මිහිදුම් සිහින….. 01 – Tara

01 වන සිහිනය

බලන්න හොඳද කියලා….

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

බට්ටී…
බට්ටී …
කෝ මගෙ මේසෙ උඩ තිබ්බ කොණ්ඩ කටු පෙට්ටිය…..

මොකද පොඩ්ඩි මේ බෙරිහන් තලන්නෙ උදේ පාන්දර..

අම්මාගෙ මහ ලොකු හුරතලී නිසානෙ….
හැමදාම එපා කියද්දි
මගෙ දේවල් ගන්නවා මදිවට..
ගත්ත තැනකින් තියන්නෙත් නෑ…
මට ඕන වුණාම ගේ පෙරලගෙන හොයන්න ඕන…

අනේ පොඩ්ඩියෙ බොරුවට කෑ නොගහ ඉඳින්….
ඔය අහල පහලම ඇති…
ඒකි උඹලාගෙන් නොගෙන වෙන කාගෙන් ගන්නද…
කියමින් අම්මා කුස්සිය පැත්තට යන්න හැරුණා ….

ආපෝ….
ආ..
මෙන්න තියාගන්නවා….
⁣උදේ පාන්දර කච කච ගාලා මාව ඇහැරවන්නෙ නැතුව පොඩ්ඩක් වට පිට බලන්න බැරි වුණාද බූරියේ…

ඔළුවත් කස කස පොඩි පෙට්ටියකුත් උස්සගෙන එතනට ආවෙ බට්ටී හෙවත් මිතුණී ….

රජයේ ලිපිකරුවෙක් වුණ කමල්ගේත්, විහිරාගේත් ගෙදර
හැමදාම උදේට නොවරදවා ඇහෙන
සුන්දර මැසිවිලි වලින් එකක් තමයි ඒ…

කමල් සහ විහාරාගේ දරුවන් 4දෙනෙකි..
ලොකු දුව නොහොත් ලොක්කී- නිකිණි,
එකම පුතා -තිළිණ,
දෙවන දුව නෙහොත් පොඩ්ඩී-තරිණි,
චුටි දුව නොහොත් බට්ටී-මිතුණි…

කමල්ගේත් විහිරාගේත් පවුල මහා ලොකුවට සල්ලි දේපළ නැතත්…
හරිම සතුටින් ආදරෙන් ජීවත් වෙන්නෙ…
දරුවන් අතර මෙන්ම දෙමව්පියන් අතරද පුදුමාකාර බැඳීමක් තිබුණේ….

පොඩ්ඩී සහ බට්ටී අතර වයස පරතරය අවුරුදු 2ක් නිසා දෙන්නාගේ උස මහත ගොඩක් දුරට සමානයි….
ඉතිං අක්කා රස්සාවක් කරන නිසා ගන්න පොඩි පොඩි සුකුරුත්තම් වගේම සමහර ඇඳුම් එහෙමත්
තාමත් පංති යන බට්ටී අක්කගෙ අවසරයක් නැතුවම පාවිච්චි කරනවා…
ඒ ගැන අකමැතතක් පොඩ්ඩිගෙ හිතේ නැතත්…
එයාට හොයාගන්න බැරි වුණාම
ඉතිං බොරුවට කෑගහනවා…..

මේ බට්ටිත් ඉතිං කිසි පිළිවෙලක් නෑ….
දෙයක් ගත්තොත් ගත්ත තැන….
හොයන්න පුළුවන් එයාටම තමා….

මෝඩි…
ගත්තා නම් ගත්ත තැන තියන්නෙපැයි…
මම මොකටද වට පිට හොයන්නෙ….

හඃ…..
කියලා ගස්සපු බට්ටී….
කාමරෙන් එළියට දිව්වෙ අක්කා පීරපු කොණ්ඩෙත් අවුල් කරලා…

බට්ටී………😠
අනෙ අම්මා….
බලන්නකො මේ එළදෙන…

අයියෝ…
මේ දෙන්නාගෙ වලි නිසා අපිට
නිදාගන්නත් නෑ…
කෑගහන්නැතුව යනවාකො පොඩ්ඩී…
නිදිගැට කඩමින් නැගිටින ගමන් නිකිණි හෙවත් ලොක්කී…
පොඩ්ඩිට තරවටු කළා….

තමුසෙත් ඉතිං බට්ටිගෙ පැත්තමනෙ ගන්නෙ….
හඃ…..😏
මං යනවා…

තුන් දෙනාම එකම කාමරයක නිදාගන්නෙ..
සමහර දාට බට්ටි පාඩම් කරන තැන තියෙන ලොකු ⁣සෙටියෙ නිදාගන්නවා…
පාඩම් කරලා ඉවර වුණාම
කාමරේට ඇවිදගෙන එන්නත් කම්මැලිකමට …😃

නිකිණිට 26ක්,
ගෙදර ඉන්නෙ….
කලින් රැකියාවකට ගියා…
වාහන සේල් එකක ඔෆිස් එකේ..
එතන හිටපු මැනේජර් එක්ක සම්බන්ධයක් පටන් අරන් ලබන මාසෙ විවාහ වෙන්නයි ඉන්නෙ….
ඒ නිසා තව දුරටත් රැකියාවට යන්නෙ නෑ..

එතකොට පොඩ්ඩි…
වයස 22යි.
තාම රැකියාවට ගිහින් මාස කිහිපයයි..
නිමි ඇඳුම් කර්මාන්තශාලාවක (garment factory ) දත්ත ඇතුළත් කරන්නියක් (Data Entry Operator)

කතා නායිකාව…
යන්තමින් අවුරුදු 20ක් වුණ
බට්ටී….
හෙද පාඨමාලාවක් හදාරමින් ඉන්නේ….

මේ පවුලෙ එකම පුතා තිළිණ…
පිළිගත් ආයතනයක අලෙවි විධායක (sales manager) කෙනෙක්.ඔහුට අවුරුදු 25යි.

🐣 හමුවෙමු තවත් හීනයකින්…..🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
ලියන්නේ තාරා🐣

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *