මිහිදුම් සිහින…..25

25 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

පෙර කොටසට…
https://m.facebook.com/story.php…
දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

තේජාන්ට පොඩි හිනාවක් ආවෙ ඇමතුම නිසල්ගෙන් නිසා….
වෙඩින් එකේ වැඩකට කොහෙ හරි යන්න වෙන්න ඇති කියලා හිතුණා…
එහෙනම් බට්ටිව දකින්න ෆ්‍රී චාන්ස්
එකක්නේ….

හෙලෝ මචං කියපං…
කොහෙද යන්න ඕන..

අඩෝ..
තේජාන්
කොහෙ හරි යන්න විතරද බං මම කතා කරන්නෙ…

හරි බං වෙඩින් එක ළඟයිනෙ.
වැඩ ඇතිනෙ සෑහෙන්න
ඒකයි ඇහුවෙ…

නෑ බං මේ නිකී කතා කරලා ඇහුවා
හවස චූටි නංගි ආවෙ උඹ එක්කද කියලා

ආ…
මේ…
ඔ..ඔව්.
බං..
මම දැකලා එක්ක ගියා…
හවස් වෙලා නිසා…
ඇයි මොකද්ද කේස් එක…

දන්නවානේ බං බට්ටි එහෙම කාත් එක්කවත් යන එන කෙල්ලෙක් නෙමෙයිනෙ..
අනික බං ඒකි උඹ එක්ක මළනෙ…
නිකී බය වෙලා කවදාවත් නැතුව වාහනේක ආවාම..
අැහුවම කිව්වලු උඹ කියලා..
ශුවර් කරගන්න කතා කලේ…
උඹ නම් අවුලක් නෑ…

ආ.. මම තමා බං…
ඇයි බං අවුලක්ද එහෙම එක්ක ගිය එක

උවුල ඒක නෙමේ බං…
බට්ටි හරි අමුතුයි අනිත් දෙන්නටම වඩා…
හිත නම් සුපිරි…
ඒත් කෙල්ලෙක් වුණාට බං කෙල්ලො ආස සුරංගනා ලෝක වලට ඒකි ආස නෑ
වෙන එකක් තියා බං කසාද බඳින්න,LOVE කරන්නවත් ආස නෑ…
හැබැයි ළඟදි ඉඳන් ටිකක් වෙනසක් දැනෙනවලු..

තේජාන්ට කට කොණින් හිනා ගියේ…
එහෙනම් මගෙ බෝම්බෙ මටයි මුලින්ම ආදරේ වෙලා තියෙන්නෙ…
ඒකත් ගල් කරගෙන හිටපු හිතක් උණු වෙලා..
නරකම නෑ…
ඒ ආද⁣රේ කවදාවත් මම නැති කරගන්නෙ නෑ…

එහෙමද නිසල්…
හරි බං ඉතිං එහෙනම් නිකිණි නංගි සතුටු වෙන්නෙපැයි..
බඳින්නෙ නෑ කියපු කෙල්ල වෙනස්
වෙලා නම්..

සතුටුයි තමයි බං..
ඒත් බයයිනෙ කාට අහුවෙයිද කියලා

අනේ නිකං පලයං බං යන්න..
නිකිණි උඹට අහු වුණාට
මිතුණි හොයා ගනියි එල කොල්ලෙක්
බලපං මම කිව්වෙ බොරුද කියලා..

හරි හරි…
එහෙම වුණොත් මමයි නිකී තමා වැඩියෙන්ම සතුටු වෙන්නෙ. .
හරි බං එහෙනම් තියන්නම්…
උඹට වෙඩින් ඩේට් එක මතකනේ…
5වෙනිදා ඈ…
28 වරෙං ෆයිනල් ෆිටෝන් එකට යන්න…
උඹ කරන උදව් නිසා වාහන වලට යන වියදම සෑහෙන්න ඉතුරුයි බං…
Thank කරන්න වචන මදි බං..

පලයං බං යන්න..
උඹ නැත්නම් මම තාම exam ,ලිය ලිය කැම්පස් එකේ…
අප්පච්චිගෙ සල්ලිත් නාස්ති කර කර…
එහෙනම් බං good night
මම එන්නම් 28
වෙඩිං කාර් එකත් මං ගානෙ..
අප්පච්චිගෙ කාර් එක ඉල්ලුවා මම එදාට..
මගෙ වාහනේ සෙට් වෙන්නෙ නෑනේ…

හරි බං
Good night ….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අම්මා….
අම්මා…
කෝ බට්ටි…

තිළිණ ගෙදර ආවෙම යකා ඔළුවටම
නැගලා….

ඇයි පුතේ මේ..
මොකෝ බට්ටිව හොයන්නෙ..
තුන්දෙනාම ඇති කාමරේට වෙලා…..

එන්න කියන්න බට්ටිට…

බට්ටි..
පුතේ අන්න අයියා කතා කරනවා…

බට්ටිට බය හිතුණා …
අයියා එහෙම කතා කරන කෙනෙක් නෙමෙයිනෙ…
ගෙදර ආවා කෑවා බිව්වා TV බලනවා නම් බැලුවා නිදාගත්තා…
තාත්තයි අයියයි දෙන්නම රස්සාව කරනවා විතරයි…
ගෙදර අය එක්ක රැඳෙනවා අඩුයි…

ඇයි අම්මා….
බට්ටි ලොක්කියි, පොඩ්ඩියි දිහාත් බැලුවෙ
යමුකො මා එක්ක කියන්න වගේ…

මම දන්නෙ කොහොමද…
ගිහිං බලපං…
අයියානෙ කතා කළේ…

***************
අයියේ..
කතා කළාද..

බට්ටි කෑම මේසෙ ඉඳගෙන හිටපු තිළිණට කතා කළේ ටිකක් ඈතින් ඉඳන්…
බට්ටි ගෙදරින්ම බය එකම ජීවියා තමා
තිළිණ….😨

මෙහෙ එනවා…
ඉඳගන්නවා මේ පුටුවෙන්….

තිළිණ ඉඳන් හිටපු තැනට ඉස්සරහ පුටුව දක්වමින් කිව්වෙ…

බට්ටි ගිහින් ඉඳගත්තා….
අම්මයි, පොඩ්ඩියි ලොක්කියිත් දොර ළඟට වෙලා හිටියා…

අද තමුන් කොහෙද ගියේ…

ලෙක්චර්ස් ..

කීයටද ඉවර වුණේ…

5ට…

එතකොට ආවෙ මොකේද…

…………..
බට්ටි මොකුත් කිව්වෙ නෑ..

බට්ටි..
මම දෙයක් ඇහුවා ..
කියනවා ඉතිං..
තිළිණ සැර වුණා…

මම ආවෙ නිසල් අයියාගෙ යාළුවෙක් එක්ක
එයාගෙ වාහනේ..

ලොක්කි මෙහෙ එනවා ..
කවුද මේ කියන යාළුවා..
ඇත්තද මේ කියන්නෙ

ඔව් මල්ලි..
මම නිසල්ට කතා කළා…
මේ අපේ වෙඩින් එකේ වැඩ වලට උදව් කරන්න එනවා තේජාන් කියලා නිසල්ගෙ යාළුවෙක්..
එයා දැකලා හවස් වෙලා නිසා ගෙනත් දාලා
බට්ටි කිව්වා ආව ගමන්…

ඔව් පුතේ..
මාත් දන්නවා ඒ දරුවව..
දවසක් කෑමත් කාලා ගියේ මෙහෙන්..
බට්ටි ආව ගමන් කිව්වා…

හ්ම්ම් …
ඒත් අම්මා දන්නවද
මට කිව්ව එකා නම් කිව්වෙ මේකි කොල්ලෙක් එක්ක ජෝඩු දාලා ආවා කියලා..
බස් එකෙනුත් බැහැලා…

බට්ටි ගැස්සුණා. .
තේජාන් ඉණෙන් අල්ලගෙන බස් එකෙන් බැස්සුවෙ…
වාහනේ ළඟට එනකනුත් එහෙමනෙ ආවෙ

අයියෝ…
ඉතිං අයියෙ…
මම ඒ අයියා එක්ක එද්දි ජෝඩුවක් තමා…😜

බට්ටි…
විහිළු නෙමේ..
තැන තැන නටන්න ලෑස්ති වෙන්නෙපා..
දෙයක් තියෙනවා නම් කෙලින්ම ගෙදරට එන්න කියනවා..
මම තමුසෙලා තුන්දෙනාට මෙච්චරකල් වචනයක් අහන්න නොදී පරිස්සම් කලේ…
ලොක්කි වගේ ගෙදරට කියලා පිළිවෙලට කරන දෙයක්
එහෙන් මෙහෙන් ආරංචි වෙන්න
තියන්නෙපා…
පොඩ්ඩිටත් එක්කයි කියන්නේ…
මාව නරක මිනිහා කරගන්නෙපා…
මම කැමති නෑ තමුසෙලා කාටවත් කවුරුත් වචනයක් කියනවට..
මම මගේ යාළුවෙක් වත් ගෙදරට ගේන්නෙ නෑනේ..
ඒ තමුසෙලා නිසා…
බට්ටි…
ආයෙම එහෙම එන්නෙපා දන්න කෙනෙක් වුණත් ..
දකින මිනිස්සු වැරදියට බලන්නෙ…
කොල්ලෙක් එක්ක එනකොට..
තේරුණාද….

පොඩ්ඩිත් ටිකක් බය වුණා….
ඒත් අායෙ සර් මාව එක්ක එන්නෙ නෑ කිව්වානේ…
වෙලාවට

හරි අයියේ…

හ්ම්ම් …
යනවලා යනවලා..
තුන්දෙනාගෙ හචා මළු ටික දිගඇරගන්න..
🙂

තුන් දෙනාම කාමරේට ඇවිත් තමා හොඳට හුස්ම ගත්තෙ…

අම්මෝ..ලොක්කි
දැක්කද අපේ චණ්ඩියාගෙ මුණ ඒ වෙලේ..
නොණ්ඩියා වගේ හිටියෙ…
😛😜😛

ඒක තමා…
අපිට තමා සේරම ලොකු ලොකු ටෝක්ස්
මල්ලි ළඟ පූස් පැටියා වගේ…

අනේ යනවා යන්න..
ඒ බයට නෙමේ..
ගරුත්වයට හරි..

අනේ අපි නොදන්න ගරුත්වෙ
නේද පොඩ්ඩි

ඒක තමා…
😜

මේ…
ඒක නෙමේ…
පොඩ්ඩි..
කිව්වෙත් නෑ ඉඳුවර ලොක්කට
මොකෝ වුණේ…

මොනා වෙන්නද හලෝ…
එයා යශූටද කොහෙද කැමති..
පොඩ්ඩි දුකෙන් කිව්වා…

ආ…..
ඒ මොකද්ද ඒ කතාව…
ඉතිං කොහොමත් තමුසෙට කතා කළේ යාළුවෙක් වෙන්න මිසක් කසාද බඳින්න නෙමෙයිනෙ…
බට්ටිත් ඉතිං කපලාම දානවා….

හරි හරි ඕයි …
ඒ වුණාට ඉතිං කලින් දවසෙ මගෙ bio data එකම ගත්තම, ගෙදර විස්තරත් ඇහුවම
මට හිතුණා ඉතිං..
කැමැත්තක් ඇති කියලා….
එ් වගේ තමා ඉතිං කතා කළේ..

ඉතිං එහෙනම් දැං ඇයි පොඩ්ඩි අවුලෙන්..

අනේ ලොක්කි
ඒකවත් තේරෙන්නෙ නැද්ද..
අපේ පොඩ්ඩි එක්ක කතා කළාට පස්සෙ ඉඳුවර ලොක්කාට හිතෙන්න ඇති
මේ මොන චිං චිං නෝනෙක්ද…
මේක කර ගහ ගත්තොත් මං ඉවරයි කියලා…😜

අනේ මේ…බට්ටී….ඊ….ඊ
මම කිව්වා කියලා හිතාගන්නවා

බෑනෙ…
අනේ මට හිතාගන්න බෑ…
කියනවාකො ඕයි….😋😋😋

බට්ටි..
නවත්තන්න ඕක..
ඇයි පොඩ්ඩි දැන් එහෙම කියන්නෙ..

අද උදේ යද්දි අර මම කියලා තියෙන්නෙ අපි එක්ක කන්න එන තරිඳු….

ඇයි තරිඳුත් තමුසෙට පැණි පෙරනවද
ඇත්තට තමුසෙලාගෙ ඔෆිස් එකේ කෙල්ලො නැද්ද හලෝ..
තමුසෙ විතරද ගෑණු පුළුටකට ඉන්නෙ..😛

බට්ටි…
මම කිව්වා නේද..
ලොක්කි සැර වුණා..
පොඩ්ඩි රවනවා…

හලි හලී..
පොඩ් වීළුවක් අනා කළේ…
ඕකට ඉටිම් එකසිය ගානට රවන්නෙපා බූරියෙ….
ඔවා මගෙ සුදු
නෑ නෑ .
කලු පොඩ්ඩිනෙ…😜

ඔයා කියන්න පොඩ්ඩි…

ඒ තරිඳුවා උදේම චීත්ත කතාවක් කිව්වා..
මම ඉඳුවරව කලින්දා හම්බෙනවා දැකලා
ඒත් ඉඳුවරගෙ වාහනේ අඳුරගෙන නෑ..
ඉඳුවර ළඟදි ආව නිසා වෙන්න ඇති..
ඕකට මම අවුලෙන් ඉන්නවා ඉඳුවර දැකලා
මගෙන් අැහුවම මම කිව්වා..
පස්සෙ කිව්වා ඉතිං
ඒක හරි නෑනෙ නරක නාමයක් ගෑවුණාම එයා බඳින්න ඉන්න කෙනාට වුණත් බලපානවානේ
ඒ නිසා ආයෙ එයාගෙ වාහනේට මාව නග්ගගන්නෙ නෑ කිව්වා..
මිසිස්. සූරියආරච්චිව විතරයි කිව්වා නග්ගගන්නෙ…

සූරියආරච්චි ….??????
බට්ටි ඇහුවා..

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *