මියෙදෙන තුරා…. 05

05. වන කොටස.

මට විස්වාස කරන්නත් බෑ ඒයා ඒහෙම හිතන කෙනෙක් කියලා.

ඒක නේන්නම්.හ්හ්.. පුංචී බේබීවත් හදලා ගනිවී. හ්හ්

ඒවා ඉතිං කියන්න බෑ සිගිතී .මෙයා ඒයාව හදලා ගනීවිද දන්නෙ නෑ…

ඒක තමා. හ්හ්
සිගිතිටයි මටයි දෙන්නටම ඒකවරම අා සිනහාව නවතා ගන්නට බැරි වුනා. ඒතකොටම තමා පුංචි නංගී පඩීපෙළ නැගගෙන ඉහළ මහලයට අාවේ.

අා .. මේ ඉන්නේ දෙන්නා හොදට හිනා වෙනවා . තව හයියෙන හිනා වෙනවලා.. තව හයියෙන්.

පුංචී නංගී වියරු වැටිලා , සිගිතිටයි මටයි වුන් හිටි තැන් අමතක වුනා.

මොනවද ලොකු අක්කේ ඔයාට මේ සේවන්ට්ලා ඒකක තියෙන අැයිහොදැයිය. මගේ මුලු දවසම කෑවා දැං මෙතන කොහෙවත් යන මොඩ කොල්ලෙක් ඒක්ක ඒකතුවෙලා මට හිනා වෙනවා.

නංගී ඒ ටික කිව්වේ ටිකක් සැර බාල කරලා. කවදාවත් නෑතුව මට රිද්දපු ඒකේ පලිය පුංචී නංගිගෙන් ගන්න ඔනේ කියලා මගේ හිත නලියෑවා.

යනවා යන්න සිගිති මෙතනින්.. ඉන්නවා අප්පච්චීට කියලා මම තමුසේට හොද පාඩමක් උගන්වන්නම්.

අනේ පුංචී බේබී .හ්හ්.. අපි බේබිට නෙමේනේ අපි හිනා වුනේ. හ්හ් ලොකු මහත්තයට නම් මොකුත් කියන්න ඒපා. මගේ අහිංසක අම්මා බඩ ගින්නෙම මැරිලා යාවී මට රස්සාව නැති වුනොත්.හ්හ්

මෙතරම් වෙලා බය වෙලා නිහඩවබලන් වුන්න සිගිති දුක කියන්න පටන් ගත්තා. මට සැනසීමක් වුන සිගිතට රිද්දද්දී මට තවක් ඉවසුම් නැති වුනා.

අා.. මට නෙමෙද හිනා වුනේ … පව් කාටද දන්නෑ හිනා වුනේ.. බලන් ඉන්නවකෝ මම තමුසෙට කරන දේ.

අනේ අනේ.. පුංචී බේබී…හ්හ් ඒහෙම කරන්න ඒපා..හ්හ්

පුංචී නංගී ඔය කතාව නවත්තන්න.

මම තීරනාත්මක ස්වරයෙන් කියද්දී පුංචී නංගීගේ මුහුන වෙනස් වෙලා ගියේ, කවදාවත් මම මේවගේ ප්‍රශ්න වලදි වචනයක් කතා නොකරන නිසා.

අැයි නැවැත්තුවෙ නැත්තම මක් කරන්නද?

කරන දේ කියන්න ඔනී නෑ කරලම පෙන්නන් නම්.

මම අයෙත් පහළට යන්න පඩි කිහිපයක් පහලට බැස්සා . පුංචී නංගිට තේරුනා මම කරන්න යන දෙය, නංගී හොදටම කලබල වෙලා අැවිත් මගේ අතේ ඒල්ලුනා.

අනේ ලොකු අක්කී ඔක නම් කරන්න ඒපා.

ඉන්න. මට පල්ලෙහාට යන්න දෙන්න.

අනේ අනේ ලොකු අක්කී.

මම ඔයාගේ ලොකු අක්කී නෙමෙයි . මම මේ ගෙදර සේවර්න්ට් . අැයී අර හැමෝම ඉස්සරහා කිව්වේ . මොකද මේ සේවර්න්ට්ගේ අතේ ඒල්ලීලා.

මම හරිම සංසුන්ව ඒහෙම කියන ගමන් සිගිති දිහා හොරෙන් බැලුවා. සිගිති අමාරැවෙන් හිනාව තද කරගෙන බලන් ඉන්නවා. මටම පුදුමයි මේ වචන මට කොහෙන් අාවද කියලා.
අනේ ලොකු අක්කී .. සොරී සොරී පහලට නම් යන්න ඒපා. දැන් ශාලින්ද දැන ගත්තොත් මම කිව්ව බොරුව සේරම ඉවරයී.

හරි මම මොකුත් කියන්නෙත් නෑ. පහලට ඒන්නෙත් නෑ. සිගිතිට විරුද්දව මොකුත් අප්පච්චීට කියන්න බෑ. ඒහෙම වුනොත් මම ඔයාගේ කොල්ලගේ ගෙදරටම කෝල් කරලා අැත්ත කියනවා.

හරි හරී මගේ ලොකු අක්කී මම අායී සිගිතිටවත් ඔයාටවත් මොකුත් කියන්නේ නෑ.

ඒක හොදයි මට දැන් කාමරයට යන්න දෙන්න.

මම නංගිගේ අත ගසා දාලා කාමරයට ගියා. උදේ මම හිතුවා වගේම මොන දේ සිද්ද වුනත් , අද මගේ හිත සතුටින් පිරිලා තිබුනා. මට සැරින් සැරේ ශාලින්දගේ වදන් පෙල දොන් කාර දුන්නා. මගේ ජීවිතේ ලස්සනම දවස, මම කැඩපත ඉස්සරහයින් හෙල්ලුනේ නැහැ. මගේ දිහා බලාගෙන තනියම හිනා වුනා. මේ ගවුම නිසයී මේ හැම සතුටක්ම . සිගිතිට ගොඩාක් පින් මට මේ සතුට දුන්නට. සිගිති නම් ගිය අාත්මේ මගේ සැබෑම සහොදරයෙක් වෙන්න ඔනේ. මගේ සහොදරයන්ටත් වඩා සිගිති මට අාදරෙයි මගේ සිත මටම කියා සිටියා. මගේ හිතේ සිගිති ගැන තිබුන හැගීම තවත් වැඩි දිවුණු වුනා.

ටික වෙලාවකට පස්සේ මම සුපුරුදු විදිහටම ජනෙල් කවුලුව අසලට ගියා. රූස්ස ගස් පෙලට ඒහායින් තිබුනේ මාර්ගයක්. ඒ පාර දිගේ කීප දෙනෙක් අැවිදගෙන් යනවා මට ගස් අතරින් සැරින් සැරේ පෙනුනා. ටික වෙලාවකින් මම දැක්කා මර හඩ දීගෙන මොටර් සයිකලයක් ඒන හඩ. හඩින්ම මට තේරම් ගියා මේ ඒන්නේ වීජී අයියා කියන කෙනා කියලා. ඒ මනුස්සයා අත්බූත කෙනෙක් අවුරුදු පහ හයක ඉදන් මේ ගමේ ජීවත් වුනත් කවුරුත්ම දන්නේ නෑ ඒ මනුස්සයා කොහෙන් අාවද, කාගේ කවුද, මොනවද කරන්නේ ,කොහෙද ඉන්නේ කියලා වත්. අඩුම තරමින් විජී අයියා කියනවා අැරෙන්න නම වත් දන්නේ නැහැ. සමහරු කියනවා මිනි මරලා අැවිත් මෙහෙ වෙස් මාරු කරන් ජීවත් වෙන්වා කියලා. ඒත් ඒ මනුස්සයා ගමේ කටවත්ම බය අැති මනුස්සයෙක් නෙමෙයී. අඩුම තරමින් අපේ අප්පච්චිටයි , ලොකු මල්ලටයි වත් බයක් නෑ. ගමේ මිනිස්සු අපේ ගේ ලගින් යද්දී කතා කරන්නෙත් රහසින්, ඒකටත් ඒක්ක මේ මනුස්සයා මොටර් සයිකලයෙන් මෙතනින් යන්නේ මර හඩ තියාගෙන. දවසක් දෙකක්ම ගේට්ටුව ගාවට වෙලා ලොකු මල්ලට කෑගලා යනවත් මම අහගෙන. ගමේ මිනිස්සු විජී අයියාට නොසෑහෙන්න බයයි ඒක නියාම විජී අයියේ කියලා කතා කරන්නෙත් වැදගෙන වගේ කියලා මට සිගිති කියලා තියෙනවා.

ඔහු පාවිච්චී කලේ රේස් පදින බයිසිකලයක් . ඒකේ නැගලා දවසට කීපවතාවත්ම ගේ ඉස්සරහින් යන්නේ අප්පච්චිගේ කේනති අවුස්සන්න වගේ.මහ සද්දෙන් අපු මොටර් සයිකලය ඒක පාරටම විශාල ගේට්ටුවට මෙහායින් නතර වුනා. තරමක් උස තාප්පයෙන් ඔහුගේ හිස විතරක් පහළ මාලයේ අයට පේනවා අැතී . මම හිටියේ ඉහල මාලයේ නිසා මට ඔහුව හොදටම පෙනුනා.

අා අද මන්ත්‍රී වලව්වට සෙට් ඒකක්ම බස්සලා වගේ. ලොකු කුමාරීහාමී කැන්දන් යන්නද පොඩී කුමාරීහාමී කැන්දන් යන්නද දන්නේ නෑ…..

විජී අයියා කියන පුද්දගලයා කෑ ගහද්දී අප්පච්චී, ලොකු මල්ලී ගෙයන් ඒළියට අාවේ විදිල්ල වගේ. ඒත් ඒක්කම ශාලින්දලාගේ ගෙදර අයත් ඒළියට අාවේ වෙන්න මොද්ද කියලා හිතා ගන්න බැරි නිසා වෙන්න ඔනේ.

අා… ඔය සෙට් ඒකම බැස්සේ ඒළියට ඒක හොදයි. ඒක හොදයි. මමත් මංගල සභාවට පොඩී වචනයක් දාලා යන්න අාවේ.

මේ මිනිහට නම් පිස්සුද කොහෙද?

ලොකු මල්ලී කේන්තියෙන් කියද්දී විජී අයියා මහ ඒයියෙන් හිනා වුනා.

පිස්සු … අා මට පිස්සු නියමම වචනය බැස්සුවෙ මන්ත්‍ර්‍රී බේබීමහත්තයෝ. මහත්තයට මමත් අාවේ පිස්සු හැදෙන්න වර්ඩ් ඒකක් බස්සන්න තමා.

කියන්න තියෙන් දෙයක් කෙලින් කියහන් මිනිහෝ..

නෑ මම මේ බැලුවෙ අද වගේ දවසක ඒ වගේ වචනයක් බස්සන ඒක හරි නෑ නේද කියලා.

හොද නරකේ අපි බලා ගන්නම් ඔබට කියන්න තියෙන් දෙයක් කියලා මෙතනින් පලයන් පව් නොදී.

ලොකු මල්ලී ඒහෙම කියද්දී . විජී අයියා තවත් හයියෙන් හිනා වෙන්න ගත්තා. ශාලින්දගේ නෑදෑයෝ සේරම බිරන්ත වෙලා බලන් ඉන්නවා.

අනේ අනේ මන්ත්‍රී බේබී . අපි පස්සේ මේක බේර ගමුකෝ අද මේ සෙට් ඒකක් බැහැලා ඉන්න ඒකේ මම මෙතන වැඩ කොර කරන ඒක හරී නෑනේ. ඒහෙනම් ඔන් මං ගියා සුභ මංගලන් කිව්වා ඔන්.

මෝටර් සයිකලය කිහිප පාරක් රේස් කරපු විජී අයියා නම් වූ තැනැත්තා ඒතනින් නික්මී ගියා. ගෙයින් ඒළියට යාමට අවසර අැත්තේ මාසයටම දෙවතාවක් නිසාදෝ මට කවදාවත් විජී අයියා නැමැත්තා මුණ ගැසී නැහැ . අයෝමය පුරුසයෙකු මෙන් හැඩී දැඩී පෙනුමකින් යුත්ත වූ ඔහුගේ මුහුණ මම තවමත් හරියට දැක නැ. කිසිදාක ඔහු හෙල්මට් නොපැලදුවත් බෙල්ල දක්වා වවා ගත් මුදු මුදු කොන්ඩය, මුන පුරා වවා ගත් රැවුලත් නිසා මුහුන මතක තබා ගැනීම අපහසු වුනා.

මම සද්ද නොනගා පහත මාලයට ගියේ පහළ සිදුවන දේ බලා ගැනීමේ අාසාවෙන්. මම පඩී කීපයක් බසින විට සිගිතී උඩට දුවගෙන අාවා.

ලොකු බේබී කොහෙද යන්නේ. හ්හ්

අර විජී කියන මනුස්සයා කෑගලා ගියා නේද මොකද බලන්න යන්නේ.

ලොකු බේබීට ඉතිං ඒයාලා ඉන්න තැනට යන්න බෑනේ.හ්හ්

අැයී..

ලොකු බේබී සේවර්න්ට් කෙනෙක් කියලනේ ඒයාලා දන්නේ.හ්හ්

මම අෑතට වෙලා හොරෙන් අහන් ඉන්න හැදුවේ.

යමු ලොකු බේබී උඩට යන්න මම සේරම අහන් ඒන්නම්. හ්හ්.. අර මිනිස්සු අායෙත් ලොකු බේබී දැක්කොත් ප්‍රශ්නයක් අැති වෙවී. හ්හ්
මොනවා වුනත් පුංචී බේබිත් පව්නේ .හ්හ්

මම නැවතත් කාමරයට වැදුනේ පුංචි නංගී ගැන අැති වූ දුක නිසාමයී. පැය භාගයකට විතර පස්සේ කවුද කාමරේ දොරට තට්ටු කරා . මම ඉක්මනින් දොර අැරියේ විස්තර දැන ගන්න නොවිසිල්ලෙන් වුන්නු නිසා.

සිගිති මොකද වුනේ.

කිසි අවුලක් නෑ බේබී.හ්හ් ඒ මිනිස්සුන්ට මේවා ගානක් නෑ.හ්හ්

ඒහෙනම් කමක් නෑ සිගිතියෝ.
මම ලොකු සුසුමක් පිට කරලා හිත ඒදා ගත්තා.

අැයි අර විජී අයියා කියන කෙනා කෑ ගැහුවේ සිගිති.

ලොකු බේබී මහත්තයා ඒයා ගැන මොකක්දෝ ඔත්තුවක් දීලලු පොලිසියට.හ්හ් ඊයේ විජී අයියා පොළිසියෙන් අල්ලන් ගිහින් ඒකට කේන්තියෙන් තමා ඔය කෑ ගහලා තියෙන්නේ.හ්හ්

නිදහස් වෙලා තියෙන්නේ කොහොමද?

අනේ මන්දා.හ්හ් හ්හ් දැන් කීපරක් නම් විජී අයියා පොළිසියෙන් අරන් යන්න අැතිද? ඒත් පහුවදාට මිනිහා ඒලියේ.හ්හ්

ඒක නම් හරි පුදුම වැඩක්නේ.

වැරදීකලායි කිව්වට කවදාවත් ඔප්පු වෙලා නෑ. හ්හ්.. ගමේ කටවත් නම් විජී අයියගෙන් කරදරයක් වෙලා නෑ.හ්හ් ..ඒත් මිනිහා කා ඒක්කවත් උවමනාවක් නැත්තම් කතා කරන්නෑනේ.හ්හ්..

ඊ ළග කොටසින් හමුවෙමු…. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *