මා නොවේ ඈ නුඹේ 62 කොටස

අපර්ණා බබාගෙ නැපි ගේන්න ගියාම විහංසා දරුවගෙ ලඟින් හාන්සි උනා. ටිකකින් මියුරංග කාමරේට ආවා.

“ඇඬුවද?” විහංසා ඇහුවෙ මියුරංගගෙ කම්මුලක් පිරිමදිමින්. මියුරංග සද්දයක් නැතුවම ඇඳෙන් වාඩි වෙලා විහංසාගෙ පපුවට හිස තියාගත්තා.

“දුකයි තමයි. මතකද මම අඬපු හැටි.” විහංසා මතක් කලා.

“හ්ම්ම්…” මියුරංගගෙ ඇස් වලින් වැටුන කඳුලක් විහංසාගෙ බ්ලවුස් එකට වැටිලා නොපෙනී ගියා.

“නැගිටින්න… අක්කා එයි දැන්.” විහංසා මියුරංගගෙ හිස අත ගාලා කිව්වා.

“ඌත් අඬනවා. අක්කා නලවලා එයි. එයා නලවන්න ගියාම කෙල්ල අමතක වෙයි.” විහංසාට නැගිටින්න දීලා මියුරංග දරුවගෙ ලඟින් හාන්සි උනා.

මියුරංග දරුවගෙ හිස අත ගාලා නලලට හාදුවක් දුන්නා. විහංසා බලන් හිටියෙ ආදරෙන්.

“අපේ දරුවා ආවම මෙයා හෙලවෙන එකක් නෑ.” විහංසාට හිතුනා.

“අක්කා… සමී….” සහස්‍රා ආවෙ මූණ දෙක කරන්.

“මොකද කෙල්ලෙ?” විහංසා ඇඳෙන් නැගිටලා සහස්‍රාගෙ කම්මුලකට අත තියලා ඇහුවා.

“අර දෙන්නට මම නෑ කියලා පාලු නෑ කියන්නෙ. ශෝක් දූල දෙන්නෙක් ඉන්නවලු.” සහස්‍රා අදත් වලියටමයි.

“ඉතිං හොඳයිනෙ මැට්ටියෙ. උඹට දුක් වෙන්න දෙයක් නෑනෙ අම්මයි අප්පච්චියි බලාගන්න අපි දෙන්නම ඉන්නවනෙ.” අපර්ණා එහෙම කියාගෙන ආවා.

“හ්ම්ම්… සුදු අයියා ඔයාටත් එහෙමද?” සහස්‍රා මියුරංගගෙ අතින් ඇදලා ඇහුවා.

“පිස්සු කෙල්ල.” මියුරංග සහස්‍රා මොහොතකට තුරුල් කරන් හිස අත ගාලා කාමරෙන් එලියට ගියා.

“ලඟ පාතක හිටිය නම් දුක නෑ හලෝ. පොළොන්නරුවෙ ගිහින් කාත් කවුරුවත් නැතුව කොහොමද බං ඉන්නෙ?” සහස්‍රා ඇහුවෙ තරහෙනුත් එක්ක.

අනුරාධ කොළඹින් ඉඩමක් අරන් ගෙයක් හදන්න සූදානම් උනාට හදිස්සියෙම අනුරාධට පොළොන්නරුවෙ හොස්පිට්ල් එකකට ට්‍රාන්සර් එකක් ලැබුනා. කරන්න දෙයක් නැති නිසා අනුරාධ ට්‍රාන්සර් එක බාර ගත්තා.

කෑම කාලා කට්ටියම නිදියන්න ගියා. සහස්‍රා විහංසාගෙ ලඟින් හාන්සි වෙලා කියව කියව ඉඳලා නින්ද ගියා දන්නෙත් නැතුවම.

සහස්‍රාගෙ වෙඩින් එක හරි ලස්සනට තිබුනා. කාගෙත් ආශිර්වාද මැද සහස්‍රා අනුරාධගෙම උනා. සිරිනන්දලා නම් හිටියෙ හරිම සතුටින්. සේනාධීර පවුලෙත් දුකින් හිටියා නම් ඒ සහස්‍රා දුරට යන නිසා විතරයි.

“අක්කා…. කෙල්ලව මට දෙන්න.” සහස්‍රා දවස ඉවර වීගෙන යද්දි අපර්ණායි විහංසායි ආවම දරුවව ඉල්ලුවා.

“මගේ රෝස මල නැන්දි නැතුව පාලු වෙයි නේද? නැන්දිට නම් ගොඩක් පාලු වෙයි රෝස මල නොදැක.” සහස්‍රා දරුවගෙ නලල සිපගෙන කිව්වා. අපර්ණායි විහංසායි ඇස් වල කඳුලක් හිර කරන් බලාගෙන හිටියා.

අපර්ණා දරුවව අරන් ගිහින් ඇගේ අම්මට දීලා ආයෙම සහස්‍රාගෙ ලඟට ආවා. අනුරාධ නැගිටලා එහාට ගියේ නෑණලා එක්ක කතා කරගන්න ඉඩ දීලා. දෙන්නම සහස්‍රාගෙ දෙපැත්තෙන් ඉඳගත්තා.

“අපිට හුඟාක් පාලු වෙයි කට කියවන්න කෙනෙක් නැති උනාම.” අපර්ණාගෙ ඉවසීමේ බැමි කැඩිලා ගිහින් ඇස් වල කඳුලු ඉබේම කඩාගෙන වැටුනා. විහංසාටත් තවත් ඉවසන් ඉන්න බෑ දෙන්නම සහස්‍රා බදාගෙන ඇඬුවා.

“මම කොච්චර දුරකට ගියත් මේ බැඳීම කැඩෙන්නෙ නෑ නේද අක්කා?” සහස්‍රා කඳුලු අතරෙම ඇහුවා.

“කවදාවත් නෑ කෙල්ල. ඔයා නැතුව අපේ ගෙදර අසම්පූර්ණයි හැමදාටම.” අපර්ණා සහස්‍රාගෙ හිස අත ගෑවා.

“සමී… පරිස්සමට ඉඳපං. මම එනවා උඹට බබා ලැබෙන්න කිට්ටු වෙද්දි. අක්කා අපේ කෙල්ලව බලාගන්න.” සහස්‍රා විහංසාගෙ කුස අත ගගා අපර්ණාට කිව්වා.

“බබා ඔච්චර අඬන්නෙ හරියට අපි බලෙන් බන්දලා දෙනවා වගේනෙ. දැන් ඇති මගෙ පුතේ.” අම්මා ඇවිත් ඇඬිල්ල තවත් වැඩි කලා.

කඳුලු අතරින් සහස්‍රායි අනුරාධයි පිටත් වෙන්න නැකත ආවා. සහස්‍රා අයියලා දෙන්නට තුරුල් වෙලා අඬද්දි කට්ටියටම දුකයි.

“සුදු අයියා මගේ කෙල්ලව බලාගන්න. චුට්ට ඇත්නම් දුක හිතෙනවනෙ. පරිස්සමෙන් බලාගන්න.” සහස්‍රා මියුරංගට තුරුල් වෙලා කියද්දි මියුරංග ඒ මූණ දෑතින්ම ගත්තා.

“බුදු සරණයි බබා.” මියුරංග සහස්‍රාගෙ නලල මත හාදුවක් තියලා අනුරාධගෙ පැත්තට හැරුනා.

“අපේ පණ. අද ඉඳන් උඹේ. පරිස්සම් කරන හැටි කියන්න ඕනෙ නෑ උඹ දන්නවනෙ. බෙස්ට් ඔෆ් ලක් මචං” මියුරංග අනුරාධගෙ උරහිසට තට්ටු කරලා කිව්වා.

“ලොකු අයියා… බඩී නැතුව පාලු වෙයි නේද?” සහස්‍රා උදම්ට තුරුල් වෙලා උරහිසේ හිස තියාගෙන වරුවක් හිටියා. උදම් අනුරාධගෙ අතකිනුත් අල්ලගත්තා.

“මගෙ බඩී හැමදාම හිනාවෙලා ඉන්න ඕනෙ. සතුටින්.” සහස්‍රාගෙ නළලට හාදුවක් දීලා උදම් එහාට උනා.

“ඔය දෙන්නා වගේ නෑණලා දෙන්නෙක් ලැබුනෙ මගෙ පිනකට. හැමදාම සතුටින් ඉන්න. මං ආදරෙයි ගොඩාක්.” සහස්‍රා විහංසාගෙයි අපර්ණාගෙයි දෙන්නගෙම කරවටේ අත් යවලා දෙන්නම වැළඳගත්තා.

“සතුටින් ඉඳපං කෙල්ලේ.” විහංසා සහස්‍රාගෙ දෙකොපුල් සිප ගෙන කියලා අනුරාධටත් විශ් කරලා මියුරංග ලඟට ගියා.

“මල්ලී පුලුවන් නම් ආයෙම ට්‍රයි එකක් දෙන්න කොළඹට බැරි නම් කිට්ටුවටවත් එන්න. මේකි නැතුව ගෙදර ඉන්න බෑ.” අපර්ණා අඬ අඬ කියද්දි අනුරාධ අපර්ණාගෙ හිස අත ගෑවා.

“අප්පච්චී….” සහස්‍රා අප්පච්චිට තුරුල් වෙලා අඬද්දි අප්පච්චිට සහස්‍රා චූටි කාලෙ මතක් උනා. ඇස් වලින් කඳුලු වැටෙද්දි හනිකට ඒ කඳුලු පිහිදාගෙන සේනාධීර මහතා තමන්ගෙ එකම දුවට සමු දුන්නා.

“අම්මා…. මට එච්චර දුර ගිහින් අම්මලා නැතුව ඉන්න බෑ. අප්පච්චිට කියලා මොකක් හරි කරන්න බලන්න අම්මා.” සහස්‍රා හැමදාම වගේ අදත් කිව්වෙ අනුරාධගෙ ට්‍රාන්සර් එක කැන්සල් කරගන්න කියලා.

“මගෙ චූටි මැණික. සතුටින් ඉන්න. අම්මයි අප්පච්චියි එන්නම්කො බලන්න.” අම්මා එහෙම කියලා සහස්‍රාව සැනසුවා.

“යුවති…. සමීව ඇස් දෙක වගේ බලාගනින් කෙල්ලේ. උඹ මම වගේ දුර යන්නෙ නෑනෙ.” සහස්‍රා යුවතිගෙන් සමුගත්තා.

“හැමදාටම මගේ පණ වගේ මම දෝණිව බලාගන්නවා. ඒක උඹට වඩා හොඳට දන්න වෙනෙ කෙනෙක් නෑනෙ.” යුවති එහෙම කියලා උදේන ලඟට ගියා. චමත් හෙමිහිට සහස්‍රා ලඟට ආවා.

“චමත් ඔයා හුඟක් හොඳ කොල්ලෙක්. කවුරුවත් නොකරන උදව්වක් ඔයා කලේ. යුවතිව බලාගන්න. යුවති හරි හොඳ කෙල්ල. වෙන කෙනෙක් නොකරන දෙයක් එයත් කලේ.” සහස්‍රා හෙමිහිට කිව්වා.

හැමෝගෙන්ම සමු අරන් සහස්‍රායි අනුරාධයි මධුසමය සඳහා පිටත් උනා. මියුරංග විහංසා උදම් අපර්ණා හතර දෙනාම ඒ විදියටම ඉඳන් පාර දිහා බලාගෙන හිටියෙ හරි හිස හැඟීමකින්. විහංසා තමයි වැඩියෙන්ම දුකෙන් හිටියෙ.

“දෝණි… දුකෙන් ඉන්න හොඳ නෑ. ඔයාගෙ මේ තත්වෙත් එක්ක.” යුවති ඇවිත් විහංසා එක්කගෙන ගියා.

“දුක නෑ මට සතුටුයි බඩීට ලැබුනෙ එයාට ලැබෙන්න හොඳම කෙනා. අනුරාධ පරිස්සමට එයාව බලාගනියි.” විහංසා කිව්වා.

“ඔව්… බලාගනිවී.” යුවති හිනාවෙලා කිව්වා. ඒ එක්කම යුවතිගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. සහස්‍රාගෙන්. යුවති විහංසාගෙන් ඈත් වෙලා එස් එම් එස් එක කියෙව්වා.

“මෙච්චර දවසක් හිටියා වගේ මේ සතියත් ඉවසන් ඉඳපං කෙල්ලේ. උඹට පිං. කවදාවත් මම උඹව අමතක කරන්නෙ නෑ.” සහස්‍රාගෙ මැසේජ් එකේ තිබුනෙ එහෙමයි. යුවති ඒක කියවලා ඩිලීට් කරලා ලොකු හුස්මක් හෙලුවා.

“ඇයි? චූටි මොකද උනේ?” විහංසා ඇහුවෙ යුවතිගෙ මූණ වෙනස් උන නිසා.

“නෑ අක්කා මුකුත් නෑ. යමු නේද දැන්.” යුවති කියද්දිම මියුරංග ආවා.

“යමු මැණික.” මියුරංග කතා කලා.

“ආහ් චූටි යන්නෙ තාත්තා එක්කද?” මියුරංග ඇහුවා.

“ඔව් අයියේ. මම අංකල් එක්ක යන්නම්. පරිස්සමෙන් යන්න දෝණි. බුදු සරණයි.” යුවති විහංසාගෙ දෙකොපුල් සිප ගෙන කියලා අපර්ණාටයි චමත්ටයි කියන්න ගියා.

“දෝණි දැන් වැඩිය හිතන්නෙ නැතුව ගෙදර ගිහින් ටිකක් විවේක ගන්න. මේ ටිකේම නිදහසක් නෑනෙ. දරුවට හොඳ නෑ එහෙම ඉන්න එක.” උදේන ඇවිත් විහංසාගෙ හිස අත ගාලා කියද්දි මියුරංගයි විහංසායි දෙන්නම උදේනගෙ දෙපා වැන්දා.

“බුදු සරණයි තාත්තා. චූටි එක්ක යන්න එහෙනම්.” විහංසා උදේනට කිව්වා.

උදේනයි යුවතියි ගියාට ටිකකට පස්සෙ කට්ටියම හොටෙල් එකෙන් පිටත් උනා.

විහංසා වොශ් එකක් දාගෙන ඇවිත් ඇඳේ හාන්සි උනේ දරාගන්න බැරි කොන්දෙ කැක්කුම නිසා. ඇස් වලින් කඳුලක් වැටුනෙ සහස්‍රාව මතක් වෙලා.

“මගෙ මැණික.. ඇයි? අමාරුයිද?” මියුරංග කලබලෙන් ඇහුවෙ විහංසාගෙ මූණෙන් අපහසුවක් පෙනුන නිසා.

“නෑ නෑ අමාරුවක් නෑ. කොන්ද ටිකක් රිදෙනවා. එච්චරයි. දවසටම හාන්සි වෙන්න බැරි උනානෙ. ඒක නිසා වෙන්න ඇති. බය වෙන්න දෙයක් නෑ.” විහංසා හිනාවෙලා කිව්වම තමයි මියුරංගගෙ හිතට සහනයක් දැනුනෙ.

“නිදියන්න එපා මම කිරි එකක් හදන් එන්නම්.” මියුරංග විහංසාගෙ හිස අතගාලා කුස්සියට ගියා.

මියුරංග එනකන් විහංසා කල්පනා කලා සහස්‍රාගෙයි ඇගෙයි යාලුකම ගැන.

“මගේ හැමදේකටම පස්සෙන් හිටියනෙ ඉතින්.” විහංසා ඇගෙයි සහස්‍රාගෙයි ෆොටෝ එකක් අත ගගා කල්පනා කලා.

මියුරංග කාමරේට ආවෙ සැන්ඩ්විච් වගයකුත් අරන්.

“බඩගින්නෙ ඉන්න බෑනෙ මගෙ මැණික. මේක කන්න. කාලා කිරි එක බොමු.” මියුරංග පොඩි දරුවෙක්ව බලාගන්නවා වගේ විහංසාව බලාගත්තෙ.

“අහස්..” විහංසා සැන්ඩ්විච් පෙත්තක් අරගෙන කතා කලේ.

“ම්ම්…”

“ඔයත් කමු. නැත්නම් මට කම්මැලියි.” විහංසා හෙමිහිට පොතක් පෙරලුවේ නැත්නම් මියුරංග අද කන්නෙ නැති නිසා. මියුරංග පුංචි කටක් කාලා විහංසාට කැව්වා.

“කිරි එක බොන්න මැණික.” මියුරංග විහංසා කිරි එක බීලා ඉවර උනාම ගිහින් ඒවා සේරම කුස්සියෙන් තියලා ඇවිත් ලයිට් නිවලා විහංසා ලඟින් හාන්සි උනා.

“අහස්…” විහංසා මියුරංගගෙ පැත්තට හැරුනා.

“කියන්න පැට්ටෝ..” මියුරංග විහංසාව පපුව මතට අරන් කතා කලා.

“චූටිගෙ වෙනසක් දැක්කද? මට මොකක් හරි වෙනසක් දැනුනා. ආයෙම දෙන්නගෙ රණ්ඩුවක්ද දන්නෙ නෑ.” විහංසා කතා කලේ හිතේ අමාරුවෙන්.

“පොඩි ලමයි නෙමෙයිනෙ මැණික. ඒ දෙන්නා ලබන සතියෙ මැරි කරන්න ඉන්න දෙන්නෙක්. එයාලා විසඳගත්තාවෙ. ඔයා ඕවා ගැන කල්පනා කරන්න ලේස්ති වෙන්න එපා. හරිද?” මියුරංග විහංසාගෙ හිස අත ගගා කිව්වා.

“හරි හරි මම හිතන්නෙ නෑ. ඔයා චමත්ගෙන් අහන්නකෝ.” විහංසා හෙමිහිට කියද්දි මියුරංගට හිනයි.

“කපටි කෙල්ල. හා හා නිදියන්න දැන්.” මියුරංග විහංසාගෙ හිස සිඹලා කිව්වා.

“බඩීට බයිට් එකක් දෙමුද?” විහංසා ඇහුවෙ ගිය වෙලාවෙ ඉඳන් කෙල්ල අවුලෙන් ඇති කියලා හිතුන නිසා.

“අපි කෝල් එකක්වත් දුන්නෙ නෑ කියලා දුකෙන් ඇත්තෙ. ගමු.” මියුරංගත් කැමති වෙලා ඒ පාර ආයෙම ලයිට් දාලා දෙන්නත් එක්ක වාඩි වෙලා එහෙම ලේස්ති උනා.

“රිංග්ස් යනවා..” විහංසා කිව්වා.

“හෙලෝ…” සහස්‍රාගෙ කටහඬ අමුතු වෙලා.

“බඩී… තාම අඬනවද?” විහංසා ඇහුවෙ හොඳටම දුකෙන්.

“නෑ නෑ සමී.. උඹ කෝල් කරයි කියලා බලාගෙන හිටියෙ මම.” සහස්‍රා කිව්වා.

“යකෝ වෙලාව කීයද? උඹ හනි මූන් ගිහිල්ලත් අපි කෝල් කරනකන් මෙච්චර වෙලා බලන් හිටියද. අපි හිතුවෙ දැන්…” කියලා විහංසා හිනාවුනා.

“අනේ පලයං… මට තාම හීනයක් වගේ හැමෝගෙන්ම ඈත් උන එක.” සහස්‍රා ආයෙම අඬන්නයි ලේස්තිය.

“බබා දැන් ඇඬුවා ඇති. අර කොල්ලට එපා වෙලා ඇති.” මියුරංග ඒ පාර කතා කරා.

“නෑ සුදු අයියා… එයාට හදිස්සි පේෂන්ට් කෙනෙක් ඇවිත් කියලා කෝල් එකක් ආවා. එයා ගියා.” සහස්‍රා කියද්දි මියුරංගට යකා නැග්ගා.

“මොකක්? කෝ දැන් ඌ” මියුරංග තරහෙන් ඇහුවෙ.

“ඔන්න ගිහින් ඇවිත් වොශ් රූම් එකේ. මම බලන් හිටියෙ ඔයාලා කෝල් කරයි කියලා.” සහස්‍රා ආයෙම කියද්දි විහංසාගෙ පපුව පිච්චුනා.

“මෙච්චර වෙලා බලන් හිටියද කෙල්ලේ.” විහංසා දුකෙන් ඇහුවෙ.

“ඒකට කමක් නෑ. මම දන්නවා උඹට අමාරු ඇති අද දවසෙම හාන්සි උනේවත් නෑනෙ.” සහස්‍රා හිනාවෙලා කිව්වා.

“අපි උදේට එන්නද බලන්න.” විහංසා ඇහුවෙ දුක නිසාමයි.

“හෙට…. හෙට මෙයා නිවාඩුයිනෙ.” සහස්‍රා කල්පනා කරලා කිව්වා.

“හා හා අපි එන්නෙ නෑ.” විහංසා හිනාවෙවී කියද්දි සහස්‍රාත් හිනා උනා.

“තියන්නම් එහෙනම්. දැන් අනුරාධ එයිනෙ. බුදු සරණයි කෙල්ලේ.” විහංසා කිව්වා.

“බුදු සරණයි.” සහස්‍රා කෝල් එක කට් කරා.

“දුකෙන් ඉන්න ඇත්තෙ.” මියුරංග කිව්වෙ දුකෙන්.

“ඔව්… අපිට ගන්න තිබුනෙ කලින්.” විහංසාත් හාන්සි වෙන ගමන් කිව්වා.

“ඌට නිවාඩු දැම්ම නම් මොකටද හොස්පිට්ල් එකට රිංගුවෙ අදත්. අයියා දැනගත්තොත් යකා නගියි.” මියුරංග අනුරාධ එක්ක තරහෙන් කිව්වෙ.

“එයා කරන්නෙ අපි කරන ඒවා වගේ ජොබ් නෙමෙයිනෙ මහත්තයෝ. ඒක මනුස්ස ජීවිත එක්ක කරන ජොබ් එකක්.” විහංසා මියුරංගගෙ හිස අත ගාමින් ඔහුව සනසන්න උත්සාහ කලා.

පහුවෙනිදා උදේ ගෙදර එකම කලබලයයි. හෙට දෙවනි ගමන. හැමෝම අරෙහෙ දුවනවා මෙහෙ දුවනවා. නැකැත් තිබුනෙ උදේ. ඉතින් අද මෙහෙන් නුවරඑළියෙ යන්න පිටත් වෙන්න ඕනෙ. විහංසාවයි අපර්ණාවයි ගෙදර තියලයි කට්ටිය යන්නෙ. බබා පුංචි නිසා එච්චර දුරක් යන්න බෑ අනික විහංසාට බබා ලැබෙන්න මුල දවස් නිසා යන්න බෑ. උදම්නුයි මියුරංගයි දෙන්නම අකමැත්තෙන් තමයි ගමන යන්න ලේස්ති උනේ. කරන්නම දෙයක් නැතිකමට.

“මැණික… පරිස්සමට ඉන්න. බුදු සරණයි.” මියුරංග විහංසාගෙ නලල සිප ගෙන කියලා යන්න වාහනේට නැග්ගා.

අපර්ණාත් බබත් එක්ක එලියට ගිහින් කට්ටිය යනවා බලාගෙන හිටියා.

“අපරාදෙ යන්න තිබුන නම් ශෝක් නේ බං. මම කාලෙකින් ගියේ නෑ.” අපර්ණා දුකෙන් කිව්වෙ.

“කෙල්ල මට දීලා ඔයාටත් යන්න තිබුනෙ.” විහංසා හිනාවෙලා දරුවා වඩා ගත්තා.

“අන්න කෝල් එකක්. ශුවර් එකට බඩී.” අපර්ණා කිව්වෙ ගේ ඇතුලෙ විහංසාගෙ ෆෝන් එක රිංග් වෙනවා ඇහිලා. විහංසා හෙමින් හෙමින් ගෙට ගිහින් කෝල් එක ආන්සර් කරා. සහස්‍රා නෙමෙයි මියුරංග කෝල් කලේ

“හෙලෝ….” විහංසා කතා කරා.

“මැණික මට ආයෙම එන්න හිතෙනවා.” මියුරංග කියද්දි විහංසාට දුකයි.

“බඩී පව්. මටත් එන්න තිබුන නම් එනවා. අක්කත් අප්සට් එකෙන් ඉන්නෙ.”

“ඔයාට දුර එන්න බෑනෙ. නැත්නම් මම තියලා එන්නෙ නෑ.” මියුරංග ගොඩක් වෙලා කෝල් එකේ කතා කර කර හිටියා.

සහස්‍රා විහංසාට අරන් බැරිම තැන අපර්ණාගෙ ෆෝන් එකට ගත්තා.

“අරකි කෝල් එකක්ද අක්කා.” සහස්‍රා කෝල් එක ගත්ත ගමන් ඇහුවා.

“ඔව් ඔව්… ඔයාගෙ සුදු අයියට සාංකාව වගේලු. මෙයා මෙහේ දාලා ගිහින්.” අපර්ණා හිනාවෙවී කිව්වා.

“පාලුයි ඔයාලා නැතුව.” සහස්‍රා ඇස් වලින් කඳුලක් වැටෙද්දි කිව්වා.

“ඕක හරියනවා ටික දවසකින්. බලන්නකො.” අපර්ණා එහෙම කිව්වත් සහස්‍රාගෙ හිත හැදෙන්න කාලයක් යන බව අපර්ණා දැනන් හිටියා.

අපර්ණාට විහංසාට හිත හදාගන්න ලේසි උනේ මේ පවුල හොඳ නිසා. පවුලෙ හැමෝම එක්ක ඉද්දි පාලු දැනුනෙ නෑ. ඒත් සහස්‍රාට දුරට වෙලා තනියම ඉද්දි හිත හදාගන්න අමාරු වෙයි තමයි. අනික අනුරාධත් හැම වෙලාවෙම හොස්පිට්ල් එකේනෙ. අපර්ණා ෆෝන් එක තියලත් වරුවක් කල්පනා කලා.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *