මිහිදුම් සිහින…..30

30 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

නාගෙන ඇවිත් තුන්දෙනා එක්කම කෑම ටික මේසෙටත් ඇරියෙ දන්න ශිල්ප ඔක්කොම ටික දාලා…

අම්මා…
මොකද අද මේ…
කවුරු හරි රෑ කෑමට එනවද..
තිළිණ ඇහුවෙ අද කෙල්ලො තුන්දෙනා ඉව්වෙ කියලා දැන දැන…

අනේ මන්දා පු⁣තේ..
මමත් මේ කල්පනා ක⁣⁣ළේ ඒකම තමා…
මගෙ පොසිලේන් සෙට් එකත් එළියට අරන්…
අම්මති ඉතිං පුතා⁣ එක්කම එකතු වෙලා…

ඔව් ඔව් අද එනවා
මිස්ට කමල් ප්‍රේමතිලක , මිසිස් කමලා වීරසූරිය, මිස් තරිණි ප්‍රේමතිලක & වෙන්ඩ මිසිස් නිකිණි දිසානායක …
ඒ අයට තමා මේ special noodles එක..
මිස්ට.තිළිණට ප්‍රශ්නයක්ද.
බට්ටි ඇහුවෙ කටහඬ ටිකක් වෙනස් කරලා සම්භාවනීය අමුත්තෙක් ගැන විස්තර කරනවා වගේ…

ආ නෑ..
එතකොට මේ නිවේදනය කරන මිස් කවුද
ආ..
මම මිස් බට්ටි…
මිස්ට තිළිණ මම ඔයාටත් ආරාධනා කරනවා බට්ටීස් special noodles එක රස විඳින්න…

අප්පොච්චියේ….
අද මගෙ චූටි කෙල්ලද ඉව්වෙ..
තාත්තා ආවෙ එහෙම අහගෙන..

නෑ නෑ…
පරිප්පු ගඟ සඳහා සමාදර අනුග්‍රහය ලොකු දුවගෙන්…
එතකොට පොල්කුඩු සම්බෝලය සදහා බැතිබර සිතින් දායකත්වය පොඩි දුවගෙන්
රසවත් නූඩ්ල්ස් සහ බිත්තර චූටි දුවගෙන්..😃😜😄

😄හා හා….
අම්මා ටොයිලට් එක එහෙම
හොදලා නේද….😜😛

මිස්ට තිළිණ…😠
ඔයාට ආරාධනා කළේ පවු නිසා…
අකමැති නම් යන්න..

හා හා…
අච්චිඅම්මා..
එනවා ඉතිං ඇවිත් බෙදනවා කාලා බලන්න…
අම්මි තාත්තට කෑම බෙදනකොට තිළිණ බට්ටිට කිව්වා…

නරකම නෑ නේද මල්ලි…
හදිස්සියට නූඩ්ල්ස් ටිකක් වත් කන්න පුළුවන් වෙයිනෙ බඳින කොල්ලට..
ලොක්කි ඇහුවා…

ඒක තමා මාත් හිතුවෙ…
හැබැයි ⁣පොඩ්ඩි..
සම්බෝලෙ මීට වඩා රසට හදන්න තිබ්බා..
😜

අනේ යන්න අයියා…
මේක කොච්චර රසට ඇවිත්ද අනේ..
ඔය තමුසෙත් ගොඩක් දාගෙන කන්නෙ…

හහ් හහ්…
ඒ වුණාට රසම බිත්තරේ..
ඒක බට්ටිනෙ තම්බලා තියෙන්නේ.
නේද තාත්තා…
තිළිණ හොරෙන් බට්ටි දිහා බලන ගමන් ඇහුවෙ…
බට්ටි ඉතිං රවනවා එකසිය ගානට😠😠😠

ගොඩ දවසකින් කට්ටියම මේසෙ ඉඳන් සතුටින් ආහාර ගත්තා…
ඒ නිසා හැමෝම සතුටින් තමා නිදාගන්න ගියේ….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අනුහස් වාහනේ එළවන ගමනුත් තේජාන්ට කිව්වෙ ඉක්මනින් තීරණයක් ගන්න කියලායි…

වැනි වැනී ඉන්න එපා අයියෙ…
කෙල්ලො දෙන්නම පවු…
කෙහොමත් දැනුත් එක්කෙනෙක්ට දුකක් තමා..
ඒත් ඉක්මන් වුණොත් දුක ටිකක් හරි අඩු වෙයිනෙ…

හ්ම්ම් ….
තේජාන් මොකුත්ම කිව්වෙ නැත්තෙ අනුහස් කියන්නෙ ඇත්ත නිසා..

විෂ්මිගෙන් කෝල් එකක් ආවෙ ඒ වෙලාවෙ.

හෙලෝ
කියන්න විෂ්…

තේජ්..
බබා ඔයාගෙ මමාලාට කිව්වා නේද හෙට ඩිනර් එක ගැන

ඔව්
කිව්වා…
මේ මට ඉන්නෙ මමා නෙමේ අම්මි කියලා දවසකුත් කිව්වා අමතකද විෂ්…
තේජාන් ටිකක් ආවේගෙන් ඒක කිව්වෙ..

ඇයි තේජ් ඒකට කේන්ති ගන්නෙ…
මට පුරුදු මමා කියලානේ…
මම ඔයාගෙ අම්මිට එහෙම කතා කරන්නම් ඉතිං..

සොරි විෂ්….
ටිකක් අවුල් වුණා…

Its ok බබා..
ඔයා පාරෙ නේද මට හෝන් සද්දයක් ඇහුණා…

ආ ඔව් මම මල්ලි එක්ක පොඩ්ඩක් එළියට ආවා…
එහෙනම් CU tomorrow
Good night බබී….

Good night තේජ්…
*********

උඹ කෙහොමද බං අයියෙ විෂ්මි අක්කි එක්කත් ඔහොම හුරතල් වෙන්නෙ..
මට හිතාගන්න බෑ…

තේජාන් ෆෝන් එකට රවාගෙන මොනවාදෝ ඔබ ඔබ හිටියා මිසක් කතා කළේ නෑ…
අනුහසුත් ආයෙ මොකුත් කියන්න ගියේ නෑ

තේජාන්ලා ගෙදර එද්දි රණසිංහයි තනූජායි ඉස්තොප්පුවටම වෙලා බලන් හිටියෙ පුතාලා දෙන්නා එනකල්…

ඇවිත් කටිටියම එකතු වෙලා කෑම කන ගමන්
හෙට ඩිනර් අවුට් එක ගැනත් කතා කරගෙන
නිදාගන්න ගියා….

තේජාන්ගෙ හිත ටිකක් සැහැල්ලුයි වගේ…
ඇයි කියලා තෙරෙන්නෙ නෑ…
සමහර විට අනුහස් එක්ක කතා කරපු නිසා වෙන්න ඇති…
බට්ටිගෙ මැසේජි එනවා සැරින් සැරේ…
ඒත් තේජාන් ගණන් ගත්තෙ නෑ….
නිදාගන්න ඇඳට ඇවිත් බැලුවා….

වයිබර් මැසේජ් ගොඩක්..
බට්ටි කෑම මේසෙ ලස්සනට හදලා ගත්ත ෆොටෝ එවලා⁣….
තෙජාන් ඒවා බලලා reply එකක් වත් දැම්මෙ නෑ…
එහෙමම ෆෝන් එක බෙඩ් සයිඩ් කබඩ් එක උඩින් තියලා නිදාගත්තා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බට්ටි උදේ නැගිට්ට ගමන් ෆෝන් එක අරන් බැලුවෙ …
නිදාගන්න යද්දිත් තේජාන් වයිබර් මැසේජ් බලලා තිබ්බෙ නැති නිසා…
Seen කියලා තිබුණත්
Reply නෑ…
බට්ටිට දුක හිතුණා..
ටිකක් නෙමේ මහ ගොඩක්…

“”Good morning””

කියලා විතරක් යවලා
බටටිත් හිතාගත්තා,
එයා එච්චර බිසී නම්…
මම මොකටද පස්සෙන් යන්නෙ..
ආදරෙයි කියලා ඔහොමත් පස්සෙන් වැටෙන්න බෑනෙ….
හෙට එයිනෙ ෆිටෝන් එකට යන්න…
ආවම ගණන් ගන්නෙම නෑ මං..
ඉන්නවාකො හොඳ වැඩක් කරන්න…

බට්ටි වෙනදා වගේම ලෙක්චර්ස් ගියා…

***********-**********
පොඩ්ඩිත් යශූ ගැන වැරදියට හිතාගෙන ඉඳුවරට යවන good morning මැසේජ් එක හිතලම miss කළා..

ඉඳුවර දවල් වෙනකලුත් මැසේජ් එක නැති නිසා පොඩ්ඩි ඉන්න තැනින් පොඩ්ඩිට පේන්න එහෙට මෙහෙට ගියා දෙපාරක් විතර….

එක පාරක් යන කොට යශෝධාත් sample room එක පැත්තට ගිහින් එනවා…
ඉඳුවරට මූණට හම්බුණා..
යශෝධා ඉතිං කෙහොමත් ඉඳුවරට පැනලා දෙන්න ආශාවෙන් බලන් හිටියෙනෙ.
ඉඳුවර හිනා වුණ ගමන්
කතා කළා…

සර්..
හරි ආඩම්බරයි නේද..

ආ…
මිස් කවුද එහෙම කියන්නෙ

නෑ ඉතිං
අනිත් සර්ලා නම් එක්ක කතා කරනවා
සර් ඇවිත් දැන් මාසෙකට කිට්ටුයි අපි එක්ක කතා කරලම නෑනේ….

එහෙම නෑ මිස්…

ආ මම යශෝධා ..
හැමෝම කියන්නෙ යශූ…

මිස් යශෝධා ..
එහෙම එකක් නෑ…
මමත් ඉතිං අලුත් නිසා තාම study කරන ගමන්නෙ වැඩ කරන්නෙ..
ඒ නිසා වැඩ වැඩියි…
එහෙනම් යන්නම් මම මේ දැනුත් වැඩකට යන ගමන්..

කියමින් යන්න හැරෙන ගමන්ම තරිණි දිහා බැලුවා…
තරිණි මුණත් දෙක කරගෙන අනුහස් දිහා බලන් ඉඳලා
අනුහස් බලද්දිම පරිඝණක තිරය දිහා බලාගන්නවා අනුහස් දැක්කා….
අනුහස්ට තේරුණා තරිණි තමන් යශෝධා එක්ක කතා කරපු එකට දුක් වුණා කියලා..

කෙල්ල දැං හිතාගෙන ඉන්නෙ මම වෙන කෙනෙක්ට කැමති කියලානේ
ශුවර් එකටම දැන් තවත් වැරදියට හිතයි.
අර කෙල්ලත් ඇඹරි ඇඹරිනෙ මා එක්ක කතා කළේ…
ෂිට්…
එක්කො කියලා දාන්නත් හිතෙනවා…
අද උදේ මැසේජ් එක දැම්මෙත් නැත්තෙ කෙල්ල අවුලෙන්…
අනුහස් එහෙමම මැසේජ් එකක් දැම්මෙ තරිණිට..

“”මොකද අද morning එක good නැද්ද??””

තරිණි මැසේජ් එක බලලා ගණන් ගත්තෙ නෑ..

ඒ තරිණි…
දැක්කද ඉඳුවර සර් මා එක්ක කතා කළා…
මගෙ නම අහන්න බැරුවලු හිටියෙ මෙච්චර කල්…
ඔයාගෙන්වත් ඇහුවෙ නෑලු අර වැඩේට කතා කරපු වෙලේ වැරදියට හිතලා කතාවක් පැතිරෙන නිසා…

යශෝධාත් එක දෙක කරලා හිතේ තිබ්බ ටික තරිණිට කිව්වෙ
තරිණි ඉඳුවරට ආදරේ බව වත්, ඉදුවර එක්ක මුණගැහැලා කතා කළ බව වත් නොදන්න නිසා….

ඒත් ඒකෙන් වුණේ තරිණිට ඉඳුවර ගැන තිබ්බ බලාබපාරොත්තු බිඳ වැටුන එක
මිසිස් සූරියආරච්චි කියලා ඉඳුවර කිව්වෙ යශොධාට කියලා හිතුණ එක…

ආ එහෙමද..
හරිනෙ එහෙනම්..
යශූටත් සර් එක්ක කතා කරගන්න බැරුවනෙ හිටියෙ…
හිත ඇතුලෙන් ඇඬුම් හිර කරගෙන වෙනසක් නොපෙන්නා කතා කරන්න තරිණි උත්සහ කළා..

ඒත් යශෝධාට වෙනසක් පෙනුණා..
මොකද බං නිකං යකා ගහලා වගේ..
අන්ද බූත වෙලා ඉන්නෙ…

නෑ යශූ..
ඊයෙ හරියට නින්ද ගියෙ නෑ..
ඔළුව රිදෙනවා..
ඒකයි…

පොනඩෝල් බිව්වද

ආ ඔව්…
ඒක හරියයි..

අනුහස්ට කැබින් එකට ගියත් තරිණිගෙ අඬන්න වගේ තිබ්බ මූණ මතක් වුණා..
දැන අනුහස්ට දුකයි..
ඒත් කරගන්න දෙයක් නෑ…
ඔෆිස් එක නිසා මොනවා කරන්නද
හවසට හම්බෙන්නත් බෑ…
අද meeting එකක් තියෙන නිසා..
අනික ආයෙ ගෙදරට කියනකල් වාහනේට නග්ගගන්නත් බෑනෙ….
අනුහස් පඹගාලක පැටලිලා..
බැරිම තැන
ඉන්ටකොම් එකෙන් තරිණිට ගත්තා..

හෙලෝ..
කෙල්ලගෙ කටහඬත් වෙනස් වගේ

මිස් තරිණි…
ඉඳුවර..
මොකක් හරි ෆයිල් එකක් අරන් එන්න කැබින් එකට විනාඩි 5ක් කතා කරන්න ඕන…

තරිණි හිතුවෙ යශොධා ගැන විස්තර අහන්න කියලා….

සර් හදිස්සිද…
පොඩි වැඩක් තියෙනවා ඉවර කරලා එන්නද..

මටත් වඩා important නම් ඒක කරලම එන්න..
කියපු ඉඳුවර ෆෝන් එක කට් කළා..

තරිණිට අමුතුයි..
මොකද්ද ඒ කිව්ව කතාව..
සර්ටත් වඩා important නම්…????🤔🤔🤔

තරිණි එතන තිබ්බ ෆයිල් එකක් අරන් ඉඳුවරගෙ කැබින් එක ළඟට ගියා…

සර්
May i comming..??

එන්න මිස් තරිණි …
ඉඳගන්න..

ඇයි සර්..
තරිණි හිටගෙනම බිම බලාගෙන කතා කළා…

ඉඳගන්නකො ඉතිං..
විනාඩි 5ක් කතා කරන්න ඕන..
ඔෆිස් වැඩක් නම් නෙමේ..
මම මෙහෙම කැමති නෑ..
ඒත් මේ වෙලාවෙ මේක නොකෙළොත් අපි දෙන්නටම අද වැඩක් කරගන්නත් බැරිවෙයි….

තරිණි එකපාරම ඔළුව උස්සලා අනුහස් දිහා බැලුවා..

ඉඳගන්න අනේ..
මගෙ විනාඩි 5 දික් වෙනවා නැත්නම්…
ලස්සනට හිනා වෙලා තරිණිට ඒක කිව්වෙ

තරිණිත් ඉඳගත්තෙ ගොඩක් වෙලා මෙතන ඉන්න තියෙන අකමැත්තට…

ගන්නකො ඔය ෆයිල් එක.
දන්නවානේ නේද CCTV තියෙනවා කියලා..
තරිණි අතේ තිබ්බ ෆයිල් එක ඉල්ලගෙන ඒක පෙරලමින් අනුහස් කතා කළා..

මම දැන් මිස් යශෝධා එක්ක කතා කරනවා දැකලා තරිණි හිතුවා නම්
ඒ තමා මම කිව්ව මිසිස් සූරියආරච්චි කියලා..
ඒක වහාම හිතින් අයින් කරගන්න.
එයා නෙමෙයි. හරිද…
කවදාවත් ඒ වගේ කෙනෙක් මිසිස් සූරියආරච්චි වෙන්නෙත් නෑ.
මම කිව්ව කෙනාව ඔයාට හිතාගන්නත් බෑ..
ඒ නිසා
මිස් යශෝධා ගැන නම් මට ගාවලා හිතන්නවත් එපා හොඳද…
අනික
ඇයි අද උදේ මට good morning මැසේජ් එක දැම්මෙ නැත්තෙ ..
ම්ම්ම් ….
අනිවාර්යයෙන්ම ඒක් ඒවන්නම ඕන හරිද
මම එපා කියනකල්ම එවන්න ඕන..
තේරුණාද..
කියලා තරිණි දිහා බැලුවෙ තරවටු බැල්මකින්…

ඔව් සර්..

මොනවද දැං තේරුණේ…
ම්ම්ම් …🙂

සර් එපා කියනකල්ම good morning මැසේජ් එක එවන්න ඕන…

හහ් හහ්..😄😄
ඒක විතරද…
ඇයි මාව වෙන කෙල්ලො එක්ක පූට්ටු කරලා හිතන්නත් බෑ හරිද..😊

හරි සර්…
මම යන්නද…

හරි..
දැන් හිනා වෙලා ඉන්න ඕන හරිද..
ආ..
කියලා ⁣ෆයිල් එකත් ආපහු දීලා
තරිණි යන දිහා බලන් හිටියෙ ආදරේ පිරුණ ඇස් වලින්…

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *