මා නොවේ ඈ නුඹේ 50 කොටස

විහංසා චමත්ගෙ අකවුන්ට් එක බැලුවා. නිකමට වගේ… කියන්න තරම් වැදගත් කිසිම දෙයක් තිබුනෙ නෑ. මේ වෙලාවෙ චමත් ඔන්ලයින් හිටියෙ නෑ.

“අපරාදෙ පැයකට කලින් ඔන්ලයින් ඉඳලා.” විහංසා දුක් උනා.

“කෝකටත් කමක් නෑ ෆිට් එකක් යවනවා. ආව වෙලාවක දකියිනෙ.” විහංසා එහෙම හිතලා ෆිට් එකක් යැව්වා. ඒ එක්කම විහංසාට කෝල් එකක් ආවා මියුරංගගෙන්.

“හෙලෝ….” විහංසා ආදරෙන් කතා කරද්දි මියුරංගට හිතෙන්නෙ දැන් උස්සන් එන්න.

“මොකද කලේ?” මියුරංග ඇහුවා.

“චමත් මගේ රික්වෙස්ට් එක කන්ෆර්ම් කරලා.” විහංසා හිටියෙ සතුටින්. ෆෝන් එකෙන් උනත් මියුරංගට ඒක හොඳට දැනුනා.

“ඔන්ලයින් ඉන්නව නම් කෝල් එකක් අරන් කතා කරන්න මැණික.” මියුරංග කිව්වා. විහංසාට හිනයි. ඒ වගේම ගොඩක් සතුටුයි. මේ වගේ කෙනෙක් ලබන්න ඇය ගොඩක් වාසනාවන්ත උනා.

“ඔයා කොච්චර හොඳද දන්නවද?” විහංසා ඇහුවා.

“මොකද්ද?” මියුරංග ඇහුවෙ පුදුමෙන්.

“ඔව් මගෙ මහත්තයෝ.. ඔයා ගොඩාක් හොඳයි.” විහංසා ආදරෙන් කිව්වා.

“මගෙ මැණික හොඳයි. ඒ නිසා මාත් හොඳ වෙන්න ඕනෙ නේද? අනිත් එක ඔයා මේ කරන්න යන්නෙ හොඳ වැඩක්. මම ඒකට උදව් කරන්න ඕනෙමයි.” මියුරංග කියාගෙන ගියා.

“තෑන්ක් යූ…”

“මම කලින් දවසක මොකක් හරි කිව්වද කොහෙද.” මියුරංග කියද්දියි විහංසාට මතක් උනේ. කවදාවත් සොරි තෑන්ක් යූ වචන දෙන්නගෙ අතරට ගේන්න එපා කියලා මියුරංග කිව්ව බව.

“ආහ් හරි හරි මට අමතක උනා. ඒක නෙමෙයි. කෝ අපර්ණා අක්කා.” විහංසා හැමදාම අහනවා අපර්ණා ගැන.

“ඉන්නවා ඉන්නවා. කියව කියව ඉන්නෙ අර. ඔයා ආවම තමයිලු එයාගෙ හිතට නිදහසක් දැනෙන්නෙ.” මියුරංග කිව්වා.

“ඒ කිව්වෙ?”

“ඒ කියන්නෙ ඉතින් දැන් ගෙදර එකම ලේලි එයානෙ. එයා කියන්නෙ සේරම වගකීම් එයාගෙ ඔලුවෙලු තියෙන්නෙ. ඔයා ආවම ඒ බර නිදහස් වෙනවලු.” මියුරංග පැහැදිලි කරලා කිව්වා. විහංසාට හිනා ගියා හයියෙන්.

“මොකද හිනා වෙන්නෙ?” මියුරංග ඇහුවෙ බොරුවට තරහෙන් වගේ.

“නෑ ඔයා ඒක හරිම ලස්සනට කිව්වා අනේ. සෝ…. ස්වීට්.” විහංසා හිනාවෙලා කිව්වා ආදරෙන්.

“ඔය සෝ ස්වීට් වචන හැම තත්පරේකම අහන්න ලැබෙයි මගෙ ලඟට ආවම. තව සතියයිනෙ.” මියුරංග කියද්දි විහංසාගෙ හිතටත් දැනුනෙ ලොකු සතුටක්.

“හ්ම්ම්… අයියේ…” විහංසා හෙමිහිට කතා කලේ.

“ඇයි මැණික?”

“තාත්තා…” විහංසා කියන්න යන දේ මියුරංග දැන් දන්නවා ඉතින්. හැමදාම මේක එකම රෙකෝඩ් එකනෙ.

“හරි බබා… මම අප්පච්චිලා එක්ක කතා කලා අදත්. අපි මෙහෙම කරමු සතියක් ඔයාලගෙ ගෙදර සතියක් අපේ ගෙදර. කැමතිද?” මියුරංග ඇහුවෙ කරන්නෙ දෙයක් ඔහුටත් තේරුනේ නැති නිසා.

“ඒක කරන්න බෑනෙ.” විහංසා කිව්වා.

“එහෙනම් ලේසිම වැඩේ තාත්තා අපිත් එක්ක එන එක. තාත්තට කියල බලන්න ආයෙම.” මියුරංග කිව්වේ විහංසාගෙ හිත හදන්න ඕනෙ නිසා. නැත්නම් ඔහු දන්නවා මේ වෙද්දි විහංසා කියන්න පුලුවන් හැම විදියටම තාත්තාට කතා කරල ඉවර බව.

“වැඩක් නෑ. තාත්තා කියන්නෙ අම්මගෙ සුවඳ මේ ගේ පුරාම තියෙනවලු. මැරෙනකන් මෙහෙ ඉන්න ඕනෙලු.” විහංසා වෙව්ලන හඬින් කිව්වෙ. අම්මා ගැන මතක් උන නිසා ඇයට ඇඬුම් ආවා.

“හරි හරි මේ අහන්නකො. අපි එහෙනම් ඔයාලගෙ ගෙදර ඉමු. මම අප්පච්චිගෙන් අහන්නම්කො.” මියුරංග අන්තිමටම කරන්න තියෙන දේ කිව්වා.

“හ්ම්ම්ම්…” විහංසා ලොකු සුසුමක් පිට කලා. දෙන්නම සද්ද නැතුව කල්පනා කලා.

“ආ… මේ චමත් ඔන්ලයින් ඉන්නවා.” විහංසා එක පාරටම කිව්වා.

“එහෙනම් මැසේජ් කරලා බලන්න. මම තියන්නම් මැණික. බුදු සරණයි.” මියුරංග කෝල් එක තියපු ගමන් විහංසා චමත්ට මැසේජ් එකක් දැම්මා.

“කොහොමද මල්ලි… තෑන්ක් යූ මාව කන්ෆර්ම් කරාට.” විහංසා යැව්වා. චමත් මැසේජ් එක බැලුවා. දැන් ටයිප් කරනවා.

“හොඳයි අක්කා. ඔයා යුවීගෙ අක්කා නේද?” චමත් ඇහුවා.

“ඔව්.. ඔයා මාව දන්නවද?” එක පාරටම මුකුත් අහනවට වඩා මෙහෙම දේවල් ටිකක් කතා කරන එක හොඳයි කියලා හිතුවා විහංසාත්.

“මට යුවී කියල තියෙනවා.”

“චූටි කතා කලාද?”

“ම්ම්ම්… මම එයාට පනිෂ්මන්ට් එකක් දීලා තියෙන්නෙ. මම කාලෙකින් එයාට මැසේජ් එකක්වත් දැම්මෙ නෑ.” චමත් එව්වා විතරයි විහංසා චමත්ට කෝල් එකක් ගත්තා. විහංසාට තේරුණා යුවති මේ දවස් ටිකේම කිව්වෙ බොරු කියලා.

“හෙලෝ අක්කා..” චමත් කතා කලා.

“මල්ලි මොකද්ද පනිෂ්මන්ට් එක? ඇයි එහෙම?” විහංසා ඇහුවා.

“එයා මම ආදරෙයි කිව්වම වෙන කෙනෙක්ට ආදරෙයි කියලා මාව අත ඇරලා ගියා. ඒත් මම දැනන් හිටියා එයා ආයෙම එන බව.” චමත් කියනවා විහංසා සද්ද නැතුව අහන් හිටියා.

“මට කියන්න ඔයා කවද ඉඳන්ද එයාට කතා නොකර හිටියෙ කියලා.” විහංසා ඇහුවා.

“දෙවනි වතාවට මීට් උනාට පස්සෙ මම එයාට කතා කලේ නෑ අක්කා. මැසේජ් එකක්වත් දැම්මෙ නෑ.” චමත් කිව්වා.

“ඇයි මල්ලි එහෙම කලේ? එයා ඔයාට ආදරෙයිනේ.” විහංසා කිව්වා.

“මම දන්නවා අක්කා. මට ඒක දැනුනා. යුවීගෙ හැටි ඉස්සර ඉඳන්ම මම දන්නවා. කොහොම හරි ඒ සිද්දිය වෙලා දවස් දෙකක් තිස්සෙ එයා මට කෝල් කරා. මැසේජ් දැම්මා. මම ආන්සර් කලේ නෑ. එහෙම කලේ එයාට තේරෙන්න ඕනෙ නිසා. එයා මට ආදරේ බව එයා දැනන් හිටියෙත් නෑනෙ. දැනටත් හැමදවසකම එයා මැසේජ් එවනවා මම බලන්නෙවත් නෑ.” චමත් දිගටම කිව්වා.

“මල්ලි එයා දැන් දන්නවා ඔයාට එයා ආදරේ බව. එයා ප්‍රපෝස් කරපු අයියට සේරම කියලා ප්‍රපෝසල් එක කැන්සල් කරගත්තා.” විහංසාත් කිව්වා.

“ඒ අයියා ආදරේ කරන්නෙ යුවීට නෙමෙයි කියලා යුවී දැනන් හිටියා.” චමත් කියනවා ඇහෙද්දි විහංසාගෙ හිසට හයියෙන් පොල්ලකින් ගැහුවා වගේ දැනුනෙ.

“මොකද්ද කිව්වෙ?” විහංසා ඇහුවෙ වෙව්ලන හඬින්.

“ඔව් අක්කා… මියුරංග අයියා ඔයාට ආදරේ කරන බව එයා දැනන් හිටියා.” චමත් කිව්වා.

“මොකක්??? ඒ කොහොමද?” විහංසා ඇහුවේ එක අතකින් හිස අල්ලගෙන.

“මියුරංග අයියාගෙන් යුවී මොනවද ෆොටෝස් වගයක් ඉල්ලලා. මම හිතන්නෙ ට්‍රිප් එකේ ෆොටෝස්. ඒ ෆොටෝස් එක්ක ඔෆිස් එකේදි ගත්ත ඔයාගෙ ෆොටෝ එකකුත් ඇවිත් තිබුනා. ඒක එඩිට් කරලා තිබුනෙ. යුවී මට ඒක එව්වා. යුවී ඒක දැකපු බව මියුරංග අයියා දන්නෙත් නෑ.” චමත් කිව්වා. විහංසාගෙ ඇස් වලින් සට සට ගාලා කඳුලු වැටුනා.

“එතකොට එයා ඒක කිව්වෙ නැත්තෙ ඇයි?” විහංසා ඇහුවේ තමුන් නිසා යුවති මියුරංගගෙන් ඈත් උනා කියලා හිතට තදින්ම දැනුන නිසා.

“ඒ වෙද්දි මම එයාගෙ ලෝකෙට ඇවිත් හිටියෙ අක්කා. එයා එතකොට මට ආදරේ කරනවා. එයා මට මේ හැමදේම කිව්වෙ දෙවනි වතාවට මාව මීට් වෙන්න ආවම. හැබැයි ඒ එද්දි එයා තව දෙයක් දැනගෙනයි ආවෙ. ඒක නිසා එයා ගොඩක් දුකෙන් හිටියෙ. එයා….” චමත් එහෙම කියද්දිම කිසිම සද්දයක් ඇහෙන්නෙ නැතුව ගියා.

“ඒ මොකද්ද? හෙලෝ… මල්ලී… හෙලෝ…” විහංසා අඬ අඬ කතා කලා. කොච්චර කතා කරත් එහා පැත්තෙන් කෝල් එක කට් වෙලා තිබුනා.

“චූටි දැනගත්තෙ මොකද්ද?” විහංසා අඬ අඬම හතර අතේ කල්පනා කලා.

“එදා මම කෝල් කරද්දිත් කෙල්ල හිටියෙ හොඳටම අඬ අඬ. මේ තරම් අඬන්න මූඩ් ගහන්න කෙල්ලට මොකද උනේ?” විහංසා කල්පනා කලා දිගටම.

මියුරංගගෙන් කෝල් එකක් ආවෙ විහංසා බර කල්පනාවක ඉද්දි.

“කියන්න අයියේ..” විහංසා ආන්සර් කරපු ගමන් කිව්වා.

“මගෙ මැණික මොකද අඬන්නෙ?” මියුරංග ඇහුවෙ විහංසාගෙ කටහඬ වෙනස් වෙලා නිසා.

“චමත් මොකද්ද කියන්න හැදුවා ඒත් කෝල් එක කට් උනානෙ. අපරාදෙ.” විහංසා අඬමින් කිව්වා.

“සේරටම කලින් ඔය අඬන එක නවත්තන්න මැණික. මොනවද කිව්වෙ එයා?” මියුරංග කලබලෙන් ඇහුවා.

“චූටි දැනන් ඉඳලා තියෙනවා ඔයා මට ආදරෙයි කියලා.” විහංසා කියද්දි මියුරංගත් ගැස්සුනා.

“ඒ කොහොමද? ඒ නිසාද එයා ඔයාව මග ඇරියෙ?” මියුරංග ඇහුවා.

“දන්නෙ නෑ. ඒත්… මටත් එහෙම හිතෙනවා. ඔයා කවද්ද මගෙ ෆොටෝස් ගත්තෙ ඔෆිස් එකේදි?” විහංසා කඳුලු පිහිදගෙන අහද්දි මියුරංග පුදුම උනේ මෙච්චර දවසක් හංගන් ඉඳපු එක කොහොමද මෙයා දැනගත්තෙ කියලා.

“ආ… මේ… මම හැමදාම ගන්නවනෙ.” මියුරංග කිව්වා.

“මොකක්???”

“ඔව්.. මම හැමදාම ඔයාගෙ ෆොටෝස් ගන්නවා. ඔයාට ආදරේ බව මම දැනගත්ත දවසෙ ඉඳන් අද වෙනකන්ම මම හැමදවසකම ඔයාගෙ ෆොටෝස් ගන්නවා.” මියුරංග කිව්වා. විහංසාට ඔහු ගැන ඇති උනේ අපිරිමිත ආදරයක්.

“මම ආදරෙයි මහත්තයෝ…” විහංසා කඳුලු අතරෙම ආදරෙන් කිව්වා.

“මාත්… ඒක නෙමෙයි දැන් කොහොමද කියන්නකො ඒක දන්නෙ?” මියුරංග අහද්දි විහංසාට මතක් උනේ කියාගෙන ආව එක.

“ට්‍රිප් එක යන්න කලින් ගත්තු ෆොටෝ එකක් ඔයාගෙ අතින් එයාට සෙන්ඩ් වෙලා. ඔයා ඒක එඩිට් කරලා තිබිලා තියෙන්නෙත්. මොනවද ලියලා.” විහංසා කිව්වා.

“හ්ම්ම්.. ඒකත් එහෙමද? සොරි විහංසා මම ඒක හිතල කරපු දෙයක් නෙමෙයි.” මියුරංග අප්සට් එකෙන් කිව්වෙ.

“වෙලා ඉවර දෙයක් ගැන දැන් දුක් වෙලා වැඩක් නෑනෙ අයියේ… ඒක අමතක කරන්න.” විහංසා ආදරෙන් කියද්දි මියුරංගගෙ හිතේ මේ ආදරේට දැනුනෙ මහා විසාල ලෝබකමක්.

“අයියේ….” විහංසා ටිකක් වෙලා නිශ්ශබ්දව ඉඳලා කතා කලා.

“කියන්න මැණිකේ…” මියුරංග ආදරෙන් කතා කලේ. විහංසාගෙ පෑරුණු හිත හදන්න මියුරංග ගොඩක් උත්සාහ කලා.

“චූටි තව දෙයක් දැනන්ලු චමත් මීට් වෙන්න ගියේ. ඒක කියන්න හදද්දිම තමයි කෝල් එක කට් උනේ. මට චූටිගෙන් අහන්න බෑ. මේක දැනගන්න වෙන්නෙ චමත්ගෙන්ම තමයි. ආයෙම කෝල් එකක් ගනීවි නේද?” විහංසා ඇහුවෙ බලාපොරොත්තු සහගතව.

“ගනීවි මැණික. මම තියන්නම්. නැත්නම් කෝල් එකක් ආවත් දන්නෙ නෑනෙ. මොකක් හරි දැනගත්ත ගමන් මට කියන්න. නිදියන්න කලින් කෝල් එකක් ගන්න. බුදු සරණයි.” මියුරංග කෝල් එක කට් කරා.

ටික වෙලාවකට පස්සෙ මියුරංගගෙන් වයිබර් එකට මැසේජ් එකක් ආවා. යුවතිට අහම්බෙන් සෙන්ඩ් උන ෆොටෝ එක මියුරංග විහංසාටත් එවලා තිබුනා.

“ආදරෙයි මගෙ පණ.” විහංසා හෙමිහිට කියෙව්වා ලියල තිබුන එක. ෆොටෝ එකේ පහළ කෙලවරේ ඩේට් එකත් දාලා තිබුනා. විහංසාට ලෝබයි මේ ආදරේට.

“මට මේ ආදරේ ලැබුනෙ ඔයා නිසා චූටි. මම ඔයාගෙ ආදරේ ඔයාගෙ ලඟටම ගෙනත් දෙනවා. ප්‍රොමිස්.” විහංසා තමන්ටම පොරොන්දු උනා.

ආයෙත් හමුවෙමු.

අද කොටස සුට්ටක් ලේට් උනා ලමයි. ප්‍රශ්න නැති ජීවිතයක් නෑනෙ නේද? 😔😔😔 දුකෙන් ඉන්නෙ 😥😥😥
මේ කොටසෙ රසක් නැත්නම් කියන්න. මම අප්සට් එකෙන් ඉඳන් ලිව්වෙ. සමාවෙන්න.

තෙරුවන් සරණයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *