මිහිදුම් සිහින…..22

22 වන සිහිනය

sorry
Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

පෙර කොටසට…
https://m.facebook.com/story.php…
දිගටම රැඳී ඉන්න….

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

තේජාන් උදේම ඔෆිස් එකට ගියේ අම්මාගේ ප්‍රශ්න පත්තරෙන් බේරෙන්න…

හෙලෝ…
විෂ්…

හායි තේජ්…
ඊයෙ දවසම ඇයි ෆෝන් ආන්ස කළේ නැත්තෙ..

ම්ම්ම් ..
මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන විෂ්..
අද ඔයා ඔෆිස් යනවද..

නෑ තේජ් …
අද යන්නෙ නෑ…
ඊයෙ දවසම හිටියා…
මමාලා අද හවස එනවා…
එන්ගේජ්මන්ට් එකට ලස්සන ඩ්‍රෙස් එකකුත් හම්බුනාලු මමාට ෂොපිං ගිය වෙලේ…..

එන්ගේජ්මන්ට් ..???
විෂ්..
අපි තාම ඒ ගැන කතා කළේ නෑනේ…

හරි ඉතිං තේජ්…
කොහොමත් වෙන එකනේ…
මම මෙච්චරකල් ඉවසන් හිටයෙ ඔයා
සයිලන්ට් නිසා…
ඉක්මනින් මැරි කරමු තේජ්…
ඔයා දන්නවානේ මම වෙන කිසිම බෝයි කෙනෙක් ගැන interest එකක් වත් තිබ්බෙ නෑ කියලා…
ඔයා propose කරනකල් බලන් හිටියෙ….
දැන් ඉතිං මං ආස දේවල් සේරම කරන්න ඕන අපේ මැරේජ් එක වෙනුවෙන්…

තේජාන්ට දැණුනෙ මහා අසරණකමක්…
විෂ්මිත් කෙල්ලෙක්…
එයාටත් හීන තියෙනවා…
තේජාන් විෂ්මිට ඒ හීනෙට පාර පෙන්නන්න ඉක්මන් වුණා වැඩි කියලා හිතුණා….
එ වගේම දැන් ඒ හීනෙන් විෂ්මි ව ඇහැරවන එක හරිද කියලා දෙපාරක් හිතන්න වෙනවා…

තේජ්..
මොකද සද්ද නැත්තේ…

ආ නෑ විෂ්…
ඔෆිස් යනවා නම් ලන්ච් වලට ඔයාව ගන්න එන්න හැදුවෙ…

ඉතිං තේජ් මම එන්නම් ඔයාගෙ ඔෆිස් එකට..
යමු ලන්ච් වලට
මමත් කම්මැලි කමේ හිටියෙ…

හරි එහෙනම් එන්නකො
Then CU bye…

Bye තේජ්…
Love u…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඒ.. මිතූ…
මෙකෙද බං අවුලෙන් ඉන්නෙ…

මුකුත් නෑ ශශී ..
කරදර කරන්නැතුව ඉඳපංකො වදේ…

පලයන් යන්න…
වෙනදට ඔහොමද බං උඹ ඉන්නෙ..

නැතුව වෙනදට මං ඔළුවෙන් හිටංද ඉන්නෙ…
පිස්සු කියවන්නැතුව අහගනිං කියන ඒවා.

ඔළුවෙන් හිටගෙන නම් නෙමේ තමා…
ඒත් ඔහොම මිනිහා මැරුණ ගෑණි වගෙත් නෙමේ…
හරි ඉතිං උඹ කියන්නැත්නම් මොනවා කරන්නද….

කියන්න දෙයක් තියෙන්නෙපැයි…

හාකො හාකො..
උඹ ඇයි ඊයෙ ආවෙ නැත්තෙ…
කිව්වෙත් නෑ..

යකූ..
මේක හරි මගුලක්නෙ….
මම ආවෙ නැත්තෙ බඩේ අමාරුවක් ඇවිත්.
ඒක කලින් උඹට කියලා තියෙන්න ඕනද
මට අහවල් දවසෙ බඩේ ගායක් එනවා කියලා….

හික්ස්…
නෑ භූතියෙ…
ෆෝන් කියලා ජාතියක් තියෙන්නෙ ඒකටනෙ…
ඊයෙ ගයාත් නෑ…
මම තනියම…
ගයා කිව්වා ඊයෙයි අදයි එන්නෙ නෑ කියලා
උඹ උදේ හරි කිව්වා නම් මමත් එන්නෙ නෑනෙ…

හරි බං මම එන්නමයි හිටියෙ..
අන්තිමට බැරි වුණා ඉතිං..
එතකොට උඹ එන්න පිටත් වෙලත් ඇති…
මේ…
දැං අපි දෙන්නව එළියට දානවා..
සර් බැලුවා දෙපාරක් තුන්පාරක්.
දැං වත් කඩේ වහලා අහං ඉමු…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජ්…
මම ඇවිත් ඉන්නෙ කාර් පාක් එකේ….
ඔයා එනවද පහළට …
වැඩක් නම් මම එන්නද ඔෆිස් එකට

ඉන්න විෂ් මම දැන් එනවා…

හරී..
මගෙ කාර් එකේ යමු අද…
********
තේජාන් හිටියට හරිම දෙගිඩියාවකින් තමා ඉන්නේ..
විෂ්ට කියලා අයින් වෙන්න හිතුවත් ඒකටත් හිත හදාගන්න බෑ වගේ…
පඹ ගාලක පැටලිලා වගේ තේජාන්ට දැණුනෙ…
බට්ටිව අමතක කරලා වෙන කෙනෙක්ට අයිති වෙන්න දෙන්න බෑ…
විෂ්මිට මේක නවත්තමු කියන්නත් බෑ..
හැබැයි දැන් විෂ්මි ගැන කිසිම හැඟීමකුත් නෑ…
විෂ්මි ගැන තියෙන්නෙ බයක්…
තේජාන්ම propose කරලා එයාම ටික දවසකින් ඒක නවත්තන එක එච්චර හොඳ වැඩක් නෙමේ…
දැනටමත් ඒ ⁣socity එකේ අය මේ proposal එක ගැන දැනුවත්…
ඒ ගැන හිත හිතම තේජාන් විෂ්මි ඉන්න තැනට ආවා…

Sorry to keep you waiting විෂ්…

Its ok honey …
Shall we…

you driving .??
Or should i ???

Sure why not…
තේජාන් අතට යතුර දුන් විෂ්මි අනිත් පැත්තෙන් ඇවිත් වාහනෙන් වාඩි වුණා..

කොහෙද විෂ් අපි යන්නෙ…

Any where darling …

මොකද අමුතු සතුටකින්….??

ඔයා propose කරපු දවසෙ ඉඳන් මම සතුටින් තමා තේජ්..

තේජාන්ට තමන්ගෙ හිතත් එක්කම තරහක් ආවා….
විෂ්මිට බලාපොරොත්තු දුන්නෙ අවුරුදු 4කට කලින් තමන්ට ඇති වුණ හැඟීමකට.
තව ඉවසන්න තිබ්බා…
රට ගිහින් ආවට පස්සෙ විෂ්මි එක්ක ආස්‍රය කරලා බලන්න තිබ්බා…
අම්මලාව එහෙ එක්ක යන්නත් හදිස්සි වුණා..
කවුරුත් කිව්ව දෙයක් අහන්නෙ නැතුව තමන්ගේ හිතුමතේට වැඩ කළා…

බට්ටිව හම්බුණාට පස්සෙ වෙනස් වුණේ….
මෙච්චරකල් අම්මලාට වත් කියලා වෙනස් කරන්න බැරි වුණ දේවල්…
විෂ්මි ළඟ කවදාවත් බට්ටි ළඟ දැනෙනෙ ඒ හැඟීම නෑ කියලාදැනුයි තේජාන්ට තේරෙන්නේ….
ඒත් දැන් විෂ්මිට දුන්න බලාපොරොත්තු කඩන්නත් හිත හදාගන්න බෑ…
ඒත් බට්ටිව අමතක කරලා විෂ්මි ළඟට යන්නත් බෑ…

හේ..යි .
තේජ්..
කොහෙද අනේ ගියේ..
Any problem තේජ්..??

ආ..හ්…
නෑ..නෑ..
මේ අර අපේ සයිට් එකක පොඩි අවුලක්…
මට මේ ඒක ඔළුවට ආවා එක පාරම..

ම්ම්ම් …
දැන් කෙහෙද තේජ් යන්නෙ..
ඔයාට කතා කරන්නත් ඕන කිව්වානේ..

යමුකො ලස්සන තැනක් තියෙනවා..
Sea food විතරක් තියෙන…
ඔයා කැමතිනෙ..

අපෝ….
Sea food….
තේජ්…
මම sea food වලට ආස නෑ…
KFC යමු..

ආයෙමත් ඉක්මන් වෙලා තීරණ අරන් පසුතැවීමක් විතරක් ඉතුරු වුණොත්…
විෂ්මිට කතා කරන්න කලින් තව හිතන්න ඕන….
තේජාන් අන්තිමේදී කාලයට ඉඩ දෙන්න හිතුවා….

විෂ්……
අපි හදිස්සියෙ වෙඩින් එක ගන්නවට අපේ අම්මලා නම් එච්චරම සතුටු නෑ..
අපි ටිකක් ඉමු විෂ්…
Plan කරලා හොඳට වෙඩින්එක ගමු..
හදිස්සි වෙලා දේවල් කරන එක එචචරම හොඳ නෑ කියලා මට දැන් සමහර දේවල් න්සා තේරෙනවා විෂ්.

ආ..හ්..
මොකක්..
තේජ්..
මම ඔයාට මුලින්ම කිව්වා…
ඇයි දැන් ඔයා ඔහොම කතා කරන්නෙ..
හදිස්සිය මොකද්ද..
අපි දෙන්නම නොකිව්වට දෙන්නම ආදරේ කලේ අද ඊයෙ ඉඳන් නෙමෙයිනේ…

විෂ්…
Please try to understand babi…
අපි අතරෙ එක්නෙකාට attraction එකක් තිබ්බා…
ඒත් අපි දෙන්නා ආදරේ කලේ නෑනෙ කවදාවත්…
මමඔයාට කැමැත්තෙන් හිටියා…
ඔයාමට කැමැත්තෙන් හිටියා…
ඒත් අපි දෙන්නා අපිව හරියට දන්නෙවත් නෑනෙ විෂ්….
ඔයා ආස දේවල් වත් මම දන්නෙ නෑ විෂ්..

එව්වා නම් මොකටද තේජ්…
මම ආස දෙයක් කරන්න මට සල්ලි තියෙන්නෙ…
මම ඔයාගෙන් මම ආස දේවල් ඉල්ල ඉල්ල ඉන්නෙ නෑ…
මට ඕන නම් මම ගන්නම්
ඒක ගැන එච්චර හිතන්නෙපා…
මම එහෙම worry වෙන කෙනෙක් නෙමේ තෙජ්….
ඔයාට වුණත් ආස දෙයක් තියෙනවා නම් එවෙලෙට කියන්න…
කලින් ඕවා අහගෙන කටපාඩම් කරගෙන කරලා දෙන්න ඕන නෑනෙ තේජ්…..
සල්ලි තියෙනවා නම් ඕන දෙයක් ඕනම වෙලාවක ගන්න පුළුවන්…
මම නම් ඒ වගේ විකාර දේවල් හිතන කෙනෙක් නෙමේ…

ඒක තමයි විෂ් ප්‍රශ්නෙ…
මමත් ඔහොමම හිතුවා…
මගෙ චූටි බෝම්බෙ හම්බෙන්න කලින්…
ඒත් මේ උද්දච්ච නරියාව චූටි බෝම්බෙ එහෙම පිටින් කනපිට හරවලානේ…
තේජාන් හිතුවා විතරයි….
කට කොනින් පොඩි හිනාවක් ගියේ බට්ටිගෙ වැඩ මතක් වෙලා…
බලු පැටවු එක්ක කතා කර කර හිටපු
හැටි….
හිඟන සීයා එක්ක අයිස්ක්‍රීම් කාපු හැටි…
ඒ වගේ පුංචි දේවල් වලින් සතුටු වෙන කෙනෙක් එක්ක කොච්චර සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද…

තේජ්…
මොකද ඔයා තනියම හිනා වෙන්නෙ…

ආ..හ්…මේ
නෑ මට ඔයා කිව්ව එක හරි
කියලා හිතුණා..

අපි ටිකක් ඉමු බබී…
අම්මිලාත් ඔයාව අඳුරගන්න එක හොඳයිනේ…

තේජාන් විෂ්මි එක්ක කෑම කාලා ආයෙම ඔෆිස් ගියේ හිතේ සතුටකින් නෙමේ…
විෂ්මිට අද බට්ටි ගැන කියනවා කියලා හිතුවත් ඒක කරන්න තරම් හිතට ශක්තියක් නෑ…
තේජාන්ටම හිතා ගන්න බෑ මේ තරමට තමන්ගෙ හිත දුර්වල වුණේ කොහොමද කියලා…
දැන් ඉන්නෙ ඒ හිටපු උද්දච්ච , හිතුවක්කාර තේජාන්මද කියලා තේජාන්ටත් හිතාගන්න බෑ….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අද ලෙක්චර්ස් ඉවර වෙන්න හවස් වුණ නිසා දෙන්නම හිටියෙ හෙම්බත් වෙලා…

ඒ මිතූ..
සෑහෙන කාලෙකින් P&S ගියෙ නෑ..
යමුද…
පට්ට බඩගිනි බං…

අද ගයාත් නෑ නේ..
වෙන දවසක යං…
බට්ටි කිව්වෙ බඩගිනි වුණත් එතන තියෙන මතකය නිසා
එහි යන්න තියෙන අකමැත්ත වහගෙන….

ඇයි බයද
අර අන්තිමට ගිහිං වෙච්ච වැඩේ නිසා….
අපි ආයෙ ගියෙම නෑනෙ බං….

අනේ මේ..
මම බය වෙන්න…
මං ගැන නොදන්නවා වගේ කියවන්නෙපා බං…
මම යෑ එදා බය වුණේ…
තේ..
ඒ අාපු කෙනා නේ..
බට්ටි තේජාන් කියලා කියවෙන්න ගිහින් නවත්තගත්තෙ…

එහෙනම් යමු…
මං ගානෙ නෙස්කැෆේ එක්ක ගැටෝ කේක් අරන් දෙනවා..
යමු නේ…

අන්න එහෙම කියනවා නම් ඉතිං නෑවිත් බෑනේ…
ශශී ඔයා නම් දෙයියෙක් නෙමේ දේවාලයක්….
යමු යමු..

දෙන්නත් එක්ක කෑම අරන් පොඩි මෙසෙක ඉඳගෙන කකා ඉද්දි
ඇතුළය ආව කෙනා දැකලා බට්ටිට කාපු කේක් කෑල්ල පිට උගුරෙත් ගියා…..

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *