මියෙදෙන තුරා…. 07

07. වන කොටස.

අනේ ඔහොම හිතන්න ඒපා… හ්හ්. දවසක කාටත් වඩා හොදට ලොකු බේබිගේ ජීවිතේ ලස්සන වෙනවා.හ්හ් මට ඉර හද වගේ විශ්වාසයි. හ්හ් ලොකු බේබිගේ හිත හරිම හොදයි, අනුකම්පාවයී.හ්හ් ලොකු බේබිට කවදා හරි හරියනවා මයී.හ්හ්

මම නම් ඒහෙම හිතන්නේ නෑ සිගිතියෝ.. ඔන් ඔය රෝස ගහ කපලා දාන්න. මට දකිද්දිත් කේන්ති යනවා.

ඒ මොකටද ලොකු බේබී..හ්හ්. ඔවා හිතන්නේ නැතුව ඉන්න.

මම නිතරම කල්පනා කලේ වෙෙද්‍යවරයෙක් ලගට යන්න ගෙදරින් පිට වෙන්නේ කොහොමද කියලා. මම කල්පනා කරමින් මිදුලේ කොනක, තාප්පයට අාසන්නව තිබූ අඹ ගසේ සෙවනට යන්න වුනා. අඹ ගස වටා තරමක් උසට සිමෙන්තියෙන් බැද රවුමට සදා තිබූ පාත්තියේ ලස්සනට සීනියාස් මල් යායට පිපිලා තිබුනා. සිගිතිගේ මහන්සිය නිසාම ගෙමිදුළ නොයෙක් මල් වර්ග හා පැළෑටි වලින් අලංකාරව තිබුනා. මම ඒ අාසන්නව තිබූ ගල් බන්කුවේ ඉදගෙන කල්පනා කරන්න ගත්තා. හිතේ තිබුන දුකත් , සැකයත් නිසා මට කිසිම දෙක සුන්දරත්වයක් පෙනුනේ නැහැ.

දවස් කීපයක්ම ගෙවිලා ගියෙ හිතේ විශාල අසහනයකුත් සමග. පුස්ථකාලයට යන ගමන විතරක් මම ගෙදරින් පිට වන ඒකම ක්‍රමය නිසා , ඒ ගමනෙදි වෙෙද්‍යවරයෙක් හමුවෙන්න යන්න හිතුවා. ඒ යනගමනත් පුස්තකාලය ලගට යනකන්ම මම ගියේ ගෙදර වාහනයෙ රියදුරු මහතාත් සමග. අැත්තටම පුස්තකාලයට තිබුනේ පයින් යන දුරක. ඒටික වත් මට තනියම ගෙදරින් පිට යන්න දුන්නේ නෑ. මට කේන්තිත් ඒන්නේ මේ හැම නීතියක්ම මට විතරක් නිසා. පුංචී නංගී කොහේ ගියත් මොකුත් කියන්න කවුරුත්ම හිටියේ නෑ.

මම පාන්දර ඒක පාරටම අැහැරුනේ පපුවේ අැති වුන වේදනාවත් ඒක්ක. මම මුහුන කොට්ටයට තද කරන් වේදනාත නිහඩව විද ගන්න මම උත්සහා කලා. කොහොම හරී ටික වෙලාවකින් වේදනාව තුරන් වෙලා ගියා. මට හිතා ගන්න බෑ අැයි ලග ලගම මෙි වේදනාව දැනෙන්නේ කිගලා. කොහොම වුනත් ඉක්මනින්ම වෙෙද්‍යවරයෙක් ළගට යන්න ඔන කියලා මම හිතුවා. මම ඒළි වෙනයකන් ම අැදේ හාන්සි වෙලා කල්පනා කලා.

යාන්තම් හිරු ඒළිය රූස්ස ගස් අතරින් මොදු වෙද්දී ලීලම්මා කාමරයේ දොර අැරගෙන් අැතුලට අාවා. ඒ සද්දයට ගැස්සිලා මම ලීලම්මා දිහා බැලුවා.

අානේ ලොකු බේබී අැහැරලනේ. මම හිතුවා නිදි අැති කියලා.

මට නින්ද යන්නේ නෑ ලීලම්මේ

මොකද අදත් උදේම මුන පුළුටු කරන් ඉන්නේ ලොකු බේබී . අදත් හිනෙන් වත් බය වුනාද?

ඒහෙම ඒකක් නෑ ලීලම්මේ.

ලීලම්මා මගේ කාමරයේ වු ජනෙල් කවුලු කිහිපය හැර දැමුවා. මිහිදුමත් සමග කැටි වුන උදා හිරු රැස් කාමරය තුලට අැතුලු වුනා.

සිතලයී ලීලම්මේ….

ජනෙල් කවුලුවෙන් හමා අා සිහින් මද නලය අැග දැවටුන නිසා මම මගේ උණුසුම් පොරවනය ඉහේ ඉදන් පොරව ගත්තා.

මොකද මේ කවදාවත් නැතුව ලොකු බේබී . ඔයා සීතලට අාසයිනේ . මහ පාන්දරත් සිතල වතුරෙන් නාන්නේ . හා හා කම්මැලී නොවී අැහැරෙන්න . ගෑනු ළමෙක් වුනාම උදෙන් අැහැරෙන්න ඔනේ..

මම වෙනදට අැහැරෙනවනේ ලීලම්මේ . අද හරිම සීතලයි.

මම පොරෝනය අතරින් හිස පමණක් ඒළියට දමමින් කිව්වා.

අැයී ලොකු බේබී උණ ගැනෙන්න වද්ද?

ලීලම්මා මගේ ලගට අැවිත් ඔලුවටයි , බෙල්ලටයි පිට අත්ල තියලා බැලුවා.

ලොකු බේබීගේ කොලම්.. මම තේ හදන් ඒන්නම්.

ලීලම්මා කාමරෙන් පිට වෙලා ගියා. මගේ හිතට තවත් බියක් අැති වුනේ ඒත් ඒක්කමයි. සිතල මා සොයා ගෙන ඒන්නේ මගේ මරණය ළං වෙලාද? මගේ අැගත් සීතලයී මම දන්නවා ළගදිම මාව මැරිලා යාවී මම මටම මුමුණ ගත්තා ඒත් ඒක්කම අායෙත් පපුවෙ වේදනාව දැනෙන්න ගත්තා. මාරයා මාව දැනුනත් කරනවද කොහෙද ? ඔව් මරනය මගේ ළගටම අැවිල්ලා. මට දැනුනේ විශාල දුකක්.

ලොකු බේබී මොනවද ළමයෝ ඔය තරම් කලපනා කරන්නේ.

මොතුත් නෑ ලීලම්මේ

මම ලීලම්මා කාමරයට ඒනවා වත් අැහුනේ නෑ. ඒ තරමටම මම කල්පනාවේ ඉදලා තියෙන්නේ. මම ටක් ගාලා අැද මත ඉද ගත්තා. සිදු වුන අපහසුතාය සගවා ගන්නට උත්සහ කරමින් මම අැදෙන් බැහැලා නාන කාමරය පැත්තට ගියා.

ලීලම්මේ මම වොස් ඒකක් දාන් ඒන්නම්. තේ ඒක ඔතනින් තියන්න.

මම අද නම් කොහොම හරි ගෙදරින් ඒළියට යන්න ඔනේ කියලා හිතාගෙන අලුත් අැදුමක් අැද ගත්තා. තද නිල් පැහැත් දිග සාය පුරා ලා නිල් පැහැතී සිහින් මල් විසිරී තිබුනා. ඊට කැපෙන්නට සුදු පාට කුඩා අත් දෙකක් සහ කොලරයක් සහිත හැට්ටයක් අැන්දා. ඒ අැදුම අැදලා කැඩපත ඉස්සරහට ගියාම මට දැනුනේ මම තවත් කෙසෙග වෙලා කියලා. දිග කොන්ඩය හකුලලා බැද ගත්තා. පුස්තකාලයෙන් ගත් පොත් කිහිපයත් අතට අරගත්තා. අල්මාරියේ අාරක්ෂිතව තබා තිබූ බැංකු පොත අරන් පොත් අතර රදවා ගත්තා. මට ගෙදරට අාරංචි නොවන්නට වෙෙද්‍යවරයෙක් හමුවීම හුගක් වැදගත් වුනා. ඒ සදහා මුදල් අවශ්‍ය වන නිසා මම බැංකු පොතෙන් හොරෙන්ම සල්ලී ගන්න තීරනය කලා. සියලු දේ සිතේ රදවාගෙන මම පඩිපෙළ බැහැගෙන පහළට අාවේ ගැහෙන හදවතින් යුතුව.

ලොකු දූ කොහේ යන්නද? අපිට කලින් කිව්වෙත් නෑනේ.

මම මේ.. මේ.. පුස්තකාලයට යන්න කියලා.

හදිස්සියෙම.

අම්මට මං ගැන සැකක් දැනිලද මන්දා පිට පිට ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

ගොඩ දවසකින් ගියේ නෑනේ අම්මේ.

අද යන්න විදිහක් නෑ . කාර් ඒක ලොකු පුතා අරන් ගියා.

මම පයින් ගිහින් ඒන්නම් ටික දුරයිනේ අම්මේ.

නෑ නෑ ඔනේ නෑ.

අම්මා තදින්ම කියා සිටියා. කාර් ඒකත් නැති නිසා අද මාව හොයන්න ඒන්නත් කවුරුත් නෑ. බලෙන් හරි යනවා කියලා මම හිත හයිය කර ගත්තා.
පොඩි නංගී අාලින්දයේ රූපවිහිනිය නරබමින් හිටියා.

පව් අම්මේ ලොකු අක්කිට ගිහින් ඒන්න දෙන්නකෝ.

පුදුමයි නංගී දෙයියො බැලුවා වගේ මගේ පැත්තට කතා කරනවා. ශාලින්ද මස්සිනාට පින් සිද්ද වෙන්න නංගී ටිකක් හැදිලා වගේ . මගෙ හිතට ඒකෙනුත් ලොකු සැනසීමක් දැනුනා.

පිස්සුද පුංචී දූ .. තාත්තාත් ගෙදර නෑ කාර් ඒකත් නෑ. තනියම යවන්නේ කොහොමද? මගදි අර මිනිහා ඒහෙම හමු වුනොත්.

මොකද අම්මේ ඔය විජී අයියා කියන මිනිහා අපේ ලොකු අයියගේ පස්සෙන් පන්නන්නේ.
පුංචී නංගී අම්මගෙන් ප්‍ර්‍රශ්න කරන්න වුනා.

අනේ කවුද දන්නේ පුංචී දූ. මට ඒකව දැක්කමත් බය හිතෙනවා කොහෙන් මේ පැත්තට පාත් වුනාද මන්දා.

අම්මා ඒහෙම කියද්දී මගේ හිතටත් ලොකු බයක් අාවා. ඒදා දැකපු හීනයත් අායී හිතේ හොල්මන් කරන්න ගත්තා. මොන දේ වුනත් මම අද නම් යන්නම ඔනේ මගෙ හිත මාව දිරිමත් කලා.

අනේ මම ගිහින් ඒන්නම් අම්මේ..

ඒපා ඒපා ලොකු දු කිව්වම අහන්න. ඔය ගමන හෙට යන්නකෝ.

ලොකු අක්කී ගිහින් අපුදෙන් අම්මී ගේ අස්සටම වෙලා ඉදලා අැති වෙලා අැති.

පුංචී නංගිත් මගෙ පැත්තට කතා කල නිසා අම්මා ටිකක් නිහඩ වුනා. මම අම්මට වැදලා මම ගේට්ටුව පැත්තට අැවිදගෙන අාවා මට දැනුනේ පුදුමාකාර නිදහසක් . අවුරුදු ගානක් සිර ගත වෙලා ඉදලා නිදහස් වුනා වගේ .මම ස්භාදහමේ සුව පහස විදිමින් හම ඒන සුගටත් වඩා සැහැල්ලවෙන් මම ඉදිරයට අැවිදන් අාවා.

ලොකු බේබී. හ්හ් අද නිදහස ලැබුව කිරිල්ලි වගේ නේද?

මම ගේට්ටුවට කිට්ටු වෙද්දී සිගිති මගේ පස්සෙන් දුවන් අාවා. අම්මායී ලීලම්මයි ප්‍රධාන දොර ලගට වෙලා බලන් ඉන්නවා. ජීවිතේ මුල්ම වතාවට මම මෙහෙම තනිතීරනයක් ගත්තේ. අනිත් හැමදාකම මම කලේ අනිත් අයට ඔනේ දේ, අනිත් අය හොදයි කියපු දේ. මගේ හිතට ලොකු බයක් දැනුනා මම කරන්න යන දේ හරිද කියලා.

අා.. සිගිතියෝ මම පුස්තකාලයට ගිහින් ඒන්න යනවා.

වෙන කොහෙවත් නෙමෙනේ යන්නේ.හ්හ්

වෙන කොහේ යන්නද සිගිතියෝ.

පරිස්සමින් ගිහින් ඒන්න ලොකු බේබී.හ්හ්

හරි සිගිතියේ…

මම සිගිති අැරලා දුන්න විශාල ගේට්ටුවේ කොනක වූ කුඩා ගේට්ටු කවුලුවෙන් ඒළියට අාවා. ලොකු සුසුමක් අරන් මම ගමන අාරම්භ කළා . ඒ හරියේ හැම ගෙයක්ම වගේ තාප්ප වලින් අාවරනය ෙවලා තිබුනා . පාරේ අැවිදන් ගිය ගමේ කීපදෙනෙක් අැරැන්නට වෙන කවුරුත්ම පාරේ හිටියේ නැහැ. කිසි කෙනෙක් මාව දැක්කට අැදුරුවේ නෑ. මම නිතර ඒළිපහලියට නොඒන නිසාත් මම නිතර දැකලා නොතිබුන නිසාත්.

මම ඉදිරියට පිසමැන ගියේ බර කල්පනාවක. අම්මා කියපු විදිහටම විජී අයියාගේ මොටර් සයිකල් ඒනවා අැහුනා. මගෙ හිත බයෙන් ගැහන්න ගත්තා. අම්මා කිව්ව දේ ටිකක් අහන්න තිබුනා කියලා මගේ හිත මටම දොස් කිව්වා. මම මුන පුලුවන් තරම් බිමට නැඹුරු කරගෙන අඩි ඉක්මන් කලා. මොටර් සයිකලය ඒකපාරටම මගේ ලග බේර්ක් කලා. මම ඉබේටම ගමන නවත්වලා විජී අයියා දිහා බැලුවෙ අැස් ලොකු කරගෙන.

කවුද මේ නගා මම මීට කලින් දැකලා මතකයක් නෑනේ.

ඔහු ගොරෝසු කට හඩින් කියද්දි මට පොඩි සැනසිල්ලක් දැනුනේ මේ මනුස්සයා මාව අදුරන්නේ නැහැනේ කියලා. මම නිහඩව බිම බලා ගත්තා.

මොකද නගාගේ කට නැද්ද? අපි ඒක්ක කතා කරන්න ඒපා කිව්වද කවුරු හරි. අානේ මේ මන්ත්‍රී වලව්වේ ලොකු කුමාරිහාමිනේ . අනේ සමා වෙන්න ඔනේ නගා කිව්වට. ලොකු කුමාරි හාමි.

මම අැස් ලොකු කරගෙන විජී අයියා දිහා බැලුවා. ඒයාගේ මුනේ තිබුනේ සමච්චලේට මවා ගත් හිනාවක්. අැස් ගෙඩි දෙක ඒළිපයින්න තරම් ලොකු කරගෙන ඔහු කට කොනකින් හිනා වුනා. මගේ අැග ගැහෙන්න ගත්තා බයටම.

හෝව් හෝව් .. මොකද මේ ලොකු කුමාරිහාමි බය වෙලා.

ඊ ළග කොටසින් හමුවෙමු. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *