මා නොවේ ඈ නුඹේ 64 කොටස

“අහස්…” විහංසා කතා කලේ මියුරංග ඇහැරෙන්න පරක්කු නිසා.

“නැගිටින්නකෝ.. පරක්කු වෙනවා. කෙල්ල බලන් ඇති.” විහංසා ලේස්ති වෙන ගමන් කතා කලා.

“කොහෙ යන්නද මේ උදේම?” මියුරංග ඇස් පොඩි කර කර ඇහුවා.

“ඇයි අනේ චූටි බලන් ඇති. හෙට එයාල යනවනෙ.” විහංසා මියුරංගගෙ ලඟින් ඉඳගෙන කිව්වා.

“හරි හරි මට අමතක උනා. දැන් ඔන්න මූණ බෙරි කරගන්න ඔට්ටු නෑ මම ඉක්මණට ලේස්ති වෙන්නම්. හිනාවෙලා ඉන්න මගෙ මැණික.” මියුරංග ඉක්මණට ඇඳෙන් බැහැලා වොශ් රූම් එකට ගියා.

“ඒ සමී වැඩක්ද?” අපර්ණා කතා කරනවා ඇහුනා.

“ඇයි අක්කා.”

“මේ කෙල්ලව පොඩ්ඩක් බලන්නකෝ. මම වොශ් රූම් එකේ. නිදාගෙන හිටියේ. ඇහැරිලා වගේ.” අපර්ණා කියනකොට විහංසා කාමරේට ගිහිල්ලත් ඉවරයි.

“චූටි මැණික… ඕ…. මොකද කලන්නෙ? අම්මි නෑ… නෝටි අම්මි නේද?” විහංසා දරුවා වඩාගෙන ඇගේ කාමරයට ගියා.

“අන්න අන්න බාප්පත් ඇවිත්. ආ…හ් කෝ ඕම ඉන්න. දඟ කලන්න බෑ..” විහංසා දරුවව ඇඳෙන් තියලා එයාත් එක්ක කතා කර කරම කොණ්ඩෙ පීරුවා.

“හොඳ ප්‍රැක්ටිස් එක අපරාදෙ කියන්න බෑ” මියුරංග හිනාවෙවී කිව්වා.

“මේවට ප්‍රැක්ටිස් වෙන්න දෙයක් නෑ. දරුවො ඉන්න අම්මලා ඉබේම මේකට හැඩ ගැහෙනවා.” විහංසා මියුරංගගෙ කම්මුලක් මිරිකලා කිව්වා.

“හා හා ඔයා මේ ලේස්ති උනේ කෑම එහෙම කාලද?” මියුරංග අත් දෙකත් ඉණට ගහන් ඇහුවා.

“නෑ ඔයා ඇහැරෙනකන් හිටියනෙ.” විහංසා දරුවා ලඟින් වාඩි වෙලා කිව්වා.

“දෙන්නෙ පණ්ඩිතයට හොඳ ගුටියක්. මම කියල තියෙනවා මම ඕනෙ නෑ බඩගිනි උනාම කන්න කියලා. කියන දෙයක් අහන්නෙම නෑ නේද දැන්.” මියුරංග ඇහුවා.

“මේකනේ… ඔයාට කිරි එක හදද්දි මම තව කිරි එකක් බිව්වා. සෙකන්ඩ් ටයිම්.” විහංසා ඇඟිලි දෙකක් පෙන්නලා නැලවිලා කියද්දි මියුරංගට ලෝබයි.

“දරුවා ලැබුනම ඔයාට හුරතල් වෙන්න වෙලාවක් නැති වෙයි.” මියුරංග විහංසාගෙ හිස අතගාමින් කිව්වා. අපර්ණා දොර ලඟට ඇවිත් උගුර පෑදුවා. දෙන්නම ගැස්සිලා දොර දිහා බැලුවෙ.

“මොකද?” විහංසා ඇහුවා.

“නෑ ඉතිං අලුත බැඳපු ජෝඩුවක් ඉන්න කාමරේකට එද්දි එහෙම එන්න එපැයි.” අපර්ණා හිනාවෙවී ආවා.

“කියන්නෑ ඉතිං.” විහංසා එහෙම කියලා නැගිට්ටා.

“කොහෙද මුන් ඉන්න තැනක මාස දෙකක පොඩි එකෙක් වත් තියන්න බෑ. නරක් වෙනවා.” අපර්ණා මියුරංගට ඇහැක් ගහලා කියාගෙන කාමරෙන් ගියා.

“මම කිව්වා කියල හිතාගෙන යනවා.” විහංසා හයියෙන් කිව්වා. මියුරංගට හිනයි.

“මොකද සද්දෙ?” අම්මා ආවෙ එහෙම අහගෙන. විහංසා හිනා උනා.

“මේ දෙන්නගෙ හරි හරි සෙල්ලම් තියෙන්නෙ නේද අම්මා.” මියුරංග අම්මගෙ බෙල්ල වටේ අත දාලා උරහිසෙන් හිස තියාගත්තා.

“පුතේ කෑම කාලා ඉමු. දෝණි කියනදේ අහන්නෙ නෑනෙ සුදු පුතා. දැන් ඇහැරිලා කොච්චර වෙලාද? මේ තරම් වෙලා බඩගින්නෙ ඉන්න හොඳ නෑ.” අම්මා කිව්වා.

“මම මෙයාට මුකුත් කියන්නෙ නෑ අම්මා. දෙයක් කිව්වම අහන කෙනෙකුටයි කියන්න ඕනෙ. මෙයා දැන් හරි පණ්ඩිතයි.” මියුරංග එහෙම කියලා කාමරෙන් ගියා.

“යමු දෝණි. මම කෑවෙත් නෑ. අක්කා නම් අයියා යද්දි කෑවා. මම හිටියා ඔයාලා එනකන්. අප්පච්චිත් උදේම වැඩකට කියලා ගියා.” අම්මා විහංසාගෙ හිස අත ගගා කතා කලේ.

“අප්පච්චි හරියට මහන්සි වෙනවා අනුරාධ පුතාගෙ ට්‍රාන්සර් එක හදාගන්න. අදත් ගියේ ඇමතිතුමා හම්බ වෙන්න.” අම්මා දුකෙන්.

“අම්මා… ඒක හරියයි. බඩී පව්. එයත් දුකෙන් ඉන්නෙ ගොඩක්. අනුරාධ ගේ හදනකන් බඩීව මෙහෙ තියාගන්න පුලුවන්නෙ අම්මා. කොහොම හරි ඕක හරියයි.” විහංසා අම්මගෙ හිත හැදුවා.

“විහංසා කෑම කන්න එනවද? නැද්ද?” මියුරංග අන්තිමට තර්ජනාත්මක ස්වරයෙන් කතා කලේ.

“ඔන්න දැන් ශේප් කරගන්න බැරි වෙයි. යමු යමු.” විහංසා හිනාවෙවී කිව්වා. අම්මයි දූයි හිනාවෙවී කෑම මේසෙට ආවා.

“මොකද හිනාවෙන්නෙ?” මියුරංග ඇහුවෙ තරහෙන්.

“නෑ අපි මේ කතා කලේ අනුරාධගෙ ප්‍රශ්නෙ ගැන සුදු පුතා. අප්පච්චි ගියා අද එදිරිමාන්න සර් මීට් වෙන්න. අදවත් වැඩේ හරිගියොත් හොඳයි.” අම්මා කෑම බෙදාගන්න ගමන් කිව්වා.

“බබා දුකෙන් ඉන්නෙ. ඕක හදාගන්නම ඕනෙ අම්මා. සල්ලි දීලා හරි කමක් නෑ.” මියුරංගත් එහෙම කිව්වා.

දෙන්නත් එක්ක යුවතිගෙ ගෙදර ගියේ දැනට යුවති චමත් ජෝඩුව ඉන්නෙ යුවතිගෙ ගෙදර නිසා.

“අනේ දෝණි ඇයි පරක්කු උනේ මම ගොඩක් වෙලා බලන් හිටියා.” යුවති දුවගෙන ඇවිත් විහංසාගෙ අතේ එල්ලුනා.

“මම එනකන් මග බලන් හිටියෙ මොනාද මට හැදුවේ?” විහංසා හිනාවෙවී ඇහුවා.

“ඔන්න අද මමයි ඉව්වෙ. මගේ කොලු පැටියට ඉව්වෙ.” යුවති විහංසාගෙ කුසට අත තියාගෙන කිව්වා.

“ආහ්…. මට නෙමෙයි උයල තියෙන්නෙ පුතාට.” විහංසා මූණ හකුලන් කියද්දි යුවති විහංසාව තුරුල් කරගත්තා.

කෑම කාලා කට්ටියම කතා කර කර ඉඳලා විහංසා යුවති එක්ක යුවතිගෙ කාමරේට ගියා.

“අම්මෝ චූටී… කෑවා වැඩියි.” විහංසා ඇඳ විට්ටමට කොට්ටයක් තියාගෙන වාඩි වෙලා කකුල් දෙකත් ඇඳ උඩට ගත්තා.

“මම කකුල් අත ගාන්නද දෝණියෝ…” යුවති විහංසාගෙ කකුල් අත ගගා ඇහුවා.

“පිස්සු කෙල්ල. එහෙම අමාරුවක් නෑ. ඔයා බඩු පැක් කරගන්න.” විහංසා හිනාවෙවී කිව්වා. යුවති අල්මාරිය ඇරලා ටිකක් ලොකු පැකින් කරපු මොකද්දෝ ගත්තා.

“දෝණි… මාව මතක් වෙන්න මේක තියාගන්න.” යුවති ඒක විහංසාගෙ අත් දෙක උඩින් තිව්වා.

“මොනාද බලමු.” විහංසා පැකින් එක කඩකා බැලුබා. ලස්සන හංස ජෝඩුවක් ඉන්න ටිකක් ලොකු ස්ටැචූ එකක් දුන්නා. විහංසා ඇස් වල කඳුලු පුරවගෙන හිනාවෙලා හංස ජෝඩුව අත ගෑවා.

“තෑන්ක් යූ… මම දීපු එක බලන්න. පහල නේද තිව්වෙ.” විහංසා ඇහුවා.

“ඔව්නෙ. ඉන්න මම අරන් එන්නම්.” යුවති එහෙම කියලා දුවලා ගියා පහලට.

“චූටි හෙමින් යනවා වැටෙයි.” විහංසා කිව්වා.

යුවති විහංසා දුන්න ප්‍රසන්ට් එකත් අරන් කාමරේට ආවා.

“මොනාද දෝණි මේ?” වන්දනාත් එහෙම අහගෙන කාමරේට ආවා.

“චූටි බලන්න.” විහංසා කිව්වාම යුවති ප්‍රසන්ට් එකේ කවර් එක ගලවලා බැලුවා.

“දෝණි මේක?” යුවති ඇහුවෙ ඇස් ලොකු කරන්.

“ඔව් ඇයි?” විහංසා දුන්නෙ යුවතිගෙ වෙඩින් එක දවසෙ කපල් එකත් එක්ක විහංසායි මියුරංගයි ගත්ත ෆොටෝ එක සාමාන්‍ය ප්‍රමාණයට ලොකු කරලා.

“අක්කා…” යුවති අඬාගෙන විහංසාව වැළඳගත්තා.

“චූටි… මොකටද මේ අඬන්නෙ? ටික දවසකට දුරස් වෙනවා. ඒත් ආයෙම එනවනෙ. නේද?” විහංසා යුවතිගෙ හිස අත ගාමින් ඇයව සැනසුවා. වන්දනා බලන් හිටියෙ ලෝබ කමින්.

“හ්ම්ම්.. චූටි ඔයා අක්කව අඬවන්න එපා. එයා මේ ටිකේම අඬපු එක කලේ. දරුවට හොඳ නෑ අඬනකොට.” වන්දනා එහෙම කියලා දෙන්නගෙම හිස අත ගාලා ගියා.

“මගෙ හොඳ කෙල්ලනෙ. නාඬා ඉන්නකෝ.” විහංසා යුවතිගෙ නළල සිප ගෙන කිව්වා.

“තව මොනවද තියෙන්නේ?” යුවති ඇහුවා.

“බලන්න ඉතින්.” විහංසා හිනා උනා. යුවති පැක් කරලා තිබුන අනිත් පාර්සල් එක අරන් බැලුවා. පොඩි බබාලට ඇඳුම් නැපි.. යුවති එකින් එක දිග ඇරලා බැලුවා.

“අක්කා ඇයි මේවා මට? මට නෙමෙයිනෙ ඔයාටනෙ මේවා ඕනෙ.” යුවති කිව්වා.

“ඔය දෙන්නා රට යනවා කිව්ව ගමන් ඉඳන් මගෙ අත් දෙකෙන් ඕවා මැහුවෙ. කවුද දන්නෙ දෙන්නා විතරක් ගියාට එහෙදි තුන්දෙනෙක් වෙයිද කියලා. ඒ නිසා පැටියට අන්දවන්න ලොකු අම්මා දුන්නෙ කියලා.” විහංසා යුවතිගෙ මූණ පිරිමැදලා කිව්වා. යුවති හයියෙන් අඬාගෙන විහංසාගෙ උරහිසට බර උනා.

“චූටි මම කලේ මගේ යුතුකම. සමහර විට මට ඔයා ඒ වගේ තත්වෙක ඉද්දි ඔයාව බලන්න එන්න බැරි වෙයි. ඒ නිසා ඔයා මේවා පරිස්සමට තියා ගන්න. චමත් කිව්වා මට ඩිග්‍රි එක කම්ප්ලීට් කරාට පස්සෙ එහේම සෙට්ල් වෙන්න උනොත් ඒකටත් රෙඩි පිටයි යන්නෙ කියලා. කමක් නෑ. මට පුලුවන් දවසක එනවා මගෙ නංගිව බලන්න.” විහංසා ඇස් වල කඳුලු බිමට වැටෙද්දි කිව්වා.

“මම ආදරෙයි මගෙ අක්කේ.” යුවති අඬ අඬම කිව්වා.

පහිවෙනිදා හවස ෆ්ලයිට් එක තිබුනේ. මියුරංගයි විහංසායි එක්ක අපර්ණා උදම් දෙන්නත් එයාර්පෝර්ට් එකට ගියා. උදේනත් ආවා. යුවති උදේනව බදාගෙන ගොඩාක් වෙලා ඇඬුවා.

“සතුටින් ඉන්න දරුවෝ.” උදේනටත් ඇඬුනා යුවතිගෙ ඇඬිල්ලට.

“අයියේ මගේ අක්කව ඇස් දෙක වගේ බලාගන්න.” යුවති මියුරංගට එයාර්පෝර්ට් එකේදි දණ ගහලා වැන්දා. මියුරංගට දුක හිතුනා.

“සේෆ් ජර්නි.” මියුරංග යුවතිගෙ හිස අත ගාලා කිව්වා.

“දෝණි මම ආදරෙයි ඔයාට ගොඩාක්.” යුවති විහංසා බදාගෙන ගොඩක් වෙලා ඇඬුවා. විහංසා දුක හිර කරන් හිටියෙ යුවතිව සතුටින් යවන්න ඕන නිසා.

යුවති විහංසාගෙ නළලට හාදුවක් දීලා විහංසාගෙ කුසටත් අත තිව්වා.

“පුංචි ඉක්මණටම එනවා පුතු බලන්න.” යුවති එහෙම කියලා වන්දනා ලඟට ගියා.

“අම්මා මගේ දෝණිව බලාගන්න.” යුවති වන්දනාගෙ උරහිසේ හිස තියාගෙන අඬලා දයාන්ගෙ පැත්තට හැරුනා.

“තාත්තා අඬන්න එපා.” යුවති තාත්තගෙ කඳුලු පිසදමමින් ඇඬුවා. දයාන් හිතේ හිර කරන් ඉඳපු සේරම වේදනාවන් යුවතිව බදාගෙන අඬලා ඉවර කරගත්තා.

“මගෙ දූ සතුටින් ඉන්න. මටයි අම්මටයි ඒ ඇති.” දයාන් යුවතිගෙ නළල සිපගෙන කිව්වා.

“අපර්ණා අක්කා සහස්‍රාට කියන්න මම කෝල් එකක් දෙන්නම් කියලා. එයාව මතක් කරා කියන්න. මගෙ දෝණිව බලාගන්න.” යුවති අපර්ණාගෙත් දරුවගෙත් කම්මුල් සිපගෙන උදම්ටත් කියලා ආයෙත් විහංසා ලඟට ආවා.

“පරිස්සමෙන් යන්න. ගිහින් කෝල් එකක් දෙන්න මැණික.” විහංසා යුවතිගෙ දෙකොපුල් සිපගෙන ඇයට සමු දුන්නා.

යුවති චමත්ගෙ අතින් අල්ලන් එයාර්පෝර්ට් එක ඇතුලට යන්න හැරුනා.

“මල්ලි…” ඒ විහංසා.. චමත් ආයෙම හැරුනා.

“මගේ චූටිව බලාගන්න.” විහංසා චමත්ගෙ අතින් අල්ලන් කියද්දි චමත්ගෙ ඇස් වලිනුත් නොදැනිම බිමට වැටුනා.

ඒ දෙන්නා යනකන් විහංසා හරිම අමාරුවෙන් දරාගෙන හිටියා. අඬ අඬම මියුරංගව බදාගත්තෙ දුක වැඩි කමටමයි. යුවතිලා නොපෙනී යනකන්ම ඉඳලා කට්ටිය එන්න හැරෙද්දි විහංසාගෙ ඇඟේ කවුද හැප්පුනා.

“ඕහ් සොරි…” විහංසාට ඉබේම කියවුනා.

“විහංසා.” මියුරංග විහංසාගෙ උරහිස් දෙකෙන් අල්ලගත්තා.

“රියලි සොරි. ඉට්ස් මයි මිස්ටේක්. සොරි.” ෆොරින් ගෑණු කෙනෙක්. ඇගේ අතේ මාස අටක නවයක හුරුබුහුටි බබෙකුත් හිටියා.

“ස්වීට් බේබි.” විහංසා බබාගෙ කම්මුලක් අත ගෑවා.

“තෑන්ක් යූ ඩියර්. ගුඩ් බායි.” ඇය ඇගේ අතින් ගිලිහුනු බෑග් එකත් අරන් විහංසාට පිටුපා යන්න ගියා. බබා හැරිලත් විහංසා දිහා හිනාවෙවී බලන් හිටියා. විහංසාගෙ ඇස් තිබුනෙත් ඒ බබා ගාව.

“මැණික…” මියුරංග කතා කලා.

“ඒ බබාව දැක්කද? හරිම ස්වීට්.” විහංසා මියුරංග එක්ක එනගමනුත් ආයෙ හැරිල බැලුවා.

ගෙදර ඇවිල්ලත් විහංසාට හරියට වතුර එකක්වත් බොන්න බෑ. ඒ තරම් ඇගේ හිත ලෙඩ වෙලා.

“පිං සිද්ද වෙයි. මේ කිරි එකවත් බොන්නකෝ.” මියුරංග දෙවනි වතාවටත් කිරි වීදුරුවක් හදන් ආවා.

“හ්ම්ම්ම්… මට දුකයි.” දිගු සුසුමක් හෙලපු විහංසා කිරි වීදුරුව අතට ගත්තා. විහංසාගෙ ඇස් වලින් ඔහේ කඳුලු ගලාගෙන ගියා.

“යුවති ගියේ එයාගෙ ජීවිතේ හදාගන්න. එයා ලස්සනට ඉඳීවී. ඒක අපි හොයල දුන්න ජීවිතයක් නෙමෙයිනෙ. එයාමයි හොයාගත්තෙ.” මියුරංග පැහැදිලි කලා.

“ඔව් එයා සතුටින් ඉඳීවි.” විහංසා මියුරංගට තුරුල් උනා.

දින සති ගෙවුනා. යුවති කාටවත් කෝල් කලේ නෑ. දෙන්නම එෆ්බී ඇවිත් තිබුනෙත් නෑ. විහංසාට සැරින් සැරේ එක එක දේවල් හිතුනත් ඇය හිත හදාගත්තා දැන් ඒ දෙන්නා එකටනෙ ඉන්නෙ කියලා.

“සමී…. අනේ කෙල්ල දරුව ලඟින් හාන්සි වෙලා ඉඳපංකො. මේ රෙදි ටික වේලෙන්න දාන්න ඕනෙ.” අපර්ණා කතා කරාම විහංසා අපර්ණාගෙ කාමරේට ගියා.

“හැමදේටම මම ඕනෙ. මගේ බබා ලැබුනම හෙලවෙන්න දෙන්නෙ නෑ මම මගේ ලඟින්.” විහංසා බැන බැන ගිහින් දරුවගෙ ලඟින් හාන්සි උනා.

“මම දන්නවනෙ මගෙ කෙල්ල එහෙම නරක නෑ කියලා. උඹට හැබැයි මම කෙසේ වෙතත් අපේ කෙල්ල නම් ෆුල් සපෝර්ට් එක දෙයි.” අපර්ණා හිනාවෙවී රෙදි ටිකත් අරන් එලියට ගියා.

“ආ මොකද මෙ අම්මයි චූටි අම්මයි සණ්ඩු වෙනවද? ඕ අපේ චූටි මැණික බලාගන්න බෑ කියනවද?” අම්මත් ඇවිත් දරුවගෙ අනිත් පැත්තෙන් හාන්සි උනා.

“හෙට බබා එනවා දෝණි. අනුරාධට හරිම සතුටුයිලු. හැබැයි ඒ ලමයා දිගටම මෙහේ ඉන්න බලයිද දන්නෑ.” අම්මා කිව්වෙ අමනාපෙන් වගේ.

“ඉඩකඩ ප්‍රශ්නෙකුත් නැහැනෙ අම්මා. හිටියත් හොඳයිනෙ. අපිටත් පාලු නෑ බඩී ඉන්නකොට.” විහංසා හිනාවෙලා කිව්වා.

“ඒ උනාට එහෙම ඉන්න එක හොඳ නෑ දෝණි.” අම්මා කිව්වා.

“අනුරාධ ඉක්මණට ගේ හදයි අම්මා.” විහංසා අම්මගෙ හිත සැනසෙන්න කිව්වා.

“බඩීට කෝල් එකක් ගන්න ඕනෙ.” විහංසා ෆෝන් එක අරන් එන්න කාමරේට ගියා.

“ආ.. උඹට දැන් අපිව අමතකම වෙලා නේද?” විහංසා එහෙම අහ අහ ආයෙම අපර්ණාගෙ කාමරේට ආවා.

“අනේ පලයන්. උඹටනෙ මාව අමතක වෙලා තියෙන්නෙ.” සහස්‍රා බැන්නා.

“මොකද්ද කිව්වෙ අයියා ඊයෙත් කතා කලා නේද?” විහංසා ඇහුවා.

“ඒ ඉතිං අයියනෙ. උඹ නෙමෙයිනෙ.” සහස්‍රා දුක තැවරුනු කටහඬින් කිව්වෙ.

“හරි හරි දැන් ඒකෙන් වැඩක් නෑ. කියපං එන්න සේරම ලේස්තිද?” විහංසා ඇහුවා.

“හ්ම්ම්… සේරම ලේස්තියි දැන් එන්න විතරයි තියෙන්නෙ.” සහස්‍රා ගොඩක් සතුටින්. ඇගේ කටහඬින්ම ඒක තේරුනා.

“හ්ම්ම්… හරි හරි. එහෙනම් මම උදේට ගන්නම්. තියන්නම්. බුදු සරණයි.” විහංසා කෝල් එක කට් කලා.

“මොන දේකින් හරි මගෙ දරුවො ටික සතුටින් ඉන්නවනෙ. මට ඕනෙ එච්චරයි.” අම්මා විහංසාගෙ හිස අත ගාලා කිව්වා.

“ආනේ ආන්ටි…. කොහොමද? යමු ගෙට.” අපර්ණා කාත් එක්කද කතා කරනවා ඇහුනා. විහංසා දරුවත් වඩාගෙන අම්මත් එක්ක එලියට ආවෙ කවුද ආවෙ බලන්න.

ආයෙත් හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *