මිහිදුම් සිහින…..24 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…
https://m.facebook.com/story.php…
දිගටම රැඳී ඉන්න….

සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

තරිණි බලනකොටත් අනුහස් ගිහින් ඉවරයි…
ඒත් එක්කම තරිණි දැක්කෙ……
වාහනයකින් බහින බට්ටිව…

අඳුර වැටීගෙන එන නිසාත් ටිකක් ඈත නිසාත් තේජාන්ගෙ වාහනේ පොඩ්ඩි
අඳුනගත්තෙ නෑ…
අනික බට්ටි එක දවසනෙ තේජාන් එක්ක ගියේ…..

ඒත් එක්කම වාහනේ යන්න ගිය නිසා…
පොඩ්ඩි එහෙමම හිටයෙ බට්ටි
ළඟට එනකල්…
හීනෙන් ඇවිදිනවා වගේ එන බට්ටි දිහා පොඩ්ඩි බලාගෙන හිටයෙ සැකයෙන්…

ඒයි මෝඩි….
මෙකෝ පාවෙන්නෙ..

ආ..අහ්..
පොඩ්ඩි ..
මො..මොකද
මෙතන..ඇයි…

බට්ටි කවදාවත් නැති විදියට කලබල වෙද්දි පොඩ්ඩිට තේරුණා බට්ටි මොනවා හරි හංගනවා කියලා…..

මේ..
කියනවා කා එක්කද ඒ ආවෙ මම දැක්කා…

බට්ටි කලබල වුණේ තේජාන් බහින්න කලින් බට්ටිව තුරුල් කරගත්ත එක පොඩ්ඩි දැක්කද කියලා හිතලා…
අනික ඒ තේජාන් කියලා දැක්කොත්
P&S හැන්ඩියා කිව්වෙ තේජාන්ට කියලා ..
මෙච්චරකල් හංගගෙන හිටපු එක එළිවෙයි කියලා බය හිතුණා….

ඒත් පොඩ්ඩිගෙ කතාවෙන් බට්ටිට තේරුණා මොකුත් දැකලා නෑ කියලා…

ඇයි දැක්කෙ නැද්ද…
තේජාන් අයියා…
මම බස් එකට නගින්න එද්දි දැකලා කතා කළා…
ගිහින් දාන්නම් කියලා…
ඉතිං මං ආවා…
නිසල් අයියගෙ යාළුවනේ …

පුදුමයි…
ඒ අයියා එක්ක තමුසෙ නයි වෛරයිනේ….

ඒ වුණාට අහලා නැද්ද
“කන්න හිතුණම කබරයාත් තලගොයා වෙනවා” කියලා…
ඇයි වදේ..
බස් එකේ හිර වෙලා සැන්විච් වෙනවට වඩා හොඳ නැද්ද ෆුල් A/C එකේ මොන්ටෙරෝ එකක නැගලා එනකොට…
😜

හොඳයි හොඳයි..
අද අමුතු සතුටකින් වගේ හැබැයි…
මොකද්ද වෙනස….

වෙනසද..
මම පරණ බට්ටිම වුණා..
ඔය love seen බට්ටිට හරියන්නෙ නෑ….
දැන් ඉඳුවර ලොක්කා මොකෝ කියන්නේ…

ආ…
දෙන්නම අද එකට…
මොකෝ බට්ටි පරක්කු…
කතාවෙන් කතාවෙන් ගෙට ගොඩ වුණ අක්කා නගෝ දෙනනාව දැකපු අම්මා ඇහුවා…

හවස් වෙනකන් ලෙක්චර්ස් තිබ්බා අම්මා…
මේ වෙලාවට හරි ආවෙ අර තේජාන් අයියාව හම්බෙලා ගෙනත් දැම්ම නිසා…
නැතන්ම් එනවා බොරු…
බස් එකේ හිරවෙලා…

හා හා..
දෙන්නම රෑ වෙන්න කලින් ඇඟ පත හෝදගන්න…..
ලමිස්සියො රෑ පානෙ ළං ළඟ තැග්ගැහෙන්න හොඳ නෑ…

අම්මාගේ අවසරයෙන් දෙන්නා කාමරේට පැනගද්දි ලොක්කි ඇඳුම් ගොඩක් නමනවා ඇඳ උඩ ඉඳන්..

අම්මෝ…
ලොක්කි…
තමුසෙ නම් දෙයියෙක් ඕයි…

අනේ මේ…
බලනවා බට්ටි මොකද්ද මේකෙ තේරුම…
ඇඳුම් තට්ටුවම බිමට දාගෙන උදේට ඇඳන් යන්න ඒවා හොයනවා…
පස්සෙ පොඩ්ඩිගෙ එකක් ඇඳගෙන යනවා.
එළියට දාපු ටික ඇඳ උඩ..
රෑට නිදාගන්න යද්දි ආයෙ උණ්ඩි කරලා ඇඳුම් තට්ටුවට ඔබනවා….
බලනවා…
මේවා අයන් කරලා වත් පොඩිවිල්ල යවන්න පුළුවන් ද..

අපෝ….
නවත්තනවා ඕක…
මට ඔහොම තමා ලේසි..
නමලා තියෙද්දි කරදරයි….

බට්ටි…
දෙයක් කියද්දි කටේ සද්දෙ දාලා බේරෙන්නෙපා..
දැන් ඔයා පොඩි නෑ…
මම නමලා තිබ්බත් දවස් දෙකයිනෙ..
ආයෙ මම නෑ මේවා නමන්න තව සති දෙකයි…

ඒක කිව්වම නම් බට්ටිගෙ මූණ දෙක වුණා…..

අනේ…
මොනවද ලොක්කි…
තමුසෙ අපිව දාලා යන එක ගැන කියවන්නෙපා….
බලනවාකො පොඩ්ඩි…..

කියමින් බෑග් එක මේසෙ උඩට දාලා
ඇඳ උඩින් ඉඳගෙන ලොක්කිගෙ කර වටේ අත් දෙක දාලා ඒ උරහිසෙන් ඔළුව තියාගත්තා..

බොරුවට හුරතල් වෙන්න නම් එනවා…
ඉන්නකල් මෙයාගෙ ලොකු සීන්
සේරම බැලුවා..
නේද පොඩ්ඩි…

ඒක තමා…
මේ මේ…
එනවා යන්න ළිඳ ළඟට..
අම්මාගෙ කියවිල්ල පටන්ගනියි නැත්නම්.
බොරු හුරතලේ දානවා පස්සෙ..

යනවා යනවා…
බූරි…
මම මේ ටික නමලා තියන්නම්…

මේ…
ඔතන මගෙ night suit එහෙම තිබ්බද..😜

අනේ අනේ…
අන්න මම ඒ ටික වෙන් කරලා යට තට්ටුවට දැම්මා…
අනිත් ටික පෙරලන්නැතුව එකක් ගන්නවා…
ගමන් අඳින ඒවයි
ගෙදරට අඳින ඒවයි සේරම එක ගොඩේ..
අනේ මන්දා බට්ටි ..

එහෙම තමා හලෝ…
අපරාදෙනෙ ඇඳුම් තට්ටු දෙක තුනක් නාස්ති කරන්නෙ…😋

ඕවා මෙයාට කියලා වැඩක් නෑ ලොක්කි…
නැන්දම්මාගෙන් ,මනුස්සයාගෙන් ගුටියක් කාලම හැදෙයි මෙයා….

ආ…..
එහෙමද ආස……😛
අනේ නිකං යනවා පොඩ්ඩි යන්න..
මම එයාලව මගේ විදියට හදාගන්නවා…

හා….
හිතං ඇති.
බලමුකෝ..
අපිත් ඉඳියිනෙ එදාට….

ඔව් ඔව් …
ඉඳියි තමා…
බලනවාකෝ…
කිය කිය බට්ටි ඇඳුනුත් අරන් කාමරෙන් එළියට ගියේ දිවත් දාලා පොඩ්ඩිට ඇද කරලා..

මේ …
පොඩ්ඩි..
අද බට්ටි සතුටින් නේද..
අර පහුගිය ටිකේ තිබ්බ තෝන්තු ගතිය නෑ නේද…

ඔව් ලොක්කි මාත් කියන්න හිටියෙ..
අද බට්ටි වාහනේක ආවෙ..
මම ඇහුවම කිව්වා තේජාන් අයියා කියලා..
අපි නිසල් අයියට කියමුද තේජාන් අයියමද ආවෙ අහන්න කියලා…
මට හිතුණෙ බට්ටි අර කොල්ලා එක්ක ඇවිත් බොරුවක් කිව්වද කියලා…..

ම්ම්ම් ….
හරි ⁣
පොඩ්ඩි යන්නකො ඇඟ හොදගන්න
මම නිසල්ට කතා කරන්නම්…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජාන් බට්ටිව දාලා ගෙදර ගියේ හරිම සතුටින්…

You make me wanna call you in the middle of the night.
You make me wanna hold you ’til the morning light.
You make me wanna love, you make me wanna fall.
You make me wanna surrender my soul.
I know this is a feeling that I just can’t fight.
You’re the first and last thing on my mind.
You make me wanna love, you make me wanna fall.
You make me wanna surrender my soul.

තේජාන් වැඩ්යෙන්ම ආස කරන ඉංග්‍රීසි සිංදුවක් මුමණමින්
ඇඳ උඩට වෙලා හිටියෙ බට්ටි එක්ක ගෙවුණ ඒ ආදරණීය මතකයන් අතර සැරිසරමින්….

අනුහස් තමන්ගෙ කාම⁣රේ ඉඳන් ඔෆිස් එකේ වැඩක් ඉවර කරලා ආවෙ දෙන්නම නිදියන තේජාන්ගෙ කාමරේට…
ඒ තේජාන් එක්ක ටිකක් කතා කරලා මේ දවස් වල විඳවන ප්‍රශ්නෙ මොකද්ද කියලා දැනගන්න….
ඒත් ඒද්දි ඇහුනෙ තේජාන් සිංදුවක් කියනවා…

අයියා….
මොකෝ happy එකේ…

ම්ම්ම් …
එහෙම නෑ බං…
නිකං ..

බොරු එපා අයියා….
කියනවාකො…
පහුගිය ටිකේ බේබද්දා වෙලා හිටියා…
අද ෆුල් හැපි…

එහෙම තමා ඉතිං…
දන්නැද්ද…

උඹ අද මාර වෙනස් බං අයියේ..
වෙනදා හිටපු මුලක්ගාය අතේ තියන් ඉන්න තේජාන් නම් නෙමේ….
එක නෙමේ…
මේ මට කියන්න දෙයක් තියෙනවා අයියා…
මට කෙල්ලෙක් සෙට් වුණා…
මම කැමති විදියෙම…
හැබැයි අයියා නම් කැමති නැති වෙයි…

ඒ මොකෝ මම අකමැති…

අයියාගෙ විදියට නම් ගොඩේ, තර්ඩ් ක්ලාස් කෙල්ලෙක්….

පලයං බං යන්න..
උඹත් මට කැපිල්ල දානවා නේද දැං…
අම්මලා වගේම….
මටත් කියන්න දෙයක් තියේ..

ඒ මොකද්ද..

මටත් හිත ගියා උඹ කිව්ව විදියෙ කෙලේලෙක්ට…
ප්‍රශ්නෙ දැන් මට විෂ්ට
ඒක කියාගන්න බෑ….

අයියා…
Are u serious …??

ඔව් බං ඔව්….

තේජාන් සූරියආරච්චිමද මේ කතා කරන්නේ…
මොකද්ද බං අයියෙ වුණේ…
මේ විපර්යාසෙට හේතුව මොකද්ද…

මගේ චුටි බෝම්බෙ …😍😍

අයියා…ආ…ආ……
චූටි බෝම්බෙ …
හරිනෙ..
එදා බිව්ව දවසෙත් කිව්වා ..
මම අහන්නමයි හිටියෙ…
කවුද ඒ..

ම්ම්ම් ..මගෙ බට්ටිච්චි
හිත පොඩි එකෙක්ගෙ වගේ ලාමක,
ඒත් කටින් ගමකට උණත් තනියෙන් ගහන්න ලෑස්ති ,
චූටි චූටි අහිංසක ආශාවන්ගෙන් පිරුණ…
පුංචිම පුංචි කෙල්ලෙක්…
තාම අවුරුදු 20යි….

හපොයී…
අයියේ…
එතකොට උඹ අයියා..
නෑණන්ඩි නංගි බබානෙ බං…
මගේ සුරංගනාවිටත් වඩා බාලයිනෙ..
එයාට 22යි

හරි හරි..
ඒ වුණාට උඹ නංගි කියන්න ලෑස්ති වෙන්නෙපා…
නම වත් කියපං…

මොකද්ද චූටි බෝම්බෙ ද
😜😄😜😄😜

නෑ නෑ….
ඒක කියන්නෙ මම විතරයි
නම පස්සෙ කියන්නම්කො….

අයියෙ විෂ්මි අක්කට මොකද කියන්නෙ..
රණවීර කාරයා නම් ලේසි නෑ අයියේ…
එදා අප්පච්චි එක්ක කතා කලෙත් දැන් මේක කෙරිලා ඉවර ගානට..

ඒක තමා බං ප්‍රශ්නෙ….

මොකක් හරි කරලා ඉක්මනින් විසඳුමක් හොයාගන්න අයියා…
විෂ්මි අක්කිත් කෙල්ලෙක්නෙ..
ඒක ⁣එච්චර හොඳවැඩක් නෙමේ hopes දීලා මෙහෙම වෙන් වෙන එක..

ඔව් බං…
මම මේ පැටලිලා ඉන්නෙ…
මට මගේ බෝම්බෙ නිසා
දැං තමයි බං ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ….
මෙච්චර කල් මම මොනවද කළේ කියලා හි⁣තෙනවා…

මොනවා වුණත් නෑණා පොඩ්ඩ සුපිරි වගේ.
අපේ අයියණ්ඩිව පොළවට බස්සලා ..

😊😊😊😊

එවිටම තේජාන්ගේ ෆෝන් එක ring වුණා…

කවුද මේ වෙලාවෙ..
කියමින් ෆෝන් එක අරන් බලද්දි තේජාන්ගෙ මූණට ආවෙ හිනාවක්..

ආ…
ආ….
අයියෙ එහෙනම් පළවෙනි වතාවට මලක් කඩාගනිංකො..
මම පහළට යනවා..
එනවා ඉක්මනට කන්න…
කියමින් අනුහස් යන්න ගියා…

හෙලෝ…

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Good night යාළුවනේ …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *