මිහිදුම් සිහින…..31

31 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
හැබැයි කියවන කට්ටිය අඩු වෙලා වගේ…
ඒ වුණාට හැමදාම මා එක්ක ඉන්න ටික දෙනාට ගොඩාලියක් ආදලේ ඈ…😍
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

තරිණිත් හිත සතුටින් තමා අනුහස්ගෙ කැබින් එකෙන් ආවෙ…

හ්ම්ම් ..
එහෙනම් යශූ කිව්වෙ බොරුද..
නැත්නම් අනුහස් බොරු කියනවද…
නෑ නෑ..
සර් මොකටද විශේෂයෙන් ගෙන්නලා මට බොරුවක් කියන්නෙ…
යශුට කෙහොමත් ටිකක් පිස්සුනෙ…

ඒත් එක්කම තරිණිව හැප්පුණේ තරිඳුගෙ ඇඟේ..
තරිණි, තරිඳු එනවා දැක්කෙ නැතත්
තරිඳු නම් තරිණිව දැක දැකම තමා
හැප්පුණේ….

ආ..
සොරි තරිණි..
කොහෙද මේ හීනෙන් ඇවිදින්නෙ..
ඉඳුවර සර්ගෙ කැබින් එකට ගියාම හීන ලෝකයක් වත් පෙන්නුවද…
තරිඳු ඇහුවෙ හරිම කැත පාච්චල් හිනාවකුත් දාලා..

අනේ මේ තරිඳු…
තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවා…
මම දවසකුත් කිව්වා ..
චීත්ත වැඩමනෙ කරන්නෙ කොල්ලෙක් වුණාට..
මම හීන ලෝකෙ බැරිනම් නින්දෙන් අවිද්දත් තමුන්ට වැඩක් නෑ..
අනික මට කියන තමුනුත් ආවෙ ඇස් කටේ දාගෙනද…
මගේ ඇඟේ හැප්පෙනකල් නොදැක්කෙ..

පුහ්…
මැස්සෙක් ගිය උඩ කිව්වලු..
මම දන්නවා එදා නැගලා ගියේ ඉඳුවර සර්ගෙ වාහනේට කියලා..
කාර් පාක් එකේ තියෙන්නෙ බැබලි බැබලි..
පස්සෙනෙ දැක්කෙ…
ලොකු ලොකු වාහන වල නැගලා ගිහින් අන්තිමට බෙඩ් ජැකට් එකයි චීත්තෙයි අඳින්න වෙන්නෙ කාටද බලමුකො….

තරිණිගෙ හිත ඒ කතාවට ගැස්සුණත්
තරිණිට ඒ සැනින්ම මතක් වුණා තරිඳු එහෙම කියන්නෙ වෙසල් එකක් නිසා මිසක් එදා අනුහස්ව අඳුරගෙන තිබ්බෙ නෑ කියන එක…

අනේ නිකන් යනවා තරිඳු යන්න…
ඇයි ඉඳුවර සර්ට විතරද සුදුපාට වෙසල් එකක් තියෙන්නෙ..
තමුසෙ බලාගද්දි නම්බර් එකත් එක්ක බලාගන්නෙපැයි…
නිකං පද හදන්නැතුව ඉන්නවා හලෝ..
ෂිහ්…
ලැජ්ජයි තරිඳු මෙච්චරකල් තමුන්ව යාළුවෙක් කරගත්තටත්…
අනික වාහනේකට නැග්ග පලියට බෙඩ් ජැකට් අඳින්න වෙනවා නම් බස් එකක යන්නත් බෑනෙ හලෝ…
තමුන් මොන අරමුණකින් මෙහෙම මගෙ පස්සෙ පන්නනවද මම දන්නෙ නෑ….
හැබැයි කොච්චර පැන්නුවත් තමුන්ට මං ගැන කතාවක් හදන්න තරම් දෙයක් නම් හොයාගන්න බැරිවෙයි..
මොකද මම එහෙම කතා හැදෙන වැඩ නොකරන නිසා….
කියලා තරිණි එතනින් යන්න ගියා….

තරිණි ෆයිල් එක මේසෙ උඩට දාලා එහෙමම ගියේ වොෂ් රූම් එකට.

ගිහින් ඉඳුවරට ගත්තා කෝල් එකක්…

ආ..
ඇයි…
කියන්න…
හදිස්සියක් නැත්නම් ටිකකින් ගන්නවද.
ටිකක් බිසී..

ඉඳුවර නම කිව්වෙ නැත්තෙ එවෙලෙ ඉඳුවරගෙ කැබින් එකේ ⁣⁣කෙනෙක් හිටපු නිසා..
ඒත් ආන්ස කලේ මෙතන ඉඳලා ගිය තරිණි කවදාවත් නැතිව කෝල් කරන නිසා….

සර්..
අහගෙන විතරක් ඉන්න.විනාඩි දෙකක් දෙන්න..
සර්ගෙ වාහනේට නැගපු එකයි.
සැරින් සැරෙ සර්ගෙ කැබින් එකට එන එකයි මට ප්‍රශ්නයක් වෙලා…
ඒ නිසා ප්ලීස් සර්
කියන්න දෙයක් තියෙනවා නම් ආයෙ
ෆෝන් එකෙන් කියන්න..
තැන තැන මාව හම්බෙන්න එපා. මට කතාවක් හදාගන්න කොහෙත්ම ඕන කමක් නෑ..
සොරි..

කියලා හිතේ තිබ්බ ආවෙගෙටම එහෙම කියලා කෝල් එක කට් කළා…

අනුහස්ට මොකුත් කියන්න වෙලාවක් තිබ්බෙත් නෑ..
විදියකුත් නෑ…

“”I’ll catch u ltr. “”

කියලා මැසේජ් එකක් ඉක්මනින් සෙන්ඩ් කරපු අනුහස් හිත එකලස් කරන් ආපහු වැඩ කරන්න ගත්තා…

තරිණිටත් හිතට සැහැල්ලුයි…
තරිඳු නිසාත් යශූ නිසාත් ඇති වුණ තරහා අනුහස්ට එහෙම කියලා හරි ඉවරයක් වුණා…

ආ…
මැඩම්…
අපිටත් කොලේ වැහුවා නේද…

තරිණි සීට් එකට එද්දිම
යශෝධා කටත් හද හද කිව්වෙ හොඳකට නෙමේ කියලා තරිණිට දැණුනා…

මොකද්ද ඒ කතාව…
මැඩම්..??

අැයි ඉතිං හොරෙන්ම ඉඳුවර සර්ව දැලේ දාගෙනනෙ…
අපිට ඉස්සරහට මැඩම් කියන්න වෙයිනේ..

පිස්සුද යශූ….
කවුද ඔයාට ඒ ගල් පැලෙන බොරුව කිව්වෙ..

කිව්ව කෙනා අදාළ නෑනෙ..
කතාව ඇත්තනෙ…
මොනවා වුණත් කැතයි හොඳේ…
මටත් හැංගුවා…

දෙයියනේ යශු…
නෑ බං….
මම කොහොමද ඔප්පු කරන්නෙ…
එහෙම මඟුලක් නෑ බං…

එහෙනම් මේ තරිඳුවා කිව්වෙ දැනුත් ඉඳුවර සර්ගෙ කැබින් එකේ හොඳ නැටුමක් දාලා ආවෙ කියලා..
සර්ගෙ වාහනෙත් නැගලා යනවා
දැක්කලු උඹ…

තරිඳු කලින් තරිණි එක්ක තරහින් නොහිටියත්…
අද කිව්ව ඒවත් එක්ක තරිණිව කවදාවත් තරිඳුට දිනාගන්න බෑ කියලා දැණුන නිසා
තරිඳු ගානට ගින්න පත්තු කළා දෙතුන් දෙනෙක්ට. ..

ඇත්තමයි යශූ….
මට තරිඳුව මරන්න පුළුවන් නම් මරණවා..
පිස්සුද බං..
ඉඳුවර සර් මට එහෙම කිසි දෙයක් කියලා නෑ..
ඕන විදියකට දිවුරන්නම්….
කෙල්ල එහෙම කිව්වෙ ඇත්තටම අනුහස් එහෙම දෙයක් කෙල්ලට කියලා නැති නිසා.
අර දවසක් දුන්න analysis එක නිසා යාළුවෙක් වගේ කතා කරනවා කතා කරද්දි.
ඒ ඇරෙන්න වෙන සම්බන්ධයක් නෑ බං..
උඹ දන්නවානේ බං එහෙම තියෙනවා නම්
ට්‍රාන්ස්පෝර්ට් එකේ යන එන මම ..
අඩු තරමෙ ෆෝන් එකෙන් වත් මල් කඩනවා උඹ දැක්කද…

ළඟදි ඉඳන් හිටපු ගමන් උඹටට මැසේජ් එන්නෙ…

යකෝ..
උඹලා හිතන් ඉන්නෙ මට ඉන්න යාළුවො උඹලා විතරයි කියලද…
මට යාළුවෙක් එක්ක කතා කරන්න බැරිද
මට තේරෙන්නෙ නෑ….
හරි බලමුකො..
තරිඳුට පතුරන්න කියන්නකො..
කට්ටියට තේරෙයිනෙ..
මම වරදක් කරලා නෑ..
මම මොකටද ඇඟට ගන්නෙ…

එතකොට බං අර වාහනේ නැගලා ගිය
එක…

යශූ…
ඒ කියන්නෙ අර එදා මම ටවුන් ගිය දවස ගැන.
ඒ වාහනෙත් ඉඳුවර සර්ගෙ වාහනේ වගේලු…
නැතුව මම ඉඳුවර සර් එක්ක යනවා දැකලා නෙමේ තරිඳු කියවන්නෙ.
බොරුනම් අහලා බලපං උගෙන්ම…

තරිණිට ලොකු වේදනාවක් දැණුනා…
අනුහස් එදා කිව්ව කතාව කොච්චර හරිද කියලා තේරුණා..
අනුහස්ට බැන්න එකටත් අවුල්..
ඒත් මොනවා කරන්නද දැං වෙලා ඉවරයි…
අනුහස්ට, කෝල් කලාම මේකත් කියන්න ඕනෙ කියලා හිතගෙන
වැඩ පටන්ගත්තා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

බට්ටි කොච්චර හිතුවත් තෙජාන්ව ගණන් ගන්නෙ නෑ කියලා..
ලෙක්චර්ස් වල ඉද්දිත් මතක් වුණේ
තේජාන්ව….

ඇයි මට තේජ් අයියා මැසේජ් එකක් වත් දාන්නෙ නැත්තෙ….
තේජාන් අයියාගෙ රිටර්න් එක මේකද..
මාව පිස්සෙක් කරලා අත අරින එක…
ගෙදරින් propose කළා කිව්ව එක reject කරන්න බැරි වෙලාද අර නවල් වල වාගේ..
නෑ..නෑ…
මට පිද්සුද ..
මොනාද මේ හිතන්නෙ…
එහෙම නෑ…

සැරින් සැරේ ෆෝන් එක බැලුවත් තේජාන්ගෙන් කිසි ප්‍රතිචාරයක් නෑ…
බට්ටි බැරිම තැන
වයිබර් වලින් ඉඳලා හිටලා ස්ටිකර් එකක් යැව්වා..
ඒවා seen වෙන්නෙවත් නෑ අඩු තරමෙ..
තේජාන්..
හෙට නම් තමුසෙට මම හොඳ පනිෂ්මන්ට් එකක් දෙන එක දෙනවා..
අන්තිමේදි බට්ටි ෆෝන් එක ඕෆ් කළේ ඔන් එකේ තියෙද්දි සැරින් සැරෙ බලන්න හිතෙන නිසා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජාන් බට්ටිගෙන් විතරක් නෙමේ…
විෂ්ගෙන් උදේ ඉඳන් ආව ඇමතුම් පවා මග ඇරියා…

“” I’ll call u when im free. Busy day.
cu in the evening “”

කියලා විෂ්ට මැසේජ් එකක් දැම්මෙ හවස ඩිනර් එකට යන නිසා…

************

තේජාන් 4.30ට විතර
ඔෆිස් එකෙන් ආවෙ
විෂ්මිට කෝල් එකක් ගත්තම එක්ක යන්න එන්න කිව්ව නිසා…

තේජාන්ගෙ ඔළුව යකාගෙ කම්මල වගේ…
බට්ටිද, විෂ්මිද…
විෂ්මිව ඕන තේජාන්ගෙ reputation එකට, social level එක ⁣maintain කරන්න..
බට්ටිව ඕන ජීවත්වෙන්න…
ජීවිතේ විඳින්න…
තේජාන් ඇත්තටම මඩේ හිටවපු ඉන්නක් වගේ…
කිසිම ස්ථීරතාවයක් නෑ…
කෙලින් තීරණයක් ගන්න බෑ….
කවුරුත් ferfect නෑ..
ඒක තේජාන්ට තේරෙන්නෙ නෑ…
තේජාන්ට හැමදේම ඕන…
කැපකිරීමක් කරන්න හිත ලෑස්ති නෑ..

අම්මි..
අප්පච්චි තව ටිකකින් එනවා කිව්වා..
මම කලින් ආවා..
මට ටී එකක් හදලා දෙනවද….

හරි පුතා…
අපි කීයට වගේද යන්නෙ…

මම කලින් යනවා අම්මි..
අප්පච්චි ආවම අම්මි එන්න
මම අප්පච්චිට කිව්වා තැන..

මම ගිහින් විෂ්මිව අරන් එන්නම්..
විෂ්මිගෙ මමාලා වෙන කොහෙද ගිය ගමන් කිව්වා එන්නෙ…
විෂ් ගෙදර ඉන්නෙ..
කියමින්ම තේජාන් පඩිපෙළ නැග්ගා…

හරි පුතා..
මම තේ එක අරන් එන්නම්කො…

තේජාන් බට්ටිගෙ මැසේජ් බැලුවෙ නෑ.
Text එකක් දැම්මා ..

“”බොම්බෙ..
හෙට හම්බෙනවානේ…
එතකොට මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙයි..
ඒ කියන ඒවා ඔයාට අහන් ඉන්න පුළුවන්ද බැරිද කියලා අද රෑ එළිවෙන්න කලින් තීරණය වෙනවා..
මොනවා වුණත් ඒකට මූණ දෙන්න ඔයාට පුළුවන් වෙයි කියලා හිතනවා””

මැසේජ් එක සෙන්ඩ් වුණත් බට්ටිට ආවෙ නෑ…
මොකද තාමත් බට්ටිගෙ ෆෝන් එක ඕෆ්…

තේජාන් විෂ්මිව ගන්න ගෙදරින් ගියේ අම්මලාට ඉක්මනින් එන්න කියලා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අනුහස් වැඩ කළාට තරිණි කිව්ව දේවල් නිසා ගොඩක් අවුලෙන් හිටියෙ….
ඒත් තරිණි වැඩ ඇරිලා යනකල්ම අනුහස්ට අවස්ථාවක් ලැබුණෙ නෑ
ආයෙ තරිණිට කතා කරන්න…
Meeting එක නිසා හවස හම්බෙන්නත් බෑ..
කෙහොම වුණත් තරිණිව එහෙම ආවට ගියාට හම්බෙලා ප්‍රශ්න දැගන්නත් අනුහස් කැමති නෑ…
දැනටමත් ප්‍රශ්නයක් වෙලා කියලා දන්නවා වුණත් ඇත්ත තත්වෙ තාම අනුහස් දන්නෙත් නෑ..
හිතුවෙ තරිණි හිතලා කිව්ව දෙයක් කියලා නැත්නම් යශෝදා විහිළුවක් වත් කරලා ඇති කියලා…
හෙට බලමු කියලා හිත හදාගත්තෙ
කෝල් එකක් ගන්නත් මේ වැඩ ඉවරවෙද්දි රෑ වෙයි..
රෑවෙලා කෝල් ගන්න එකත් හරි නෑ කියලා හිතුණ නිසා..
තරිණි හෙට වැඩට එන්නෙත් නෑ කියන එකත් අනුහස් දන්නෙ නෑ…
තරිණි නිවාඩු වෙඩින් අඳුම් ෆිටෝන් එකට යන්න තියෙන නිසා…

🐣තවත් සිහිනයකින් හමුවෙමු……🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *