මියෙදෙන තුරා….. 06

06. වන කොටස.

මට නම් ඒ මනුස්සයා දැක්කහමත් බයයී කොන්ඩේ රැවුල වවාගෙන.

අනේ ඒ තරම් වස නෑ.හ්හ්

සිගිති ඒයාව අදුරනවද?

නෑ… නෑ .. මේ.. හ්හ්.. කතා කරලා තියේ දවසක් දෙකක්..හ්හ්

මම පුදුමයෙන් ප්‍රශ්න කරද්දී , සිගිදි අමාරුවෙන් උත්තරය ගලප ගත්තා. වැඩි වෙලා කතාවේ නොරැදුනු සිගිති ටිකකින් කාමරෙන් පිට වී ගියා.

ඊට පස්සේ ඒලබුන කාලය හරිම සාමකාමී වුනේ පුංචී නංගී මට විරුද්දව මොකුත් කතා කරපු නැති නිසා. සුපුරුදු විදිහටම දවසෙන් වැඩි කාලයක් කාමරය තුලම ගෙවා දමපු මම හිටියේ හරිම සැහැල්ලුවෙන්.

අද රැ කෑම වේල ගන්න බෑ කියලා හිතුන නිසා මම රාත්‍රී හත විතර වෙද්දී නාන කාමරයට ගියේ දහඩිය නිවා ගන්න.මම සීතලට හුගක් ප්‍රිය කල නිසා සීතල වතුරින්ම අැග දොවගෙන රැ අැදුමක් අැග ලා ගත්තා. ටෙලි නාට්‍ය බැලීමටත් ඒතරම් ප්‍රිය නොකල මම පහළ මාලයට යාමට අකමැති වුනා. මාසයකට දෙවතාවක් මට ගෙදරින් පිට යන්න දුන්නේ පුස්තකාලයට යාමට විතරයී. ඒ යන වාරයන්හිදී පොත් තුන බැගින් රැගෙන අාවේ ඒහි පාලිකාව සමග අැති කර ගත් මිතුරු කමෙහී ප්‍රතිපලයක් ලෙසයී. ඒසේ ගෙන අා පොත් දෙතුන් වතාවක් කියවන්නේ පාලුව මකා ගැනීමට වෙනත් ක්‍රමයක් නැති නිසයී. සිගිතිටයි ,ලීලම්මටයි දවසින් වැඩී කාලයක් ගෙදර වැඩ වෙනුවෙන් යොදවන්න වුන නිසා මගෙත් ඒක්ක ඉන්න තිබුන වෙලාව හුගක් අඩු වුනා. මම කරන්නම දෙයක නැති නිසා අැදට වෙලා කිවපු පොතම මුල ඉදන් කියවන්න ගත්තා.

ටික වෙලාවක් ගත වෙද්දී මගේ පපුවෙ පොඩි වේදනාවක් අැති වුනා. මට මීට කලිනුත් කීප වතාවක් මේ වේදනාව අාව නිසා මම ඒගැනම කල්පනා කලා. ඒන්න ඒන්නම වේදනාව දරුණු වුනා. මට කෑ ගහලා අඩන්න හිතුනා. ටික වෙලාවකින් වේදනාව කෙමෙන් අඩුවී ගියා. නමුත් මගේ හිත සැකයකින් වැසී ගියා. මම කුමක් හෝ දරුනු රෝගයකින් පීඩා විදින්නේ දැයී සිත ප්‍රශ්න කලා.

මම කියවමින් හිටියේ නවක නමුත් මම ප්‍රිය කරන ලේඛකයෙකුගේ පොතක්. වෙනස්ම අාරයකින් ලියා තිබුන වදන් අතර මගේ සිත සැගවී ගිය නිසා සැකය හා වේදනාව අමතක වී ගියා. පසුව මට පොත ලය මත තබාගෙනම නින්ද ගිහින් තිබුනා. ඒකවරම මම අවදි වුවේ විජී අයියා නිවසින් පිටදී හමු වී මහ හඩින් සිනා සෙමින් , රකුසු අැස් මවාගෙන, මුදු කොන්ඩය විහිසදුවාගෙන ටිකෙන් ටික මා දෙසට ඒනු සිහිනෙන් දැක බිය පත් වීමෙනුයී. මම අවදි වෙද්දී මුලු අැගට දහඩියෙන් තෙත් වෙලා තිබුනා. ඒ සමගම දරුනුවටම පපුවේ වේදනාව අැති වුනා.

ලීලම්මේ .. ලීලම්මේ…

මට ඒසිද්දිය හැබෑවක් වගේ දැනුන නිසා මම ලීලමිමට කතා කරන්න වුනා. ලීලම්මට වෙන් වු කාමරය වුනේ මගේ කාමරයට යාබද කුඩා කාමරය නිසා පොඩි සද්දයටත් ලීලම්මා මගේ කාමරයට දුවන් අාවා.

ලීලම්මේ….

අැයී අැයී ලොකු බේබී.

ලීලම්මා මොහොතින් දොර අැරගෙන කාමරය අැතුලට අාවා. මගෙ අැදේ කොනක වාඩී වෙමින් , කුඩා මේසය මත තිබූ විදුරුන් වතුර ටිකක් බොන්නයි අැවිටිලි කලා.

අනේ ලීලම්මේ මට බයයි.

අැයී රත්තරනේ බය වෙන්න ඒපා ඔයා හීනයක් දැකලා තියෙන්නේ.

මම ලීලම්මාගේ පපුට තුරුලු වුනේ ඉබේටමයි.

අැයි අැයී… හ්හ් ලොකු බේබී..හ්හ්

මම කෙතරම් හයියෙන් ලීලම්මාට අඩ ගැසුවාද කියතොත් පහළ මහලේ කොනේම කාමරයේ නිදා ගන්න සිගිතිටත් අැහිලා.

සිගිති නිදා ගන්න ලොකු බේබී හිනෙන් බය වෙලා.

ලීලම්මා ඒහෙම කිව්වත් මම ලීලම්මගේ තුරුලෙන් අයින් වුනේ නෑ. මට දරුනුවටම පපුවෙ වේදනාව දැනුනා. මට ඉබේටම අැඩුම් අාවා. මම ලීලම්මගේ උණුසුමට වෙලා ඉකිබින්දේ පපුව රිදෙන් නිසා.

ලොකු බේබී හොදටම බය වෙලානේ. හ්හ්.. මොකද්ද ලොකු බේබී දැක්කේ.හ්හ්

විජී…. අයියාව….

අප්පෝ .. හ්හ්. ලොකු බේබී ඒයාට බය වෙලාද ඔය..හ්හ්… බබා වගේ අඩන්නේ.හ්හ්

මේ සිගිතියෝ මේක කොලොප්පන් කරන වෙලාවක් නෙමේ ගිහින් නිදා ගනින් කිව්වම අහලා..

මම යනවා ඒහෙනම් …හ්හ්

සිගිතිට හොදට හිනා.

ලීලම්මේ ..

අැයි ලොකු බේබී…

මගේ පපුව ටිකක් රිදෙනවා ලීලම්මේ

මම ඉවසන් ඉන්න බැරි තැන කිව්වා.

ඒක පාරට බය වුන නිසා වෙන්න අැති. දැන් හරිනේ. ලොකු බේබී නිදා ගන්න කම් මම ලගටම වෙලා ඉන්නම්. නිදා ගන්න දැන්.

ලීලම්මා මාව අැදේ හාන්සි කරලා පපුව අත ගාන්න පටන් ගත්තා. ලීලම්මගේ උකුලෙන් ඔලුව තියා ගත්තේ මට හැමදේම අත් අැරලා යන්න කාලය අැවිද්ද කියලා බයක් දැනුන නිසා. රෑ නින්ද කැඩී කැඩී නිදා ගත් නිසා අැහැරෙනකොට අව්වත් පායලා තිබුනා. මම වෙනදා වගේම ජනෙල් කවුලුව ලගට ගියා . මට මතක් වුනේ රෑ දැකපු හීනය ඒ ඒක්කම මට අැහුනා විශාල ශබ්ද නගාගෙන මොටර් සයිකලයේ විජී අයියා නැමැති පුද්ගලයා පාර දිගේ යන්න ඒනවා. අපේ ගේ ඉස්සරහින් යද්දී බයික් ඒක හයියෙන් කීපසැරයක් රේස් කලා. කරලා යන්න ගියා මට ඒ මනුස්සයා දකිද්දිත් අැති වුනේ ලොකු බයක්. මගේ අයෙත් පපුවේ වේදනාවක් දැනෙන්න ගත්තා. මට තේරුම් ගන්න බැරි වුනේ ළග ළගම මේ පපුවේ වේදනාව ඒන්නේ අැයි කියලා. මම ජනෙල් උළුවස්සට ඔලුව තියාගෙන අැස් දෙක තද කර ගත්තේ වේදනාව විදගන්න.

ලොකු බේබී…

දොරේ අගුල අැරගෙන ලීලම්මා කාමරය අැතුලට අාවා. මට කා ඒක්ක වත් පපුවේ වේදනාව ගැන කියන්න ඔනී නෑ කියලා හිතුනා. කිසිම බලාපොත්තුවකුත් නැති, අනාගතේදී කරන්න කියලා දේකතුත් නැති මාව මැරිලා ගියාට කාටවත් දුකක් වෙන ඒකක් නෑ කියලා මම හිතුවා. අනික මේක මාරන්තික ලෙඩෙක් නම් අනිත් අයගේ හිත් වලට වේදනාවක් නොදී තනියම විදගන්නවා කියලා මම හිතා ගත්තා.

අා මේ අැහැරලා ඉන්නේ මම හිතුවේ ලොකු බෙබී තව නිදි අැති කියලා.

දැන් අැහැරියේ ලීලම්මේ.

මම වේදනාව හංගගනිමින් කිව්වා.

ලොකු බේබී අැයි තාමත් මුණ අැබුල කරගෙන. තවමත් හිනය අමතක කලේ නැද්ද?

මම දැන් විජී අයියා කියන කෙනා දැක්කා.

අනේ ඒ මනුස්සයා ගැන ඔය ඒක ඒක කතා කිව්වට . කවුරුත්ම නෑ ඒ මනුස්සයගෙන් කරදරයක් වුනා කියන කෙනෙක්.

අනේ මන්දා.

බය වෙන්න ඒපා ලොකු බේබී. ඉන්නකෝ මම තේ ඒකක් අරන් ඒන්නම් මුණ කට සොදන් ඒන්න. වෙනදට නාලා ඒහෙම දවස පටන් ගන්න කෙල්ල අද මොකද මැලවිලා.

ඒහෙම නෑ ලීලම්මේ ඔලුවත් ටිකක් රිදෙනවා. අද නම් නාන්න බෑ.

කිව්වම අහන්නෑනේ නාන්නකො ලමයො ඒතකොට සේරම හරි යයි . කල්පනා කරලයි ඔලුව රිදෙන්නේ.

හ්ම්ම්ම්..

මම ඔනවට ඒපාවට කිව්වේ ලීලම්මගෙන් බේරුමක් නැති නිසා. මම නාන කාමරය අැතුලට ගිහින් කල්පනා කරන්න පටන් ගත්තා. මට වෙෙද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඔනේ කියලා හිතුනා . ගෙදර අයට කියලා බෙහෙත් ගන්න ගියොත් මට තියෙන අසනීපය හැමෝම දැන ගනීවී. ඒත් තනියම ගෙදරින් ඒලියට යන්න දෙන්නෙත් නෑ. මොන හරි ක්‍රමයකින් තනියෙන් වෙෙද්‍යවරයෙක් ලගට යන්න මම හිතා ගත්තා. මම කල්පනා කරමින්ම වතුර කරාමය ලගට ගිහින් කරාමය අැරියා වතුර මලෙන් සීතල ජල බිදු සිරුර පුරා විසිර ගියා. තවමත් රෑ අැදුම පිටින් සිටි නිසා ජලයෙන් තෙමී ගිය අැදුම අැගට අැලී ගියා.

මම දැන් මැරෙන්න ඉන්න කෙනෙක්. මගේ හිත කෑ ගැහුවා. මොඩ වෙන්න ඒපා ඔක පොඩි ලෙඩක් වෙන්න අැති . මගේ හිත අායෙත් කෑ ගැහුවා. මම කල්පනා කරමින් සැහෙන වෙලාක් නාලා තිබුනා.

ලොකු බේබී…. ලොකු බේබී…

ලීලම්මා නාන කාමරයේ දොරට ගසමින් කතා කලා.

අැයි ලීලම්මේ….
මම දැන් කීසෑරක් නම් කතා කලාද ? තවම නානවද?

නාලා ඉවරයි මම ඒන්නම්. ලීලම්මා තේ ඒක තියලා යන්න.

මම නානකාමරයේ ඉදන්ම කෑ ගහලා කිව්වා.

හරි හරි වැඩිය නාන්න ඒපා ඔලුව රිදෙනවා කිව්වා නේද?

මම නාගෙන නාන කාමරයෙන් ඒළියට අාවා. අැදුමක් දාගෙන් තේ ඒකත් බිලා ගෙමිදුල දිහාවට ගියා. වෙනදට නම් මම ඒළියට යනවා අඩුයී . ගෙදර අයට මූන දෙන්න තියෙන අකමැත්ත නිසාම කාමරයට වෙලා වෙලාව ගෙවන්න තමා මම පුරුදු වෙලා තිබුනේ. මම මිදුලට යද්දී සිගිති රෝස පාත්තිය සුද්ද කරමින් සිටියා.

මට මතකයී සිගිති මේ පාත්තිය හදපු දවසේ මමත් ඒ පාත්තියේ රෝස අත්තක් පැල කලා. සිගිති හිටවපු සියලු රෝස ගස්වල ලස්සනට මල් බර වෙලා තිබුනා. නමුත් මම හිටවපු රෝස පැලය සරුසාර ගසක් වෙලා තිබුනත් ඒක රෝස පොහොට්ටුවන් වත් තිබුනේ නෑ.

සිගිතීයෝ…..

අනේ.. ලොකු බේබී… හ්හ්.

පොර දානවද?

නෑ ලොකු බේබී වල් පැල හැදිලා උදුරලා දැම්මා ..හ්හ්

මේ රෝස ගහත් මම වගේමයි නේද සිගිතියෝ…

ඒ මොකද ලොකු බේබී.

මම වගේම වයසින් වැඩුනත් කවදාවත් මගේ ජීවිතේ වගේම මල්බර වෙන්නේ නෑ.

ඊ ළග කොටසින් හමුවෙමු.. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *