මිහිදුම් සිහින…..09

09 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය ප්‍රේම වෘත්තාන්තය……

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Good morning තරිණි…
ඔයාට අර NIKE ඕඩර්ස් වල ගිය මාසෙ රෙකෝඩ්ස් ටිකේ ප්‍රින්ට් එකක් අරන් ඉඳුවර සර්ව හම්⁣බෙන්න කිව්වා…

තරිණි ළඟට ආපු තරිඳු එහෙම කියලා යන්න ගියා…

අඩේ…
තරිණියො..
මේ ඕක අරන් දියන් මම ගිහින් දීලා එන්න

පිස්සුද බං..
උඹ දන්නවද මේවයේ මොනා හරි ඇහුවොත්..??

අහයිද…

නැත්තං ඉතිං මේල් කරපු එකේ
ප්‍රින්ට් එකකුත් අරන් එන්න කියන්නෙ නෑ නේ යශූ ..
මම ⁣මේ බැලුවෙ ⁣වැරැද්දක් පේන්න තියේද කියලා…

ඉක්මනින් පලයං….
තද වෙලා නම් තවත් තද වෙයි පරක්කු වෙද්දි..

අවශ්‍ය විස්තර වල ප්‍රින්ට් එකකුත් අරන්
ගැහෙන හදින් තරිණි
ඉඳුවරගෙ වීදුරු කැබින් එකට ගියේ…

සර්..
මම එන්නද..

ආ.. එන්න..
සුහද හිනාවකින් ඉඳුවර තරිණිව පිළිගත්තෙ…
තරිණිගෙ හිතේ තිබ්බ බය ඒ හිනාවත් එක්කම හිරු දුටු පිණි මෙන් නැති වුණා..

යශු පිස්සු වැටිලා ඉන්න එක හරි තමා..
දැන්නෙ මම හරියටම දැක්කෙ..
හිනාවෙ ලස්සන..
තරිණි හිතුවා…

මිස්…
වාඩිවෙන්න…
මම ගේන්න කිව්ව ටික කෝ…

ආ..හ්..
ආ මෙන්න සර්..
තරිණි ගැස්සුනේ කල්පනා ලෝකෙ⁣ක හිටපු නිසා..

මිස් ගෙ නම..
මේල් එකේ තිබ්බට මට මතක නෑ….

හරිම සුහදශීලිව තමා ඉඳුවර කතා කළේ..
තමන්ගෙ තත්වෙත් රැකෙන විදියට,
ඒත් තත්වෙ පෙන්නන්න ආඩම්බරකම් පානනෙත් නැතිව ඒ කතා කරන ආකාරය නම් හරිම සිත්ගන්නාසුළුයි…

මම තරිණි සර්…

හහ්..හහ්…
තරිණි සර්…???

ඉඳුවර ඒක කියපු විදියට තරිණිටත් හිනා..

හරි මිස් තරිණි…
මම ඉඳුවර
විහිළුව වැඩිදුර ගෙනිච්චෙත් නෑ…

මම මේ ටික ප්‍රින්ට් ගන්න කිව්වෙ..
දන්නවානේ..
මම අලුතෙන් ආවෙ කියලා..
ඉතිං….
මට පොඩි analysis එකක් කරන්න ඕන අපිට එන ඕඩර්ස් ගැන..
කියලා පටන් අරන් තරිණිට පැහැදිළි කළා කරන්න ඕන දේ…

හරිම පැහැදිළිව, කලබල නැතිව ඒ කරපු පැහැදිළි කිරීම හරිම සියුම්..

හරි එහෙනම් මිස් තරිණිට
ඒ ටික කරන්න කොච්චර කල් ඕනද??
ලොකු කාලයක් නම් දෙන්න බෑ…🙂

දවස් දෙකකින් දුන්නම මදිද සර්…

ම්ම්ම් …🤔
මම ඔයාට දවස් 3ක් දෙනවා…
අනිත් වැඩත් තියෙනවනේ…
මේක අමතර වැඩක්නේ…

හරි එහෙනම්
අද සිකුරාදානේ
බදාදා උදේට මම බලාපොරොත්තු වෙනවා මිස් ⁣තරිණි මේල් එක දාලා ප්‍රින්ට් එකකුත් අරන් මාව හම්බෙන්න එයි කියලා…

හරි සර්…
බදාදා උදේ වෙද්දි දෙන්නම්…
කියපු තරිණි සිනහවකිනුත් ඉඳුවරට සංග්‍රහ කරලා කැබින් එකෙන් ගියා..

ඉඳුවර හිතුවෙ කෙල්ල ගැන…
ආව දවසෙම දැක්ක ගමන් හිතට අමුතු හැඟීමක් ආවා….
හරිම චාම් ලස්සනක් තියෙන්නෙ…
අහිංසකයි වගේ…
හැබැයි ඉතිං පොඩි කටකාරකමකුත් නැත්තෙම නෑ….

ඉඳුවර දැක්කා කෙල්ල තේ බොන වෙලාවෙදි කෙල්ලගෙ යාළුවො ටික එක්ක හිනා වෙවී දඟල දඟල හිටපු හැටි…
කෙල්ලෙක් වුණාම පොඩි දඟකාරකමකුත් තියෙන්න ඕන..
බලමුකෝ..
දැක්ක ගමන් කෙල්ලො කවුද කියලා කියන්න බෑනේ….
කැම්පස් කාලෙදි ලැබුණ අත්දැකීම් එක්ක
ඉඳුවර හිතුවා…

ඒ තරිණියො මොකො බං වුණේ ..
යශූට ඉවසිල්ලක් නෑ…

මොනවා වෙන්නද..
දවස් 3ක වැඩක් දුන්නා..
ඩේටා වගයක් වෙන් කරගෙන කරන්න

හැන්ඩියා උඹ දිහා බැලුවද…

ඈ…
මොකක්??

නෑ බං අර අර්ජුන සර් වගේ ඇහෙන් ස්කෑන් කරන පොරක් නෙමේ නේද…??

අපෝ නෑ…
පිස්සුද යශූ…
හරිම හොඳයි වගේ…
කතා කරද්දි ලොකුකමක් ගෑවිලා වත් නෑ…
හැබැයි පට්ට ඩීසන්ට්…
පොරගෙ තැන තියාගෙන කතා කලේ…

එහෙනම් කෙල්ලෙක් ඇති බං…
ඔච්චර හැන්ඩි වෙලා..
කෙල්ලෙක් තනියම කැබින් එකේ ඉද්දි ටිකක් බැල්ම වත් දැම්මෙ නැත්තෙ
ඒකනෙ…

විකාරද යශු…
වැදගත් විදියට හැදුන පිරිමි ළමයෙක් කෙල්ලෙක් නැතත්
එහෙම හැම එකීටම බැල්ම දාන්නෙ නෑ…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

එහෙනම් බබී
මම ගිහින් එන්නම්….
හෙට අපේ අම්මි අප්පච්චි එක්ක එන්නම් ඔයාලගෙ දිහා..
නැත්නම් හරි නෑනේ….
ඒවත් කෙරෙන්න එපැයි නේද..

විෂ්මිගෙ ගේ ළඟ කාර් එක නතර කරපු තේජාන් විෂ්මිගෙ පැත්තට හැරිලා අතකින් අල්ලන් කතා කළේ…
තේජාන් හිටියෙ ගොඩාක් සතුටින්..
අවුරුදු 5ක් විතර හිතේ තියන් හිටපු ආදරේ අද තේජාන් ළඟ…

ඒකනෙ තේජ්…
ඉක්මනින් මැරි කරමු..
අපි හිත් වලින් අවුරුදු 5ක් විතර ආදරෙ කළානෙ..
මැරි කරලා ආයෙ ආදරේ කරමු ..
හා ද..
මට 25යි ඔයාට 27යි…
බඳින්න හොඳ වයස දෙන්නටම..
😊
බැඳලා ටික කාලෙකට ස්විස් යමුද තේජ්….
එහෙ ඉද්දි මට ආස හිතුණා..
මැරි කරලා එහෙ ඉන්න..

As u wish බබී….
යමු ස්විස්…
මැරි කලාට පස්සෙ ආදරේ කරද්දිත් ශෝයිනේ..
මේ ඒක නෙමේ බබි..
ඉරිදට මම මේ කැම්පස් එකේදි සෙට් වෙච්ච යාළුවෙක් එක්ක උගෙ වෙඩින් එකේ වැඩ වගේකට යනවා..
ඔයත් එනවද…

අනේ බෑ තේජ්….
ඔයා දන්නවනෙ මම එහෙම අඳුරන්නෙ නැති අය එක්ක move වෙන්න කැමති නෑ කියලා…

හරි බබා එහෙනම් මම හෙට එනවානේ…
කියලා විෂ්ව සිපගත්ත තේජාන් ගෙදර ගියා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

බට්ටී….
මෙහෙ එනවාකො හලෝ…
මොකද කාමරේට වෙලා කරන්නෙ…
ආව වෙලේ ඉඳන් ඇඳ බදාගෙන…

ඇයි වදේ..
මට ඇඳට වෙලා ඉන්නත් නෑනෙ…
යනවාකො යන්න ලොක්කි මට පාඩුවෙ ඉන්න දීලා….

මොකද මේ…😏
මම මේ කතා කළේ අර පේර ගහේ උඩ අත්තෙ පේර තියෙනවා පැහිච්ච..
ඒ ටික කඩමු කියන්න…

තමුසෙ කඩාගන්නවා ..
මට බෑ..

බට්ටී….
ඇත්තටම තමුසෙට ලෙඩක්ද ඕයි…
උණක් හෙම්බිරිස්සාවක් හැදුණට මෙහෙම ඉඳලා නෑනෙ කවදාවත්…

ලොක්කි කතා කළේ බට්ටිගෙ නළලට,
බෙල්ලට අතත් තියලා බලන ගමන්…
මොකද බට්ටි කවදාවත් කිසිම හේතුවක් නිසා මෙහෙම ඉන්නෙ නෑ…
පේර ගැන කිව්වම නම් කොහෙත්ම ඉන්නෙ නෑ….
කෙලින්ම පේර ගහේ උඩ තමා නවතින්නෙ

ලොක්කිට හරිම හිතට අවුල්…
බොරුවට කෑකොස්සන් ගැහුවත්
බට්ටිගෙ දැඟලිල්ලට,රණ්ඩුසරුවල් වලට හැමෝම ආදරෙයි…

මගෙ බට්ටිච්චි ….
ඔයාට පාරෙදි මොකක් හරි කරදරයක් වත් වුණාද..
ඒත් ඉතිං අපේ බට්ටිට කරදර කරන්න පුළුවන් එකෙක් ඉඳිද කියලයි බය…
😊

අනේ යනවාකො ලොක්කි වද නොදී…
ඇයි අප්පා..
මට තේරෙන්නෙත් නෑ ඇයි මට මෙහෙම ඉන්න හිතුණෙ කියලා…
ඉතිං කෙහොමද තමුසෙට පැහැදිළි කරන්නෙ…

මම දැඟලුවත් ප්‍රශ්න ,නැතත් ප්‍රශ්න
කෑ ගැහුවත් ප්‍රශ්න , පාඩුවෙ හිටියත් ප්‍රශ්න

මම මේ අද නිවාඩුවක් ගන්න හිතුවා ඔයාලගේ ඇඟේ ලේ පිරිසිඳු කරන, ආපහු අපිරිසිඳු කරන ජොබ් එකෙන්…😜

දැන්වත් යනවා…
මගෙ ඔළුව රිදෙනවා ඕයි…
නිදිත්මතයි වගේ ඒකයි….
හ්ම් හ්ම්….
දැන් දුවනවා එළියට….
පොඩ්ඩි ආවම නැගිටින්නම්
එතකල් කෙක්කක් බැඳගෙන පේර කඩනවා…
හැමදාම මම ගහට නැගලා කඩලා දුන්නම කන්න විතරනෙ තමුසෙ දන්නෙ…
අද තමුසෙ කඩනවා
මම නැගිට්ටම කන්නම්…😆

ආ මේ ඉන්නෙ මගෙ බට්ටි ..
මම බය වුණා..
හරි එහෙනම් ඉන්නවාකෝ ඔහොම..
ලොක්කි ගියා..

බට්ටි ගෙදර එද්දි වෙනදා වගේ නෙමේ…
හිත හරිම බරයි…
ඇයි කියලා තේරෙන්නෙත් නෑ…
ඒත් හිටපු ගමන් තේජාන්වයි අර කෙල්ලවයි මතක් වෙනවා..
එතකොට නිකන් පපුව පැත්තක් දනවා
වගේ….
තේජාන් අදත් මොනවා හරි කියලා පැටලෙන්න එනකල් තමා බට්ටි බලාගෙන හිටියෙ…
වාහනේ දැක දැකම මග ඇරලා නොගිහින් ඒ ළඟින්ම ගියෙත් ඒකයි…

ඒත තේජාන්ට බට්ටි එක්ක පැටලෙනවා තියා
බට්ටිව මතකවත් නැති ගානයි…
ඒකට බට්ටිට අමුතු බරක් දැනෙනවා
වෙන කවරදාකවත් නොදැණුන හැඟීමක් ඒක
බට්ටිට කාටවත් කියන්නවත් දන්නෙ කෑ තමන්ට මේ මොකද වෙලා තියෙන්නෙ
කියලා…

🐣 තවත් සිහිනයකින් හමුවෙමු ……..🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *