මිහිදුම් සිහින…..16

16 වන සිහිනය

Like,Comment හැම එකකකටම ගොඩක් ස්තූතියි …
ප්‍රමාදය වෙනුවෙන් සමාව භාජනේකට දාලා ඉල්ලනවා මුලින්ම…😞😞

අකුරු වල වැරදි ඇති..
හදාගෙන කියවන්න යාළුවනේ

පෙර කොටසට

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

පොරවනය යටට වූණ බට්ටි ඇස් පියාගන්නවත් එක්කම මතක් වුණේ
තේජාන්…
දවල් මූණටම එබිලා නහයට තට්ටුවක් දාලා අයිස් එක දීලා ග්ය හැටි…
බට්ටිව අමුතුම කිතියකින් හිරිවැටුණා…
ඒ උණුසුම් හුස්ම දැනුත් මුණට දැනෙනවා වගේ…
අනේ ඔයාව මට ලැබෙනවා නම්….
හ්ම්ම් …
බර සුසුමක් හෙලුනෙ ඉබේටමයි….
ඒත් ඔයා ⁣මට ගොඩාක් දුරයි ….
කවදාවත් හැබෑ නොවන හීනයක්….
මමත් ඉඳලා ඉඳලා මේ කාටද ආදරේ වුණේ..
හිතත් මහ පුදුමයි අප්පා…
පිස්සුමයි නටන්නේ….
තේජාන් ගැනම හිතමින් බට්ටි නින්දට යද්දී…

තෙජානුත් බට්ටි ගැනම හිතුවා…
⁣චූටි බෝම්බෙ…
මොකද්ද මේ තේජාන් සූරියආරච්චිට ඔයා කළේ..
මම විෂ් ගැන තීරණයක් ගන්න හදිස්සි වුණා වැඩිද…
ගෙවල් වලිනුත් කතා කළා…
විෂ්ගෙ තාත්තා එක්ක එහෙම සෙල්ලම් දාන්න පුළුවන් මනුස්සයෙක් නෙමේ…
පිස්සුද..
මට
මොනවද මම මේ හිතන්නෙ…
මම මෙච්චරකල් තියාගෙන හිටපු ස්ටේටස් සේරම නැතිකරගන්න බෑ මේ චූටි කෙල්ලෙක් නිසා…
තේජාන්…
හැඟීම් වලට වහල් වෙන්නෙපා…
මිතුණී ගැන තියෙන්නේ පොඩි attraction එකක් විතරයි ..
එ දඟකාර කමට හිත නොයන්නෙ කාගෙද
හහ්…
ගුඩ් නයිට් බෝම්බේ….
Don’t disturb me …
im gonna sleep.. 😴
හිතින් කිව්ව තේජාන් ඇස් පියා ගත්තා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

ගුඩ් මෝර්නින්ග් තරිණි …

ආ..වෙරි ගුඩ් මෝර්නින්ග් යශූ…
මොකෝ මේ හැපි මූඩ්….??

ආ..
අද අර හැන්ඩියාව හම්බුණානෙ මූණට මම එද්දි ⁣කාර් පාක් එක ළඟදි..
ටිංකිරි හිනාවක් දැම්මා මචී….
මට පිස්සු හැදුනෙ නැත් ටික විතරයි…
මමත් ඉතිං මගෙ ස්වීට් හිනාව දාලා
ගුඩ් මෝර්නින්ග් කියලා ආවා….

හිහ්…..හිහ්…😄
එහෙනම් අද යශූගෙ දවස සුබ වෙයි නේ…

නැතුව නැතුව…
ඒ අන්න මේ පැත්තට එනවා හැන්ඩියා

යශෝධා මුහුණ පරිඝණක තිරයට හරවගත්තේ වැඩ කරන බව හඟවන්න

තරිණිට නම් හිනා
මේ යශෝධාගේ පිස්සු වැඩ වලට..

ඉඳුවර ඇවිත් නැවතුණේ තරිණිගෙ මේසෙ ළඟ…

ගුඩ් මෝර්නින්ග් මිස් තරිණි…

ගුඩ් මෝර්නින්ග් සර්…
කියමින් තරිණි පුටුවෙන් නැගිට්ටා…

සිට් සිට්..
තරිණි…
මගෙ වැඩේ බලන්න කියලා මතක් කරන්න ආවෙ…
කියලා ඉඳුවර එහෙමම එතනින් ගියා…

ඇත්ත නම්, අද තරිණිගෙ ඇඳුමට, ඉඳුවරට වෙනදටත් වඩා ලස්සනට තරිණිව පෙනුණා…
ඈත තියා යශෝධා එක්ක හිනාවෙනවා දැකපු ඉඳුවරට තරිණි එක්ක කතා කරන්න ලාමක ආශාවක් ආවා….
ඒකයි වැඩේ මතක් කරන්න වගේ ළඟට ආවෙ…
ඉඳුවරගෙ හිත මේ තලෙළු චාම් කෙල්ල හොල්ලලා ඉවරයි දැනටමත්…

ඉඳුවරට තරිණි එක්ක තනියම කතා කරලා බලන්න හිතුණා….
බදාදා ට වැඩේ ඉවර කරලා ගෙනාවම ටිකක් කතා කරන්න හිතාගත්තා…

බට්ටි ලෙක්චර්ස් ගියා…
වෙනදා වගේ යාළුවො එක්ක සතුටින් ඉන්න උත්සහ කළා….
තේජාන්ව මතකෙට ආවත් තමනන්ගෙම හිතට තේජාන් නොලැබෙන දෙයක් කියලා තරවටු කරගෙන අමතක කරන්න උත්සහ කළා…

*****************

දවස් ගෙවිලා බදාදා උදේම තරිණි ඉඳුවර ඉල්ලපු වැඩේ කරලා ප්‍රින්ට් එකකුත් අරන් ෆයිල් එකක් හදාගෙන ලස්සනට වැඩේ ඉවර කළා….
මේල් එකත් සෙන්ඩ් කරලා ඉඳුවරගෙ කැබින් එක ළඟට ගියත්
ඉඳුවර සීට් එකේ නෑ…
ඒ නිසා මේල් එක දැක්කම කතා කරයිනෙ කියලා ෆයිල් එකත් මේසෙ උඩින් තියලා ආවා…

අද ඉඳුවර සීට් එකට එන්න පරක්කු
වුණේ..
එන ගමන්ම සප්ලයර් මීටින්ග් එකකට යන්න වුණ නිසා…

කැබින් එකට ආව ගමන් දැක්කෙ මේසෙ උඩ තියෙන ෆයිල් එක….
අතට අරන් බැලුවෙ මොකද්ද කියලා…
ඒකෙ තියෙන ඩීටේල් දැක්කම අනුහස්ගෙ කට කොණට ලස්සන හිනාවක් ආවෙ..
කෙල්ල දක්ෂයිනෙ…
මට ඕන විදියටම වැඩේ කරලා..
ඉන්ටකොම් ටෙලිෆෝන් එකෙන තරිණි ඉන්න තැනට ගත්ත ඉඳුවර
තරිණිට කැබින් එකට එන්න කියලා පණිවිඩේ දීලා බලන් හිටියෙ තරිණි එනකල්….

ඈත තියාම කැබින් එකට එන තරිණි දිහා වීදුරු දොරෙන් ඉඳුවර බලන් හිටියෙ ආශාවෙන්…
අද නම් දඟකාර පන්ති යන ළමයෙක් වගේ
😍😊

May i comming sir…

Yeah..
mis තරිණි take a sit…

මොනවා හරි වැරැද්දක් තියෙනවාද සර්..
තරිණි හිතුවෙ ඉඳුවර එන්න කිව්වෙ වැරැද්දක් නිසා කියලා..

ආහ් …
නෑ තරිණි…
මම නම කියලා කතා කළාට කමක් නෑ නේද..
ලස්සන හිනාවක් එක්ක ඉඳුවර කිව්වෙ මිස් කියලා කියද්දි දුරයි වගේ දැනෙන නිසා

ආහ් කමක් නෑ සර්…

තරිණි …
ඔයා මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳට මගෙ වැඩේ කරලා තියෙනවා..
Thankx a lot…
ඉඳුවර තරිණිගෙ ඇස් දිහාම බලාගෙන කිව්වෙ

Thankකරන්න ඕන නෑ සර්…
මගෙ ජොබ් එකනෙ…
තරිණිට දැණුනා ඉඳුවරගෙ බැල්ම එදාට වඩා වෙනස් කියලා…
නරක බැල්මක් නොවුණත් තරිණිට අපහසුතාවයක් දැණුනා..
ඒ නිසා බිම බලාගෙන ඒක කිව්වෙ..

මොකද තරිණි මගෙ මූණ බලන්න බැරි තරම් කැතයිද….
බිම බලාගත්තේ….
😉

ආ..හ්..
නෑ සර්…
මේ…

හරි හරි…
ඉතිං මට මේ ටික explain කරන්නකො තරිණි…
මේ graph එහෙම …

ඉඳුවරට ඒ සේරම පැහැදිළි වුණත් තරිණිව මෙතන රඳවගන්නයි ඕන වුණේ….

තරිණි ෆයිල් එක අරන් එකින් එක විස්තර කළත් ඉඳුවර ඒ කිසි දෙයක් අහන් නෙමේ හිටියෙ….
ඉඳුවර කෙල්ලගෙ මුහුණ, නොනවත්වා කියවන කට, විටින් විට එහෙ මෙහෙ වන ඇස් හොඳින් නිරීක්ෂණය කළා….

විස්තර කරලා ඉවර වුණ තරිණි ඇස් උස්සලා බලද්දි
ලස්සන සිහින් මදහසක් එක්ක ඉඳුවර තරිණිගෙ මූණ දිහාම බලන් ඉන්නවා දැක්කා…
ඒ ඇස් එක්ක තරිණිගෙ ඇස් යා වුණේ
හිතන්නවත් කලින්….
ඒත් තරිණි ඉක්මනින් ආයෙම ෆයිල් එකට ඇස් හරවලා..
හරි නේද සර්…
එහෙනම් මම යන්නද ..

ම්ම් ..
ආ..හ්…
ඉන්න..
ඇයි හදිස්සි…
වැඩ ගොඩක් තියෙනවද කරන්න..
තරිණිගෙ වයස කීයද…

22යි සර්..

දැන් බෝයි කෙනෙක් එහෙම ඉන්නවද මැරි කරන්න…
පුටුව පිටිපස්සට ටිකක් බර වෙලා එහෙම ඉඳුවර ඇහුවෙ….
තරිණිගෙ ඇස් දිහාම බලන්…
කෙල්ල බොරුවක් කියනවාද හොයාගන්න.

නෑ සර්…

බොරු කියන්නෙපා…
ඔයා වගේ girl කෙනෙක්ට boy කෙනෙක් නෑ කියන්නෙ නම් බොරු…

හිටියා සර්..
දැන් නෑ…

හ්ම්ම් ..
ඒකත් එහෙමද….
මට තරිණි එක්ක ටිකක් කතා කරන්න ඕන
අද ට්‍රාන්ස්පෝර්ට් එකේ යනනෙ නැතුව ඉන්නවද…
මම ඩ්‍රොප් කරන්නම් කැමති නම්…
නැත්නම් ට්‍රයිෂෝ එකක් කතා කරලා දෙන්නම්…
ප්ලීස් …
වැරදියට හිතන්නෙපා….

තරිණිව කරකලා අත ඇරියා වගේ වුණා…
මේ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු තියා හිත කොණක වත් තිබ්බෙ නෑ….

තරිණි බය වෙලා ඔළුව උස්සලා ඉඳුවර දිහා බැලුවා…

හිනාවක් එක්කම බටගය වෙලා බලන තරිණි දිහාම බලන් ඉඳපු ඉඳුවර…
මේක ඔෆිස් එකනෙ….
ටිකක් කතා කර කර ඉන්න ආස වුණත් ඒක වැරදිනෙ තරිණි…
යාළුවෙක් වගේ කතා කරන්න ඕන ඔයාව අඳුරගන්න…
වැරදියට ගන්නෙපා…
මම මගෙ අම්මිට ගොඩාක් ආදරෙයි…
ඒ වගේම ගෑණු ළමයින්ටත් මම ගොඩාක් ගරු කරනවා…
කිසිම වැරදි අදහසක් නෑ…
අඳුරගන්න විතරයි…
ඔයා ට්‍රාන්ස්පෝර්ට් යන නිසා පාරෙදි වත් දක්න්නෙ නෑ නෙ…
ඒකයි ඇහුවෙ..
හරි කමක් නෑ
දැන් තරිණි යන්න..
මෙන්න මගෙ කාර්ඩ් එක..
මට කියන්නකො ටිකක් හිතලාම….
Thank you very much again for your hard work.
එහෙනම් දැන් හොඳ ළමයා වගෙ ඔය මූණෙ තියෙන බයවුණ expression එක අයින් කරලා හිනා වෙලා සීට් එකට යන්න
නැත්නම් කට්ටිය බලයි මම කැබින් එක ඇතුලෙ ඔයාට අතවරයක් වත් කරලද කියලා…
හහ්…😄😄

මොකුත්ම නොකියපු තරිණි තමන් දිහාට නැමිලා වගේ ඉඳුවර දික් කරගෙන හිටපු කාර්ඩ් එකත් අරගෙන පුටුවෙන් නැගිට්ටා..

තරිණි…
ප්ලීස් අවුල් ගන්නෙපා…
ආවා වගේම ලස්සනට හිනා වෙලා යන්න..
කතා කරන්න අකමැති වුණා කියලා මම තරහා නෑ…
ඒ නිසා නිදහසේ කැමති තීරණයක් ගන්න හරිද….
කියපු ඉඳුවර ලැප් ⁣ටොප් එක දිග ඇරලා වැඩ පටන්ගත්තෙ තව දුරටත් තරිණි ගැන අවධානයක් නැතුව…

තරිණි එහෙමම කැබින් එකෙන් එළියට ගිහින් අමාරුවෙන් මූණ හදාගත්තෙ
කට්ටියට කතාවක් හදන්න මාතෘකාවක් වෙන්න අකමැති නිසා…
මෙහෙ හරි ඉක්මනින් කතා හදන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා…
විශේෂයෙන් ඉඳුවර වගේ කඩවසම් ඉහළ නිළයක් දරන කෙනෙක් හා තරිණි වගේ පහළ මට්ටමක කෙනෙක් ගැන හරි ඉක්මනින් කට කතා පැතිරෙනවා…

තරිණි සීට් එකට ගිහින් පරිඝණක තිරයට මූණ ඔබා ගත්තත්..
හිත නම් මෙතන නෑ…
ඉඳුවරගෙ කාර්ඩ් එක ලාච්චුවට දැම්මෙ තාමත් ඒක අතට ගුලි වුණ ගමන් කියලා දැනිලා..

ඒයි..තරිණි …
මෙකෝ නිකන් අවුලෙන් වගේ
හැන්ඩියා බැන්නද…
උඹ වරද්දලාද…

ආ..හ්..
නෑ…
මෙ…ඔව් ඔව්…
ඩේටා වගයක් මාරු කරලා දාලා..
ටිකක් බැන්නා සිහිය නෑ කියලා…

තරිණි යශෝධාට වත් ඇත්ත කිව්ටව නෑ
මොකද යශෝධාත් යාළුවා වුණාට පද හදන්න නම් රුසියා…
අනික ඉඳුවර ආව දවසෙ ඉඳන් බැල්ම දාන්නෙ යශෝධා…

ඕකට ඔච්චරටම බය වෙන්නෙ ඇයි බං…
උඹ නිකං මේ උදේ මහසෝනා දැකලා වගේනෙ..
වචනත් පැටලෙනවා..

එතකොටම තරිණිගෙ මේසෙ උඩ තිබ්බ ඉන්ටකොම් එකට කොල් එකක් ආවා…

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *