මා නොවේ ඈ නුඹේ 32 කොටස

“අක්කා…” යුවති ඇඳ උඩින් ඉඳගත්තෙ විහංසාට ඇගේ කතාව කියන්න.

“කියන්න… මම අහන් ඉන්නෙ.” විහංසා යුවතිගෙ හිස අත ගාලා කිව්වා.

“චමත් කියලා මගේ යාලුවෙක් ඉන්නවා. ඔයාට මතකද දන්නෙ නෑ ඉස්සර මම කියනවා.”

“මට ඒ තරම් මතකයක් නෑ චූටි. හරි ඉතින් කියන්නකො.”

“එදා ඔයාලා ගිය දවසෙ රෑ මම එෆ් බී එකට ගියා. ගොඩක් දවසකින්නෙ. කම්මැලිත් නිසා ගියා. එදා මට රික්වෙස්ට් වගයක් ඇවිත් තිබිලා මම බල බල කන්ෆර්ම් කලෙත්. කන්ෆර්ම් කරා විතරයි චමත්ගෙන් මැසේජ් එකක් ආවා කොහොමද යුවී අපිව මතකද අහලා.” යුවති කියන හැමදේම විහංසා අහන් හිටියෙ හොඳ අවධානයෙන්.

“මට ඉතින් අමතක නෑනෙ. මම ඔව් කිව්වා. ටිකක් චැට් කර කර ඉඳලා එදා නිදාගත්තා මම. පහුවෙනිදා උදේම මම එෆ් බී එකට ගියේ එයාගෙන් මැසේජ් තියෙද බලන්න. එයා මැසේජ් එකක් දාලා තිබුනා නම්බර් එක දෙන්න හැමවෙලාවෙම ඔන්ලයින් එන්නෙ නෑනෙ කියලා. මාත් ඉතින් මගේ යාලුවෙක් නිසා නම්බර් එක දුන්නා. ඊට පස්සෙ එයා කෝල් එකක් ගත්තා මට. අපි ගොඩක් වෙලා කතා කලා. ගොඩක් වෙලා කතා කරපු නිසා මට ඔයාටවත් මියුරංග අයියටවත් ගන්න හිතුනෙත් නෑ. ඔයාලා ඉතින් ට්‍රිප් එක එන්ජෝයි කරනවනෙ.”

“පහුවෙනිදා මට කම්මැලිකම නිසා මම හිත හිත හිටියෙ කොහේ හරි ගියා නම් හොඳයි කියලා.”

“ඉතිං….” විහංසා හිතුවෙ යුවති චමත්ට කතා කරන් එලියට යන්න ඇති කියලා. එහෙම වෙලා නම් හොඳ දෙකක් කියන්න හිතාගෙනයි විහංසා කතා කලේ.

“ඇයි ඉතිං තරහෙන් කතා කරන්නෙ.” යුවති මූණත් ඇඹුල් කරන් විහංසාගෙ උකුලෙන් හිස තියා ගත්තා.

“හා හා තරහා නෑ. කියන්නකො ඉතින් ඉතුරු ටික.”

“මම එහෙම හිතනකොටම චමත්ගෙන් කෝල් එකක් ආවා. මම සාමාන්‍ය විදියට කතා කලා. එයා ඇහුවා මීට් වෙමුද කියලා. මම හා කිව්වා මාත් ඒකම හිත හිත ඉඳපු නිසා. අපි බීච් යන්න ඩිසයිඩ් කලා. ඊට පස්සෙ මම ෆැෂනබල් සයිට් එක ලඟට ගියා එයාව මීට් වෙන්න. එයා මාව දැකපු ගමන් ලඟට ඇවිත් මාව හග් කලා. මට ඒ වෙලාවෙ මොකද්දෝ දෙයක් දැනුනා අක්කා. මම ඒක ගනන් නොගෙන හිටියා. පස්සෙ මගේ කාර් එක පාර්ක් කරලා එයාගෙ කාර් එකේ බීච් ගියා. මම ගොඩක් සතුටින් හිටියෙ අක්කා. මම එයාට මගේ ප්‍රපෝසල් එක ගැන කිව්වා.” යුවති එතනින් කතාව ටිකක් නැවැත්තුවා.

“ඊට පස්සෙ?” විහංසා ඇහුවෙ නොඉවසිල්ලෙන්.

“දෝණි… මම ඇත්තම කියන්න ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ නේද?” යුවති ඇයට අත්ල දිගු කලා.

“හරි බබා කියල ඉන්නකො මොකද උනේ කියලා.” විහංසා යුවතිගෙ අත්ල උඩින් අත තියලා කිව්වා.

“මම මෙච්චර දවසක් හිතන් හිටියෙ මියුරංග ලස්සන නිසා එයාගෙයි අපෙයි ෆැමිලි වලිනුත් කැමති නිසා මම එයාට ආදරෙයි කියලා. ඒත් ඊයෙ චමත් මට ආදරේ කියන්නෙ මොකද්ද කියලා කියලා දුන්නා. මට දැනෙනවා මම චමත්ට ආදරෙයි. එයා මගේ අතින් අල්ලද්දි දැනුන හැඟීම මට එදා මියුරංග අයියා මගේ අතින් අල්ලද්දි දැනුනෙ නෑ. සත්තයි. මම මේ රැවටිලා නෙමෙයි අක්කා.” යුවති විහංසාගෙ අත බදාගෙන ඇඬුවා.

“ඔයා බීච් එකේදි උන දේ මට කිව්වෙ නෑ චූටි.” විහංසා නිවුනු හඬින්ම කිව්වා.

යුවති ඉතුරු ටිකත් කියලා විහංසාගෙ මූණ දිහා බැලුවා.

“අක්කා මොනව හරි කියන්නකො. මම කියන්නෙ බොරු නෙමෙයි නේද? ඒ මට දැනුනෙ ආදරේ නේද? මම මේ කතා කරාට තාමත් බලන් ඉන්නවා චමත් කෝල් කරනකන්. ඒක නේද අක්කා ආදරේ කියන්නෙ. මට එයාව ඕනෙ කියලා දැනෙනවා අක්කා. ප්ලීස් මියුරංග අයියට තේරුම් කරන්න අක්කා. එයාට කියන්න මේ ප්‍රපෝසල් එක නවත්තන්න කියලා.” යුවති අඬා වැටුනත් විහංසා පිළිමයක් වගේ නිහඬව නොසෙල්වී හිටියා.

“මම මොන අපරාදයක්ද කරන්න ගියේ.” විහංසා හිතුවෙ එච්චරයි. මියුරංග යුවතිට ආදරේ නැතිබ්බව දැන දැනත් තමන් මියුරංග යුවතිට ලං කරන්න උත්සාහ කල බව විහංසා දන්නවා. යුවති මේ ටික කියන්න පරක්කු උනා නම් අපරාදෙ ජීවිත කීයක් මේ ප්‍රශ්නෙන් විඳවනවද කියලා ඇය හිතුවා.

“මම අයියට කියන්නම් චූටි. ඒත් ඔයාට විශ්වාසද ඔයා චමත්ට ආදරෙයි කියලා.” විහංසා ඇහුවෙ යුවතිගෙ ඇස් දිහාම බලාගෙන.

“ඔව් අක්කා… විශ්වාසයි.”

“ඔයා හිතනවද ඔයාගෙ සතුට තියෙන්නෙ චමත් ලඟ කියලා.”

“හිතනවා නෙමෙයි දෝණි මට ඒක විශ්වාසයි.” යුවති කියද්දි විහංසාගෙ මූණෙ අපූරු හිනාවක් මැවුනා.

“එහෙනම් කවුරු මේකට මැදිහත් නොවුනත් මම එනවා. මොකද මට වටින්නෙ මගෙ චූටිගෙ හිනාව විතරමයි.” විහංසා යුවතිව තුරුල් කරන් කිව්වා.

“තෑන්ක් යූ මගෙ අක්කා. තෑන්ක් යූ සෝ මච්.” යුවති ඇස් පියාගෙන කිව්වා.

____________________________________________________________________

“සුදු අයියා….” සහස්‍රා හෙමිහිට මියුරංගගෙ කාමරේට ආවෙ ටිකක් කතා කරන්න.

“ම්ම්ම්….” මියුරංග හිටියෙ ඇඳට වෙලා කල්පනා කර කර.

“මොකද්ද මේ ලොකු අයියගෙ කතාව?” සහස්‍රා කතා කලේ හිමින්.

“මන්දා… මොනව උනත් එයා අපි දෙන්නගෙ අයියා. එයා කවදාවත් පිට කෙනෙක් නෙමෙයි.” මියුරංග කියද්දි සහස්‍රාත් ඒක අනුමත කරන්න හිස සෙලෙව්වා.

“සුදු අයියා… එයා දන්නවා එයා පිට කෙනෙක් කියලා. එහෙම වෙලත් එයා අපිට ගොඩක් ආදරෙයිනෙ. අපි වගේම. සමහර වෙලාවට අපි එයාට ආදරේ තරමටත් වඩා එයා අපි දෙන්නට ආදරෙයි.”

“අම්මයි අප්පච්චියි උනත් එයාට වැඩියෙන් ආදරෙයිනෙ. ඒක නෙමෙයි විහංසා කතා කරාද?” මියුරංග ඇහුවෙ එනකොට අයියා විහංසාට කතා කරනවා දැකපු නිසා.

“නෑ ගන්න උනේ නෑ. ලොකු අයියා කතා කරා නේද එයා එක්ක.” සහස්‍රාත් ඇහුවා.

“හ්ම්ම්… සමහරවිට එයා හිත හදාගෙන විහංසාට ආදරේ කරයි. එහෙම උනොත් හොඳයි නේද?”

“ඔව් ඒක ඇත්ත. ඒත් එක අවුරුද්දක ආදරයක් අවුරුදු හතක් මතක තියන් ඉන්නවා කියන්නෙ ඔයා හිතනවද එයාට සඳලිව අමතක කරලා එක හිතින් අපේ කෙල්ලට ලං වෙන්න ලේසියෙන් කිට්ටු වෙන්න පුලුවන් වෙයි කියලා.”

“නෑ මම දන්නවා එහෙම අමාරුයි කියලා. බලමු අපි.” මියුරංග කිව්වම සහස්‍රා හිනාවෙලා කාමරෙන් ගියා.

උදම් නම් ආව ගමන්ම කට්ටියව ගෙදරට බස්සලා එයාගෙ ගෙදර ගියා.

“මට සඳූව අමතක කරන්න බෑ. එයා මොනව කරනව ඇතිද. අකමැත්තෙන් ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද. අනේ මන්දා.” උදම් හිතුවා. උදම් සේල් එකට කෝල් එකක් ගත්තෙ හදිසි කෝල් එහෙම තියෙනවද බලන්න.

“හෙලෝ රදීෂ් මම කලම්බු ඇවිත් ඉන්නෙ. කවුරු හරි කෝල් කරාද?”

“කවුද ශ්‍රියානි කියල කෙනෙක්ගෙ අපොයිමන්ට් එකක් තියෙනවා. ඔයා ආව ගමන්ම කෝල් එකක් දෙන්න කියලා මෙහෙට කියල තිබුනා.”

“නම්බර් එක එවපං බලන්න. අර නිවාසෙ මැඩම්ද දන්නෙ නෑ.” උදම් හිතුවෙ අනාථ නිවාසෙ මැඩම් කියලා.

නම්බර් එක ආව ගමන් උදම් ඒකට කෝල් එකක් ගත්තා.

“හෙලෝ..” එහා පැත්තෙන් ටිකක් වයසක කටහඬක් ඇහුනෙ.

“හෙලෝ මිස් ශ්‍රියානි?”

“ඔව් කතා කරනවා.”

“මම උදම් සේනාධීර. මිස් මට අපොයිමන්ට් එකක් දාලා තියෙනවා. මේ සුපිපි නිවාසෙ මැඩම්ද?”

“නෑ නෑ පුතා.. මට ඔයාව ඉක්මණටම මීට් වෙන්න ඕනෙ. මේ දැන් පුලුවන්ද?” ශ්‍රියානි හිටියෙ පාරෙ නිසා ඇයට දැන්ම මුණ ගැහෙන්න ඕනෙ උනා.

“ම්ම්ම්… හරි දැන් සේල් එකට එන්න පුලුවන්ද එහෙනම්.” උදම් ඇහුවෙ මෙච්චර හදිස්සියෙ තමන්ව හම්බ වෙන්න එන්න හදන්නෙ කවුද කියලා හිතමින්.

“මම එන්නම් පුතා. මට පැය බාගයක් දෙන්න මම එන්නම්.” ශ්‍රියානි ටැක්සි එකකට අත දාන ගමන් කිව්වා.

“හරි එහෙනම් එන්න. මම දැන් සේල් එකට එන්නම්.” උදම් කෝල් එක කට් කරා.

“ලොකු දෙයක් අදම මේ ලමයව හම්බවෙන එක. රෝස් දන්නෙ නැතුවත් ඇති මෙයා ඇවිත් බව. වෙලාවට පාරෙදි හම්බ උනේ.” ශ්‍රියානි හිතුවා.

“කවුද මේ? පුතා කියලනෙ කිව්වෙ? ශ්‍රියානි කියන්නෙ කවුද මට මතකයක් නෑනෙ.” උදම් සේල් එකට යනකන්ම කල්පනා කලේ ඒක.

උදම් වොශ් එකක් දාගෙන එහෙම සේල් එකට යද්දි ශ්‍රියානි ඇවිත් හිටියා.

“හෙලෝ… මිස් ශ්‍රියානි?” උදම් ශ්‍රියානි ලඟට ගිහින් කතා කලා.

ශ්‍රියානි හිනාවෙලා ඔව් කිව්වා.

“කැබින් එකට එන්න මිස්.” උදම් එහෙම කියලා කෙලින්ම ගියා කැබින් එකට.

“කියන්න මිස්. මොකද්ද කාරණේ.” උදම් ටික වෙලාවක් බලන් ඉඳලා ඇහුවා.

“පුතා මම ශ්‍රියානි.. අවුරුදු හතකට කලින් ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් සඳලි කියන්නෙ මගෙ අයියගෙ දුව. එයා ලැබෙද්දිම එයාගෙ අම්මා නැති උනා. ඊට පස්සෙ මමයි එයාව හදාගත්තෙ. මගෙ අයියට ගොඩක් සල්ලි තිබුනා. එයා ගැන ඔයත් දන්නව ඇතිනෙ. කාලෙත් එක්ක සඳලි ලොකු වෙද්දි එයාට මගේ සරල ගති පැවතුම් හරි ගියේ නෑ. පොඩි කාලෙ මගේ විදියට හැදුන කෙල්ල පස්සෙ පස්සෙ තාත්තගෙ බිස්නස් සොසයිටි එකට ගැලපෙන විදියට තමයි ජීවත් උනේ. එයා මැරි කරපු තරූෂ එක්ක එයා යාලු උනේ එයාට අවුරුදු දහසයෙදි. ඒ කියන්නෙ මීට අවුරුදු දහ තුනකට කලින්. තරූෂ කියන්නෙ මගෙ අයියගෙ බිස්නස් පාට්නර්ගෙ පුතා. මේ දෙන්නව ලං කරන්නෙත් මගෙ අයියයි තරූෂගෙ තාත්‍තයි……” සඳලි උදම්ව රවට්ටපු විස්තරය සේරම ශ්‍රියානි උදම්ට කියනවා. උදම් බොහොම හොඳට ඇහුම්කන් දුන්නා.

ඔහුගෙ හිත ඇතුලෙ තමන් ගැන මහා ආත්මානුකම්පාවක් ඇති උනත් සඳලි ගැන පුංචියටවත් තරහක් ඇති උනේ නෑ.

“ආන්ටි මට එක දෙයක් අහන්න පුලුවන්ද?” ශ්‍රියානි අතීත කතාව කියලා ඉවර වෙලා ඉද්දි උදම් ඇහුවා.

“අහන්න පුතා.”

“අවුරුදු හතකට පස්සෙ ඇයි ආන්ටි මාව මෙහෙම හම්බවෙන්න ආවෙ?” උදම් ඇහුවා.

ආයෙත් හමුවෙමු.

මගේ නිර්මාණ ආදරෙන් රස විඳින ඔබ සියලු දෙනා තමයි මගේ එකම වත්කම.❤️ අපිට කතා ලියලා ෆේස් බුක් දාන එකෙන් ලැබෙන කිසිම ආදායමක් නෑ. ඔයාලා කතාව බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මේ නිර්මාණ වලින් අපට ලැබෙන එකම ආදායම ඒක. ❤️❤️❤️

ඒ වගේම මේ වෙද්දි මගේ කතා වලට ගෲප් කිහිපයක අසභ්‍ය කමෙන්ට් දාලා තිබුනා. 😡😡 ඒවා කරන කොන්දක් නැති අයට මේ කියන්නෙ. ඒවගේ පොඩි දේවල් වලින් නම් මාව කීයටවත් වට්ටන්න බෑ. 😂🔫මම කතා ලියන්නෙ කාගෙන්වත් ගත්ත හැකියාවකින් නෙමෙයි. මේක මගේ උපතින් ලැබුන හැකියාව. ඒක නැති කරන්න ඔය වගේ කෙලින් කොන්දක් නැති සහ නියම අම්මෙක් තාත්තෙක්ගෙන් ජාතක නොවුන අයට කවදාවත්ම බෑ. එයාලා ගැන මට තියෙන්නෙ අනුකම්පාවක් විතරයි. 😂😂

විශේෂම දේ තමයි අද කතාව ලියන්න තරම් හිතේ ෆිට් එකක් තිබුනෙ නෑ. ඒත් උදේ පාන්දරම අර අවජාතකයගෙ කමෙන්ට් ටික දැක්කම නෑ ලියනවාමයි කියලා හිතාගෙන කතාව ටයිප් කලා. වෙලාවකට ඒ කමෙන්ට් එක ආව එකත් හොඳයි කියලා හිතුනා.😂😂😂😂😂

මාත් එක්ක රැඳෙන මගේ නිර්මාණ රස විඳින පිරිසක් ඉන්නවා. අන්න ඒ අයට විතරයි මම නිර්මාණ ඉදිරිපත් කරන්නෙ.❤️❤️❤️

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *