මිහිදුම් සිහින…..27

27 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

ලොක්කී…

ඇයි අම්මා…

පුතේ දැන් තව ටික දවසකින් ඔයා නිසල් පුතාගෙ ගෙදර යනවානේ….
එතකොට එහෙ තමා ලොක්කිගෙ ගෙදර..
ඒ නිසා..
ඉවසීමෙන්…
ඒ අම්මටත් ආදරෙන් කීකරුව ඉන්න ඕන තේරුණාද…
නිසල් පුතා එක්කවත්, ඒ අම්මා එක්කවත් කිසිම විදියකින් අමනාප කම් ඇති කරගන්නත් එපා…
ඒ අම්මා සමහර විට නිසල් පුතාට අයිතිවිසිකම් කියාවි උඹ ඉස්සරහ..
මොකද තාත්තත් නැතුව ඒ දරුවා වෙනුවෙන් නැහුන අම්මා කෙනෙක් ඒ…
අද නිසලු පුතා ඉන්න තැන ඒ අම්මට අයිති
ඒ නිසා ගොඩාක් ඉවසීමෙන් වැඩ කරපන් ලොක්කියෙ..
මම දන්නවා පොඩි දෙන්නා වගේ නෙමේ මගෙ ලොක්කිට ඒවා කියා දෙන්න ඕන නෑ කියලා
ඒත අම්මා විදියට මගෙ යුතුකම ඒ ටික කියාදෙන එක….

හරි අම්මා…
මම නිසල්ගෙ අම්මටත් මගෙ අම්මට තරම්ම ආදරෙයි.
නිසල් වගේ හොඳ පුතෙක් හැදුවට ඒ අම්මට මම මට පුළුවන් උපරිමයෙන් සළකනවා අම්මේ…

එහෙම තමා දරුවො ….
හැම වෙලේම
එහෙමම හිතන්න…

අම්මා ලොක්කිට ගොඩාක් දේවල් කිව්වා..
කසාද බඳිනකොට හැම අම්මෙක්ම වගේ තමන්ගෙ දුවට මේ වගේ දේවල් කියන්නෙ කසා⁣ද ජීවිතේට ඇතුල් වුණාට පස්සෙ ඇති වෙන ප්‍රශ්න නවත්තගන්න…

********-********
හෙලෝ නිසල්….

කියන්න නිකී ..
ඇයි කටහඬ වෙනස් වගේ…
ඇඬුවද මගෙ පණ….

අම්මා එක එක ඒවා කිව්වා අනේ…
දුක හිතුණා…

ඒ මොකද….
මොනවද කිව්වෙ..

මම ඔයාලගෙ දිහා යනවානේ තව ටික දවසකින්,
එහෙදි ඉන්න ඕන විදිය කිව්වා…
නංගිලාව, ගෙදර අයව දාලා යන එක මතක් වෙලා ඇඬුනෙ…

අයියෝ ඉතිං මම ඔයාව නංගිලා බලන්න එක්ක නොගිහින් ඉන්නෙ නෑනෙ පණ…
ආ මොකද කියන්නෙ
එහෙනම් වෙඩින් එක cancle කරමුද
ඔයා ඔහෙ ඉන්න මම මෙහෙ ඉන්නම්
හැමදාම..
හාද…

අනේ…
නිසල්..
පිස්සුද

ඉතිං මට මේ අඬ අඬ ඉන්න හොටු කෙල්ලෙක්ව බලෙන් එක්ක යන්න බෑනෙ
ඒකයි…

ඔයා හරි හොඳ නෑ..
මම ඔයා ළඟට එන්න ඇඟිලි ගනිනවා…
ඔයා විකාර කියනවා…

එහෙනම් ඉතිං අඬන්නෙ…
හ්ම්ම් …හ්ම්ම් ..
ළමයාට හරි හදිස්සි වගේ නේද මං ළඟට එන්න ඇඟිලිත් ගනින්නෙ…😉
මං ළඟට ආවම ඉතිං කිස් එකක් දීලා අත අරින්නෙ නෑ මම දැං වගේ….

අපෝ..
යනවා යන්න මැට්ටා..
මං තියනවා….

හහ් හහ්😜😃😂

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

හෙලෝ…
දිගංචියො…
කොහෙද ඉන්නෙ…

මැට්ටි ..
මම ඔෆිස් එකේ….

ඒවා මට අදාළ නෑ..
අද මාව බලන්න ආවෙ නැත්නම් බලාගත්තැකි..😏

ඇයි මගෙ බෝම්බෙ මට මොකද කරන්නෙ ආවෙ නැත්නම්..

ආවෙ නැතනම් නෙ…
ආවෙ නැත්නම් මම …
මොකුත් කරන්නෙ නෑ ඉතිං…
මොනවා කියලා කරන්නද

හහ්😜😃😂 ….
අනේ අනේ….
දැං නිකං කතා කළේ හරියට මගෙ ඔෆිස් එකටම ඇවිත් ගහලා යනවා වගේ…

ඒම තමා…
හලී…
බැරිකමකුත් නෑ…

මේ අහන්නකො…..
අනිද්දාට ෆිටෝන් එකට යන්න එනවානේ මම…
ඒ නිසා එතකල් ඉවසනවද මගෙ බට්ටිච්චි
ම්ම්ම් ..
මට එන්න බෑ බබෝ…
වැඩ ගොඩයි….

හරි ඉතිං..
බැරිනම් කමක් නෑ..
මේ මිස්ට.තේජාන්…
ඔහොම අඬන්නෙපා..
ඒක එච්චර ගැළපෙන්නෙ නෑ ඔයාට..
මොකද ඔයා උද්දච්ච නරියෙකනේ…
ඕම ඕම බෑ…
ඒම ඒම ඉන්න හලිද…
මම කැමති ඒ ආඩම්බරකාර ඔළුච ඉදිමුණ දිගංචියාට හලී…

ආ..
එහෙමද..
එහෙනම් මගෙන් අහගන්නැතුව දැං තියනවා ෆෝන් එක.
මට කෝල් එකක් එනවා….

ඕකේ… මිස්ටර් දිගංචියා …
බා..යි…

⁣පිස්සි…
බායි…

තේජාන් මේ ටිකේම උත්සහ කළේ
විෂ්මි එක්ක කතා කරලා මේක විසඳගන්න..
ඒත් කතා කරන හැම වෙලේකම
විෂ්මි,
තේජාන්ට බට්ටි ගැන කියන්න
බැරි තරමට අනාගතේ ගැන විෂ්මිගෙ හීන ගැන කියවනවා..
එතකොට තේජාන් අතරමං වෙනවා….
මොකද තේජාන් විෂ්මිට තමා මුලින්ම ආදරේ කළේ..
දැන් බට්ටිව තේජාන්ට ඕන වුණත්…
විෂ්මිගෙ හිත රිද්දන්නත් තේජාන් පසුබහිනවා…

කෝල් එක විෂ්ම්ගෙන්…

හේයි තේජ්…
How r u darling ….

Hi, විෂ්…
Im fine…
How about u ..
ඇයි හදිස්සියෙ කෝල් කලේ බබී…

තේජ්…
මමා කිව්වා හෙට රෑට ඩිනර්
වලට outing එකක් arrange කරන්න කියලා
ඔයාලගේ family ,එකත් එක්ක…
කොහෙද බබා හොඳ…..
ඔයාලගේ මමීලාගේ choice එක මම දන්නෙ නෑනෙ ඒකයි..

ම්ම්ම් …..
එහෙම අවුලක් නෑ බබී….
KFC, PIZZA Hut වගේ තැන් නැතුව ඕන
තැනක් …
Sea food නම ගොඩක් හොඳයි…
Ok then, Manhattan ..??

රාජගිරියෙ???

ම්ම්ම් …
වෙනසකටත් එක්ක යමු…
තේජ්…
ඔයා ළඟදි ඉඳන් ටිකක් වෙනස් වගේ….
ඒ ඇයි..

එහෙම නෑ බබී..
ටිකක් බිසී මේ ටිකේ…
එහෙනම් තියන්නද…

Ok honey …
CU Tomorrow ….

විෂ්මි ෆෝන් එක තිබ්බට පස්සෙ තේජාන් කල්පනා කළේ…
මේ ප්‍රශ්නෙ විසඳගන්න විදියක්…
ඩිනර් එකට ගියාම හඳහන් ගැන කියන්න කියලා අම්මිට කියනවා..
බලමු මොකද වෙන්නෙ කියලා….
විෂ්මිගෙ හිත රිද්දන්නත් හිත හදාගන්න අමාරුයි…
බට්ටි නැතව ඉන්න එක ගැන හිතන්නත් බෑ…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තරිණි…
මොකද බං උඹ මේ ටිකේ නිකං දාහට අරන් රුපියලටවත් දීගන්න බැරුව වගේ ඉන්නෙ

එහෙම එකක් නෑ යශූ….
අක්කිගෙ වෙඩින් එක ලඟයි..
දුකයි….

එහෙම තමා බං…
අපිටත් ඉතිං කවදා හරි බැඳලා යන්න වෙනවානේ උපන්දා ඉඳලා හැදුණ තැන දාලා

ඒක නෙමේ යශූ..
තරිඳු අපි එක්ක කන්න එන්නෙත නෑ එදා මම බැන්නට පස්සෙ නේද….

ඇඳුමක් අැඳන් එන්න පුළුවන්ද බං උඹ චීත්තෙ කිව්වට පස්සෙ…
ආවා නම් මමත් නෝන්ඩි කරනවානේ…

පවු මොනවා උණත්..
යාළුකම නැතිවෙයි කියලා මම හිතුවෙ නෑ

ආ….
උඹට දුකද…

නෑ නෑ..
මේ උඹේ හැන්ඩියා මෙකෝ කරන්නෙ…
නැද්ද අප්ඩේට්ස්….

හා..හා….
ඒවා මම බලාගන්නම්..
උඹට වැඩක් නෑ මගෙ හැන්ඩියාගෙ විස්තර…

තරිණිට හිතුණා යශෝධා එහෙම කියන්නෙ
අනුහස් එක්ක මොකක් හරි තියෙන නිසා ක්යලා..
මූණ කළු වුණේ බලං ඉද්ද

මොකෝ බං උඹේ මූණ දෙක වුණේ්….

නෑ ..
පිස්සුද..
මම ඉතිං උඹේ යාළුවා නෙමේනෙ නේද..
මට කියන්නෙවත් නැත්තෙ

මොනාද තරිණි
උඹට පිස්සු හැදීගෙන එනවද….

හරි හරි…
වැඩ කරමු..
නිකං කිව්වෙ…

ළඟදි ඉඳං උඹට මොකක් හරි වෙලා තියෙනවා…
හ්ම්ම් හ්ම්ම් ….
බලමුකෝ…

එහෙම නෑ යශූ….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *