මිහිදුම් සිහින…..08

08 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය ප්‍රේම වෘත්තාන්තය……

(කතාවට කලින් කියන්න ඕන, මම ගම්පහ කෙනෙක්. වැඩ කරන්නෙ බත්තරමුල්ලෙ. මම දන්න ප්‍රදේශ තමා මම මේ කතාවේ එන චරිත වලට යොදාගත්තේ. මට විස්තර කරද්දි පහසු නිසා. )

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

ආ අයියා….
මොකෝ හෙන happy mood

අනුහස් තේජාන්ගෙන් ඇහුවේ…
ටවල් එකත් ඇඳන් සින්දුවක් කිය කිය බාත්රූම් එකෙන් එළියට එන තේජාන්ව දැකලා…

ඇයි මීට කලින් අපි happy එකේ නෙමේද හිටියෙ….
කණ්නාඩිය ඉස්සරහ ඉඳන් body spray එක ඇඟ වටේටම ඉසිමින් තමා තේජාන් ඇහුවේ….

අනුහස් හිටියෙ ලෑස්ති වෙලා සපත්තු දාන ගමන්…
මේ අයියයි මල්ලියි ගෙදර කොච්චර කාමර තිබුණත් පොඩි කාලෙ ඳන්ම එකම කාමරේ තමා ඉන්නෙ…
ලොකු වෙද්දි දෙන්නට වෙන වෙනම කාමර තිබුණත් දෙන්නා නිදාගන්නෙ තේජාන්ගෙ කාමරේ එකටමයි…
අනුහස් නැගිටලා තමන්ගෙ කාමරෙන් වොෂ් දාලා අැඳුම් ටික අරන් තෙජාන්ගෙ කාමරේට ආවෙ ලෑස්ති වෙන ගමන් කතා කරන්න…
අනුහස් දැක්කා අයියාගෙ මූණෙ වෙනසක්..

ඔව් ඔව් ඔයා ඉතිං මොකට දුක් වෙන්නද..
මම ඇහුවෙ එහෙම නෙමේ අයියා..
අද වෙනදට වඩා අමුතු එළියක් තියේ..
කෙල්ලෙක් වත් සෙට් වුණාද…??

උඹ ජොබ අත ඇරලා සාත්තර කියපංකො මල්ලා…

ආහ්…
ඒ කියන්නෙ වැඩේ හරි….
කවුද කියනවාකො ඉතිං.. .

මතකද අපේ school set එකේම හිටියා girls එකේ විෂ්මි කියලා කෙනෙක්..

මොකද අයියා මටඅමතක….
අර වීරරත්න industries එකේ අනාගත owner නේ..??

උඹත් හෙන මීටරේනේ බං බිස්නස් වලට ආස නැති වුණාට…
යකෝ කෙලලෙක් ගැන කිව්වම සුදු,කොට, ලස්සන වගේ ඒවයින් නෙමේ මූට මතක බිස්නස් එකෙ⁣න්…
තේජාන් අනුහස්ගෙ බඩට මිට මොලවලා පහරක් දෙමින් කිව්වෙ….

මෙහෙමනෙ අයියා..
ඒ වගේ Parameters වලින් බලන්න තිබ්බා මගේ කෙල්ල ගැන කිව්වා නම්…
තේජාන් සූරියආරච්චි ගෙ කෙල්ල ගැන කියන නිසා ම⁣ට ඒ විදියට තමා ඉතිං මතක් කරන්න වුණේ….

එහෙම තමා ඉතිං අපිට ගැළපෙන family එකකින් නැතුව
උඹ කියන්නෙ කොහෙ හරි ඉන්න ගොඩේ තර්ඩ් ක්ලාස් කෙල්ලෙක් කරගහගෙන,
උන්ගෙ පවුලම ගොඩ දාගෙන ආදරේ කිය කිය ඉන්න කියලාද…

ඒක අයියා හිතන විදියනේ….
හරි හරි කියන්නකො ඉතිං දැං කවද්ද අක්කිව ගෙදරට ගේන්නේ…

අම්මි අප්පච්චි එක්ක කතා කරන්න ඕන අද….
බලමු විෂ් නම් කිව්වෙ ටිකක් කල් ඉමු කියලා…
ඊයෙනෙ බං propose කලේ…

හරි අයියා එහෙනම් මම ගියා..
මට ලේට් වෙනවා…
ඕන ඕන වෙලාවට යන්න බෑනේ…

උඹටත් පිස්සු…
අනුන්ට කඹුරනවා තමන්ගෙ ඒවා තියාගෙන…

හරි හරි…
අපි ගියෝ…

අනුහස් බෑග් එකත් අරන් පඩිපෙළ බැහැගෙන ගියා….
හැබැයි පඩිපෙල යටදි තනූජා අනුහස්ව අල්ලගත්තා…

පොඩි පුතා….
කාලා යන්න..

අනේ අම්මි…
මට ලේට්…
අඬන්න වගේ මූණ හදාගෙන අනුහස් අම්මා ළඟ හුරතල් වුණා….

දැනගන්නෙපැයි කලින් ඇහැරෙන්න..
එන්න එන්න
පොඩ්ඩක් හරි කාලා යන්න..

මගෙ හොඳ අම්මිනෙ….
එහෙනම් මට ටක් ගාලා
චුට්ටක් කවන්න ප්ලීස්….

මොකෝ මේ පුතණ්ඩියාගේ
නාකි හුරතලේ….
රණසිංහ, තේජාන්ලාගෙ පියා එතනට ආවෙ තනූජා අනුහස්ට ඉඳිආප්ප කවනකොට…

Good morning අප්පච්චි…
අද උදේම කොහෙද යන්නෙ..
අනුහස එහෙම ඇහුවෙ වෙනදට අනුහස් ගියාට පස්සෙ තමා අයියත් අප්පච්චිත් ලෑස්ති වෙලා එළියට එන්නේ…
අද කලින්ම ලෑස්ති වෙලා…

Bussiness meeting එකක් තියෙනවා පුතා අද..
Colombo නෙමේ kandy වල තියෙන්නේ….

ආ..
හරි අප්පච්චි මම යනවා එහෙනම්..
අම්මි ඇති මට ගිහින් එන්නම්….

හරි පුතා බුදුසරණයි …

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

ඒයි, බට්ටි..
මොකද්ද මෝඩි මේ කරලා තියෙන්නේ..
තමුසෙ ඊයෙ ලොක්කි එක්ක රවුම් ගහන්න ගියේ
මම අද වැඩට අඳින්න මැදලා තිබ්බ බ්ලවුස් එක ඇඳගෙනද හලෝ…

අනේ අම්මා….
😨
බලන්නකො අනේ මේ බට්ටි එකක බෑ අයියෝ…
මම යනවා අර යශූ ඉන්න බෝඩිමට….

මොකද පොඩ්ඩියෙ මේ සද්දෙ…
නිදන් ඉන්න උන්ව ඇහැරන්නෙ මේ උදේ…
අම්මා කුස්සියෙ ඉඳන්ම කිව්වා….

කෑනොගහ කෙහොමද..
බලන්නකො..
මම අද වැඩට අඳින්න මැදපු එක මේ බූරි ඊයෙ ඇඳන් ගිහින්….
රෑ කිව්වා නම් මම එකක් මැදගන්නවානේ.. බලන්න දැන් මම දකිනකල් සද්ද නෑ…

මෙතෙක් වෙලා රෙද්ද ඔළුවෙ ඉඳන් පොරවගෙන
ඇඳේ ගුලි වෙලා හිටපු බට්ටි..
එකපාරම ⁣රෙද්ද පහතට කරලා…

හරිනෙ ඉතිං දැං දැනගත්තානේ…
දැං අයන් කරගන්නවාකෝ මෙතන කෑ නොගහ….
වදේ……

බුරිච්චි…
නැගිටිනවා…
අයන් කරලා දෙනවා මට එකක්…
ඉක්මනට…
මම මූණ හෝදන් එනකල් ….

අනේ මේ…
මට බෑ…
පුළුවන් නම් දෙකක්ම අයන් කරනවා මට අද ලෙක්චර්ස් …
කියපු බටටි ආයෙම රෙදදෙන් ඔළුව වහගත්තා…

ආස අැති නේ ඉන්නවාකෝ..
කියපු පොඩ්ඩි ,
බට්ටි පොරවන් හිටපු රෙද්ද එක පාරම ඇදලා ගත්තා…

මීහරකි දෙනවා මෙහාට ඕක..

නෑ දෙන්නෙ නෑ….
නැගිටිනවා…
අයන් කරනවා මේක…
පොඩ්ඩි බ්ලව්ස් එකක් බට්ටිගෙ ඇඟට දාලා කිව්වෙ…

බ්ලවුස් එක අරන් අලමාරිය පැත්තට විසි කරපු බට්ටි අනිත් පැත්ත හැරුණා…
තමුසෙට ඕන නම් මැදගන්නවා….

පොඩ්ඩිට වෙනදට වඩා තරහ ගියා…
බ්ලවුස් එක බිමට විසි කරපු නිසා…
කුස්සියට ගිහින් වතුර එකක් අරන් ආපු පොඩ්ඩි…
බිත්තිය පැත්තට හැරිලා ඉන්න බට්ටිගෙ ඔළුවෙ ඉඳන් ඇඟ දිගටම වතුර එක හලලා එළියට දිව්වා…

පොඩ්ඩී…ර්ර්ර්ර්ර්
යටි ගිරියෙන්ම කෑගහපු බට්ටි ඇඳෙන් පැනලා දුවගෙන ආවෙ පොඩ්ඩිව අල්ලගන්න…

බට්ටි…
යසයි ගෑණු ළමයාගෙ කෑ ගැහිල්ල..
මොකද මේ…
ටිකක් සැරෙන් ඇහුවෙ තිළිණ…

බට්ටිගෙ සද්දෙට, වෙනදට ඇහැරවගන්න පොඩි යුද්දයක් කරන්න වෙන
තිළිණත් ඇහැරිලා…
තිළිණ තම අක්කාටත් නංගිලා දෙන්නාටත් බොහෝ ආදරය කළත් ..
වැඩිය පෙන්නන කෙනෙක් නෙමේ…
කෙල්ලො තුන්දෙනා වගේ විහිළු තරළු කරලා ඉන්න පුරුද්දක් තිළිණට නෑ…
තිළිණ ගෙදර රැඳෙනවාත් අඩුයි…
ලොක්කි අක්කා වුණත් තිළිණට ටිකක් බයයි…
බට්ටිත් වෙන කාට නැතත් තිළිණට නම් බයයි…

අ..යි…යා මේ … මේ..
පොඩ්ඩි මට වතුර හැළුවානේ නිදාගෙන ඉද්දි….
ඇදලා වගේ අමාරුවෙන් වචන ගලපගෙන කිව්වෙ බිමත් බලාගෙන…

තමුසෙ මොකක් හරි හරක් වැඩක් කරන්න ඇති පොඩ්ඩිට..
නැත්නම් පොඩ්ඩි තමුසෙ වගේ
වහා ගිනි ඇවිලෙන සුළු
නෙමෙයිනේ…

හ්ම්ම් …
මම තමා ඉතිං වැරදි…
බිම බලාගෙන මූණ දෙක කරගෙන
කිව්වා…
අමාරුවෙන් හරි එකට එක නොකියම බෑ බට්ටිට

පොඩ්ඩී…
කෝ අම්මා පොඩ්ඩි….

ළිඳ පැත්තට දිව්වා මගෙ හිතේ…

ආ…
අයියා…ඇයි…
කිවාගෙන පොඩ්ඩි පිටිපස්සෙ දොරෙන් ආවෙ තුවායත් කරේ දාගෙන…

මොකද දැං මෙතන වුණේ….
මගෙ නින්දත් කැඩුවා
මේකි යකින්නි වගේ කෑ ගහලා….

නෑ අයියා මේ….
නිකන් දන්නැද්ද…
පොඩි විහිළුවක්

පොඩ්ඩි වෙචච දේ කියන්න ගියේ නෑ…

එතකොට දැං මේ බට්ටි අඳුම පුරා වතුර හලාගෙන ඉන්නෙ…
යක්ෂණි වගේ ගේ දෙක වෙන්න කෑ ගැහුවෙ නිකන්ද…

හොර පූසියො දෙන්නා වගේ බිම බලන් මිටියා මිසක් බට්ටිවත් පොඩ්ඩිවත් කට ඇරියෙ නෑ…

අනේ පුතේ මේ දෙන්නාගෙ ඔය ගස්ටන ඉතිං නොපුරුදු ඒවා යෑ…
දෙන්නම රණ්ඩු කරන දෙන්නම විසඳගන්නවා …
දැං බලපං.තව ටිකකින් කිරි පැණි වගේ..
දෙන්නම එකතු වෙලා උඹට බනියි….
😄😄

අම්මා දිහාත් බලලා,
බට්ටියි පොඩ්ඩියි ⁣දිහා බලපු තිළිණ…
තමුසෙලා දෙන්නම අහගන්නවා හරිද..
කෙල්ලො වගේ හැදෙනවාලා…
රස්තියාදුකාර විදියට නැතුව…
බලනවා අර ලොක්කි..
ඒවගෙ ඉන්නවාකෝ තමුසෙලත්…
ආයෙ එහෙම දෙන්නාගෙ සද්දෙ ගෙදරින් එළියට ඇහුණොත් බලාගමු…
කියලා එහෙමම ළිඳ පැත්තට ගියා…

ඇද්ද තමුසෙට…
කියලා දිවත් ඇද කරපු පොඩ්ඩි ගස්සගෙන කාමරේට යන්න ගියා…

බට්ටිත් ගියා පස්සෙන්ම…

යද්දි ලොක්කි ඇහැරිලා ඇඳ උඩම ඉඳන් හිනාවෙනවා….
ඇද්ද දෙන්නටම…
මගෙ නින්දත් කැඩුණා..
මම ආවෙ නැත්තෙ දෙන්නට තව අහගන්න වෙයි කියලා…

මෙන්න මේ..
ගොන්ටි නිසා තමා…
බොරුවට කෑ නොගහ ඇඳුමක් අයන් කරගෙන ඇඳන් ගියා නම් ඉවරනෙ..
කෙහොමත් දැණුත් එයාටමනෙ කරගන්න වෙලා තියෙන්නේ…
කියමින් ඇඳ උඩින් ඉඳගත්තෙ අයන් කරන්න ලෑස්ති වෙන පොඩ්ඩි දිහා බල බල

අනේ යනවා යන්න…
මම අයන් කරලා තිබ්බ එක
ඇඳලා මෙතන
කියවන්නත් එනවා…
මට අද බස් එකේ තමා ඉතිං යන්න වෙන්නෙ…
බලනවා 6.30යි වෙලාව…
පැය කාලට පාරට යන්න බෑ නේ…
6.45ට හරියටම එනවා ට්‍රාන්ස්පෝර්ට් එක
පොඩ්ඩි ටිකක් දුකෙන් තමා කිව්වෙ…

කියන්න ඒවා කටට ආවත්..
පොඩ්ඩි කිව්ව විදියට
බට්ටිට දුක හිතුණා…
බස් එකේ වැඩට යන එක එපා වෙන වැඩක් කියලා බට්ටි දන්නවා..
තෙරපිලා දාඩිය දාගෙන ගියාම දවසම ප්ස්සු වගේනේ…
ඇඳෙන් නැගිටලා අයන් ටේබල් එක ළඟට ගිහින්..

තමුසෙ ඉතරු ටික ලෑස්ති වෙනවා..
මම බලව්ස් එක මැදලා දෙන්නම්…
ටක් ගාලා පාරට දුවලා
වෑන් එක අල්ලගමු….
හරිනේ…
දැන් දුක මූඩ් දාන්නෙපා හලෝ…
කෝ….
හිනාවෙනවා ඉතිං කෙහොම හරි මට කියලා අයන් කරවගත්තානේ….😉

බලන්නෙපැයි මේ දෙන්නාගෙ ආදරේ..
ලොක්කි විහිළු කරනවා…

හරි හරි ඉටිම්..
අපි ඒම ටමා..
හරිය…
නේද පොඩ්ඩි…
පොඩ්ඩිව උරහිස් වලින් අල්ලලා එතනින් අහකට කරපු බට්ටි
ඇඳුම මදින්න ගත්තා….

මේ මම අද අර තමුසෙගෙ ළඟදි ගත්ත රෝස පාට දිග ටොප් එක ගන්නනා හොඳේ ලෙක්චර්ස් යන්න…

මේකි මේ බටර් ගෑවෙ නිකන් නෙමේ..
පේනවද ලොක්කි…
බෑ බෑ…
ඒක දෙනන බෑ..
මමත් තාම දෙපාරයි ඇන්දෙ..

හලි හලි අනේ….
මම ඇන්දා කියලා ඔයාට අඳින්න බැරි වෙන්නෙ නෑ නේ…
ඔයා දුන්නෙ නැතත් කෙහොමත් මම අඳින එකනෙ සුදූ…
ඔන්න ඔහෙ හා කියන්න…
ඔයා කොහෙ හැංගුවත් මම හොයා ගන්නවානේ…
මොකෝ ඔයා ඒක බෑග් එකේ දාගෙන වැඩට අරන් යන්නද…

ලොක්කිට හිනා….😂😂😂😂

බලන්න ලොක්කි මේකිගෙ තියෙන
නොසණ්ඩාල කම…
මගෙම ඇඳුම අඳින්න මටම කියන ඒවා…

ඒම ටමා ඉටිම්….
ආ බ්ලවුස් එක..
ඇඳගෙන දුවනවා ඉක්මනට තව විනාඩි 10ක් තියෙනවා…

ඒ අතරෙ ලොක්කි ගිහින් බත් එකත් ගෙනල්ලා පොඩ්ඩිගෙ බෑග් එකටම
දැම්මා….

කොහොම හරි වෑන් එකට යාගන්න පොඩ්ඩිට පුළුවන් වුණා…

බට්ටිත් එහෙමම ඇඳුම මැදලා තියලා..
ළිඳ ළඟට ගියා…

⁣බට්ටිලාගෙ ගෙවල් තියෙන්නේ අත්තනගල්ලෙ..
තාත්තා වැඩ කරන්නෙ කොළඹ නිසා පාන්දර 4 වෙද්දිම ගෙදරින් යනවා…
පොඩ්ඩි නිට්ටඹුවෙ BOI zone එකේ තියෙන ප්‍රසිද්ද ඇඟලුම් කර්මාන්ත ශාලාවක ස්ටාෆ් මෙම්බර් කෙනෙක්….
පොඩ්ඩි යන්නෙ පෞද්ගලික හෙද පාඨමාලාවකට…
ගම්පහ කිට්ටුව තියෙන්නෙ…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බට්ටි අදත් ලෙක්චර්ස් ඉවර වෙලා යාළුවො දෙන්නා එක්ක එද්දි
දිගංචියාව ඊයෙ හම්බුණ හැටිත් වෙච්ච දේවලුත් කිය කිය හිනා වෙවී තමා ආවෙ…

ඒත් බට්ටිගෙ හිනාව අතුරුදහන් වුණේ
තේජාන්ගෙ වාහනේ ඉස්සරහ නවත්තලා තියෙනවා දැකලා…

මූ මොකාටද එන්න හදන්නේ…
මට රිටර්න් එක දෙන්න කැරකෙනවා ඇත්තෙ..
ඊයෙත් ඇදගෙනම නෑවානේ…….😜
කෝකටත් සූදානමින් යාළුවො එක්ක බට්ටි වාහනය පහු කළා…
යමින් ගමන්ම හොරෙන් වාහනේ ඇතුළ බැලුවත් කලු වීදුරු නිසා ඇතුළ පැහැදිළි නෑ

තව ටිකක් ඉස්සරහට ගිහ්න් ආයෙ හැරිලා බලද්දි දැක්කෙ
කොටම කොට ගවුමක් ඇඳපු ලස්සන කෙල්ලෙක්ගෙ
ඉණෙන් අල්ලගෙන එතනම තිබ්බ
බිල්ඩින් එකේ පඩිපෙළ බැහැගෙන හිනාවෙවී එන තේජාන්ව…

බට්ටිගෙ හිත මොකද්ද වුණා…
තේජාන්⁣ගෙ අහංකාර හිනාව දැකලා…
දුකක් වගේ එකක් දැණුනා…
මේ මොකද මේ…
මම ඇයි දුක්වෙන්නෙ..
දිගංචියාගෙ කෙල්ල වෙන්න ඇති…
අම්මෝ ඒ හිනාව…
එච්චර ලස්සන නිසා වෙන්න ඇති හිනා නොවී ඉන්නෙ…
හිත ඇතුලෙන් කොනිති ගහනවා වගේ දැනෙද්දි
හිතත් එක්කම වාද කරලා ඒක අමතක කරලා දාලා බට්ටි ගෙදර ගියා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජාන්ගෙ ගෙවල් තියෙන්නෙ කඩවත.
විෂ්මි ඉන්නෙ ජා ඇල…
තේජාන් ඉතිං පෙම්වතෙක් වුනේ ඊයෙනේ..
අද අප්පච්චිත් kandy ගිය නිසා ඔෆිස් එකේ ටික වෙලාවක් ඉඳලා ගියේ විෂ්මිව හම්බෙන්න..
මේ වෙද්දි විෂ්මි ගෙදරට තේජාන් ගැන කියලා…
විෂ්මිත් එක්කම තේජාන් ගියේ..
විෂ්මිලාගෙ ගම්පහ ශෝරූම් එකට…
විෂ්මිගෙ තාත්තාට තියෙන්නේ වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හරින ව්‍යාපාරයක්….
ශෝරූම් කිහිපයක්ම තැන් තැන් වල තිබුණා…
දැන් විෂ්මිත් ටික ටික බිස්නස් වලට සම්බන්ධ වෙනවා….
ගම්පහ ශාඛාවට තමා විෂ්මි වැඩිපුරම සම්බන්ධ වුණේ…

බට්ටි ඒ දැක්කෙ තේජාන් එක්කම ලන්ච් ගන්න එළියට යන්න එන විෂ්මිව…

🐣 තවත් සිහිනයකින් හමුවෙමු ……..🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *