මිහිදුම් සිහින…..12

12 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛
කට්ටිය තරහ වෙන්න ඔට්ටු නෑ…
පොඩි කොටසක් රෑ දාන්න හිතාගෙන ඉද්දි
මගෙ ඩේටා කනෙක්ෂන් එකේ ලිමිට් පැනලා ඩේටා කැපුවා..
මේ දැන් බිල් එක ගෙව්වෙ….
ඒ නිසා සොරි…..

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය ප්‍රේම වෘත්තාන්තය……
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

පුතා…
මොනවද අර දරුවට අරන් යන්නේ…
හිස් අතින් යන්නෙ නෑනේ මේ වගේ ගමන්

ආ ඒවා ගැන හිතන්නෙපා…
මම විෂ් ආසයි කිව්ව විදියෙ ජුවෙලරි එකක් ගත්තා…
ආ හරි පුතා….
හොඳ කේක් එකකුත් ගමු නේද…
ඒක සිරිතක්නේ….

10 වෙද්දි හතර දෙනාම විෂ්මිගෙ ගෙදරට ගියා…

අත් රහිත, ඇඟටම තද වුණ, ඉතාමත් කෙටි ගවුමක් ඇඳ සිටි
විෂ්මි තමා ඉස්සරහට ආවෙ කට්ටිය පිළිගන්න…

ආ…
එන්න තේජ්..
ආන්ටි, අංකල් යමු මම මමිටයි ඩැඩීටයි කතා කරන්නම් ඉන්න…
මල්ලි ඉඳගන්න…

කියු විෂ්මි ගේ ඇතුළට ගියා…
තේජාන්ගෙ අම්මාගෙ හිතට හරි නෑ…
මනමාලයාගෙ ගෙදරින් එන දවසෙ සාරි ඇන්දෙ නැතුවට කමක් නෑ…
මේක යොජිත විවාහයක් නොවන නිසා…
ඒත් ඇඟවත් හරියට වැහෙන විදියෙ සංවර ඇඳුමක් අඳින්න තිබුණා කියලයි තනූජාට හිතුණේ…

තේජාන් නම් බොහොම සතුටින් ඉන්නවා…
හැමදේම හොඳට වෙනවා කියලයි තේජාන් හිතුවේ…

ටිකකින් විෂ්මි ආවෙ සුනන්දයි,රමණි එක්කමයි..

අම්මයි තාත්තයි ඉඳගත්ත යුගල සොෆා එකේ ඇන්ද උඩින් රමණිගෙ කරත් බදාගෙන ඉඳගත්ත විෂ්මි ගැන තනූජාට තවත් අපුලක් තමා ඇති වුණේ…
ඇඳන් ඉන්න ගවුම නිසා කකුල් වලින් වැඩි හරියක් නිරාවරණය වෙලා තිබ්බෙ. .

හෙල්ලෝ..
මිස්ට සූරියආරච්චි …

මිස්ට රණවීර ගැන අහලා තිබ්බට දැකලා මගෙ හිතේ…
මතකයක් නෑ මට නම්…

මටත් මතකයක් නෑ…
මිස්ට සූරියආරච්චි …
සම්පූර්ණයෙන් වෙනස් පැතු දෙකක්නෙ නේද …
මිස්ටඒ සූරියආරච්චි ගල් වැල් ස්මෙන්ති එක්ක ඔට්ටු වෙන්නෙ…
මම ඉතිං යකඩ ගොඩවල් එක්කනෙ..
හහ්..හහ්..හහ්…හහ්….

මිස්ට මිස්ට කියන්නෙ මොකටද නේද…
මම සුනන්ද කිව්වට කමක් නෑනෙ..
මට රණසිංහ නැත්නම් රණේ
කියන්නකෝ….

ඒක හොඳයි රණසිංහ…
ඉතිං මේ අපේ දෝණි මේ දවස් දෙක තුනකට උඩදි තමා මේ ගැන අප⁣ට කිව්වෙ
මේ දරුවා යෝජනාව ගෙනාපුම දවසෙ…
අපේ එක්කෙනත් මේ යොජනාව ගේනකල්නෙ බලන් ඉඳලා තියෙන්නෙ…
ඉතිං අපි කිව්වා එහෙනම් බල බල ඉන්න ඕන නෑ කතා බහ කරලා කරලා දාමු කියලා.

අපිට නම් පුතණ්ඩියා මේ ඊයෙ රෑ තමා කිව්වෙ…
නේද තනූජා ….
හහ් හහ්…

තේජාන්ද යන්තම් හිනා වුණේ වරදක් කරලා හවුවුණ ගානට…

මේ විදියට පටන්ගත්ත කතාබහ
දෙන්නාගෙ බිස්නස් ගැන, පවුලේ විස්තර දක්වා යනකොට

අනුහස් ආවට දැන් අනුහස්ට නම්
කම්මැලි….
ඒ නිසා ෆෝන් එක අරන් ඔබ ඔබ හිටියා..

Excuse us…
අපි එළියට යන්නම් මමීලා කතා කරන්න
කියලා නැග්ටපු විෂ්මි
තේජාන්ටග අතිනුත් අල්ලගෙනම එක්කගෙන ගියා…

තනූජාට නම් විෂ්මිව ලේලි කරගන්න හිතෙන්නෙම නෑ..
තේජාන් තවත් උද්දච්ච මිනිහෙක් වෙයි මේ කෙල්ල බැන්දොත්..
වැඩිහිටියන්ට ගරු කරන්න දනිනෙ නෑ…
ලැජ්ජ බය දෙක ඇත්තෙම නෑ…..
කියලා හිත හිත මවාගත් හිනාවකින් තමා එතන රෑඳී සිටියේ….

තේ පානයෙන් පසු දවල් ආහාරයට ඉන්නම කිව්වත් කාරුණිකව ඒක ප්‍රතික්ෂේප කරලා
කසාදෙට නැකත් බලන්න යන්න කතා වෙලා
තේජාන්ලා එන්න පිටත් වුණා…

මග එනකොටම තනූජා කතාව පටන් ගත්තා…

ලොකු පුතා…
ඒ ළමයා අපේ පවුලට ගැලපෙනවා කියලා විශ්වාසද ඔයාට…

ඇයි අම්මි එහෙම අහන්නෙ…
පවුලට මම දන්නෙ නෑ..
මට ගැළපෙනවා…
එච්චරයි…

තනූ..
දැං ඇති ඔය කතාව…
ඉතිං පුතා…
ඒ දුවත් බිස්නස් බලාගන්න යනවලු නේද ටික ටික…

ඔව් අප්පච්චි ගම්පහ බ්‍රාන්ච් එක බලන්නෙ විෂ් තමා දැන්….

ම්ම්ම් …
පුතාට හිතෙනවද දෙන්නම දෙපැත්තක බිසී වෙන එක ප්‍රශ්නයක් නෙමේ කියලා…

අපි කරන්නෙ කන්ස්ට්‍රක්ෂන් ..
ඒ ළමයා ස්පෙයා පාර්ට්ස්නේ …
එකට කරන්නත් අමාරුයි…
මන්දා පුතාගෙ ජීවිතේ…
පුතා තීරණයක් ගන්නකො..
කලබල වෙන්නැතුව හිතලා…

අනුහස් වාහනේ පදවගෙන ආවෙ….
ඒ නිසා ඇහුම්කන් දුන්නා මිසක් කතාවට සම්බන්ධ වුණේ නෑ…
ඒත් අන්තිමේදි අනුහස්ට දෙයක් අහන්න හිතුණා…

අප්පච්චි …
මට අහන්න දෙයක් තියෙනවා…
අයියා..
ඔයා වැරදියට තේරුම්ගන්න එපා…😉
මට හිතට ආපු දෙයක් මේ අහන්නෙ..

කියන්න පුතා…

මේ..
අප්පච්චිගෙ ලේලි සාමාන්‍ය පවුලක පොඩි රස්සාවක් කරන කෙනෙක් වුනොත්
අප්පච්චියි, අම්මියි විරුද්ධ වෙනවද..??😬

කවදාවත් නෑ පුතා…
එ ගැන සැකයක් නෑ..
හැබැයි එ් කෙනා පුතාගෙ සල්ලි වලට නැතුව පුතාට ආදරේ කරන කෙනෙක් වෙන්න ඕන…
එච්චරයි ..🙂

ආ….
ඇයි මොකෝ..
රස්සාවත් එක්ක පරස්තාවකුත් හොයාගත්තද මල්ලී…😜
අප්පච්චි එහෙම කිව්වට දුප්පත් උන් සල්ලිකාරයන්ගෙ සල්ලි වලට තමා වහ වැටෙන්නෙ…
කපටිකමට ආදරේ වගේ පෙන්නලා ගෙට රිංගගන්නවා..
පස්සෙ උන්ගෙ පවුලම ගොඩ දානවා..

අපෝ නෑ….
මටත් ඉතිං දැනගෙන තිබ්බම හොඳයිනෙ මොකටත්
නේද අම්මි…..😊
හැබැයි අයියා අන්තිමට කිව්ව ටික හැම කෙල්ලටම අදාළ නෑ…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බට්ටි කොහොම හරි අක්කලා දෙන්නට කියලා.කියලා එයාට ඕන දේ කරගත්තා….
ලේයර් කට් එකක් දාපු කොණ්ඩෙට මැහෝගනී කලර් එකෙන් තැනින් තැනින් පොඩ්ඩක් කලර් කරා…

ලොක්කිට ෆේෂල් එක කරලා , පොඩ්ඩිටයි බට්ටිටයිත් ක්ලීනප් එකක් කරලා තුන්දෙනාම ගෙදර එන්න පිටත් වෙද්දි 3ත් පහු වෙලා..
කිරි පැකට් එකක් බිව්වා ඇරෙන්න උදේ කෑවට පස්සෙ තුන්දෙනා කාලා නෑ..
ඇයි සැලෝන් එකේ වැඩ ටික කරද්දි
කන වෙලාවත් පහු වුණා….
ඒ නිසා කැබ් එක මග පේස්ට්‍රි ශොප් එකක නවත්තන්න කිව්වෙ කන්න දෙයක් ගන්න.

පොඩ්ඩි බැහැලා ගියේ මොනවා හරි ගේන්න අනිත් දෙන්නා වාහනේම ඉද්දි…

කෑමත් අරගෙන, cool නෙස්කැෆේ 3කුත් අරන් එන්න හැරෙද්දි දොරෙන් ඇතුල් වුණේ
ඉඳුවර…

සර්….

Hi ,තරිණි …
ගෙවල් මෙහෙද..
ආ නෑ සර් ගෙවල් නම් නිට්ටඹුවෙමයි…
මේ…..
අක්කත් එක්ක පොඩි වැඩ වගේකට ආවා
අක්කාගෙ වෙඩින් එක ලබන මාසෙ..

ආහ්…
එහෙමද…
හරි එහෙනම්..
CU….

තරිණි එතනින් දුවගෙන වගේ ගිහින් වාහනේට නගිනවා ඉඳුවර බලාගෙන හිටියෙ පොඩි හිනාවකුත් එක්ක….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජාන් ගෙදර ඇවිත් ඇඳට වෙලා කල්පනා කළේ අම්මයි අප්පච්චියි කිව්වෙ මොනවද කියලා…
ඒවගේ පැත්තක් ගැන හිතලා තිබ්බෙම නෑනේ…
මැරි කලාට පස්සෙ ටික කාලෙකින් විෂ් ට කියනවා බිස්නස් බලාගන්න කෙනෙක් ජොබ් එකට ගමු කියලා…
එතකොට හරි…

පහුවදා තේජාන්,
නිසල්ට පොරොන්දු වෙලා තිබ්බ නිසා
නිසල් එක්කම බට්ටිලාව අක්කගෙන ඇඳුම් මහන තැනට යන්න ආවා….

බට්ටි, පොඩ්ඩි…
යමු අන්න නිසල් අයියා ඇවිත්
අම්මා අපි ගිහින් එන්නම්…

ලොක්කිත් පොඩ්ඩිත් එක පෙළට වැටෙද්දි බට්ටි තාම කාමරේ…

කව්ද ලොක්කි මේ…

එළියෙ අඹ ගහ ළඟ නිසල් එක්ක හිටගෙන ඉන්න තේජාන් දැකපු පොඩ්ඩි අැහුවෙ ඒ මුහුණෙ මොකක් හරි හුරුපුරුදු කමක් දැක්ක නිසා…

ඒ තමා අර නිසල්ගෙ යාළුවා…
එදා බට්ටි පැටලි පැටලි හිටියෙ…

ආහ්..
පට්ට හැන්ඩියා නේහ්…
කොහෙදි හරි දැකලා තියෙනවා වගේ..
උස බලන්නකො මුගෙ..

ඔව් ඔව් බට්ටි නමකුත් දාලා තිබ්බෙ දිගංචියා කියලා…

හික්ස්..
ඒක නියමයි…

නිසල් මචං මේ…
නිකිණිට තව නංගි කෙනෙක් ඉන්නවද…
කියවමින් එන කෙල්ලො දෙන්නා දැකලා තේජාන් ඇහුවා..

ආ ඔව් නංගිලා දෙන්නයි මල්ලියි ඉන්නෙ.

එතකොට අර බෝම්බෙ කෝ….

හහ්..හහ්😜😃😂
බට්ටිද…
එයි එයි එයත් යනවා….
ඒ දෙන්නා තමා bridsmade ..

එතකොටම තමා හරි යමු ….
කියාගෙන බට්ටි දුවගෙන ආවේ….
තේජාන්ව දැක්කා විතරයි බට්ටිව එකපාර නැවතුනා…

තේජානුත් බට්ටිව දැක්කා….

⁣ක්‍රීම් කලර් ත්‍රීක්වාටර් එකකට රතුපාට ටීෂර්ට් එකක් ඇඳලා චූටි සයිඩ් පර්ස් එකත් දාලා හිටපු බට්ටි ඇත්තටම හරිම හුරුබුහුටියි….
බට්ටිගෙ හෙයා කට් එක නිසා බට්ටිව වෙනදට වඩා තවත් දඟකාර විදියට තමා පෙණුනෙ…

තේජාන්ගෙ හිතත් චුට්ටක් විතර හෙල්ලුනේ නෑ කිව්වොත් බොරු….

බට්ටි ඉක්මනින් තේජාන්ව දැක්කම ගැස්සුණ හිත යටපත් කරන්
තේජාන්ට රවන ගමන්😏
අක්කලා දෙන්නා ළඟට ආවා…

යමු යමු…
මොනවද අනේ මෙච්චර වෙලා කරේ..
ලෑස්ති වෙන්නඔච්චර වෙලා ගන්නෙ
ෆැෂන් ෂෝ එකකට නෙමේ යන්නෙ…
බට්ටි කියවනවා….

මේ බලන්නකො ලොක්කි
අපි කියන්න ඕන ඒවා මෙයා කියනවා…

ඒම තමා ඉතිං..
ඔයාලා කියන්න කලින්ම මම කූවා…
යමු යමු….

Good morning නංගිලා….
තේජාන් පොදුවේ කිව්වෙ
එදා බට්ටිට අත දීලා වෙච්ච දේ නිසා පොඩ්ඩිත් කෙහොමද නොදන්න නිසා…

පොඩ්ඩිත් නිකිණිත් පෙරළා සුබ පැතුවත් බට්ටි බිම බලන් හිටියා…

තේජාන්ට පුදුමයි..
මොකෝ අද මේ…
තවත් බාල්දියක් දන්නෙ නෑ…

ඒ නිසල්…
අද මොකද මේ ටයිම් බෝම්බෙ කට වැහිලා
අප්පට සිරි නිසලා…
මෙන්න උඹේ නෑනාගෙ කොණ්ඩෙ තැනින් තැන මළකඩ කාලා..
හහ්😜😃😂 …

ඒ ඔව්මයි බට්ටි…
මේ මොකෝ….

මට කියන්නෙ තමුසෙගෙ කෙල්ලගෙ කොණ්ඩෙම මළකඩ කාලානෙ…
කියලා කියන්න කටට ආවත් බට්ටි ඒක නොකියා හිටියෙ
කෙල්ලව දන්නෙ කෙහොමද කියලා කිව්වොත් අක්කලා දැනගන්නවා ඊයෙ කිව්වෙ තේජාන් ගැන කියලා…

අනා…
නිසල් අයියෙ…
ඔයා නම් කෙහොමත් ගොඩයානේ
ඒත්….
ඔයාගෙ යාළුවා පට්ට පොෂ් ලුනේ…
හැබැයි හෙයා කලර් කරන එක ගැන දන්නෙ නෑ…
පවු අප්පා …

තේජාන්ට කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා…
මේකි නම් බෝම්බයක්ම තමා….

හික්ස්….
පොඩ්ඩියි,ලොක්කියි කට වහගෙන හිනා වෙනවා…

අපෝ හරි හරි..
Just a joke…බට්ටි…
නගින්නලා වාහනේට..
නිසල් කිව්වා…

වාහනේට නැග්ගට පස්සෙ තේජාන් කණ්නාඩියෙන් කෙලින්ම බැලුවෙ බට්ටි දිහා..
බට්ටිත් කණ්නාඩියෙන් පේන ඒ නපුරු ඇස් දෙක දිහාම තමා බලන් හිටියෙ…
ඒ සිව් ඇස් තත්පර කිහිපයකට පැටළුණා..

බට්ටි තමා මුලින්ම ඇස් ඉවතට ගත්තෙ…

ඒ අැස් මට මොනවා හරි කියනවා වගේ..
තේජාන්ට හිතුණා ….

🐣තවත් සිහානයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *