මිස්ටර් උදම් සේනාධීරට කතා කරන්න පුලුවන්ද?” සඳලි ශ්‍රියානි දුන්න උදම්ගෙ කාර් සේල් එකේ නම්බර් එකට කෝල් එකක් ගත්තේ හවස් වෙලා.

“සොරි මිස්. සර් මේ දවස් වල කලම්බු නෑ. කවුද මේ කතා කරන්නෙ?” උදම්ගෙ ඇසිස්ටන් කිව්වා.

“ඕකේ.. එතකොට මිස්ටර් සේනාධීර එන්නෙ කවදටද?”

“දවසක් නම් කිව්වෙ නෑ මිස්. වෙහිකල් එකක් බලන්න නම් එනි ටයිම් එන්න මිස් සර් ඕනෙ නෑ.”

“නෝ නෝ… මට මිස්ටර් සේනාධීරව කන්ටැක් කරගන්නයි ඕනෙ.”

“එහෙනම් මිස් තව දවස් දෙක තුනකින් ගන්නවද? සම්ටයිම් සර් ඒ වෙද්දි ඇවිත් ඉඳියි.”

“ඕකේ… අයිල් කෝල් යූ. තෑන්ක් යූ.” සඳලි කෝල් එක කට් කරලා හිතුවෙ හැකි ඉක්මණින් උදම්ව මුණ ගැහෙන්න ඕනෙ කියලා.

“හ්ම්ම්ම්… මමා කියන විදියට ඔයා තාම මැරි කරල නම් නෑ. ඒත් මේ වෙද්දි වෙන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියොත් තමයි අවුල. වට් කැන් අයි ඩූ…” සඳලි තනියම කියෙව්වා.

“රෝස්… මොකද පුතේ?” ශ්‍රියානි සඳලිගෙ කාමරේට ඇවිත් ඇගේ ලඟින් ඉඳගත්තා.

“මමා… උදම් සේල් එකේ නෑ.” සඳලි ඇස් වල කඳුලු පුරවගෙන ශ්‍රියානිට තුරුල් උනා.

“එයාට ඔයා ආදරෙයිද?” ශ්‍රියානි ඇහුවෙ සඳලි ගැන හොඳටම දන්න නිසා.

“මම හිතන්නේ….. ඔව් වෙන්න ඇති මමා. ඒත් තාම ශුවර් නෑ.” සඳලි කල්පනා කර කර කිව්වා.

“බබා…. ඔයා තාමත් උදම්ට ආදරේ නෑ. ඔයා හිතන්න ඔයාටම ශුවර් නෑනෙ ඒක. ආයෙත් ඒ දරුවගෙ ජීවිතේ විනාශ කරන්න එපා ලමයා.” ශ්‍රියානි තරහෙන් කියලා නැගිට්ටා.

“මමා….” සඳලි අතින් අල්ලගත්තත් ඒ අත ගසා දාලා ශ්‍රියානි ගියා.

“ඔයා මුලින්ම ඔයාට අවංක වෙන්න ලමයා. එහෙම නැතුව ආයෙම ඒ දරුවගෙ හිත කඩන්න එපා.” ශ්‍රියානි දොර ලඟට ගිහින් හැරිලා එහෙම කියලා කාමරෙන් එලියටම ගියා.

“ඕහ්හ්… ගෝඩ්… මට ඇයි හිතන්න බැරි. ශෙට්… කොහොම හරි උදම්ව මගෙ ලඟට ගන්න ඕනෙ. නැත්නම් මම කොහොමද ජීවත් වෙන්නෙ. සිද්ධ උන දේවල් එක්ක මට වෙන කෙනෙක්ව මැරි කරන්නත් බෑ” සඳලි තම හිසට ගහගත්‍තා.

“උදම් හොඳයි ඒත්…. අනේ මන්දා…” සඳලි කල්පනා කලා.

____________________________________________________________________

කොල්ලො එක්ක කොච්චරවත් කතා කරන විහිලු කරන යුවතිට මියුරංග ලඟදි අපහසුතාවයක් දැනුනෙ ඇයි කියලා ඇය තාම හිතනවා. ඒක ආදරේ නිසා දැනෙනවා කියලයි යුවති කලින් හිතන් හිටියෙ.

“එළියට යන්න තිබුන නම් හොඳයි. ඒත් දෝණිත් නෑනෙ.” යුවති හිතුවා.

ඒ එක්කමයි යුවතිගෙ ෆෝන් එක රින්ග් උනේ.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *