මිහිදුම් සිහින…..18

18 වන සිහිනය

Like,Comment හැම එකකකටම ගොඩක් ස්තූතියි …
(අකුරු වල වැරදි ඇති..
හදාගෙන කියවන්න යාළුවනේ )

පෙර කොටසට

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

අැස් වලිනුත් හිනා වෙවී
කතා කරන තරිණි දිහා ඈත ඉඳන් බලන් හිටියෙ තරිඳු….
තරිණිලා වගේම ස්ටාෆ් ලෙවල් එකේ වැඩ කරන තරිඳුට
තරිණි ගැන අදහසක් තිබුණත්..
ඒ ගැන කියන්න බයෙන් හිටියෙ
තරිණි ප්‍රතික්ෂේප කළොත්
තියෙන යාළුකමත් නැතිවෙයි කියලා ..
ඒ වගේම යශෝධා ඇතුළු යාළුවො ටික නිසා හැමදාම විහිළුවට ලක් වෙන්න වෙයි කියලා…..

ඒත් යශෝධා දැක්කා ඈත ඉඳන් මේ පැත්ත බලාගෙන දැහැන්ගත වෙලා ඉන්න තරිඳුව.

ඒ තරිණි..
අර බලපංකො..
තරිඳුවා මොකෝ අර හිටි පිළිමෙ වගේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නෙ..

තරිණි හැරිලා බලද්දි
ඒ දිහාම බලන් ඉඳපු තරිඳු ඉක්මනින් එතනින් යන්න ගියා…

ඒ…
ඌ බලන් හිටියෙ උඹ දිහා නේද…
ඒකනෙ උඹ බලද්දිම ගියේ…

අනේ මන්දා…
වැඩ පටන් ගනින්..
විකාර නැතුව…

මේ සිද්දිය තවත් කෙනෙක් බලන් හිටියා…

**********

බට්ටි ලෙක්චර්ස් යන්න ලෑස්ති වුණේ
හරිම අලසකමින්…
දැන් නම් කිසිදෙයක් කරන්න තරම් බට්ටිට හිතක් නෑ….
සල්ලිගෙවපු නිසා…
ගෙදර අයගෙ හිත් රිදවන්න බැරි නිසා යනවා මිසක් හෙද පාඨමාලාවත් දැන් ⁣බට්ටිට එපා වෙලා…

බට්ටි පාරට බැහැලා ඔහේ ඇවිදගෙන ආවෙ බස් එකට නගින්න…
ඒත් එක පාරම මහ හයියෙන් ඇඟ ළගින්ම ගහපු වාහනේක බ්‍රේක් පාරකට බට්ටි ගැස්සිලා පැත්තකට පැන්නා….
හොඳ දෙකක් කියන්න කියලා බැලුවත්…
බට්ටිගෙ කට ලොක් වුණා වාහනේ දැක්කම…..

ඒයි බෝම්බෙ..
කට වහගන්නවා
මැස්සො රිංගයි…
😄😂
තද නිල් ඩෙනිමක් ඇඳලා, කොළ පාට දග ටීෂර්ට් එකක් ඇඳලා ඉන්න
කෙල්ලගෙ දඟකාර ලස්සන ඇස් වලින් විඳගන්න ගමන්ම,
වාහනේ වීදුරුව පාත් කරපු තේජාන් කිව්වා….

😏බට්ටි රවලා අහක බලාගත්තා…
අයින් වෙලා ආයෙ යන්න පටන්ගතතෙ මොකුත්ම නොකියා…

ආයෙම ඉස්සරහට ආව වාහනේ බට්ටි ළඟ නවත්තපු තේජාන්….

චූටි බෝම්බෙ..
නගිනවා..
මම ගිහින් දාන්නම්..

හඃ..😏
මම ⁣වෙනදා ගිය විදියටම යන්නම්…

මේ..
එක පාරක් කිව්වම නගිනවා…
මම තමුසෙව කන්නෙ නෑ…
තේජාන්ගෙ යකා ටිකක් විතර ඇවිස්සිලා…

මට බෑ…

බට්ටිත් මුරණ්ඩු වුණේ
තවත් තමන්ගෙ හිත රිද්දගන්න තේජාන්ට ළං වෙන්න ඕන නැති නිසා…

වාහනෙන් බැහැපු තේජාන් බට්ටිට හිතන්නවත් වෙලාවක් නෙදෙී
බට්ටිගෙ අතේ වැලමිට ළඟින් අල්ලලා වාහනේ ඉස්සරහ සීට් එකට නග්ගලා අනිත් පැත්තෙන් ඇවිත් තේජානුත් නැගලා
මහ හයියෙන් රේස් කරලා වාහනේ පාරට ගත්තා..

බට්ටි තාමත් වෙච්ච දේ හිතාගන්න බැරුව ඉන්නවා…
විනාඩි කිහිපයකින් යතා තත්වෙට පත් වුණ බට්ටි…

ඒයි ..
තමුසෙට පිස්සුද උද්දච්ච නරියො…
මාව බස්සනවා…
මම පනිනවා නැත්නම් වාහනෙන් එළියට හරිද..

හා පුළුවන් නම් පනිනවා මට මොකෝ..
කට කොණින් හිනා වෙන ගමන් තේජාන් කිව්වා….

බට්ටි දොර අරින්න හැදුවත්
දොර ඇරුණෙ නෑ …

තේජාන් දොර ලොක් කරලා තිබ්බෙ…
නැගපු ගමන්…

අරිනවා මේක..
ලොක් කරලා ඉවර වෙලා මට පුළුවන් නම් පනින්නලු…

මේ අහනවාකෝ බෝම්බෙ…
අපි යාළුවො වෙමුකො…
ඇයි බොරුවට රණ්ඩු වෙන්නෙ….

මට ඔය සල්ලිකාර උද්දච්ච නරි යාළුවෙක් නැතුවට කමක් නෑ…….

මට නම් ඕන..
මේ වගේ ගිනි බෝම්බයක් ..
ළඟ ඉද්දි පාළු නෑ…
හරි ශෝයි…

අද තේජාන්
වෙනදා ඉන්න තේජාන් නෙමේ කියලා බට්ටිටත් තේරුණා….
කියපු කිසිම දේකට තරහ ගත්තෙ නෑ…
සේරම විහිළුවට බාර ගන්නවා..
ඒ මදිවට තේජානුත් හුරතල් වෙන්න හදනවා….

අනේ මේ…
එක එක මෝඩ දිගංචියන්ගෙ පාළු මකන්න නෙමේ මම ඉන්නෙ…😏

දිගංචියා ..???
උද්දච්ච නරියා..
තව එතකොට
ආහ්.. මෝඩයා…
තව මොනවද සුදූ මට ඔයා දාලා තියෙන නම්. …??

මූට පිස්සු හැදිලද…
මොකද අද මේ මූට තරහ යන්නෙ නැත්තෙ
දැන් නම් මටත් පිස්සු වගේ….

පිස්සි..
මොකද කතා කරන්නෙ නැත්තෙ….
මට බයද…
වෙනදා ඔහොම නෑනෙ චූටි බට්ටි….

😯චූටි බට්ටි…???
බට්ටි පුදුම වෙලා තේජාන් දිහා බැලුවෙ…

තේජාන් කට කොණින් හිනාවෙමින් ඉස්සරහ බාගෙනම වාහනය එළවනවා…

ඔහොම ඇස් ලොකු කරන්න එපා ⁣චූටි බෝම්බෙ…
හීනි ඇස් දෙක ලස්සනයි ඔයාට…

මේ ..
මිස්ටර් තේජාන් සූරියආරච්චි …
තමුන්ට මාව විහිළුවක් ද??

නෑ චූටි බට්ටි…
මට තේරෙන්නෙත් නෑ ඔයාව,
මට කවුද කියලා නම්
හැබැයි චූටි,
විහිළුවක් නම් නෙමේ…
ඊට වඩා ගොඩක් ලොකු දෙයක්…

ප්ලීස් තේජාන් අයියෙ ඔහොම කතා කරන්න එපා මා එක්ක…
මම හදාගෙන ඉනන හිත මටම අවනත නැති වෙනවා…
අද ඔයා තවත් ලස්සනයි…
අත් දිග තද නිල් ෂර්ට් එකක් වැලමිට ළඟට නවලා
කළු ඔෆිස් ට්‍රව්සර් එකක් ඇඳලා හිටපු තේජාන් දිහා බලපු බට්ටි
එහෙම හිතුවා විතරයි…

බට්ටි එළිය බලාගෙනම ආවා මිසක් ආයෙ කතා කළේම නෑ…

තේජාන් වරින් වර බට්ටි දිහා බලමින්
වාහනය පැදෙව්වා මිසක් ආයෙ මොකුත් කිව්වෙත් නෑ….

තේජාන් බට්ටිගෙ ලෙක්චර්ස් තියෙන institute එකට ටිකක් මෙහායින් වාහනෙ නතර කළා…
එසැන්නි බට්ටි වාහනේ දොර ඇරන් බහින්න හැදුවත් තාමත් දොර unlock කරලා නෑ….

මේක අරින්නකො මට යන්න…

බෑ…

ඇයි…??

ඔයා බස් එකේ ආවා නම් තාම මග. ඒ නිසා ඔහොම ඉන්න…
මම වෙලාවට දොර unlock කරන්නම්..

පිස්සුද…

ඔව්…
මේ චූටි බෝම්බයක් මාව පිස්සු වට්ටලා…

හඃ😠

ගස්සනකොටත් ලස්සනයි..
😊

අනේ…
මේක අරිනවාකෝ….

බෑ කිව්වනේ…
දඟලන්නැතුව ඉන්නවා…
මම මොකුත් කළේ නෑනෙ…

බෑ..බෑ ..බෑ …
මට යන්න ඕන …

තේජාන් ළඟ මෙහෙම ඉනන එක බට්ටිට දුකක් ඒකයි බටටි යන්න දඟලන්නෙ..
තෙජාන්ට බට්ටිව යවන්න ලෝබයි…
කතා නොකළත්…
තේරුමක් නැතිවත්
මෙහෙම ඉන්න හිත..

බට්ටිගෙ ඉවසීම නැතු වෙලා..
තරහක් ආවා…
ඒත් බට්ටිට තේජාන්ට බනින්න බෑ..
ඒ නිසා තරහටම ඇස් වල කඳුළු පිරුණා…
බට්ටිට එහෙමයි..
තරහා ගියාම වචන වලින් ඒ තරහා පිට නොකළොත් කඳුළු වලින් තමා ඒක පිටවෙන්නෙ…

බට්ටිගෙ ඇස් වල කඳුළු දැකපු තේජාන්ටත් තරහා ගියා..
තමන් මොකුත්ම අඬන්න තරම් දෙයක් නොකර බට්ටි අඬන නිසා…

නවත්තගන්නවා ඔය ඇඬිල්ල…
මම දැන් තමුසෙට මොනවා කළාටද අඬන්නෙ..

බට්ටි සද්ද නෑ…
ඇස් වල කඳුළු පිරිලා ඇස් දිලිසෙනවා විතරයි..
ඒ තරහට කියලා තේජාන් දන්නෙ නෑ…

එක පාරම බට්ටිව ඇදලා ගත්ත තේජාන්
බට්ටිගෙ දෙතොල් සිපගත්තෙ
කිසිම දෙයක් හිතාගන්නවත් බට්ටිට වෙලාවක් නොදී…
තත්පර දෙක තුනක කෙටි ⁣සිපගැනීමකින් තමන් කරන දේ ගැන මතක් වුණ තේජාන්ම එකවරම බට්ටිව සීට් එකට විසිකරලා වගේ දැම්මා..

ඕහ් ෂ්ට්…
අයිම් සෝ සොරි…
කියපු තේජාන් අත මිට මොලවලා වාහනේ
සුක්කානමට පහරක් ගහලා
දොර unlock කරා….

දොර Unlock වෙන සද්දෙ ඇහුන ගමන්
මෙච්චර වෙලා අසිහියෙන් වගේ හිටපු බට්ටි..

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

චුට්ටයි තමයි ….
මම දන්නවෝ…
මහන්සි අෆ්⁣ෆා නටලා😜😈
හෙට උදේ දිග කොටසක් හොඳේ… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *