මිහිදුම් සිහින…..07

07 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය ප්‍රේම වෘත්තාන්තය……

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

තරිණි ..
ඉවර නැද්ද බං ඕක…
පහමාරයි වෙලාව…
යමංකො….

අනේ යශූ …
විනාඩි5ක්…
හෙට උදේට කරන්න තියලා යන එක
අපරාදෙ….
මොනවා හරි ඕපයක් කිවපංකො එතකං…

ඒ ගමන උඹත් පටන් ගත්තද…
මට වෙන වැඩ නෑනෙ ඕප කිය කිය ඉන්න..

අනේ මගෙ උම්මා කැටේ..
කේනති ගන්නෙපා..
ආදරේටනෙ…
ඔයා ඉතිං එහෙම වටේ පිටේ දේවල් හොයලා කියන නිසානෙ අපිටත් දැනගන්න පුළුවන් …

පල පල මෙතන
බටර් ගාන්නෙ නැතුව…
හඃ😏

ඔන්න කතාවෙන් කතාවෙන්
වැඩේ ඉවරයි…
යමු යමු වොෂ් රූම් එක පැත්තට..
මූණ හෝදගෙන ෆ්‍රෙෂ් ⁣වෙලා එන්න….

තරිණිත් යශෝධාත් මූණ හෝදගන්න යද්දි එක පාරම ඉස්සරහින් ආව කෙනෙක් තරිණිගෙ ඇඟේ හැප්පුනා ….

වොෂ් රූම් දෙකම එකම බිත්තියක් ළඟින් දෙපැත්තට බෙදෙන නිසා
තරිණි වත් ඉඳුවර වත් දෙන්නට දෙන්නා දැක්කෙ නෑ….

තරිණිව විසිවෙන්න ගියත් ඉඳුවර තරිණිව වැලමිට ළඟින් අල්ලගත්ත නිසා එහෙමම නැවතුණා…

So sorry..
මම දැක්කෙ නෑ…
ප්‍රශ්නයක් නෑ නේද…

ආහ්..
It’s ok..
Sorry sir..
මම දැක්කෙත් නෑ…

Ok then..
කියලා ඉඳුවර එතනින් යන්න ගියා…

තරිණි ….ඊඊඊඊඊ…..

මොකද බං..

ඒ අලුත් සර්නෙ බං..
අයියෝ…
මාව හැප්පුණේ නෑනෙ…
චිහ්..
කලින් දන්නව නම්
මම ඉස්සරහින් එනවා..

ඒ මොකද මැට්ටියෙ..
බොට නම් එසේ මෙසේ මොලේ අමාරුවක් හෙම නෙමේ තියෙන්නෙ..
කොණ්ඩෙ පීරන ගමන් තරිණි කිව්වා…

ඇයි යකෝ…
පිස්සුද එහෙම චාන්ස් එකක් මිස් කරන්න
කොහොම හරි අමාරුයි වගේ පෙන්නලා තව ටිකක් කතා කරන්න තිබ්බා…

අනේ…
මේං කියලා කතා කරයි..
දැක්කනෙ තිබ්බ ආඩම්බර කම..
Sorry කිව්වා ගියා…

උඹ යස අගේට ඉද්දි තවත් මොනවා කතා කරන්නද..
කතා කරන්න දේවල් හදන්නෙපැයි …
කකුල ටිකක් පෙරලුණා…
විලුඹ පොඩ්ඩක් රිදෙනවා…
වගේ එකක් නොක්යා ගත් කටටම
i…t..s o..k s…i..r..
ගෑවම යනවා තමා..😏

හා හා..
යමං විකාර නොකියා..
ට්‍රාන්ස්පෝර්ට් එක දැං දාලා යනවා අපිව..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

ඒ තේජ් කොහෙද බං ඉන්නෙ…
කට්ටියම සෙට් වෙලා
උඹ විතරයි නැත්තෙ…

මම තාම මග බං..
එන ගමන් ඉඳපං ටිකක්…
විෂ් ආවද කස්සා…

ආවා ආවා…
ආපු වෙලේ ඉඳන් තේජ් ආවෙ නැද්ද අහනවා..

තව 15 මිනිට්ස් වගේ යද්දි ඔතන..

K.
c.u. then..

අඩෝ….
තේජ්..
දැක්ක කල් බං…
උඹ දැං හෙන බිස්නස්මන් වෙලා අපිව හලලම දාලා නේද…

පිස්සුද බිනුවා..
උඹලා ඉතිං සෙට් වෙන්නෙපැයි….

හරි හරි….
බොරුවට අාගිව් කරන්නෙපා…
ඉස්සර වගේ නෙමේනේ..
අපි හැමෝම බිසී නේ..
එකනෙ ඇත්ත කතාව…

උඹ හරි වික්කා..
හරි යමං අරෙහෙට..
රයන් ඇතුලෙ..

අද තේජාන් ගෙ ඉස්කෝලෙ යාළුවෙක් වන රයන් & අශිනිගෙ එන්ගේජ්මන්ට් එක..
කස්සා කිව්වෙ කසුන්,එතකොට බිනුවා කියන්නෙ බිනුර,වික්කා-විකුම්,තව විෂ් කිව්වෙ විෂ්මි..
තේජාන් ගෙ ඉස්සර ඉඳන්ම crush එක….

හේයි විෂ්…
After long time..
howz going on…
u look so pretty today…

තේජාන් විෂ්මි ළඟට ගිහින් hug කරන ගමන් කිව්වෙ….

thankx තේජ්……
ඔයත් මම අන්තිමට දකිනකොට වඩා තවත් handsome වෙලානෙ…
තේජාන්ගෙ කෝට් කොලර් එක හදන ගමන් විෂ්මි කිව්වා..

විෂ්මි කියන්නෙත් හොඳ ව්‍යාපාරිකයෙක්ගේ එකම දුව..
උසස් අධ්‍යාපනයට ස්විට්සර්ලන්තයේ ගිහින් ඉඳලා ළඟදි තමා ආවෙ…
විෂ්මිත් තේජාන්ට කැමති වුණත්
දෙන්නාගෙන් කවුරුත් ආදරේ ප්‍රකාශ කරන්නෙ නෑ…
දෙන්නම කැමති නෑ මුලින් අහලා second වෙන්න…

ඉතිං..
එහෙ ඉඳලා එද්දි මොනවද අපිව මතක් වෙලා ගෙනාවෙ ආහ්..

ඔයාට මොනවා ගේන්නද තේජ්..
You have everything you need නේ…

අපෝ…
ඒ වුණාට ඉතිං අපිව මතක් වුණා කියලා පේන්න වත්….
ඇත්තටම විෂ්….
මාව ඔයාට විශේෂ කෙනෙක් නෙමේද..

හරි හරි තේජ්…
ඔයාට නැතුව කාට ගේන්නද..
මට ඔයාව කොච්චර විශේෂද කියලා ඔයා ඇරෙන්න අනිත් හැමෝම දන්නවා…
තේජාන් දෙස ආදරයෙන් බලමින් විෂ්මි කිව්වෙ…

හ්ම්ම් ..
යමු යමු කට්ටිය අරෙහෙ..
කියමින් තේජාන්, විෂ්මිගේ ඉණ වටා අත දාගත්තා…

අඩෝ…
මේ බලහන් මුන් දෙන්නා සෙට් වෙලා…

ඈත තියාම තේජ්වයි විෂ්මිවයි දඅකපු විකුම් යාළුවන්ගෙ අවදානෙ ඒ පැත්තට හැරෙව්වා…

අම්මේ ඇති යන්තම් දැන්වත් සෙට් වෙනවා නම්…
විෂ් රට ඉන්නකල්ම මට එපා වෙලා හිටියෙ
තේජ් ගැන කේලම් හොයලා…
⁣විෂ් කතා කලොත් අහන්නෙ තේජ් වෙනස් වෙලාද
කෙල්ලෙක් සෙට් කරගෙනද කියලා…
ඒ කිව්වෙ ශාලිනී…

අනේ යන්න ශාලී…
හරි නරකයි..
මේ බොරු අනේ…
විෂ්මි ලැජ්ජාවට ශාලිනී ට පහරක් ගසමින් කිව්වා…

තේජාන් මොකුත් කිව්වෙ නෑ..
හිනා වුණා විතරයි..

රයන්ගේත් අශිනිගේත් මුදු මාරු කිරීම සිදු කළාට පස්සෙ ඇවිත් හිටපු නෑදෑ හිත මිතුරන් සේරම ඒ ඒ අයගේ කතා පටන් ගත්තා…

තේජාන් ඇතුළු යාළුවො පිරිසත් මදුවිත තොල ගාමින් ආගිය කතා බහේ නිරත වුණා….

කෑම කෑවට පස්සෙ dancing floor එක රයන්ගේත් අශිනිගේත් couple dance එකකින් ආරම්භ වුණා…

එකා දෙන්නා නටන්න එකතු වෙද්දි තේජාන් එක්කම විෂ්මිත් එකතු වුණා…

විෂ්මිගේ ඇඟේ ගෑවී නොගෑවී…
නටන ගමන් තේජ් කතා කළා..

විෂ්…
ඔයාට ස්විස් වලදි බෝයි කෙනෙක් ගැන interest වුණේම නැද්ද..

ඇයි තේජ් එහෙම අහන්නේ…

ශාලි කිව්වෙ ඇත්තද..
ම්ම්ම් …..

කියන්නකෝ…
තේජාන් ආදරය පිරුණ කටහඬකින් විෂ්මි දිහාම බලන් කිව්වෙ…

ඔව් තේජ්…
ඒක මම කියන්නම ඕනද..
විෂ් කිව්වෙ බිම බලාගෙන….

හේයි..
Sweety look at my eyes
කියමින් තේජාන් විශ්මිගෙ බඳ වටා අතක් යවලා තව ටිකක් ළං කරගත්තා…

අඩි 5කට වඩා අඟල් 2ක් 3ක් උස විෂ්මි ⁣දැස් ඔසවා …
අඩි 6කටත් මදක් උස
තේජාන් දිහා බැලුවෙ
ආදරය පිරුණ දෑසින් ….

I’ve got my answer..
i’ll be back..
කියපු තේජාන් ඉක්මන් ගමනින් එතනින් ගියේ DJ boy ළඟට …
ඒත් එක්කම තැන් තැන් වල නට නටා හිටපු යාළුවො සේරම විෂ්මි වටේට රැස් වුණා…

ටිකකින් තේජාන් විෂ්මි ළඟට එද්දිම තිබ්බ සින්දුව මාරු වුණා….
Enrique ගේ “” you’r my number one”” සින්දුවට…

“”” I’ve kissed the moon a million times
Danced with angels in the sky
I’ve seen snowfall in the summertime
Felt the healing of the powers above

I’ve seen the world from the highest mountain
Tasted love from the purest fountain
I’ve seen lips that spark desire
Felt the butterflies a hundred times

You bring me up when I’m feeling down
you touch me deep you touch me right
You do the things I’ve never done
You make me wicked you make me wild
‘Cause baby, you’re my number one””

තේජාන් ඒ සින්දුවෙ
“”You r my no 1” කොටස කියද්දිම විෂ්ම් ළඟ එක දණක් නමලා

“” i love you wish…
will you marry me…””
කියලා මුදුවක් දිගු කළා…

දෙන්නව වට කරන් හිටපු යාළුවො සේරම අත්පුඩි ගහද්දි ඇවිත් හිටපු අනිත් අයගෙත් අවදානෙ මේ පැතතට ආවා….

විෂ්මි නොදන්නවා වුණාට යාළුවො ටික සේරම දැනගෙන හිටියෙ අද තේජාන් විෂ්මිට propose කරනවා කියලා…
ශාලි තමා විෂ්මිගෙ ආශාව ගැන කිව්වෙ…
හවස බට්ටිලව දාලා තේජාන් ගියේ මුද්ද ගන්න..
ඒකත් විෂ්මි ආස විදියටම හැදෙව්වෙ…
සුදු පාට ලොක් ගලක් විතරක් තියෙන හීනි මුද්දක්…

විෂ්මි තාමත් පුදුමෙන් ගල් වෙලා වගේ…
මේක විෂ්මිගෙ හීනයක්…
මේ විදියට propose කරනවා නම් තේජ් නැතුව වෙන කෙනෙක් හරි කමක් නෑ කියලයි විෂ්මිගෙ යාළුවො එක්ක කිව්වෙ…
ඉතිං තේජාන්ම එහෙම propose කළාම විෂ්මිට ලෝකෙ එකතැන නතර වෙලා වගේ දැනුනෙ….

ඒ විෂ්…
Say yes…

යාළුවො කෑගහන කොට තමා විෂ්මි මේ ලෝකෙට ආවෙ….

Yes තේජ් yes
I love you too….
කියමින් තේජාන් දිගු කළ මුදුව පැළඳගත්තා…

හැමෝගෙම සුබපැතුම් එක්ක තේජානුත් විෂ්මිත් කාලයක් තිස්සේ හිතේ හංගගෙන හිටපු ආදරය ප්‍රකාශ කරගෙන ආදරවන්තයන් වුණා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පොඩ්ඩි…
මේ දන්නවද අද මේ කෝලම සෙටිබැක් බලන්න ගිහින් නටපු නාඩගමක්….

කාලා බීලා නිදාගන්න
කාමරේට ආපු ලොක්කි ඇඳේ ඉඳන් පොතක් කියවන ⁣තරිණිට කිව්වේ..

පොරවනය ඔළුවෙ ඉඳන් පොරවගෙන ඇතුළට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න බට්ටිව පෙන්නලා…

හික්ස්…
මොකද්ද අද පෙරලපු බාල්දිය…

අර නිසල්ගෙ කැම්පස් එකේ යාළුවෙක් ආවා අද අපි එක්ක යන්න…
මෙයා නැග්ග වෙලේ ඉඳන්
ඒ අයියා එක්ක වලි….

ඒ මනුස්සයා අත දුන්නමත් පල් කරලා දැම්මානෙ මේකි කැත නැතුව…
ලොක්කි වෙච්ච දේවල් සේරම කියද්දි පොඩ්ඩි බඩ අල්ලන් හිනා වුණා…

අනේ මන්දා පොඩ්ඩි…
මෙහෙම ගියොත් මේකිට කොල්ලෙක් වත් හොයාගන්න බැරිවෙයි…

මෙච්චර වෙලා පොරෝනය ඇතුලෙ හිටපු බට්ටි පොරෝණය ඇරලා ඇස් හීනි කරලා ලොක්කි දිහා බැලුවෙ..

ලොක්කී…….
මම කියලා තියෙනවා දැන් ගොඩ සැරයක්..
මට කොල්ලෙක් ඕන නම් මම හොයා ගන්නවා…
මට ඕන නෑ…
මොන වදයක්ද..
කොල්ලෙක් සෙට් කරන්
උගෙ පදේට නට න⁣ට ඉන්න ඕනද ..
මගේ මේ නිදහස් ජීවිතේ බිල්ලට දීලා..

බලනවා දැං තමුසෙ..
මේ ටිකේ මොන වදයක්ද විඳින්නෙ..
කසාදයක් බැඳගෙන ළමයි හදාගෙන හපෝයී…
කියද්දිත් පිස්සු වගේ…

බට්ටී…
මේ..
තමුසෙ ඇතතටමද ඕයි
හැමදාම ඔහොම කියන්නෙ…
පොඩ්ඩි ඇහුවා…

නැතුව..
මට පිස්සුද බොරුවට හැමදාම
එකම එක කියන්න….

තමුසෙ කෙල්ලෙක් නේද හලෝ…
ඔහොම කියන්න වත් එපා..
කසාදෙ, ළමයි
වදයක් වෙන්නෙ කෙහොමද මෝඩියෙ…
දන්නවද ලංකාවෙ කසාදයක් කරගන්න බැරුව ලතවෙන කොච්චර ගැහැණු ළමයි ඉන්නවද කියලා….
එතනකාට බැන්දත් ළමයෙක් නැතුව අඬා වැටෙන අය කොයි තරම්ද කියලා..
ඔහොම බරක් පතලක් නැතුව වචන කති කරන්නෙපා බට්ටි…
ලොක්කි කිව්වෙ බට්ටි මේක නිතරම කියන නිසා…

ඉතිං ලොක්කි..
මට ඇත්තටම ඒ දේවල් වලට ආස හිතෙන්නෙ නෑනේ…
මම පොඩි ළමයින්ට කැමති, වෙඩින් වලට යන්නත් කැමති.
ඒත්මටකාව වත් බඳින්න ආස නෑ…
මට ළමයෙක්ගෙ වගකීම ගන්න ආස නෑ..
ඇත්තම කිව්වොත් ඒ බැඳීම්
මට වදයක් වගේ…

ලොක්කියි පොඩ්ඩියි මූණට මූණ බලාගත්තෙ
බට්ටි මේ කියන්නෙ තරහට වත්,
එල්ලෙන්න හිතාගෙනවත් නොවන බව මනාවට පැහැදිළි වෙද්දි…

හරි හරි…
තාම චූටි නේ…
ඉරණම් කාරයා හම්බුණ දවසට වෙනස් වෙයි මගේ බට්ටිච්චි…
ලොක්කි බට්ටිගෙ ඔළුව අත ගෑවා…

මේ ඒක නෙමේ..
අද අපේ ෆැක්ටරි එකට අලුතෙන් සර් කෙනෙක් ආවානේ..
පොඩ්ඩි කිව්වෙ කතාව වෙනස් කරන්න

ඉතිං හලෝ..
දැන් මොකෝ තමුසෙ ඔච්චර උඩ පනින්නෙ….
මීට කලින් අලුතෙන් කවුරුත්
ඇවිත් නැද්ද…😏

එනවා තමයි හලෝ….
අහනවාකො ඉතිං..
මගෙ යාළුවා යශූ..
සර් කාරයාට පිස්සු වැටිලා…
එක විකාරයයි ..
කනක් ඇහිලා වැඩක් කරන්න නෑ…
පොර ෆැෂන් ඩිසයිනර් කෙනෙක්..
එහෙට මෙහෙට යනවානෙ ඉතිං සාම්පල් චෙක් කරන්න එහෙම…
යශූ ට වෙන වැඩක් නෑ අද දවසම….

යශූ ට විතරද…
තමුසෙට වැඩක් තිබ්බද අද..??
මට පේන විදියට නම් ලොක්කි වගේම තමුසෙත් අමාරුවෙ වැටෙන්න වගේ යන්නෙ…😜

පිස්සුද බට්ටි..
විකාර කියවන්නෙපා…
මම හරියටදැක්කෙත් නෑ…

හා හා…
ඔහොම යද්දි දකියිද දන්නෙ නෑ නේ…
😆

තුන්දෙනාම ඊට පස්සෙ අනම් මනම් පිස්සු කියව කියව ඉඳලා නිදාගත්තේ
පොඩ්ඩි වැඩට යන්න පාන්දර නැගිටින නිසා…

🐣 තවත් සිහිනයකින් හමුවෙමු ……..🐥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *