මා නොවේ ඈ නුඹේ 45 කොටස

“මගෙ දූ මොකද මේ අඬන්නෙ? අනික ඇයි පුතේ මේ සමාව ගන්නෙ?” වන්දනා ඇහුවෙ හිතට අමුත්තක් දැනෙද්දි.

“මුකුත් නෑ අම්මා. මම නිසා අම්මලත් දුකෙන්නෙ. ඒකයි.” යුවති කඳුලු පිහිදාගෙන කිව්වා.

“හ්ම්ම්… කමක් නෑ කෝ දැන් හිනා වෙලා ඉන්න. යමු පහළට. ආ ඔයා ටික දවසකින් ගියේ නෑනෙ දෝණිලගෙ ගෙදර. අද හවසට ගිහින් රෑ ඉඳලා එන්න.” වන්දනා කිව්වෙ වැඩි හොඳට.

“මට යන්න බෑ වගේ අම්මා. අනික දැන් එයාට කෝල්ස් එහෙමත් එනවනෙ. මම ඉන්නකොට ඩිස්ටර්බ් වෙයි.” යුවති කිව්වෙ නොගිහින් ඉන්න ඕන නිසා ගැලවීමට උනත් වන්දනාට හිතුනෙ යුවති දුකෙන් ඉන්නෙ මියුරංග විහංසා එක්ක එකතු උන නිසා කියලා.

“එහෙනම් ඔයාගෙ අනිත් යාලුවො එක්ක ෆිල්ම් එකකට යන්න. මම දැක්කා අලුත් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා.” වන්දනා එක එක කතා කිව්වෙ යුවතිගෙ මූඩ් එක හදන්න ඕනෙ නිසා.

“මට කම්මැලියි අම්මා. ආ ඒක නෙමෙයි අපි සතියකට විතර ගමේ යමු??” යුවති කතා කලේ වන්දනාගෙ මහ ගෙදර යන්න. වන්දනාගෙ ගම මාතලේ.

“තාත්තගෙ වැඩත් එක්ක යන්න බෑනෙ පුතේ. ම්ම්ම්… මං කියන්නද අපි සැටර්ඩේ ඔයාව එහෙට ඇරලන්නම්. ඔයා ටික දවසක් ඉඳලා එන්න.”

“අම්මා නැතුව ගිහින් ඉන්න කම්මැලියිනෙ. කමක් නෑ අපි එහෙනම් ෆිල්ම් එකකට යමු.” යුවති ඇඳෙන් බැහැලා අල්මාරිය ඇරියා.

“හා එහෙනම් මම ලේස්ති වෙලා එන්නම්.” වන්දනා කාමරෙන් එලියට ගියේ හිත සැනසීමෙන්.

____________________________________________________________________

“අහස් අයියේ…” විහංසා කතා කලේ දෙන්නත් එක්ක බීච් ගිය වෙලාවෙ.

“ඔව් මැඩම් කියන්න.”

“චූටිට මොකක් හරි ප්‍රශ්නයක්.”

“මටත් හිතුනා. ඔයා එක්ක උනත් වැඩි කතා බහක් නෑනෙ. නේද?” මියුරංගත් කිව්වෙ ඔහුට දැනුන දේ.

“අයියගෙ වෙඩින් එකෙන් පස්සෙ කොහෙ හරි ගියානම් හරි නේද? අපි එයාවත් එක්කන් යමු.” විහංසා අලුත් යෝජනාවක් ගෙනාවා.

“ඒක හොඳයි. එතකොට එයාට උනත් ඔයා ඈත් වෙලා නෑ කියල දැනෙයිනෙ.”

“තෑන්ක් යූ අහස් අයියේ.” විහංසා මියුරංගගෙ අත් දෙකෙන් අල්ලන් කිව්වා.

“ඇයි??” මියුරංග ඇහුවෙ විහංසාගෙ කර වටේ අත දාලා තමන් ලඟට ලං කර ගන්න ගමන්.

“ඔයා මාව තේරුම් ගන්නවා ඉක්මණට. ඒකට තෑන්ක් යු සෝ මච්.”

“පිස්සු කෙල්ල. මම නැත්නම් කවුද ඔයාව තේරුම් ගන්නෙ. ආයෙම මේ වගේ හැමදේටම තෑන්ක් යූ කිව්වොත් දෙනවා දෙකක්.” මියුරංග හිනාවෙවී කියද්දි විහංසා ඔහුගෙන් මිදිලා රැල්ල එන මානයට දිව්වා. ටිකක් වෙලා රැල්ල පාගමින් ඉඳලා ගෙදර යන්න කාර් එකට නැග්ගා. අද රෑට විහංසායි සහස්‍රායි අපර්ණාගෙ ගෙදර.

“හෙට වෙඩින් එක නිසා අර දෙන්නා නම් හරි හැපී එකෙන් ඇත්තෙ නේද?” මියුරංග කිව්වා.

“හ්ම්ම්.. ඒ දෙන්නා හොඳට මැච් වෙනවා.” විහංසා කිව්වෙ ඇය උදම්ව බැන්දා නම් හැමදාම ඇයට වගේම මියුරංගටත් දුක් විඳින්න වෙන බව සිතමින්.

“ඔව්… ඊට පස්සෙ චාන්ස් එක මගේ.” මියුරංග මනමාල හිනාවක් දාලා කියද්දි විහංසා ලැජ්ජාවෙන් අහක බලා ගත්තා.

“අපෝ ලැජ්ජාව. බලමුකො කී දවසක් ඔහොම ඉඳීද කියලා.” මියුරංග විහිලු කලා.

“ඔයා හොඳ නෑ අහස් අයියේ.” විහංසා අහක බලාගෙනම කිව්වා. ඇයටත් හිනයි. ඇයත් මේ දින ගනිමින් ඉන්නෙ කවද්ද මියුරංගගෙ වෙන්නෙ කියලා.

“හරි හරි ඔන්න මම පරිස්සමට ගේ ලඟට ම එක්කන් ආවා. එහෙනම් හෙට හම්බ වෙමු.” මියුරංග විහංසාගෙ හිස අත ගාලා කිව්වා.

“පරිස්සමට ගිහින් කෝල් එකක් දෙන්න අයියේ.” විහංසා මියුරංගට තුරුල් වෙලා කිව්වා.

“මට දාලා යන්න ලෝබයි. අපි දෙන්නටත් හෙටම මැරි කරන්න තිබුන නම් හොඳයි නේද?” මියුරංග විහංසාව තවත් තුරුල් කරගෙනම කිව්වා.

“බුදු සරණයි. ගිහින් කෝල් එකක් දෙන්න. ටිකක් රෑ වෙලානෙ.” විහංසා කිව්වෙ මියුරංග ඇගේ නළලට හාදුවක් දෙද්දි.

“බුදු සරණයි. අක්කටයි බඩීටයි කියන්න මම ගියා කියලා. හොටෙල් එකට යන්න ඕනෙ අයියත් එක්ක පොඩි වැඩ වගයක් තියෙනවා.” විහංසා බැහැලා අනිත් පැත්තෙන් ආවම මියුරංග කිව්වා. විහංසා හිස වනලා හිනා උනා. විහංසා ගේට්ටුවෙන් ඇතුලට යනකන් බලාගෙන ඉඳලා මියුරංග ගියා.

“අම්මෝ අක්කා බලන්නකො මේකිගෙ තියෙන මනමාල පාට.” සහස්‍රා විහංසාව දැක්ක ගමන් කියවන්න පටන් ගත්තා. දෙන්නත් එක්ක එළියට වෙලා හිටියෙ විහංසා එනකන්.

“ඒක තමයි හරියට හෙට මැරි කරන්නෙ මෙයා වගේ.” අපර්ණාත් ඉතිං සහස්‍රාට තකට තකනෙ.

“මොකද මේ දෙන්නත් එක්ක එලියෙ. පිණි බාලා හෙට හචිම් යව යව ඉන්න පුලුවන්. යමු ගෙට.” විහංසා කිව්වෙ ඇත්තටම නහය බර වෙයි කියලා පින්න නිසා.

තුන් දෙනාම ගෙට ගිහින් වේලාසනින්ම කෑම කාලා නිදියන්න ගියේ පාන්දර එකට අන්දවන කට්ටිය එන නිසා.

“සහස්‍රා ගෙදරට කෝල් එකක් අරන් බලන්නකෝ. සුදු අයියා තාම කෝල් කලේ නෑනෙ.” විහංසා කතා කලේ හිතේ අවුලෙන්.

“දැන් ගිහින් ගොඩක් වෙලානෙ. එයාට අමතක වෙලා ඇති ශුවර් එකටම. මහ මැට්ටෙක් අනේ.” සහස්‍රා ඔලුවෙ ඉඳන් බ්ලැන්කට් එක පෙරවගෙන කිව්වා.

“අනේ සහස්‍රා. මොකද්ද අනේ…”

“අපෝ නාහෙන් අඬන්නෙ නැතුව ඉන්නවා. මම ගන්නම්.” සහස්‍රා බැන බැනම ෆෝන් එක අරන් ගෙදරට කෝල් එකක් ගත්තා.

“හෙලෝ…” කවදාවත් නැතුව ලෑන්ඩ් ලයින් එකට ගත්ත කෝල් එක ආන්සර් කලේ මියුරංග.

“ආහ් මොකද මෙයා ලෑන්ඩ් ලයින් එක බෙල්ලෙ එල්ලන්ද ඉන්නෙ.” සහස්‍රා ඇහුවා.

“බබා මම මේ විහංසාට ගන්න හැදුවා විතරයි.” මියුරංග කිව්වා.

“ඇයි ඔයාගෙ ෆෝන් එක නැද්ද?” සහස්‍රා ඇහුවෙ ජීවිතේට මියුරංග ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් ගන්නෙ නැති නිසා.

“මාර වැඩේනෙ හලෝ කෝ විහංසාට දෙනවා.” මියුරංග කිව්වම සහස්‍රා ෆෝන් එක විහංසාට දික් කලා.

“අයියේ…” විහංසා බයෙන් කතා කරන බව දැනිලා මියුරංගට දුක හිතුනා.

“මගෙ කෙල්ල බය උනාද? අයියා කෝල් කලා කෙලින්ම හොටෙල් එකට එන්න කියලා. ඒ ගිහින් එද්දි ෆෝන් එක හොටෙල් එකේ දාලා ඇවිත්. මම මේ ගෙදර ආව ගමන් ගන්න හැදුවෙ. ෆෝන් එක ලඟට එනකොටම කෝල් එක ආවෙ.” එතකොට තමයි විහංසාගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ.

“කමක් නෑ ඔයා පරිස්සමෙන් ගෙදර ගියානෙ. ෆෝන් එක හෙටද හම්බ වෙන්නෙ.”

“නෑ මැණික දැන් ගේනවත් ඇති. අයියගෙ යාලුවා කාගෙ හරි අතේ එවන්නම් කිව්වා.” මියුරංග සැහැල්ලුවෙන් කිව්වා.

“හා එහෙනම් දැන් නිදියන්න. අපිත් මේ නිදියන්න ආවෙ. අපේ තාත්තා ආවද?” විහංසා ඇහුවෙ අද උදේනත් අද සේනාධීරත් එක්ක එහේ ගිය නිසා.

“ඔව් ඔව් කාලා දෙමස්සිනාලා බර කතාවක්.” මියුරංග හිනා වෙවී කිව්වා.

“හ්ම්ම්.. අපි නිදියන්නම් එහෙනම්. බුදු සරණයි.” විහංසා ෆෝන් එක තියලා බලද්දි සහස්‍රා නිදි හොඳටම. විහංසා සහස්‍රාගෙ හිසත් අත ගාලා ඇඳෙන් හාන්සි උනා.

උදේ එක වෙද්දි නැගිටලා මූණ සෝදන් තුන් දෙනාම ලේස්ති වෙන්න ආවා. හරියටම හයයි කාල වෙද්දි තුන් දෙනාටම අන්දවලා ඉවරයි. තුන් දෙනාම සුරංගනාවියො වගේ ලස්සනට හිටියා.

“වාව්… අන්බිලීවබල්. මම දැකපු ලස්සනම වගේම නියමෙටම මැච් වෙන මනමාලියො තුන් දෙනෙක්. සීරියස්ලි මම කවදාවත්ම ඔයාලට තරම් ලස්සනට කාටවත් අන්දලා නෑ.” සැලෝන් එකේ අක්කා කියද්දි කෙල්ලො තුන් දෙනාටම හිනයි.

“ඔන්න එහෙනම් මගේ වැඩේ හරි. මම කිව්වෙ සික්ස් තර්ටි වෙද්දි දෙන්නම් කියලා. කැමරමන්ලා ඇවිත් ඇති. යමු එලියට.” ඇය එහෙම කියලා හැරෙද්දිම අපර්ණාගෙ අම්මා ආවෙ ලස්සන හිනාවකින් මූණ පුරවගෙන.

“අද මටත් වඩා සතුටු වෙන්නෙ තිලකා තමයි. මේ කෙල්ලො තුන් දෙනාම එයාගෙනෙ ඉතිං.” අම්මා ඇවිත් අපර්ණාව සිප ගත්තා.

“අන්න මියුරංග පුතයි අනිත් පුතයි ඇවිත්. ඔහොම ඉන්න මම ආවෙ ලේස්ති වෙලා ඉවරද බලන්න.” අම්මා එහෙම කියලා පහලට ගියා.

“කවුද අනිත් පුතා.” සහස්‍රා ඇහුවෙ දෙවනි මනමාලයා අපර්ණාගෙ මල්ලි කියලා කියපු නිසා.

“ඒක තමයි කවුද අක්කේ?” විහංසා ඇහුවෙ ඇයත් දන්නෙ නැති නිසා.

“මන්දා බලමු ආවම. අයියා කිව්වෙ එයාගෙ යාලුවෙක් කියලා.” අපර්ණා එහෙම කිව්වෙ කට්ටියම සර්ප්‍රයිස් කරන්න ඕනෙ නිසා.

ඒ එක්කම වගේ කැමරා ශිල්පීන් ඇවිත් කැමරා සෙට් කරගත්තට පස්සෙ මියුරංග මල් බොකේ එකත් අරන් කාමරේට ආවා.

විහංසාව දැකලා මියුරංගට කතා කරගන්නත් බෑ. තමන් ආව වැඩෙත් ඔහුට අමතක උනා.

“මල්ලි බ්‍රයිඩ් ලඟට යන්න.” කැමරමන් කියද්දි කට්ටියටම හිනයි. මියුරංග යන්න ගියේ විහංසා ලඟට.

“සොරි අක්කා මට පැටලුනා.” මියුරංග හිනාවෙවී ගිහින් අපර්ණාට බොකේ එක දීලා දෙකොපුල් සිප ගත්තා.

“අදම අරන් යන්න හිතෙනවා.” විහංසාට බොකේ එක දීලා මියුරංග කනට කරලා කියද්දි විහංසාට හයියෙන් හිනා ගියා.

“ඒ… ඒ මෙයා මොකක් හරි නරක කතාවක් කිව්වද?” සහස්‍රා ඇහුවෙ විහංසාගෙ ඉණට ඇනලා.

“අනිත් බෙස්ට්මන් එන්න.” කැමරමන් කියද්දි කට්ටියම දොර දිහා බැලුවා. දොරෙන් ආවෙ අනුරාධ. සහස්‍රාගෙ කටත් ඇරුනා.

“අනේ හරිම නරකයි නිකමටවත් කිව්වෙ නෑ.” සහස්‍රා ඉස්සරහට ඇවිත් අත මිට මොලවලා අනුරාධගෙ උරහිසට ගැහුවා.

“වෙලාවට ඉස්සරහට ආවෙ. නැත්නම් පැටලෙනවා.” අනුරාධ හිනාවෙවී කිව්වා.

ගෙදරින් එලියට බැහැලා පාක් එකකට ගිහින් ෆොටෝස් ගත්තා. හය දෙනාම හිටියෙ ගොඩක් සතුටින්.

අම්මයි අප්පච්චියි වගේම උදේනත් තාම කෙල්ලො ටික දැක්කෙ නෑ. හොටෙල් එකේදි තමයි දකින්නෙ.

“අනේ මගෙ කෙල්ලො තුන් දෙනා අද හරිම ලස්සනයි.” අම්මා කතා කරන්න ලැබුනු පලවෙනි අවස්ථාවෙම දුවගෙන ගිහින් කිව්වා.

උදේනත් සතුටින් බලාගෙන හිටියා විහංසාගෙ ලස්සන.

වෙඩින් එකේ කටයුතු බොහොම ලස්සනට පිලිවෙලට සිදු උනා. මුලු දවස පුරාම මියුරංග විහංසා ලඟින් හෙල වුනේවත් නෑ.

“මොකද අනේ පස්සෙන් එන්නෙ. ඔයාලගෙ නෑදෑයොත් බලනවා.” විහංසා ඇහුවෙ මූණත් ඇඹුල් කරන්.

“මේ ඔයාලා දෙන්නා සාමාන්‍ය විදියට ඉන්න ඕනෙ හරිද. කිසිම කෙනෙක්ට හිතෙන්න බෑ ඔයාලා දෙන්නා යාලුයි කියලා.” අම්මයි අප්පච්චියි වේලාසනින්ම එහෙම කියලයි තිබුනෙ.

“අම්මලා මොනව කිව්වත් අරුන්ගෙන් මගෙ මැණික පරිස්සම් කරන එක මගෙ වගකීමනෙ.” මියුරංග කිව්වා.

“ඒ උනාට අයියා අම්මලා මොකක් හරි නිසානෙ එහෙම කිව්වෙ. නේද?”

“හරි හරි මම යන්නම්.” මියුරංග එහෙම කියලා උදම්ගෙ යාලුවො ඉන්න පැත්තට ගියා.

“අපේ කොල්ලා ගියා නේද? දූ මොනවද කරන්නෙ? ජොබ් එකක් කරනවද?” මියුරංගලාගෙ ලොකු අම්මා ඇවිත් විහංසාගෙ ලඟින් ඉඳගත්තා. විහංසා හිනා වෙලා මූණ දිහා බලාගෙනම කල්පනා කලා මොකද්ද කියන්නෙ කියලා.

“ආ ලොකු අම්මා..” සහස්‍රාත් ඇවිත් ඒ ටේබල් එකෙන්ම ඉඳගත්තා.

“මම මේ දුවගෙන් ඇහුවෙ මොනවද කරන්නෙ කියලා. කෝ කතා කරන්නෙ නෑනෙ.” ලොකු අම්මා කිව්වෙ හිනාවෙලා.

“ආ සමී මේ ඉන්නෙ අපේ ලොකු අම්මා. අම්මගෙ අක්කා.” සහස්‍රා විහංසාට ලොකු අම්මව අඳුන්වලා දුන්නා.

“මේ දූ මොනවද කරන්නෙ බබා.” ලොකු අම්මාට ඕනෙ විහංසාගෙ විස්තර දැන ගන්නමයි.

“මෙයා අපේ කම්පැණි එකේ අකවුන්ට් ඇසිස්ටන් ලොකු අම්මා. අර ඊයෙ අපෙ අප්පච්චිගෙ යාලුවෙක් හිටියෙ අපේ ගෙදර. ඒ අංකල්ගෙ එකම දුව මේ ඉන්නෙ.” සහස්‍රා අඳුන්වලා දුන්නා.

“ආ මේ ඒ මහත්තයගෙ දුවද? අනේ හරි සිරියාවයි. මේ මම අර පැත්තට යන්නම් එහෙනම්. මම ඉන්න නිසා මේ දූ කතා කරන්නෙත් නෑනෙ.” ලොකු අම්මා හිනා වෙලා විහංසාගෙ මූණත් අත ගාලා ගියා.

“මොකද බං මේ ගල් ගිලලා වගේ ඉන්නෙ. සුදු අයියා කිව්වා වෙලාවට ඔයා ලඟින් ඉන්න කියලා.” සහස්‍රා කිව්වෙ විහංසාගෙ අතක් කොනිත්තමින්.

“ආව් බං රිදෙනවා. උඹ නම් කියයි. එක පාරම උඹලගෙ පවුලෙ කෙනෙක් ඇවිත් කතා කරනකොට මම උඩ යනවනෙ.” විහංසා කිව්වෙ ඇත්ත.

“හරි හරි ඇත්ත තමයි. අනේ අපේ ලොකු අම්මා නම් හරිම හොඳයි හලෝ. මේ ඔන්න මම කලින් කිව්ව වගේම පරිස්සම් වෙන්න ඕනෙ අපේ පොඩි නැන්දගෙන්. එයා නම් දැනගත්තොත් උඹට බකට් පෙරලයි ශුවර් එකටම” සහස්‍රා කියද්දි විහංසාට බය හිතුනා. කලිනුත් සහස්‍රා පොඩි නැන්දා ගැන කියලා තිබුනා.

“කියනකොටම ලොකු නැන්දා එනවා.” සහස්‍රා හෙමිහිට මිමිණුවා.

“ලොකු නැන්දා මොනවගේද කියලා මේකි මට කිව්වෙත් නෑ. අයියෝ…” විහංසා හිතුවා.

“ආ බබා මේ ඔයාගෙ යාලුවෙක්ද. අනේ ශෝක් කෙල්ල.” ලොකු නැන්දා ඇවිත් වාඩි උනා.

“ඔව් ලොකු නැන්දා මේ මගේ හොඳම යාලුවා.” සහස්‍රා හිනාවෙලා කිව්වා.

“සමී මේ ඉන්නෙ අපේ ලොකු නැන්දා. අපේ අප්පච්චිගෙ අක්කා.” සහස්‍රා විහංසාගෙ අත තද කරලා කිව්වා.

“කොහොමද ආන්ටි.” විහංසා කතා කලා.

“අනේ මට නැන්දා කියන්න පුතේ. ඉතින් කියන්න බලන්න ඔයාගෙ විස්තර.” ලොකු නැන්දා විහංසාගෙ අතිනුත් අල්ලන් කතාවට ආවා.

“මෙයා වැඩිය කතා කරන්නෙ නෑ ලොකු නැන්දා.” සහස්‍රා කියද්දි ලොකු නැන්දගෙ මූණට තවත් එලිය වැටුනා.

“ඒක හොඳයි. පස්සෙ විස්තර කතා කරන්න බැරියැ. නේද දූ.” ලොකු නැන්දත් ගියා.

“උඹට කියන්න බැරි උනානෙ. ලොකු නැන්දට ඉන්නවා හොඳ….” සහස්‍රාට කියල ඉවර කරන්න උනේ නෑ කවුදෝ කොල්ලෙක් ආවා. විහංසා බිම බලාගෙන හිටියා.

“ආ නංගි… මේ නංගි කවුද?” කණිෂ්ක අහද්දි සහස්‍රාට හිනයි.

“ආ කණිෂ්ක අයියා මේ මගේ හොඳම යාලුවා. සමී. සමී මේ ඉන්නෙ අපේ ලොකු නැන්දගෙ පුතා කණිෂ්ක.” සහස්‍රා විහංසාට ඇහැක් ගහලා කිව්වා. අම්මා ඈත් ඉඳන් බලන් හිටියෙ සහස්‍රාගෙ මෝඩ වැඩ දිහා.

“හෙලෝ සමී..” කණිෂ්ක අත දිගු කලා. ඒ එක්කම අම්මා ආවා.

“ආ ලොකු පුතා මොකද මෙතන. පොඩ්ඩක් අර පැත්ත බලනවද පුතේ. බබා මේ දූත් එක්ක කපල් එක ඉන්න තැනට යන්න. අර කෙල්ල බය වෙලා වගේ ඉන්නෙ.” අම්මා ඉක්මණින් කිව්වා. විහංසා පට ගාලා නැගිටලා සහස්‍රාගෙ අතින් ඇදන් උදම් අපර්ණා ඉන්න තැනට ගියා.

“මාර වැඩක් ලොකු අයියා වෙලා තියෙන්නෙ. මට මෙයාගෙ බොඩි ගාඩ් වෙන්න වෙලානෙ.” සහස්‍රා ඇවිත් උදම්ගෙ ලඟින් වාඩි උනේ මූණත් එල්ලගෙන.

“ඉතිං තමුසෙට තිබුනනෙ තමුසෙ වගේම බක තැරි යාලුවෙක් හොයාගන්න. මොකටද මගෙ කෙල්ලම හොඳම යාලුවට තෝර ගත්තෙ.” මියුරංග ඇවිත් සහස්‍රාගෙ කණ මිරිකලා ඇහුවා.

“අයියා… පිස්සුද.” විහංසා මියුරංගගෙ අතින් ඇදලා කතා කලා. මියුරංග හිටියෙ කේන්තියෙන්.

“මොකද? බලාගන්න තිබුනා අර ගෑණු පෙරේතයට අතට අත දුන්න නම් අද මෙතන වෙනදේ. මොලේ නැද්ද බබා.” මියුරංග සහස්‍රාටයි විහංසාටයි දෙන්නට මාරුවෙන් මාරුවට බලනවා. උදම් බලාගෙන හිටියෙ උන දේ දන්නෙ නැති නිසා.

“හරි හරි මල්ලා මොකද්ද උනේ.” උදම් ඇහුවෙ සන්සුන්ව.

“උනේ මෙයාට මම ලඟින් ඉන්නකොට අමාරු වෙලා මාව එලව ගත්ත එක. ඊට පස්සෙ අර කණිෂ්කයා ඇවිත් පැණි හලද්දි මේ මෝඩි මෙයාට ඌව අඳුන්නලා දුන්න එක. අම්මා ආවෙ නැත්නම් මෙයා
මැට්ටි වගේ අතත් දෙනවා ඌට.” මියුරංග හොඳටම තරහෙන්.

“හරි හරි එහෙම උනේ නෑනෙ. නිකන් මේ ලමයි දෙන්නගෙ මූඩ් අවුල් කරන්න එපා.” අපර්ණා කියද්දි මියුරංග එතනින් ගියා. විහංසාගෙ ඇස් වල වැටෙන්න ඔන්න මෙන්න කඳුලක් පිරිලා තිබුනා.

“සහස්‍රා එන්නකො.” විහංසා සහස්‍රාගෙ අතින් අල්ලන් හෝල් එකේ කොණේ තිබුන රෙස්ට් රූම් එකට ගියා.

“අනේ සමී අඬන්න එපා ප්ලීස්. කෝ එන්න මම ටච් කරන්නම්. මේකප් එක අවුල් උනොත් ලොකු අයියා යකා නටයි.” සහස්‍රා බයේ කියවනවා.

“නෑ නෑ මං අඬන්නෙ නෑ.” විහංසා ටිෂූ එකක් අරන් කඳුලු තෙත මාත්‍තු කර ගත්තා.

කෑම කන වෙලාවෙ මනමාල ජෝඩුවත් එක්කම දෙවනි මනමාල ජෝඩුත් කෑම කන්න ඕනෙ එකටනෙ. මියුරංග ඒ වෙලාවෙවත් විහංසා දිහා හරියට බැලුවෙ නෑ. විහංසා කෑම කෑවෙත් නෑ. අත ගගා හිටියා.

“මගෙ මැණික තරහද? බැන්නා නෙමෙයි මට දුකයි. ඌ මහ සල්ලාලයෙක්. එහෙම මිනිහෙක් ඔයාගෙ අතින් අල්ලනවටවත් මම කැමති නෑ.” මියුරංග දුකෙන් කිව්වා.

“මම තරහා නෑ මහත්තයෝ.” විහංසා කියද්දි මියුරංගගෙ පපුව ඇතුලෙන් මොකද්දෝ උනා.

“දැන් කන්න එහෙනම්. මේ අපි දෙන්නම කාලා නෑ. අරුන් කාලත් ඉවරයි.” මියුරංග එහෙම කියලා කන්න ගත්තා. ඊට පස්සෙ දෙන්නා ශේප් උනා.

කපල් එක පිටත් උනාට පස්සෙ මියුරංගයි විහංසායිත් අම්මලා එක්ක උදම්ලා ගියපු හොටෙල් එකට ගියා. ඒ කටයුතු ඉවර වෙලා එද්දි අප්පච්චි යෝජනාවක් කලා.

“සුදු පුතා ඉක්මණටම ඔයාගෙ වෙඩින් එකත් ගන්න මම තීරණය කලා.” අප්පච්චි කියද්දි විහංසාගෙ කම්මුල් රෝස පාට උනා. මියුරංගට ඒක දැකලා හිනයිත් එක්ක.

“මම නම් කැමතියි අප්පච්චි. මේ රෝස මල මගේ ගෙදරට ගෙනාවට පස්සෙ හිත නිදහසේ ඇස් දෙක පියාගන්න පුලුවන්.” අම්මා කිව්වේ විහංසා දිහා ආදරෙන් බලලා.

“මම ගෙදරට ආවම අම්ම මොකටද ඇස් පියාගන්නෙ. මාත් එක්ක කොච්චර කල් ඉන්න ඕනෙද?” විහංසා ඇහුවෙ කිව්ව කතාවට රිදුනු හිතින්. අම්මටයි අප්පච්චිටයි හිනයි.

විහංසාව ගෙදරට දාලා මියුරංගලා ගෙදර ගියා. සහස්‍රාත් ගෙදර ඇවිත් හිටියා ලොකු අම්මලා නැන්දලා ඔක්කොම එක්ක.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *