මිහිදුම් සිහින…..13

13 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
ඔයාලා කතාව ගැන කියන දේවල් දකිද්දි හරිම සතුටුයි.
මේ මගේ දෙවනි කතාව….
පළවෙනි කතාව කියවපු නැති අයට කැමති නම් මගේ profile එකෙන් බලන්න පුළුවන්. ඇල්බම් එකක් විදියට තියෙනවා…

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

අද මේ කෙල්ල හරිම වෙනස්…
එදාට වඩා…
එදා වගේ නෙමෙයි..
මට මොනවද ඒ හීනි ඇස් වලින් කියන්න හදන්නෙ…
මටත් ඒ ඇස් දිහාම බලන්න හිතෙන්නෙ ඇයි….
අද ඒ ඇඳුමටත් කෙල්ලගෙ අමුතු attraction එකක් තියෙන්නෙ…
හරිම හුරතල් පාටයි…
රතු පාට කෙල්ලට matching….
වාහනය පැදෙව්වත් තේජාන්ගෙ හිත තිබුණෙම බට්ටි ළඟ…

බට්ටිත් වාහනේ පැත් වීදුරුවෙන් එළිය බලන් ගියා මිසක් වෙනදා වගේ කියෙව්වෙ නෑ….
මට පිස්සුද …
ඇයි මේ වගේ උද්දච්ච මෝඩ නරියෙක් ගැන හිතන්නෙ මම…
මූ එකක් යාළු වුනොත් එහෙම මුගෙ මහන්තත්ත කමට යට වෙලාම මාව මැරෙයි..😏
අනික කෙල්ලෙක් ඉන්නවානේ..
එදා ගියේ් ඇලී – ගැලී – වෙලී – පැටලී….
බට්ටිත් හිතුවෙ තේජාන් ගැන..

මොකද නිකිණි නංගි අද ඔයාලගෙ ටයිම් බෝම්බෙ සද්ද බද්ද නැත්තෙ….
බට්ටිගෙ නිශ්ශබ්දතාවය තවත් ඉවසන්න බැරි වුණ තේජාන් කිව්වෙ කණ්නාඩියෙන් බට්ටි දිහා නැවතත් බලමින්…

ආ..
ටයිම් බෝම්බ එහෙම හැම වෙලේම පුපුරන්නෙ නෑ මිස්ට තේජාන්…
සෙට් කරපු වෙලාවට තමා පුපුරන්නෙ..
ඒ නිසා ඉවසලා ඉන්න…
කණ්නාඩියෙන් තේජාන්ගෙ ඇස් දිහාම බලන් බට්ටි කිව්වේ….

අනෙ අම්මේ ඔව්….
ඒ නිසා අවුස්සගන්නෙපා තේජාන් අයියා…

කට කොනින් පොඩි හිනාවක් දාපු තේජාන්…

මිතුණීට වැඩියෙනුත් එක්ක, නිකිණිට ගානට.. ..
මේ අනිත් නංගිට කට නැද්ද..
අපිට හඳුන්වලා දුන්නෙත් නෑ…

ආමේ මගෙ පොඩි නංගි…
බට්ටිගෙ අක්කා…
තරිණි..

හායි නංගි…
මේ ඔයාගෙ චූටි නංගිව නම් හඳුනගන්න ගිහින් එදා නිකන් චාටර් වුණා…
ඔයා එහෙම නෑ නේද

ආ..
අපේ නංගි ඉතිං ටිකක් දඟයිනෙ ඒකයි
නැත්නම් නරක නෑ…

නෑ නෑ…
මම නරකයි තමා..
ඔයා නිකන් ඉන්න පොඩ්ඩි..
⁣මෙයාට මොකටද අපේ හොඳ නරකෙන්..
හඃ….😠

අපෝ…
තාම අපේ තේජානයා එක්ක මලෙන් ද බට්ටි ඔයා…
අමතක කරන්නකෝ…
ඔයා මේ මට දෙනවා වගේ පොඩි පොඩි ගේම් ටිකක් දෙන්න පස්සෙ…

නිසල් කතාවට එක් වුණේ බට්ටි තවමත් බුම්මගෙනම ඉන්න නිසා…
ලොක්කියි පොඩ්ඩියි වගේම නිසලුත් බට්ටිගෙ දඟකාරකම් වලට වැඩිය නොපෙන්නුවත්, හරිම ආදරෙයි….
ඒ දඟ වැඩ නැතුවම ඒ හැමෝටම පාළුයි…

ඒත් අද නම් බට්ටිට දඟ කරන්න හිතක් නෑ වගේ…
අක්කලා දෙන්නා ආදරේ ගැන කිව්ව දේවල් එක්කම අද තේජාන් ඇස් මානයේ රැඳෙද්දි
බට්ටිටත් තේරුණා…
තේජාන්ට තමන්ගෙ හිතේ විශේෂ කැමැත්තක් තියෙනවා කියලා…
කෙල්ලෙක් එක්ක යනවා දැකපු නිසා ඇති වුණ හිතේ අමාරුව නිසයි බට්ටිට සන්සුන් වෙලා හිත හදාගෙන ඉන්න බැරි…

ඒ අතර තේජාන්ටත් බට්ටිගෙ වෙනස හොඳින්ම දැනෙනවා…
කෙහොම හරි අද මේ කෙල්ලව තනියම අල්ලගෙන අහන්න ඕන මොනවද මේ මට ඇස් වලින් කියන්නෙ කියලා…
මට මෙහෙම දැනිලා නෑ විෂ්ගෙ ඇස් දිහා බලද්දිවත්…

නිකී…
ආයෙ ෆිටෝන් වලටත් එන්න ඕන නේද..
මේ ඇවිදින එක ඉවර වෙන්නෙ කවදායින්ද අප්පා…
දැන් නම් ඇති..
තේජ් ඉන්න නිසා මිසක් නැත්නම් බයික් එකේ යන්න බෑනෙ මේ ඩබලත් එක්කගෙන…

ඒක තමා..
තේජාන් අයියා මේ කරන්නෙ කියලා නිමකරන්න බැරි උදව්වක්…
ෆිටෝන් එකට විතරයි…
ආයෙ යන්න ඕන නෑ නිසල්…
ආ නෑ..ෆේෂල් 2ක් තියෙනවා තව. ඒකට එදා වගේම කැබ් එකක යන්නම් ඔයා ඕන නෑ…
එවාට ගියාම ඉතිං වෙලාව කියන්න බෑනේ.

අදාල තැනට එනකල්ම නිසල්, නිකිණි, තරිණි කතා කළත් තේජානුත් බට්ටිත් කිසි කතාවකට සම්බන්ධය වුණේ නෑ…
ලොක්කිලා හිතුවෙ බට්ටිට P&S හැන්ඩියා ගැන හිතේ බරයි, තේජාන් එක්ක තියෙන තරහයි නිසා කියලා..

ඇඳුම් වලට අවශ්‍ය කරන දේවල් සේරම දුන්නට පස්සෙ…
කට්ටියම ගියේ එතන ළඟ තිබ්බ පේස්ට්‍රි ශොප් එකකට…

බට්ටිට තේජාන් දිහා බැලුනෙ මුල්ම හමුවීම මතක් වෙලා…
තේජානටත් එවෙලෙම බට්ටි දිහා බලන්න හිතුණෙ තේජාන්ටත් ඒකම මතක් වුණ නිසා…
කට්ටියම ඕඩර් කරපුවා කන අතරේ…

ඒයි…
බට්ටි…
මොකද හලෝ ඔහොම..
එපා වෙනවනෙ තමුසෙ ඔහොම ඉද්දි
පොඩ්ඩි බට්ටිට ළං වෙලා කිව්වා…

චඃ..
යනවා හලෝ…
මට සේරම එපා වෙලා තියෙන්නෙ…

ආ..හ්..
අනේ ඒ මොකෝ..

මොකද මේ දෙන්නා විතරක් සතරකන් මන්ත්‍රණය …??

සතරකන් මන්ත්‍රණය කරන්න හතර දෙනෙක් එපැයි. දෙන්නෙක්ට බෑනෙ නිසල් අයියේ..
බට්ටි ඇඟට පතට නොදැනී කියලා දැම්මා

තේජාන් කට කොනින් හිනා වෙමින් බලන් හිටියෙ බට්ටිගෙ හැසිරීම…

ආ දන්නවද වැඩක්..
දවසක් අපේ බට්ටිට P&S එකකදි ශෝක් වැඩක් වෙලානෙ…
ලොක්කි කියන්න ගත්තා..
තේජානුත් බට්ටිත් මූණට මූණ බැලුවා..
අනෙක් අයගේ අවධානය ලොක්කි දිහාට නිසා
බට්ටිගෙ බය වුණ ඇසුත්,
තේජාන්ගේ පුදුම වුණ ඇසුත් ගැන තේරුණේ නෑ…

ඒ මොකද්ද ඒ..
තේජාන්ම ඇහුවා…

සල්ලි නිසා හෙනට ඔළුව ඉදිමිච්ච එකෙක් ඇවිත් බට්ටිලට පල් එක දාන්න ගිහින් බට්ටි හොඳට කියලා දීලා…
පොර ඉතිං කොර වෙලා ගියාලු…

එතකොටම තේජාන්…

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *