මිහිදුම් සිහින…..20

20 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයක් නැතුව වෙනසක් දකීවි ඔබ නිසැකවම….
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

බෑ කියලා බෑ….
මට දැන් 24යි.
නම කියන්න බැරි නම් අයියා කියන්න…

අනේ සර්..
එහෙම කියන්න බෑ…

ආයෙ සර් ලු…
හැබැයි තරිණි මම ආයෙ කවදාවත් ඔයා එක්ක කතා කරන්නෙ නෑ ආයෙ මට එක වතාවක් වත් සර් කිව්වොත් බහින්න කලින්…

අනුහස් ඒක කිව්වෙ සන්සුන්ව වුණත් ටිකක් තදින්…

තරිණි ඒ නිසාම ආයෙ කතා කරද්දි මොකුත්ම නොකියන්න වග බලා ගත්තා..

ගෙදරට හැරෙන පාර ළඟින් තරිණි බහින්න ඕන කිව්වෙ ට්‍රාන්ස්පෝර්ට් එකෙන් බහින්නෙත් එතනින් නිසා…

Thank you තරිණි…

ඇයි ස…
නෑ මේ ඇයි thankx??

පොඩි හිනාවක් එක්කම,
අනුහස් කතා කළා
මුලින්ම මාව විශ්වාස කරලා මා එක්ක කතා කරන්න ආවට තෑන්ක්ස්…
අනික මම ඔයා එක්ක කතා කරන එක නවත්තන එකට අකමැති නිසා තෑන්ක්ස්

තරිණි ඇහිබැම අකුලලා බැලුවෙ දෙවනි එක නොතේරුණ නිසා…

තේරුණේ නෑ නේ…
මම ආයෙ සර් කිව්වොත් කතා කරන්නෙ නෑ කිව්ව වෙලේ ඉඳන් නම නොකිව්වත්, සර් කිව්වෙත් නෑනේ….😉
එහෙනම් good night තරිණි ..
බුදුසරණයි
පරිස්සමින් ඉන්න…
හෙට වැඩට එන්න අනිවාර්යෙන්ම…
මම බලන ඉන්නවා

Good night සර්..
සොරි සොරි..
Good night අ..නු..හ..ස්..
කිව්ව තරිණි, අනුහස්ගෙ මූණවත් නොබලා හැරිලා යන්න ගියා…

අනුහස්ට හිනා…
හිනාවෙන්ම තරිණි යන දිහා ටික වෙලාවක් බලන් ඉඳලා වාහනේ හරවගෙන යන්න ගියා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජාන් උදේ බට්ටි එක්ක වෙච්ච සිද්දියෙන් පස්සෙ
ගොඩාක් පසුතැවුණා….

ඔෆිස් යන්නෙත් නැතුව ගියේ ඉස්කෝලෙ කාලෙ ඉඳන් යාළුවා වුණ කසුන්ව හම්බෙන්න…
කසුන් කියන්නෙ පෑලියගොඩ තියෙන ලොකු ප්‍රින්ටින්ං ප්‍රෙස් එකක අයිතිකරුගෙ එකම පුතා.
දැන් වැඩිපුරම එතන වැඩ බලන්නෙ කසුන්.

කස්සා….
නිදහස් තැනකට යමු මට කතා කරන්න ඕන බං…
හරි තේජ් යමං..
මේ වෙලාවෙ උඹ ආවෙ මොකක් හරි වැදගත් හේතුවක් නිසානෙ
ඉඳපං මම මේ ටික එකෙක්ට බාර දීලා එන්නම්…

කසුන්වත් එක්කගෙන තේජාන් ගියේ දෙහිවල පැත්තට…
බීච් සයිඩ් එකේ තියෙන නිදහස් restaurant එකකට ගිහින් කන්න දේවලුත් ඕඩර් කරලා
කසුන් එක්කම බියර් ටින් එකක් හිස් කරන ගමන් තේජාන් කතා කළා…

කස්සා. …
උඹ මාව දන්නවානෙ පොඩි කාලෙ ඉඳන්ම..
Status maintain කළේ කොහොමද කියලා

මොකෝ බං නොදන්නෙ…
අපේ සෙට් එකේ අලි ඔළුවානෙ උඹ

මේ චූටි කෙල්ලෙක් මාව සම්පූර්ණයෙන් අවුල් කරලා බං…
තාම 20යි ඒකිට
මට වඩා 7ක් බාලයි බං
හරිම සාමාන්‍ය පවුලක්
විෂ්ට propose කළාටත් පස්සෙ…
මට ඒකිව ඕනෙ වගේ බං…
පිස්සු වගේ..
මගෙම හිත එක පැත්තකින් කෑ ගහනවා ඒකිව කොහෙත්ම උඹට match වෙන්නෙ නෑ……
උ⁣ඹ තියන් ඉඳපු කාඩ් සේරම කුඩු වෙනවා ඒ කෙල්ල ගැන හිතුවොත්…
උඹේ ඒ කාලෙ ඉඳන්ම තිබ්බ සේරම condition වලට ගැළපෙන්නෙ
විෂ්ව කියලා…..

අනිත් පැත්තෙන් කෑ ගහනවා
ඒ සේරම මනස්ගාත අත ඇරලා චූටි බෝම්බෙ එක්ක ජීවිතේ විඳපං කියලා…

මගෙ ඔළුව විකාර වෙලා බං…

තේජ්..
කවුද දැං ඔය කියන චූටි බෝම්බෙ …😄

හිනා වෙන්නෙපා හු#&#%
ඒකිගෙ හරි අමුතු attraction එකක් තියෙන්නෙ
කෙට්ටුයි..
අනිත් කෙල්ලන්ට සාපේක්ෂව ටිකක් උසයි.
සුදුයි
හරිම දඟකාරයි..
ඒ වගේම තමා කට..
කටර් එකක් වගේ
කතා කරලා දිනන්න නම් බෑ ලේසියෙන් කෙනෙක්ට …
ඒක පුදුම කටක්…
මට මුලින්ම හම්බුණ දවසෙ මමත් අහගත්තා මදි නොකියන්න…
මම එදා නම් ඒකි එක්ක මලෙන් හිටියෙ
දවසක රිටර්න් එක දෙනවාමයි කියලා
ඒත් පස්සෙ දවස් දෙක තුනක් හම්බුණා මට කැම්පස් යාළුවෙක් නිසා…
ඒ දවස් දෙක තුනට මට ඒකිව ළඟම තියාගන්න හිතෙනවා බං….
කියපං
මට පිස්සුද..

නෑ තේජ්….
මම උඹ දැන් ඒ කෙල්ල ගැන කියද්දි
උඹේ මූණ දිහාම බලන් හිටියෙ…
ඒ පිස්සුවක් නෙමේ බං..
ඒ තමා ආදරේ…
එක දවසින් වුණත් ආදරයක් ඇති වෙන්න පුළුවන් බං..
ඒත් උඹ විෂ්මිට propose කළේ
හැමෝම ඉස්සහර බං…
විෂ්මි කවදාවත් ලේසියෙන් දැං උඹට යන්න දෙන එකක් නෑ..
දන්නවානෙ රණවීර කාරයත් ලේසිනෑ..
ඇමතිලා, උන්ගෙ මැරයො එක්ක එහෙම ළඟ connection එකක් තියෙන්නෙ.
අනික බං විෂ්මි වුණත් උඹ වගේම status maintain කරන එකියක්නෙ…
ඒකි දැං උඹට යන්න දෙන්නෙ නෑ ඒ ,status වලට අවුල් නිසා…
රයන්ගෙ party එකේ ගොඩක් බිස්නස්මන්ලාත් හිටියානෙ බං…
අනිවා රණවීර කාරයාගෙ අඳුරන උං ඉන්න ඇති…
මන්දා උඹ විෂ්මි එක්ක normally කතා කරලා බලහං…
හැබැයි බං ඉක්මන් වෙන්න නම් එපා…
තේරුණානෙ..
විෂ්මි එහෙම නරක චරිතෙකුත් නෙමේනෙ බං ලොකුකම තිබ්බට..
කොල්ලො කේස් එහෙමත් නෑනෙ අනිත් සල්ලිකාර කෙල්ලො වගේ…

මට විෂ් ගැනත් ලෝබයි බං
ආදරයක් මන් දන්නෙ නෑ හැබැයි කසාද බැඳලා ළඟ තියාගන්න මුලින්ම හිතුණෙ විෂ් ව…
ඒත් බං අර චූටි බෝම්බෙ විෂ් ට වඩා ළඟින් තියන් පරිස්සම් කරන්න හිතෙනවා
බලාගන්න හිතෙනවා…
විෂ් ව එහෙම පරිස්සම් කරන්න දෙයක් නෑනෙ බං, ඒකි දන්නවා පරිස්සම් වෙන්න, ඒකිට මගෙන් ඉල්ලගන්නවත්, මට දෙන්නවත් දෙයක් නෑ…..
ඒකිට ඕන සේරම තියෙනවා

ඒත් බං මගෙ චූටි බෝම්බෙ මම අයිස් එකක් අරන් දුන්නත් සතුටු වෙයි…
මට ඒකි වෙනුවෙන් කරන්න, වෙහෙසෙන්න ගොඩක් දේවල් තියෙයි…

කතාවෙන් කතාවෙන් බියර් එක මත්පැන් දක්වා වර්ධනය වෙලා
අවසන තේජාන් හොඳටම වෙරි වෙලා නතර වුණේ…

කසුන් තේජාන්වත් එක්කගෙන ගිහින් තේජාන්ගෙ ගෙදරින් දාලා
කැබ් එකක් කතා කරන් ආපහු ගියා…

අනුහස් තරිණිව දාලා ගෙදර එද්දිත්
දවල් වෙරි වෙලා නිදාගත්ත පාර තේජාන් නිදි….

අනේ පොඩි පුතා..
බලන්නකෝ අයියා…

ඇයි අම්මි අයියා මොකද…
අනුහස් ගෙදර එද්දිම දුවගෙන ආව අම්මා දැකලා අනුහස් කලබල වුණා…
හිතේ තිබ්බ සැහැල්ලුව, සතුට දිය වෙලා ගියා….

උදේ ඔෆිස් යන්න ගියා…
ඒත් දවල් වෙනකල් නැතිකොට අප්පච්චි මට කතා කළා….
ගෙදරින් ගිය නිසා කලබල වුණා…
කෝල් ආන්ස කලෙත් නෑ…
පස්සෙ 3ට විතර අර කසුන් පුතා එක්ක ආවා හොඳටම බීලා…
මම හින්දාද කියලා මට බයයි පුතේ…

ඇයි අම්මි හින්දා අයියා බොන්නෙ…

අයියාගෙයි අර ළමයාගෙයි හඳහන් ගැළපෙන්නෙ නෑ කිව්වනෙ පුතේ..
බැන්දත් එකට ඉන්න බෑලු..
දෙනනාගෙම ග්‍රහයො එක වගේම බලවත්ලු…..
එකට වසන්න අමාරුයිලු එතකොට..
මම අයියා එක්ක ඊයෙ කිව්වා…
ඊයෙත් මහා රෑ වෙනකල් ආවෙ නෑනෙ ගෙදර…

අනුහස් හිතුවා ඊයෙත් තේජාන් හොඳටම බීලා හිටියෙ එහෙනම් ඒ දුකට වෙන්න ඇති කියලා…
රෑ අනුහස් ගිහින් තේජාන්ව එක්ක එනවා අම්මලා දන්නෙ නෑ….

ආ…
මගෙ සුදු අම්මි මට ටී එකක් හදලා දෙන්නකෝ ..
අයියා හිතේ දුකට ටිකන් බොන්න ඇති ඉතිං….
අයියාගෙ ⁣ඒ කාලෙ ඉඳන්ම ලව් එක විෂ්මි අක්කිනෙ.
අම්මි….
ඒක කරන්නම එපා කිව්වද බලපු තැනින්
තව තැනකින් බලමුද මොකටත්…

එහෙම කිව්වෙ නෑ පොඩි පුතා…
ඒත් සාර්ථක පවුල් ජීවිතයක් නෑ කියලා කිව්වෙ…

අයියෝ අම්මි…
අද කාලෙ ඕන තරම් හඳහන් ගලපන්නෙ නැතුව බඳිනවානේ…
ඔය හොඳට ඉන්නේ .

ඒ නිසා ආයෙ අයියට ඒ ගැන කියන්නෙපා හරිද…
අයියාට කැමති දේට අම්මිලා ආශිර්වාද කරන්න…
දන්නවානෙ අම්මි..
අයියාගෙ මුරණ්ඩු කම ගැන…
ඒ නිසා මගෙ සුදු අම්මිත් දුක් නොවී ඉන්න
හා ද..??
අයියාට තීරණයක් ගන්න කියල⁣ෙ අපි එයා එක්ක ඉමු..
අයියා හොඳින් ඉන්නනෙ අපිට ඕන නේද අම්මි….

ම්ම්ම් ..
මම ⁣තේ එක අරන් එන්නම්කො…
පුතා වොෂ් එකක් දාගන්න..

අනුහස් අම්මා එක්ක අද තරිණි ගැන කියන්න ආවෙ…
අනුහස් කැමති නෑ තරිණි එක්ක සම්බන්ධයක් පටන් අරන්
ඔෆිස් එකේ මාතෘකාවක් වෙන්න..
මොකද තරිණි පොඩි රැකියාවක් එතන කරන්නෙ…
අනිවාර්යෙන්ම තරිණිට තමා ඒක තදින්ම බලපාන්නෙ…
අනුහස්ට ඕන තරිණිගෙ ගෙදරින් කෙලින්ම අහලා පිළිවෙලක් වෙන්න…
ඒත් දැන් අයියාගෙ ප්‍රශ්නෙට විසඳුමක් හොයලා ඉන්න වෙනවා කියලා අනුහස් හිතුවා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බට්ටිගෙ තත්වෙත් ඒ වගේම තමා….
තේජාන්ට බැනලා එතනින් ගියාට බට්ටි හිටියෙ හොඳ සිහියකින් නෙමේ…
ඒ වෙලාවෙ කලකිරීමක් හිතට දැනුනත්
ආයෙම තේජාන් ළඟට යන්න තරම් හිත කෑගැහුවා…

ලෙක්චර්ස් ඉන්නෙත් නැතුව ආපහු ගෙදර ආවා…
ඔළුවෙ ඉඳන් පොරවගෙන නිදාගත්තෙ ලොක්කිටයි අම්මාටයි කරදර කරන්නත් එපා කියලා…
අම්මා ළඟ තිබුන නිදි පෙත්තකුත් බීලා..
පොඩ්ඩි එනකල්ම බට්ටි නිදි…

කෝ බට්ටි..
යමු යමු කාමරේට කියන්න දේවල් තීනෝ..

පොඩ්ඩි ගෙට ගොඩ වුණේම ලොක්කිට එහෙම කියාගෙන..

බට්ටි ආයෙම අවුලකින් වගේ පොඩ්ඩි…
අද ගිය පයින් ආයෙ ආවා ඔළුව රිදෙනවා කියලා….
තාම නිදි…
හවස ඇහැරවන්න හැදුවා නැගිට්ටෙ නෑ පොඩ්ඩි…
මට හරි බයයි බට්ටි ගැන..
එයා අපි එක්ක සේරම කිව්වත් ප්‍රශ්නයක් ආවම තනියම විසඳන්නනෙ හදන්නෙ…

පොඩ්ඩිගෙ හිතේ තිබ්බ සතුටත් හොරු අරන් ගියා වගේ…

බට්ටි මෙච්චරකල් ගෙදර හැමෝමව හිනස්සමින්, අවුස්සමින් සතුටින් හිටියෙ…
මේ විදියට පැත්ත ගහලා ඉඳලා නෑ කවදාවත්.
ඒත් ළඟදි ඉඳන් බට්ටි හිතින් විඳවනවා කියලා අක්කලා දෙන්නට තේරුණා…

ඔක්කොටම කලින් අර බට්ටිට හිත ගිය කොල්ලව හොයාගන්න වෙනවා ලොක්කි…
මේ කෙල්ල ඉඳලා ඉඳලා කැමති වුණේ කවදාවත් නෙලැබෙන කෙනෙක්ටද මන්දා ලොක්කි..

මෙයා මේ මෙච්චර විඳවන්නෙත් ඒ නිසාද කොහෙද…
එයාටම තේරෙනවා ඇති තේරුමක් නැති දෙයක් කියලා…

අපිට අහන්නත් බෑ…
අනිවාර්යයෙන්ම අපේ ඇඟට කඩා පනියි…
අනේ මන්දා ..
අපි බය කරමු අයියට කියනවා කියලා…
අයියට බයයිනෙ…

හ්ම්ම් යමුකො
මෙයාව ඇහැරවගන්නෙපැයි මුලින්…

බට්ටි….
ඒයි නැග්ටිනවා
මෝඩි..

ලොක්කි ගන්න ඔය වතුර එක..
හලමු මූණට ..

මෝඩ බුරුවා..
මොකද්ද ඒ කරපු වැඩේ…
වතුර මූණට වැටෙද්දි..
වටේ තිබ්බ කොට්ට ආගිඅතේ විසිකරමින්
බට්ටි කෑගැහුවා…

නැගිටිනවා..
දැන් පැයකීයක් නිදිද
ඔහොම නිදියනවද හලෝ….
තමුසෙට මොකද වෙලා තියෙන්නේ…

මට මොකුත් වෙලා නෑ හලෝ..
මේක මොන මඟුලක්ද
පාඩුවෙ නිදාගන්ත් නෑනේ…
තමුසෙලා දෙන්නා අද නිදාගන්නවාකෝ
රෑට මම දෙන්නම්කො වතුර බාල්දියක්ම

අපෝ…
මැට්ටි…
මේ..
අපි තරහට කළා නෙමෙයිනෙ..
බලනවා..
තමුසෙ 10 විතර ඉඳන් නිදි
දැන් රෑ8ටත් ළඟයි..
පැය 10කට කිට්ටුවෙන්න නිදාගෙන
අපි බය වුණා එකයි..

ලොක්කි කිව්වෙ බට්ටි විසි කරපු කොට්ට ඇහිඳලා ඇඳට දාන ගමන්…

ලොක්කි මට පාළුයි ..
ගොඩක්…
😢😢
එහෙම කිව්ව බට්ටි දනිස්දෙකේ ඔළුව ගහගෙන අඬන්න ගත්තා….

ලොක්කිත් පොඩ්ඩිත් දෙන්නම කලබල වෙලා බට්ටිගෙ දෙපැත්තෙන් ඉඳගත්තා…

අනේ පැටියෝ…
අපි දෙන්නයි අම්මයි තාත්තයි ඔයාගෙ සුදු අයියයි සේරම ඉද්දි කොහොමද ඔයාට පාළු
ලොක්කි බට්ටිව තුරුල් කරගන්න ගමන් ඇහුවෙ…

ඒකනේ..
කෝ මේ අපේ චණ්ඩි බට්ටි…
මෙහෙම හොටු පෙරන්නෙ නෑනෙ එයා..
කියන්න බලන්න අපේ බට්ටිච්චිව ඇඬෙව්වෙ කවුද කියලා…
අපි තුන්දෙනාම එකතු වෙලා ගේමක් දෙමු
වෙනදා බට්ටි තනියමනෙ
නේද ලොක්කි..

ඒකනේ..
කෝ කෝ…
කියන්න බලන්න..

බට්ටි පවුලේ බාලයා වගේම හැමෝගෙම හුරතලී..
ඊටත් වඩා මේ අක්කලා නංගිලා තුන්දෙනාගෙ බැඳීම හරිම ලොකුයි…
⁣තේරෙන කාලෙ ඉඳන්ම ඇඳවල් දෙකක් එකට දාලා තුන්දෙනාම නිදාගත්තෙ එකට
රණ්ඩු කළත් ඒ ටික වෙලාවටයි
තිළිණ වුණත්
තුන්දෙනාගෙ පිස්සු වැඩ වලට ආදරෙයි..
ඒ බැඳීම ගැන සතුටුයි…
වෙන ගෙවල් වල අක්කලා නංගිලා ඊරිසියා කරගද්දි, ගහ මරා ගද්දි මේ තුන්දෙනාට තුන්දෙනා නැතුව බෑ…
ඒත් කෙල්ලො තුන්දෙනාගෙම ආරක්ෂාව තමන්ගෙ අතේ කියලා හිතාගෙන තිළිණ වෙනමම ඈතින් ඉඳන්
මේ ආදරේ රස විඳිනවා
වගේම අවශ්‍ය තැනදි තරවටුත් කරනවා…

ලොක්කි…
පොඩ්ඩි..
අද මට P&S හැන්ඩියව හම්බුණා…
එයා …

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

2 Comments

  1. hey there and thank you for your info – I have definitely picked up something new from right here.
    I did however expertise a few technical points using this web site, as I experienced to reload the website a lot of times previous to I could
    get it to load correctly. I had been wondering if your web host is OK?
    Not that I’m complaining, but sluggish loading instances times
    will often affect your placement in google and
    can damage your high quality score if advertising and marketing with Adwords.
    Anyway I’m adding this RSS to my email and could look out for a
    lot more of your respective exciting content.
    Ensure that you update this again soon.. Lista escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *