මිහිදුම් සිහින…..19

19 වන සිහිනය

Like,Comment හැම එකකකටම ගොඩක් ස්තූතියි …
(අකුරු වල වැරදි ඇති..
හදාගෙන කියවන්න යාළුවනේ )

පෙර කොටසට

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

මෙච්චර වෙලා අසිහියෙන් වගේ හිටපු බට්ටි…

තේ..ජා..න්….
තමුසේ…..
මම කවුරු කියලද හිතන් ඉන්නෙ…
තමුසෙ වගේ සල්ලිකාරයෙක් ඉස්සරහා ම⁣ගෙ ආත්මෙම පාව දෙන්න තරම් මම පහත් තත්වෙට වැටිලා නෑ…
තමුන්ගෙම පැලැන්තියෙ කෙල්ලෙක් එක්ක රවුම් ගගහ..
මට මෙහෙම කරන්නෙ තමුසෙ අර කිව්ව රිටර්න් එකටද….
ඉස්සරහම බලාගෙන ගල් ගැහිලා වගේ ඉන්න
තේජාන්ගෙ ෂර්ට් එකෙන් අැද ඇද එහෙම කිව්ව බට්ටි වාහනෙන් බැහැලා යන්න ගියා..

තේජාන්ගෙ හිත නොසන්සුන්…..
මම මොකද්ද ඒ කළේ…
ඒ චූටි කෙල්ලෙක්…
ඒත්..
මට ඒ කෙල්ලව ඕන..
ඔව්..
මම විෂ්ට කියනවා…

තේජාන් ..
ඇයි ඔයා එහෙම කළේ….
ඔයාටත් මාව දැනෙනවද …
මට වගේම ….
ඔයාටත් ලෝබයිද….
ඒත් ….
ඔයා වගේ කෙනෙක්ට ඒක නිකන්ම නිකන් සිද්දියක් විතරක් වෙන්න ඇති…
ඔව්…
අදින් පස්සෙ තේජාන් ගැන මම හිතන්නෙම නෑ….

බට්ටි තේජාන් ගැන හිතේ තිබ්බ ආදරේ මරන්න උත්සහ කළා…
මොකද දැං තේජාන් ගැන බට්ටිට තියෙන්නෙ කලකිරීමක් විතරයි….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තරිණී….
ඉඳුවර සර් එන්න කිව්වා හදන්න දුන්න ෆයිල් එකත් අරන්…

තරිඳු ඇවිත් තරිණිට පණිවිඩේ කිව්වෙ ටිකක් තරහෙන් වගේ..

ෆයිල් එක????
තරිණිට එහෙම ෆයිල් එකක් නෑ කියවෙන්න ගිහිල්ලත්..

ආ…..
හරි තරිඳු…

මොකද මේ තරිඳු අද නිකන් එක විදිහක් ආ..
යශෝධා ඇහුවා…

නෑ එහෙම එකක් නෑ….
පේන හැටි වෙන්නැති..

හා හා….
එහෙම හිතමුකො..
හැබැයි තරිඳු හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිට ඈ….

මටත් ඒකම තමා ෆයිල් උස්සං කැබින් අස්සසෙ රිංගන අයට කියන්න තියෙන්නෙ.
කියලා තරිඳු එතනින් ගියා..

ඒ මොකද්ද බං ඒ හරුපෙ…
උඹට නේද තරිණි කිව්වෙ…

ඒකනෙ අනේ…
ඉඳුවර සර් එන්න කිව්ව එකට ඇයි එයාට තද වෙලා…

මම උඹට කිව්වෙ නෑ…
මට දැන් ටික දවසක ඉඳලා මීටර් වුණා
ඕකා උඹට ඇහැ දාන් ඉන්නවා..

ආ.හ්…
පිස්සුද යශූ …

පිස්සු නෙමේ බං…
මම මේ කොයි වෙලේ හරි අල්ලගන්න බලන් හිටියෙ…

අනේ මේ ..
ඕන නෑ..
පාඩුවෙ ඉන්න ඇරපං..
නිදං ඉන්න කොටි කුලප්පු කරගන්නෙ ඇයි.
එහෙම එකක් තියේ නම් හිතේම තිබිද්දෙං.
මොකද මං කවදාවත් එහෙම හිතලත් නෑ
හිතන්නෙත් නෑ…
තරිඳු හරි ගුප්තයි
මම එහෙම ආස නෑ…

හරි හරි..
අර කිව්ව ෆයිල් එක දීලා වරෙන් හැන්ඩියට

තරිණිට දැන් තමා තරු විසි වුණේ….
ඇති ෆයිල් එකක් නෑ…
ඒත් දැං නොගිහිනුත් බෑ..

තරිණි ළඟ තිබුණ ෆයිල් එකක් අරන්
හෙමින් හෙමින් ගියා ඉඳුවරගෙ කැබින් එක ළඟට…

ඇතුළට යන්න හිත බයයි….
ඒ නිසා දොර ළඟ නැවතුණා…

ඉඳුවර දැක්කා තරිණි එනවා…
ඒ නිසා තරිණි දොර ළඟ නවතිනවත් එක්කම

මිස් තරිණි එන්න ඇතුළට..
කියලා ටිකක් හයියෙන් කිව්වා…

බිම බලාගෙනම ඇතුළට ගිය තරිණි…

සර් මොන ෆයිල් එකක් ගැනද කිව්වෙ
මං ළඟ සර් දුන්න ෆයිල මොකුත් නෑනෙ

ඉඳගන්නකො තරිණි …

සර්….
මේ…

ඇයි මොකෝ බය වෙලා….
කෝ මගෙ ප්‍රශ්නෙට උතතරයක්
කැමති හරි අකමැති හරි
දෙකෙන් එකක් කියන්න ඕන
දෙකම වෙන්නත් බෑ..
නොවෙන්නත් බෑනෙ නේද..

සර්..
අනේ ..
මේ…

හරි හරි..
කෝ දෙන්න අතේ තියෙන ෆෝන් එක

ඒ ඇයි…

දෙන්න කිව්වම අහලා..
මම ගන්න ආවොත් ඒක එච්චර හරි නෑනෙ නේද??
Unlock කරලා දෙන්න

තරිණි බයටම ෆෝන් එක ඉඳුවරට දික් කළා…

ඉඳුවර ⁣තරිණිගෙ ෆෝන් එකෙන්
තමන්ගෙ ෆෝන් එකට මිස් කෝල් එකක් දාගෙන
ෆෝන් එක ආයෙ දුන්නා…

මගෙ කාර්ඩ් එක දුන්නට වැඩක් වෙලා
නෑනෙ…
ඔන්න නම්බර් එක
මට මැසේජ් එකක් දාන්නම ඕන අද
හරිද….

තරිණි එතනම හිටගෙන ඔළුව වැනුවෙ හා කියන්න…

ඉඳුවරට පොඩි හිනාවක් ආවෙ තරිණි බය වෙලා ඉන්න හැටි දැකලා…
හා පැටියෙක් වගේ..
හොඳටම බය වෙලා…

ම්ම්ම් ..
දැන් යන්න…
අද වැඩ ඉවර වෙන්න කලින් මට දැනගන්න ඕන..
මා එක්ක කතා කරන්න කැමතිද
නැද්ද කියලා..
හරිනේ…
කැමති වුණත් අකමැති වුණත් ප්‍රශ්නයක් නෑ..
හැබැයි කියන්න ඕන…

කියලා මවාගත් දැඩි හඬකින් කියලා ඉඳුවර තමන්ගෙ ලැප්ටොප් එකට ඇස් යොමු කළේ තරිණි එතන නෑ වගේ…

තරිණි ඒත් එහෙමම ඉද්දි..
ආයෙත් ඔළුව උස්සපු ඉඳුවර…

හේයි…
මොකද මේ බය වෙලා…
දැන් යන්න…
නැත්නම් අර ඔයාගෙ packing එකේ යාළුවා අපිට කතාවක් හදයි…
ඒ කිව්වෙ තරිඳු ගැන…

තරිණි ලැජ්ජාවෙන් වගේ එතනින් ගියා…
යද්දි දැක්කා තරිඳු කැබින් එක කිට්ටුව තැනක ඉඳන් තරිණි එනවා බලන් ඉන්නවා.

ඉඳුවර වීදුරු අතරින් දැක්කා තරිඳු එතන ඉඳන් සැරින් සැරේ කැබින් එක දිහා බලනවා….
කැබින් හදලා තියෙන්නෙ යන්තම් අඳුරු පැහැ වීදුරු වලින් නිසා…
පිටතත් ඇතුළතත් පේනවා…

ආ තරිණි…
අපි වගේ නෙමෙයිනෙ නේද..
බර අත්තක්නෙ ඉඳුවර සර්…

මොකද්ද තරිඳු ඒකෙ තේරුම…

නෑ ඉතිං අපි ළඟදි
ඉඳුවර සර්ට දාන කැටයම් නෑනෙ ඒකයි

මේ තරිඳු…
කියන දෙයක් කෙලින් කියන්න…
මොකද අද වෙලා තියෙන්නෙ
උදේ ඉඳන් විකාර කියවනවා…

ඔහොම යමුකෝ…
කියපු තරිඳු එතනින් ගියා…

තරිණිට බය හිතුණෙ තරිඳු කතාවක් හදයි කියලා…
ඒත් තරිඳු එහෙම හිසිරෙන්නෙ තරිණිව තමන්ට නැතිවෙයි කියලා බයට මිසක් තරිණිට වරදක් කරන්න හිත කොණක වත් නෑ….
තරිණි නොදන්නවා වුණාට තරිඳු කාලෙක ඉඳන් තරිණි දිහා බලන් ඉන්න නිසා තරිණිගෙ පොඩි වෙනසත් තරිඳුට පේනවා..
තරිණි එදා ඉඳුවරගෙ කැබින් එකේ ඉඳලා බය වෙලා වගේ එනවා තරිඳු දැක්කා…
ඒ වගේම අද උදේ තරිණිගෙ මූණෙ තිබ්බ අමුතු එළියත් තරිඳු දැක්කා…
මේ සේරම ඒ නිසයි..

ඉඳුවරත් දැක්කා උදේ තරිණි හිනාවෙවී කතා කරද්දි තරිඳු, තරිණි දිහා බලන් ඉන්නවා…
ඒ නිසාමයි තරිඳු අතේම තරිණිට පණිවිඩයක් යැව්වෙ…

*************
ඉඳුවර වරින් වර ෆෝන් එක බැලුවෙ තරිණි මොනවම හරි එවලද කියලා…
ඒත් 4 වෙනකලුත් පණිවිඩයක් නෑ…
දැන් ඉඳුවර නොසන්සුන් වෙලා…
ඒත් ⁣කෙල්ලට කෝල් එකක් ගන්නත් බෑ..
ඒක හරි නෑ…….
කැමති දෙයක් කියන්න කියලා
දැන් කෝල් කරලා ඇහුවොත් ඒක එච්චර හොඳ වැඩක් නෙමේ…

තරිණි අද ඉඳුවර එක්ක කතා කරනවා කියලා හිතාගෙන ගෙදරින් ආවත්,
තරිඳු කිව්ව දේවල් එක්ක හිතට
ටිකක් බයයි….
කතාවක් හැදෙයි කියලා…
අන්තිමේදි 4.40ට විතර තරිණි මැසේජ් එකක් දැම්මා..

“”සර් එක්ක කතා කරන්න කැමති. ඒත් මට රස්සාව නැති කරගන්න බෑ කතාවක් හදාගෙන…””

ඉඳුවරට මැසේජ් එක දැකලා උඩ පනින්න තරම් සතුටුයි..

“”බය වෙන්න එපා.
ඔයා ත්‍රීවීල් එකක් අරන් නිට්ටඹුව ⁣පල්ලිය ළඟට යන්න…”””

කෙල්ලට මැසේජ් එක සෙන්ඩ් කරපු ඉඳුවර ඉක්මනින් වැඩ ටික ඉවර කරලා ලැප් එකත් ඕෆ් කරලා වොෂ් රූම් එක පැත්තට ගියේ තරිණිවත් එවෙලාවෙ දකින්න ඇති වුණ බොළඳ ආශාවකටයි
කොණ්ඩෙ ටිකක් හදාගන්නයි…

තරිණි නම් තාමත් වැඩ…
ඉඳුවරව දැක්කෙ නෑ….

ඒ..
අන්න හැන්ඩියා වොෂ්රූම් පැත්තට යනවා
අපිත් යමුද එදා වගේ හැප්පිලා වත් ටිකක් කතා කරන්න..
ඔන්න අද නම් මම ඉස්සරහින් යන්නෙ හරිද
යශෝධා කියන්නෙ ඇස් නටව නටව….

තරිණිට නම් ඒකට හිනාවක් ආවත් ඉඳුවර යන දිහා බැලුවෙ නෑ තරිණි…
ලැජ්ජයි වගේ…

මට පොඩි වැඩක් තියෙනවා යශූ….
ඔයා යන්න…
අනික මම අද ට්‍රාන්ස්පෝර්ට් එන්නෙත් නෑ..
අපේ නංගි එනවා කිව්වා town එකට
ඒ නිසා යන්න ඕන…

එ් මොකටද මමත් එන්නද..
කාලෙකින් town එකේ රවුමක් දැම්මෙ නෑ..

තරිණි කළබල වුණා..
නෑ යශූ මේ රවුම් ගහන්න නෙමේ…
නංගිගෙ යාළුවෙක්ගෙන් මොනවද ගන්න.
අපිත් ඒක අරන් ඉකමනින් යනවා
රෑ වෙනවානේ ….

හරි හරි..
මම යන්නම් එහෙනම්…
යමන්කො වොෂ් රූම්…

අනේ මට බෑ…
ඔයා යන්න යශූ….

**************
යශෝධා ට්‍රාන්ස්පෝර්ට් එකට ගියාට තරිණි තව විනාඩි කිහිපයක් ඔ⁣ෆිස් එකේම රැඳිලා
කොණ්ඩෙත් පීරගෙනම එළියට බැස්සා…
ගේට්ටුවෙන් එළියට ඇවිත් ත්‍රීවීල් එකකින් පලලිය ළඟට ගිහින් බැහැලා
වට පිට බැලුවා…
ඒත් ඉඳුවර නෑ …
වාහන කිහිපයක්ම පාර අයිනෙ නවත්තලා තිබ්බත් තරිණි අඳුරන්නෙ නෑ ඉඳුවරගෙ වාහනේ….

අනුහස් එතන තිබ්බ සුදු පැහැති වෙසල් එක ඇතුලේ ඉඳන් බලන් හිටියෙ..
බය වෙලා මුවෙක් වගේ වට පිට බලන තරිණි දිහා…
පොඩි හිනාවකුත් ආවා…
තරිණි ෆෝන් එක අරන් බලනවා…
ආයෙ බෑග් එකට දානවා…
ඔරලෝසුවත් බලනවා …
වට පිට බලනවා…

තරිණිට දැන් බයයි..
ඉඳුවරට කෝල් කරන්න හිතලා ෆෝන් එක අතට ගත්තාත්
ආයෙම බෑ වගේ…..
දැන 5.45ත්වෙලා..
ඉඳුවර විහිළුවක් කළාද කියලත් හි⁣තුණා..
එතකොට නම් කෙල්ලට ලැජ්ජා හිතුණා
මෝඩියෙක් වගේ ⁣ලොක්කෙක්⁣ට රැවටුණාද කියලා හිතලා…
තරිණි ආපස්සට යන්න හැරුණා..
ගෙදර යන්න බස් එකට නගින්න නම් ස්ටෑන්ඩ් එකට යන්න ඕන ආයෙම හැරිලා

තරිණි යන්න හැරෙනවා දැකපු ඉඳුවර ඉක්මනින් වාහනේ ස්ටාට් කරලා පාරට අරන් තරිණි ළඟින්ම නැවැත්තුවා…
වීදුරුව පහත් කරලා

ඉක්මනින් නගින්න තරිණි…

තරිණිට තරහක් ආවෙ මේ වාහනේ ආව වෙලේ ඉඳන් ටිකක් එහායින් තියෙනවා දැකපු නිසා…
ඒත් මෙතන හිත හිත ඉන්න බැරි නිසා පිටිපස්සෙ දොර ඇරලා නැග්ගා…

ඉඳුවර වාහනේ පදවගෙන ඇවිත් හන්දියෙන් නුවර පැත්තට දැම්මා…

අනේ සර්…
මේ කොහෙද යන්නෙ..

ටිකක් ඉන්නකො…
කියපු ඉඳුවර ටික දුරක් ඇවිත් නිදහස් තැනක පාර අයිනෙ වාහනේ නවත්තලා..

දැන් එන්නකො ඉස්සරහට…
මට ඔයාගෙ ඩ්‍රයිවර් වෙන්න බෑ දැන්මම..
කියලා කිව්වෙ ලස්සනට හිනා වෙලා පිටිපස්සට හැරෙන ගමන්….

තරිණි තාමත් කරන්නෙ මොකද්ද කියලා හිත හිත ඉන්නවා…

අනික මට කතා කරන්නනෙ ඕන..
ඉතිං පිටිපස්ස හැරි හැරි කතා කරලා අපි දෙන්නටම හොස්පිටල් යන්න වෙයි…
එන්නකො ඉතිං…
බය වෙන්නෙපා අයියෝ…
දැං ඉතිං මාව විශ්වාස කරලා පිට්පස්සට නැග්ගා වගේම මෙතන්ටත් එන්න…
ඉඳුවර හරිම ආදරෙන් ඒක කිව්වෙ…

තරිණි හෙමින් වාහනෙන් බැස්සා…

ඉඳුවර ඉන්න තැනින්ම පාත් වෙලා ඉස්සරහ දොර ඇරියෙ තරිණිට නගින්න…

ශීට් බෙල්ට් එක දාගන්න…
වෙනදට ගෙදර යද්දි කීය වෙනවද

6.40 විතර වෙනවා සර්…
තරිණි බෑග් එකේ පටිය කොනිති ගහමින් කිව්වෙ…

තරිණි ඔය බෑග් එක පවුනෙ…
කොනිත්තන්නෙපා…
කොහෙද ගෙවල් තියෙන්නෙ..
කට කොණින් හිනාවෙන ගමන් තරිණි දිහාම බලාගෙන ඉඳුවර කිව්වා…

අත්නගල්ලෙ..

පන්සල කිට්ටුවද

පන්සල පහු කරලා කිරිඳිවැල පැත්තට ටිකක් යන්න ඕන සර්…

අම්මිට කෝල් එකක් අරන් කියන්න අද පැය බාගයක් විතර පරක්කු වෙයි කියලා
අම්මි බය වෙයිනෙ නැත්නම්…

හෙලෝ..
අක්කා…

ආ කියනවා පොඩ්ඩි…
මොකෝ ගියාද හැන්ඩ් බොසාට කතා කරන්න
දැන් ළඟ නේ….
අක්කා කිව්වෙ ඒකනේ

මේ..
ඔව් ඔව්..
ආවම කියන්නම්කො..
අම්මාට කියන්න 7.30 විතර වෙයි කියලා එන්න

ආ…ආ……..
පොඩ්ඩී….

මම තියන්නම්.
කියලා ලොක්කි තවත් මොකුත් කියන්න කලින් කෝල් එක කට් කළා…

තරිණිට කවුද ඉන්නෙ…
කෝල් එක ගන්න දිහා බලන් ඉඳපු ඉඳුවර ඇහුවා…

අම්මයි, තාත්තයි,අක්කයි, අයියයි, නංගියි

එතකොට එයාලා මොනවද කරන්නෙ

අම්මා ගෙදර ඉන්නෙ
තාත්තා නම් කොළඹ තැපැල් කන්තෝරුවෙ චීෆ් ක්ලාක්
අයියා යුනිලීවර් එකේ සේල්ස් මැනේජර් කෙනෙක්
අක්කා බඳින්න යන්නෙ ළඟදි ඒ නිසා දැන් වැඩට යන්නෙ නෑ
නංගි තාම ඉගෙන ගන්නවා

එ් කියන්නෙ school යනවද තාම නංගි

නෑ…
නර්ස් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා

හ්ම්ම්…
තරිණිගෙ සම්පූර්ණ නම..

තරිණි අමන්දා ප්‍රේමතිලක

ම්ම්ම් ……
ඉතිං ඔයාට මගෙන් අහන්න මොකුත් නැද්ද
ආ…හ්…???
උකුලෙ තියෙන බෑග් එක දිහාම බලාගෙන අහන දේවල් වලට උත්තර දෙන තරිණි දිහා බලාගෙන හිනාවක් ක⁣ට කොණක තියාගෙනම ඉඳුවර ඇහුවා…

තරිණි මොකුත් කිව්වෙ නෑ…

හ්ම්ම් ..
මමම කියන්නම්කො….

මම අනුහස් ඉඳුවර සූරියආරච්චි.
මට ඉන්නෙ එක අයියා කෙනෙක්.
අම්මි ගෙදර ඉන්නවා දැන්…
අප්පච්චිගෙ තමා සූරියආරච්චි කන්ස්ට්‍රක්ෂන් එක.
ඉස්සර අම්මිත් වැඩ කරලා
අම්මි QS කෙනෙක්…
අයියා තමා අප්පච්චි එක්ක ඒ ගැන බලන්නෙ..
මම ඒකට අකමැති නිසයි..
ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න තිබ්බ ආසාවයි නිසා තමා ජොබ් එක කරන්නෙ…
තව මොනවා හරි තියෙනවා නම් අහන්න

තරිණි ඒත් නිහඬයි…

අපෝ…
මොකද මේ….
මම විතරනෙ කතා කරන්නෙ…
මම දැකලා තියෙනවා හැබැයි ටී-ටයිම් වලට එහෙම කැන්ටීන් එකේ,
කට්ටිය එක්ක හොඳට කියවනවා…
කෝ ඒ කට ආ…
තරිණි පැත්තට ටිකක් එබෙන ගමන් ඉඳුවර ඇහුවෙ…

සර් ….
දැන් 6යි කාලයි…
මාව ස්ටෑන්ඩ් එකට දානවාද…
යන්නත් ඕනනේ…

බෑ….
හිතුවක්කාර විදියට දඟ හිනාවකුත් එක්ක ඉඳුවර ඒක කිව්වෙ…

අනේ…
කියන ගමන් තරිණි ඔළුව ඉස්සුවා…

ඉඳුවරටත් ඕන වුණේ ඒක තමා..
එසැනින් තරිණිගෙ ඇස් තම ඇස් වල පටලගත්ත ඉඳුවර තත්පර කිහිපයක් ඒ ඇස් කියෙව්වා…

තරිණි ඉක්මනින් ආයෙ ඇස් බිමට හරවගත්තා…

තරිණි…
ඔයාට බෝයි කෙනෙක් හිටියා කිවවා නේද
ඇයි ඒක බ්‍රේක් වුණේ…

අයියට අහුවෙලා අයියා මටත් ගහලා
ඒ බෝයිටත් බැනලා තිබ්බා…
ඒක එහෙමම නැවතුණා…

හපොයී…
තරිණිගෙ අයියා චණ්ඩියෙක්ද
හහ්..හහ්😃😂
අනික එහෙමත් නවත්තනවද අප්පා…

නෑ අනේ…
ඒ ඉතිං A/ L කරන කාලෙනේ…
බයයිනෙ….

අපෝ මේ චූටි කාලෙ වෙච්ච දෙයක්ද
ඉඳුවරට තවත් හිනා…
😂😄😂😄😂😄

තරිණි ඒකට නම් රැව්වා
ඉඳුවර දිහා බලලා 😏

හරි හරි..
දැන් යමු මම ගිහින් දාන්නම්…
කියලා වාහනේ ස්ටාට් කරන් අයෙම හරවගෙන තරිණිලාගේ ගෙවල් පැත්තට
ගියා….

අක්කාට වයස කියද
මැරි කරන්නෙ කොයි කාලෙද

26යි. ලබන මාසෙ 5 වෙනිදා…

ආ..
ළඟයිනෙ දැන්…
නංගියි ඔයයිද bridsmade

ඔව්…

කැන්ඩියන් නේද අඳින්නෙ…
මට ෆොටෝ පෙන්නන්න හොඳද…

සර්..
පළවෙනි නම අනුහස්නෙ
ඇයි ඉඳුවර කියලා හැමෝම කියන්නෙ

මට දන්න හැමෝම කියන්නෙ අනුහස් තමා…
ඒ නිසා ජොබ් එකේදි මම ඉඳුවර සූරියආරච්චි කියලා use කරන්න හිතුවා වෙනසකටත් එක්ක..
අැයි ..
අනුහස් ලස්සනයිද ඉඳුවරට වඩා…
දඟකාර හිනාවක් එක්ක ඇහුවෙ තරිණි දිහා හොඳට බලලා. .

ආ..
නෑ සර්
ඒ නම් දෙකම ලස්සනයි…
ඒත් සාමාන්‍යයෙන් පළවෙනි නමනෙ කියන්නෙ ඒකයි…

ම්ම්ම් . .
දැන් ඉතිං සර් කෑල්ල අයින් කරන්න…
ඔෆිස් එකේදි කමක් නෑ…
ඒත් දැන් අපි දෙන්නා විතරනෙ..
අනික අපි දැන් යාළුවොනෙ නේද…

අනේ.. සර්
එහෙම බෑ

බෑ කියලා බෑ…

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *