මිහිදුම් සිහින…..17

17 වන සිහිනය

Like,Comment හැම එකකකටම ගොඩක් ස්තූතියි …

අකුරු වල වැරදි ඇති..
හදාගෙන කියවන්න යාළුවනේ
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

හෙලෝ…

හෙලෝ..
තරිණි..
මම ඉඳුවර..
මම කිව්ව කිසි දෙයක් කා එක්කවත් කියන්න එපා
ඔයාටමයි හොඳ නැත්තෙ…
කට්ටිය නිකන් කතා හදයි..
දන්නවානෙ නේද….

ඔව් සර්…

හරි එහෙනම් මම තිබ්බා…
මැසේජ් එකක් එනකල් බලන් ඉන්නවා…

ෆෝන් එක තියලාත් ඉඳුවර කල්පනා කලේ තරිණි ගැන…
මේ කෙල්ල ගැන මම හිතන විදිය හරි නම්
කෙල්ල අද මාව මග අරිනවා ශුවර්…
පොඩි හිනාවකුත් කට කොණේ තියාගෙන ඉඳුවර වැඩ කරන්න පටන් ගත්තා…

තරිණි දවසම හිටියෙ අන්ද මන්ද වෙලා වගේ…
යශෝධා දෙපාරක් තුන්පාරක්ම ඇහුවා මොකද කියලා…
තරිණි හිසරදේ කියලා යශෝධාව මග ඇරියා….
කැන්ටින් එකේ හවස තේ බොන්න ගිය වෙලේ
ඉඳුවර එතනින් යනවා තරිණි දැක්කත් නොදැක්කා වගේ හිටියා….
ඉඳුවර දැක්කා කෙල්ල අන්ද මන්ද වෙලා ඉන්නෙ කියලා…
පොඩ් සතුටකුත් දැණුනා…
මොකද කපටි අම්මණ්ඩි කෙනෙක් නම් මේ වෙද්දි කොල්ලට හවස එන්නම් කියලා ඉවරයි…
ඒ වගේම මෙහෙම බය වෙලා ඉන්නෙ නෑ
කෙල්ල අහිංසකයි කියන්න මීට වඩා සාක්ෂි මොකටද..
ඉගෙන ගන්න කාලෙ විවිධාකාර කෙල්ලො දැකලා තියෙන ඉඳුවර කෙල්ලො හැසිරෙන විදිය ගැන දැනගෙන හිටියා….

එදා හවස වෙනදටත් කලින් ට්‍රාන්ස්පෝර්ට් එකට දුවගෙන ගිහින් නැගපු තරිණි වෙනදා වගේ,
ගෙදර යනකල්ම කතා කලේ නෑ …

බට්ටි….
ලොක්කි…
කෝ කොහෙද ඉන්නෙ…
එනවලාකො …

මොකද බූරියෙ…
මම ⁣තව ටිකෙන් පේර ගහෙන් වැටෙනවා
තමුසෙගෙ සද්දෙට..
ආ…
පේර ගෙඩියකුත් දික් කරගෙන කාම⁣රේට ආවෙ බට්ටි…

කෝ ලොක්කි..
එක්ක එනවාකෝ…
කියන්න දෙයක් තියේ…

ඉන්නවා..
එනකල්..
දැං එයි ළිඳ ළඟට ගියා ….

මොකද පොඩ්ඩි….

මේ අම්මා මොකද කරන්නේ…

අම්මා උයනවා…
මම මේ කපලා කරලා දීලා ආවෙ…

ආහ් දැන්ම මෙ පැත්තට එන එකක් නෑනෙ නේද…

පොඩ්ඩි…
තමුසෙ අද මොකක් හරි හොර කතාවක් කියන්න නේද යන්නෙ…
බට්ටි කකුල් දෙකත් එරමිණියා ගොතලා ඇඳ උඩින් ඉඳගෙන පේර ගෙඩියක් කන්න ගත්තා…

පොඩ්ඩිත් ඉඳන් හිටපු තැනින් පස්සට වෙලා බිත්තියට හේත්තු වෙලා කොටටෙ උකුලට ගත්තා…

ලොක්කි එනවා තමුසෙත් මෙතන්ටම..
බට්ටි කතා කළා….

තුන්දෙනාම ඇඳේ එක එක විද්යට පහසු ආකාරයෙන් ඉඳගත්තම බට්ටි දුන්න පේර ගෙඩියත් කන ගමන් පොඩ්ඩි උදේ වෙච්ච දේ කිව්වා…

හා….හ්..හහ්..හහ්😜😃😂 ….
මම කිව්වේ….
මම කිව්වේ…
පෙඩ්ඩිට අර හැන්ඩි බොසා නිසා වැඩක කරගන්න බැරිවෙයි කියලා එදාම…

බට්ටි මහ හයියෙන් හිනා වෙවී
කිව්වෙ…

වහනවා ඕයි කට…
පොඩ්ඩි ගැහුවා උකලෙ තිබ්බ කොට්ටෙ අරන් බට්ටිට…

මෝඩි…
ඕකට ගහන්න ඕනද…
ඇත්තනෙ හලෝ..
හිනා යන්නැද්ද..
අර තමුසෙගෙ යාළුවා යශු පවුනේ…

මේ එවා වැඩක් නෑ..
ලොක්කි..
මම මොකද කරන්නේ..
සර් එක්ක කතා කරන්නද…

ආ..
මෙ බලනවාකෙි ලොක්කි…
අපෙන් අහලා හරියනවද..
තමුසෙ තීරණය කරනවා ඒක…
තමුසෙත් හිත යටින්
කැමති නේ…
ආහ් . ආහ් ..
කැමති නෙ…
ලැජ්ජ වෙන්නෙපා කියනවා ..
බට්ටි ඇක්ෂන් දදා කියද්දි ලොක්කිට හිනා

බට්ටී…
නවත්තනවාකෝ..
අනේ
ලොක්කී…..

හා…
අහන්නකො…
පොඩ්ඩි, බට්ටි කිව්ව එක හරි.
ඔයා තමා හිතන්න ඕන….
හම්බෙනවද නැද්ද කියලා…
මොකද ඔයාට හිතෙන්නෙ
කොල්ලා කපටියෙක්ද
නැත්නම් නියම මහත්මා ගති තියෙන කොලලෙක්ද…

මට නම් දැණුන විදියට කපටියෙක් නෙමේ ලොක්කි…

ආ…ආ….
පේනවද ලොක්කි..
ඒකත් බලලා..
මහ ලොකුවට අපිට කිව්වෙ
යශූට තමා පිස්සු හැදිලා ඉන්නෙ කියලා..
මෙයාද කොහෙද 64ම දාල තියෙන්නෙ..
ඒකනෙ මේ කලුච්චිව හම්බෙන්න ඕන වෙලා තියෙන්නෙ ඒ සර්ට…

කලුච්චි…..
අනේ යනවාකො යන්න…
තසුසෙට වඩා පොඩ්ඩක් කල වුණා කියලා මම කලුච්චිද මැට්ටියෙ….

අය්යෝ….
මේ දෙන්නා නම්…
මම යනවා අප්පා…
දෙන්නාගෙ බොරු රණ්ඩු ඉවර වුණාම කතා කරමු…

අපෝ..
මෙයාගෙ ගණන් බලනනකො පොඩ්ඩි…
ලොක්කි නිසා ලොකු සීන් දාන්නෙපා හරිද…
මෙනන මෙහෙට වෙලා ඉන්නවා..
හරි ඔන්න දැන ඉඳන් සීරියස් හොඳේ…
බට්ටිම විහිළුවට අරන් දැන් එයාම සීරියස් ලු…

ඔන්න එහෙනම් මම කියනවා හිනා නොවී අහන් ඉන්නවා හරිද බට්ටි. තමුසෙට හිනා වුණේ නෑනෙ අපි…

හලි හලී….
මම දැන් ෆුල් සීරියස්ලු ඔන්න ඈ…..😜
🙇

මෙහෙමයි..
ඇතතටම මම එහෙම යශූ වගේ සර් දිහා බැලුවෙ නෑ..
ඒත අලුතින් ආව සර් කියලා පෙන්නුවම ඉතිං බැලුවා….
ඇත්තටම හැන්ඩි කොල්ලෙක් ඉතිං.
මට වඩා සුදුත් එක්ක..
හරිම වැදගත් පාටයි…
මුලින්ම හොඳ කෙනෙක් කියලා හිතුණෙ අර වැඩේ දෙන්න කතා කරපු වෙලාවෙ හැසිරුණ විදියෙන්….
එත් ඉතිං වි⁣ශේෂයක් තිබ්බෙ නෑ…
අද කතා කරලා ඒ බලං ඉඳපු විදියට නම් මගෙ හිතටත් ටිකක් දැණුනා ඉතිං….
කතා කරන්නත් ආස හිතුණා..
ඒත් බය හිතුණා
ඇතුළෙ කතාවක් හැදුණොත් ඉතිං ආයෙ ඉන්න ඕන නෑ

කතා කරලා බලන්න ඉතිං එහෙම හොඳයි කියලා හිතෙනවා නම්…
හැබැයි ඉතිං පරිස්සමින් හරිද…

එහෙනම් ලොක්කි හෙට මං කතා කරනවා හරිද…
පෙඩ්ඩි කිව්වෙ හිත සතුටින් ඉපිලෙද්දි
ලෙක්කිගෙ අතත් අල්ලලා හොල්ලන ගමන්….

බට්ටි සද්ද නෑ….
ඇත්තටම බට්ටිට පොඩ්ඩක් දුක හිතුණා ..
ලොක්කිත් නිසල් අයියා හම්බුණ දවසෙ මේ වගේ හැසිරුණා ….
අද නිසල් අයියා එක්ක ලොක්කි සතුටින්
පොඩ්ඩිත් තව ටික දවසකින් සමහර විට ඉඳුවර අයියා එක්ක සතුටින් ඉඳියි….
ඒත් මට කවදාවත් තේජාන් අයියව ලැබෙන්නෙ නෑනේ…
තව කල් තියෙනවානේ තේජාන්ට වඩා හොඳ එකෙක් හම්බුණොත්…😄😄😄
බට්ටි හිත හදාගන්න එහෙම හිතුවා…

බට්ටි..
ඇයි සද්ද නැත්තේ…
ඔයා අකමැතිද..

අනේ මන්දා හලෝ…
මම කතා කලත් වැරදි
නැතත් වැරදි..
එහෙම එකක් නෑ…
ගිහින් හම්බෙලා බලනවා….
බඳින්න කතා කළා නෙමෙයිනෙ
යාළුවෙක් වගේ කතා කරන්නනෙ එන්න කිව්වෙ😈😈😈
තමුසෙ සිහින මාලිගා හදන්නෙපා දැන්මම
මනුස්සකමට අඳුනගන්නද දන්නෙත් නෑනේ😜😜

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මේ ටයිම් බොම්බ් එක මාව පිස්සු වට්ටලානේ..
දකින්න යන්නමයි හිත…
විෂ්මිව දකින්න වත් මෙච්චර සික් එකක් ඇවිත් නෑ…
තේජාන් හිටියෙ දෙලොවක් අතර අතරමං වෙලා…..

ඒ අතර තේජාන්ගෙ අම්මා තේජාන්ගේත් විෂ්මිගෙත් වෙලාවල් බලන්න දීලා තිබ්බා..

ලොකු පුතා…
මම එන්නද…
තේජාන් බට්ටි ගැන හිත හිත ඉද්දි අම්මා කතා කළා….

ආ එන්න අම්මි…

පුතේ…
මම ඔයාලගෙ වෙලාවල් බැලෙව්වා…

ඉතිං අම්මි…
මොකද වුණේ…

තරහ ගන්නෙපා පුතා…
මම මෙහෙම කිව්වට…
ඔයාලගෙ හඳහන් ගැළපෙන්නෙ නෑ කිව්වා පුතේ ..
බැන්දත් වෙන් වෙනවාලු .
එකට ඉන්න බෑල් ඔයාලා දෙන්නට…

අපෝ අම්මි…
වෙලාව බලන්න කිව්වෙ marriage එකට ඩේට් ෆික්ස් කරන්න මිසක් ගැළපෙනවද නැද්ද බලන්න නෙමේ…

ඒත් පුතා නැකත් හදන්නෙ හඳහන් ගලපලා තමා…
පුතා අපිට ඕක නවත්තන්න බැරිද…
මටත් ඒ චුව ගැන වැඩි මනාපයක් නෑ…

අම්මි, මම වචනයක් දීලා ඉවරයි.
ප්ලීස්
දැන් ඒක නවත්තන්න බෑ…

ආයෙම නපුරු තේජාන් ඇහැරිලා….

අම්මා තවත් මොකුත්ම නොකියා එළියට ගියේ
දැන් තේජාන්ට මොකුත් කිව්වට වැඩක් නැති නිසා….

*******–***-*-*—
හෙලෝ බබි..
මට ඔයාව බලන්න ඕන

මේ දැන්ද තේජ්…

ඔව්
මට ඔයා ළඟට වෙලා ඉන්න ඕන…
යමුද ක්ලබ් එක පැත්තෙ….

හරි තේජ්…
ඔයා එන්න මාව පික් කරන්න…
මම රෙඩි වේන්නම්….

Ok බබී….
CU soon…

තේජාන්, බට්ටි නිසයි, අම්මා කිව්ව horoscope ප්‍රශ්නෙ ගැනයි,
තමන්ගෙ හිතේ තියෙන බර නිදහස් කරගන්න විෂ් එක්ක club එකට ගියා….

විෂ්මි නම් සුපුරුදු විදියට හොඳට enjoy කළා…
තේජාන්ව මතක වත් නෑ වගේ…

තේජාන් එහිදී පමණ ඉක්මවා මත්පැන් පානය කළ නිසා විෂ්මි තේජාන්ව එක්කගෙන ආවෙ තමන්ගෙ ගෙදර…

හෙලෝ…
අනුහස්…
මල්ලි..
මම විෂ්මි

ආ කියන්න අක්කි…
මේ තේජ් club එකේදි ටිකක් වැඩිපුර ඩ්‍රින්ක්ස් ගත්තානෙ..

දැන් කෝ අයියා….
අනුහස් කලබල වුණා….

ආ මේ අපේ දිහා…
බය වෙනනෙපා..

මම දැන් එන්නම් අක්කි…

නෑ මල්ලි කරදර වෙන්නෙපා…
මෙහෙ ඉඳපුදෙන්

එහෙම හරි නෑනෙ අක්කි..
මම එන්නම් දැන්…
අනුහස්ට විෂ්මි ගැන අපුලක් දැනෙද්දිම කිව්වා….

කාර් එකේ යන ගමන් අනුහස්ට හිතුණෙ
විෂ්මි අක්කිට පිස්සුද…
තමුන්ගෙ කොල්ලා වැටෙන්න බොනකල් බලන් හිටියා මදිවට
දැන් ගෙදරත් තියාගන්න හදනවා…
මේ ස්විස් නෙමේ ලංකාව කියලා දන්නෙ නැද්ද…
අපේ එකාට නම් මොකෝ..
එයානෙ කෙල්ල…
අනේ මන්දා..
අම්මි කිව්වා හරිද කියලත් හිතෙනවා…


අක්කි කෝ අයියා…

ආ මගෙ රූම් එකේ…

විෂ්මි පස්සෙන්ම පඩිපෙළ නැගගෙන යමින් අනුහස් කල්පනා කලේ
මම ආවෙ නැතනම් මේකි අපේ එකාව රූම් එකේම තියාගෙන ඉඳියිනෙ…
ලැජ්ජාවක් නැතුව මගේ රූම් එකේ කිව්ව හැටි…

ටකා් අක්කි ආන්ටිලා නිදිද…??

ආ නෑ මල්ලා…
මමාලා 4days වලට මැලේසියා ගියානේ…
අනිද්දා එන්නෙ..
ඩැඩාගෙ බිසිනස් ටුවර් එකක්…

එතකොට අක්කි අයියාව උඩට එක්කන් ආවෙ…

ආ තේජ් ආවා මට වාරු වෙලා…
එහෙමම මම ඉතිං රූම් එකට එක්කන් ගියා…

පහළ තියන්න තිබ්බා නේද අක්කි..
ගෙදරත් කවුරුත් නෑනෙ…

අපෝ මල්ලා..
ඔයා මහ ගොඩේ තාලෙටනෙ හිතන්නෙ….
වට් නොන්සන්ස්…
This is 2018 මල්ලා…

ඒත් මේක ශ්‍රී ලංකාව කියලා අමතක කරන්නෙපා අක්කි…

විෂ්මි කට කොණක් ඇද කරන් රවද්දි
අනුහස් තේජානවත් වාරු කරන් පහළට ආවා..

Thankx අක්කි එහෙනම් අපි යනවා…

************
වාහනේ යන ගමන් තේජාන් මොනවාදෝ මුමුණනවා අනුහස්ට ඇහුණත්…
පැහැදිළි නෑ…
“”චූටි බෝම්බෙ”” කියනවා විතරයි ඇහුණෙ.

ම්ම්ම්
චූටි බෝම්බෙ …
ඒ මොකද්ද ඒකෙ තේරුම…
ඉන්නවාකො හෙට අහගන්න..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පොඩ්ඩිට උදේ වැඩට යන්න ලෑස්ති වෙන්න වෙනදට වඩා වෙලා ගියා…
ඇඳුම් දෙක තුනක්ම මාරු කළා…
බෙඩ්ශීට් එක අස්සට වෙලා හොරෙන් බලන් හිටපු බට්ටිට දුක හිතුණා…

මට මෙහෙම හැඩ වෙලා කාට පේන්න යන්නද…

මෙච්චරකල් තමන්ගෙ නිදහසේ තමන් ආස දෙයක් කරගෙන කාවවත් care නොකර හිටපු බටටිගෙ හිතට පොඩි ඉරිසියාවක් ආවා ….

අපෝ මොකද්ද හලෝ ඔය ඇඳන් ඉන්න ඇඳුම….

ඇයි…
මේක වෙනදා තමුසෙත් අඳින්නෙ ලසසන නිසානෙ…

මට ලස්සන වුණාට තමුසෙට කැතයි….

අනේ…
බ..ට්..ටි…….
මට වෙලාත් නෑ වෙන එකක් අඳින්න
ඔහොම කිව්වම හිතට හරිත් නෑ..

බට්ටිට දුක හිතුණා…
ඒ ඇඳුම අැත්තටම පොඩ්ඩිට ලස්සනයි..
තමන්ට දැණුන දුකට එහෙම කිව්ව එක ගැන බට්ටිට තමන් එක්කම තරහා ගියා…

ඇඳෙන් බැහැලා ගිහින් කණ්නාඩිය ඉස්සරහ හිටපු
පොඩ්ඩිගෙ කර වටේ අත් දාලා
පිටිපස්සෙන් තුරුල් වෙන ගමන් උරහිසෙන් බෙල්ල තියලා කණ්නාඩියෙන්ම පොඩ්ඩි දිහා බලපු බට්ටි…

විහිළුවක් හලෝ කළේ…
අද මගෙ පොඩ්ඩි අක්කා හරිම ලස්සනයි…
ඉඳුවර කාරයා ගෙදර අරන් යයිද දන්නෙ නෑ…..

පොඩ්ඩිට අක්කා කියලා කියවෙන්නෙ බට්ටි ගොඩක් හැඟීම් බර වුණාම විතරයි

පොඩ්ඩිගෙ මූණ රතු වුණා…

අනේ..
එහෙම නෑ අප්පා….
නිකන් අඳුනගන්නනේ…

හලි හලී ඉටිම්..
අහලා නැද්ද…

“”පළමුව සිනාසෙයි
දෙවනුව ෆෝන් නම්බර් එක දෙයි
තෙවනුව තෑගි බෝග අරන් එයි..
ඉන්පසු ප්‍රේම ගඟේ පීනාලා සතුටින්
ප්‍රේම කරයි දෙන්නට දෙන්නා…””

කියලා අර සිංදුවකුත් තියෙන්නෙ..

හිහ් ..හිහ්..හිහ්…😄😄😄😄
අනේ බට්ටි….
ෆෝන් නම්බර් දෙන කතාවක කොහෙද තිබ්බෙ…

අපෝ…
හරි ඉතිං මම අද කාලෙට ගැළපෙන්න මොඩිෆයි කළා..
දැං ලියුම් දෙන්නෙ නෑනෙ හලෝ…

හා…හා…
අයින් වෙනවා…
මට පරක්කු වෙනවා…
එහෙනම් බට්ටි ..
මම යනවා..
ලොක්කි නිදි නේ…
ඇහැරන්නෙපා..
තව ටික දවසනෙ ඔහොම නිදාගන්න වෙන්නෙ…

ඒකනේ….
ඒකනේ….
නිසල් අයියා නිදාගන්න දෙන එකක් නෑනෙ නේද….😜

මේකි හිතන ඒවා…😱
නැ මොඩියෙ…
අම්මා වගේ උදේට නැගිටලා ගෙදර වැඩ කරන්නෙපැයි එතකොට…

**********
Good morning යශූ .. .

Morning morning ..
මෙකෝ නිකං අද මූණට හඳ පායලා වගේ…
කොල්ලෙක් වත් සෙට් වුණාද..

පිස්සුද අනේ…
අපේ නංගි උදේම එක එක ජාති කියලා අද එළියට බැස්සෙම හිනා වෙවී…
ඒ නිසා වෙන්න ඇති…

හාකො හාකො…

ඈත ඉඳන් තරිණි දිහා බලන් හිටියෙ…

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *