මියෙදෙන තුරා.. 01 – Sanduni Kanchana

01. වන කොටස.

මා ඒක්ටැම් ගෙයක සිරවී අැතයි සිතමි. මා සගවා තැබී මේ කිසියම් වටින්කමක් හෝ පැහැදිලි හේතුවක් අැතැයී මා නොසිතෙයී. කිමද මා පැහැර ගෙන යාමට කුමරෙක් නැත. මාමාවරුන් මරණවා යැයී අනාවැකියක්ද නැත. නමුදු මා මේ දෙමහල් විසල් මැදුරේ , සුවිසල් කාමරයක සිරකාරියක් වී අැත. අතට පයට මෙහෙකරමවන්, දෙව් ලොවක සම්පත් තිබුනද සිත තුල කිසිදු සතුටක් තිබුනේ නෑ.

අදුර කෙමන් අාලෝකය ගිල ගමින් පවතින මොහොතේ මම ජනෙල් කවුලුව අසලට වී පිටත බලා සිටියා. කවුලුවෙන් පිටත ලෝකය ඉතා බියකරු ලෙස පෙනෙන්නේ මංදැයී මම දන්නේ නැහැ. නමුදු ඒ ලොකයට මා නොගැලපෙන බව හෝ නොගලපා අැති බව පමනක් මම දනී . මා හට කවුලුවෙන් පෙනුනේ සැමදා මෙන් සුපුරුදු රූස්ස ගස් කීපයත්, ඒ අතරින් ගිනි ගත් හිරු කදු අතර සැවන අයුරුත් පමනයි.

ලොකු බේබී …. මොකද තවමත් ඔය ජනෙල් අැරගෙන. ලොකු නෝනා ඒහෙම අාවොත් මටත් ඒක්ක දොස් අහන්න වේවී.

ඒය මා හට සැමදා සුපුරුදු වැකියක්. සැමදා මෙලෙස ගස් පෙල අතරින් හිරු අවරට යාම බලා සිටීම මගේ පුරුද්දක් වෙලා තිබුනා. ලීලමිමාගේ වදන සවනට වැකුනත් මම නොඅැසුනා මෙන් ජනෙල් කවුලුවෙන් තවත් ටිකක් පිටතට නැබුරු වුනා. ලීලම්මා නම් මෙම නිවසේ පැරණිම මෙහෙකාරියයි. නමින් ලීලාවතී නම් වූ අැය මා දන්නා කාලයේ සිට මෙම පවුලට ලැදිව සේවය කරයි. කුඩා අවදියේ සිට අප උකුලේ හොවා, නළවවා, කවා , පොවා රැක බලා ගත් නිසා , මවුටත් වඩා අප අැයට කිට්ටු වුනා.

මොකද ලොකු බේබී අද අමුතු විදිහක්.

වෙනදා ලීලම්මාගේ වදනින් කවුලුෙවන් ඉවත්ව ජනෙල් පිහන් වසා දැමීමට ඉඩ දෙන නිසා, අැය පුදුමව අැති බව මට තේරුනා.

අනේ මංදා ලීලම්මේ.

ලොකු බේබී දුකකින්ද ඉන්නේ

පහලින් අප්පව්වීගේ කාරය ගරාජයට දමන හඩ අැහිලා මම ඒ දෙස බැලුවා.

අාන් ලොකු මහත්තයයී පොඩි බේබී අාවා. යමු යමු ලොකු බේබී පහලට.

යැයී පවසමින් ලීලම්ම ලහි ලහියේ ජෙනෙල් කවුලු වසන්න වුනා.

යමුකෝ ලොකු බේබී

මට බෑ ලීලම්මේ. ලීලම්මා යන්න.

පුංචි බේබී හෙට අදින්න අැදුන් අරන් අැවිත් අැති.

මොකක් හරි කොට කෑල්ලක් අරන් අැවිත් අැතී.

මම අකමැත්ත ප්‍රකාශ කරමින් සිනිදු යහනෙහි කොනක වාඩී වුනා.

රට ගිහින් අාපු හින්දා පුංචි බේබී සංකර සිරිත් වලට පුරුදු වෙලා. අනේ මංදා ඔවා අදින්න විලිසංගයක් නැද්ද කියලා. පුංවි කාලේ වත් නොඅැදපු තරම් කොටටනේ දැන් අදින්නේ. ලොකු බේබිවත් පොඩ්ඩක් කියලා බලන්නකො.

ලීලම්මා කම්බුලේ අතක් ගසා ගනිමින්, දැඩි සිත්තැවුලෙන් කීව්වා.

ඒයා කවද්ද ලීලම්මා මං කියන ඒවා අැහුවේ. අප්පව්වී කියන දෙයක් වත් අහනවද?

ඒක නේන්නම් ලොකු බේබී. හෙට ඔය ඒනවා කියන හාදයත් මොන ජතියෙද දන්නේ නෑ. මේ ලොකු නෝනලත් මොකුත් කල්පනා කරන්නේ නෑනේ. ලොකු බේබී ගෙදර ඉද්දී පුංවී බේබිට මනමාලයේ බලනවා.

මගේ හිත කම්පාකරවන ඒකම කරුනද මෙයයි. නමින් නිල්මීණී සුබෝදනී වීරසිංහ වන මා ජීවිතෙන් තිස් හතර වසරක් නිමා කල අවිවාහක තරුණියක්. පවුලේ වැඩිමහල් දියණිය වන මා හට ඒක් නැගණියක් හා මල්ලිලා දෙදෙනෙක් සිටී. පුංවී මල්ලී නිලූක සුනෙත් වීරසිංහ වැඩි දුර අධ්යාටපනයට විදේශ ගත වී, හිතු මනිපයට විදේශික තරුණියක් සමග විවාහා වී සිටී.ඔහු මව් රටට නොඒන්නට තීරනය කර අැත. ලොකු මල්ලී නිරෝෂන විකුම් රණසිංහ, දෙදරු පියෙකි, පියා ගිය මගම යමින් දේශපාලනයට අවතීරනය වී සිටී. ඔහුගේ බිරිදත් දරු දෙදෙනත් ජීවත් වන්නේ මෙම නිවෙසෙමයි. බාල නැගනිය නිලුෂා නුවංගී රණසිංහ විදෙස් ගතව වැඩිදුර අධ්යායපනය නිම කොට සති දෙකකට ප්‍රථම මෙරටට පැමින සිටී. විසි හතරවන වියෙහී පසුවන අෑ බෑලීමට හෙට දිනයේ මානාලෙයක් පැමිනීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ. අැරත් මෙය අැගේ කැමැත්ත මත සිදුවන පැමීනීමකී. විදෙශ ගතව සිටි සමයේ අැති කරගත් අාදර සම්බන්දතාවයක් නිසාවෙන් සිදු වෙන්නට යන විවාහායකි .

මා සිත තුල අැත්තේ ඊර්ෂ්යා වක් නොව, මා ගැනම ලැජ්ජාවක් හා දුකකි. මට මතක අැති අයුරින් මම බැලීමට මනාලයින් තිහ හතලිහකට අාසන්න ප්‍රමානයක් පැමින අැත. ඒ ඒන හැම අයෙකුගේම මට අැදයක්, කීමට දොසක් තිබුනා. සමහරුන් මගේ කෙසග සිරුර හා මලානික මුහුන නිසා මට අකැමැත් වන්න අැතැයී මට සිතනවා. තවත් සමහරුන් ඉහලින්ම මට කැමතී වුවත් , මම වෙනුෙවන් ලැබෙන දෑවැද්දට ලෝභ කම් කරනවා යැයී මම සිතුවා.

ලොකු බේබී ….. ලොකු බේබී ….

මොකද සිගිතී.

ගෙදර වැඩට සිටින කුඩා කොලු ගැටයා කාමරේ දොර අභියස නතර වී කෑ ගහන්න ගත්තා.

මොකද්ද … මේ .. කියන්න අාවේ.. මේ .. මේ මතක නෑනේ හ්හ් ලොකු බේබී.

ඔහුගේ හැසිරීම දැක මගේ මලානික මුහුනේ සිනහවක් ජනිත වුනා. ඔහුට දැන් කියන දෙය දැන් අමතක වෙන සුලු නෙනෙක්. දවස පුරාම අප්පවිගෙනුත් , අම්මාගෙනුත් බැනුම් අැහුවේ ඒනිසාමයි. නමුත් අප්පචීට ඔහු නැතුවම බැරි කෙනෙකී. ඔනෑම මොහොතක සිගිතී මෙහෙ වරෙන් කියා ගත් ගමන් තමා හිටියේ. මගෙ මුවට පොඩි හෝ හිනාවක් අැති වුනේ සිගිති නිසායි.

තටබන්නේ නැතුව පණිවිඩේ කිහපන් සිගිතියෝ.

ලීලම්මා නම් කියයි හ්හ් . මම ඒපෑ මතක තියා ගන්න හ්හ්.

අනේ ඔබ පණිවිඩේ මතක් කරද්දී නාකී මට පුලුවන් දහපාරක් පණිවිඩය අහන් ඒන්න.

ඉතිං අහන් ඒන ඒකනේ හ්හ් මෙතනට වෙලා බලන් ඉන්නේ හ්හ්..

ලීලම්මා සිගිතිට ගස්සා ගෙන පහත මාලහට බැස යන්නට වුනා.

මොකක්ද සිගිතියෝ පණිවිඩේ

ඒක තමා ලොකු බේබී මාත් කල්පනා කලේ හ්හ්.. ලොකු මහත්තයා කිව්වා හ්හ් .

මහත්තයා බලන්න කව්ද මනමාල මහත්තයෙක් ඒනවා කියලා හ්හ්. ලොකු බේබිට අැදුමක් තෝරගන්න ඒන්න කියලා හ්හ්.

අා ..අැත්තද..

මම මුවට අා සිනහව තද කර ගනිමින් කීව්වා.

මොකද ලොකු බේබී හිනා වෙන්නේ හ්හ්.

ලොකු මහත්තයා බලන්නද ? මනමාල මහත්තයා ඒනවා කිව්වේ.

නෑ නෑ චූටි බේබී බලන්න හ්හ්. පොඩ්ඩක් අමතක වුනා හ්හ්.

හරි හරි සිගිති යන්න මම ඒන්නම්.

ඒන්න ඔනේ ඔන් ලොකු බේබී ..

සිගිති පිටව යනවත් සමගම මම විශාල කැඩපත ඉදිරියට ගොස් අවුල් වූ හිසකේ අතින් සෑදුවා.දෙපතුල දක්වා දිගු සිය සහ ඒයට සරිලන හැට්ටයක් අැද සිටි මගේ කෙසෙග සිරුර දෙස බලා දිගු සුසුමක් පිට කලේ මගේ පෙනුමට මම අකමැති නිසයි. උකුලෙහි අත්ල තබා බලද්දී හැට්ටයද කෙතරම් මට විශාල දැයි පෙනුනා. කිසිදා මගේ සිරුට ගැලපෙන අැදුමක් සොයා ගත නොහැකි යයි මම හිතුවා. කැඩපත තුලින් මා දැකීමෙන්, සිගිති නිසා මුවට නැගී තිබු සිනහව වියැකී ගොස් අප්‍රිය ජනක ස්වරූපක් අැති වුනා. මට මා ගැනම දුක සිතුනේ මා තව තවත් වයසට යන නිසා අවලස්සන බව වැඩි වී කිසිවෙකු මා හට කැමතී නොවන බවයී. ඒනිසා තරයේ සිතා ගත්තේ නැවත විවාහයක් පිළබද නොසිතන්නයී.

ලොකු බේබී තව මෙතනද? ලොකු මහත්තයට කේන්ති යාවී.

ලීලම්මා නැවතත් කාමරයට හිස පොවමින් කිව්වා.
යමු . යමු..

මම කැඩපතින මෑත්ව පහල මාලයට යාමට අාවා . පඩි කීපයක් බැස ඒන විට අම්මා, අප්පච්චී අලින්දයේ සැප පහසු සෙටියේ වාඩී වී කතා බහ කරමින් හිටියා. නංගී තාත්තා අසල සෙටියේ අැන්ද මත වාඩී වී සිටින්නේ පොඩි ඒකියක් වගේ.

අා .. ලොකු දුව කොයි වෙලේද අඩ ගහලා මොකද මේ තරම් පරක්කූ.

අප්පච්චී මා දෙසට හැරී ප්‍රශ්න කරන්නට වුනා.

ඔය ඒන්න නැතුව අැත්තේ ඊර්ෂ්යා වට. මම කැමති කෙනාව මට බදින්න ලැබෙනවනේ. මෙයා ඉතිං ඒන ඒක මනමාලයෙකුටවත් කැමතී වෙනවෙ අෑ.‍

ඊ ළග කොටසින් හමු වෙමු.. — 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *