මිහිදුම් සිහින…..35

35 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

අම්මි…
කොහොමද දැං …
අනුහස් තනූජා ඇහැරුණ ගමන් ඔළුව අතගාමින් ඇහුවේ…

අනේ පුතේ මගෙ කොල්ලා…
මොකද ලොක් පුතාට …
මාව එක්ක යන්න මගෙ පුතා ළඟට

හා..හා…
අම්මි ..
කලබල වෙන්නෙපා…
අයියාට කිසිම කරදරයක් නෑ…
දැන් සේරම හරි…
අපි යමු අයියව බලන්න..
හැබැයි මගෙ සුදු අම්මි කලබල වෙන්න බෑ.
හරිනෙ…
අයියාගෙ ජීවිතේට කිසිම කරදරයක් නෑ..
ඒත් ඉතිං accident එකක්නෙ..
එහෙන් මෙහෙන plaster දාලා ඇති…
ඒවට කලබල වෙන්න එ⁣හෙම තියාගන්නෙපා හරිද…
අම්මිත් අසනීප වුණාම අපිට අයියවයි අම්මිවයි දෙන්නවම බලාගන්න වෙනවානේ අනේ…
තේරුම්ගන්නකෝ…..😉
අනුහස් අන්තිම ටික කිව්වෙ විහිළුවක් විදියට ඇහැකුත් ගහලා..

හරි හරි…😊
මාව අයියා ළඟට එක්ක යන්නකො මගෙ පිස්සු කොල්ලා….
මම කලබල වෙන්නෙ නෑ…
අනුහස්ටග ඔළුවත් අතගාලා තනූජා කිව්වා…

***********************-*-*****

ඩැඩා…
ප්ලීස් …
අද නම් මට කෙහොම හරි තේජ්ව private hospital එකකට මාරු කරලා ඕන..
මොන විදියෙන් හරි…
මට බෑ මෙහෙම hospital එකට ඕන වෙලාවට තේජ්ව බලන්න යන්න..
මට ඕන වෙලාවක තේජ්ව බලන්න තියෙන්න ඕන…
විෂ්මි සුනන්දගෙ ඇඟේ එල්ලි එල්ලි පොඩ් කාලෙ වගේම තමන්ගෙ අවශ්‍යතාවය කෙහොම හරි කරගන්නයි බලන්නෙ…

දූ..
ඔයා දැක්කානෙ ඊයෙත් මම කතා කරන්න ගිහින් අර පොඩි කොල්ලා මට කතා කරපු හැටි..
අපිට අයිතියක් නෑනෙ තාම තේජාන් ගැන තීරණයක් ගන්න..
රණසිංහලා කරන දෙයක් තමා…
මම කතා කරලා බලන්නකො අදත්..යමුකො මුලින්ම හොස්පිටල් එකට….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බට්ටිට හිතාගන්නත් බෑ…
මොකද්ද කරන්නෙ කියලාවත්…
ඒ තරමට බට්ටිගෙ හිත අසරණ වෙලා…
මම…
මම කෙහොමද එහෙම රැවටුණේ..
තේජාන් අයියේ…
මට දැණුනෙ නෑ මං ළඟ හිටප එක තත්පරයක් වත් ඒ කළේ බොරුවක් කියලා
මම කෙහොමද අයියේ මේක විශ්වාස කරන්නේ…
කොල්ලො කොච්චර මගෙ පස්සෙන් එන්න ඇද්ද..
ඒ කොල්ලන්ට ආයෙ කෙල්ලෙක් පස්සෙන් යද්දි දෙපාරක් හිතන්න වෙන තැනට වැඩ කරපු මට..
කොහොමද මෙහෙම වැරදුණේ…
කවදාවත් ආදරයක් ගැන හිතුණෙ නැති..
කසාද බඳින්න ,දරුවො හදන්න ආස වුණේ නැති මට….
ඇයි තේජාන් අයියා එක්ක ඒ හීන සේරම මවන්න ආස හිතුණෙ…
මම මොකද්ද විශ්වාස කරන්නෙ…
නෑ…
තේජාන් අයියා එපා කිව්වට මම කතා කරන්නම ඕන එක පාරක්…
තේජාන් අයියා එක්ක…
දිගංචියෝ….
මේක ඇත්තටම ඔයාගෙ රිටර්න් එක නම්..
ඒක මේ චූටි කෙල්ලට ගොඩාක් දැණුනා…
ඔයා සාර්තකයි ..
ඇත්තටම මාව ඔයාට තර්ඩ් ක්ලාස් කෙල්ලෙක් විතරයි නම්..
ආයෙ කවදාවත් මේ හිත ⁣කාටවත් හොල්ලන්න බැරි වෙයි…
දිගංචියෝ…
මම ඔයාට ගොඩාක් ආදරෙයි…
කවදාවත් පිටස්තර කාටවත් මීට කලින් නොකරපු, ඉස්සරහටත් නොකරන තරමටම….
ඒත් මම ඔයා පස්සෙ වැටීගෙන එයි කියලා නම්
කවදාවත් හිතන්න එපා..
බලමු….

ඒ…
පොඩ්ඩි ..
බට්ටි..
නැගිටලා ලෑස්ති වෙමු….
7ත් පහු වෙලා..

ලොක්කි ඇඳෙන් නැගිටලා නිසල්ට කෝල් එකක් ගත්තා…

හෙලෝ…
Good morning නිසල්…

Good morning පණ…
ලෑස්ති වුණාද..
බලන්නකො තේජාන්ගෙ ෆොන් එක වැඩ නෑනෙ…
ඊයෙ හවස ගද්දිත් කට් කලා..
Callback කලෙත් නෑ…
ආන් මන්දා…
අද එනවමයි කිව්වා…
ඒත් දැන් ඌට කතා කරගන්න විදියකුත් නෑනෙ…

ඒ ගැන හිතන්නෙපා..
අපි කැබ් එකක් කතා කරගෙන යමු. ඔයා බයික් එකේ මෙහෙට එනවද
නැත්නම්අපි කැබ් එක අරන් ඔහෙට එද්දි ඔයා මගට එනවද…

මෙහෙන් මට ටික දුරනෙ..
ඒ නිසා ඔයාලා එන්න නිකී…

************

බට්ටිගෙ මූණත් එච්චර හරි නෑ…
ඒවගේම පොඩ්ඩිගෙ මූණත් මැලවිලා…

මොකෝ මේ…
දෙන්නම අකමැත්තෙන්ද මගෙ යාළු මනමාලියො වෙන්නෙ ආ..හ්..

පිස්සුද ලොක්කි ..
ඇයි එහෙම අහන්නෙ…
පොඩ්ඩි ඇහුවා

දෙන්නාගෙම මූණ හරි නෑනේ…
ඉක්මනින් ලෑස්ති වෙන්න..
තේජාන් අයියා එන එකක් නෑ කියලා අපිට කැබ් එකක එන්න කිව්වෙ…

ලොක්කි…
ඒ ඇයි..
බට්ටි ගොඩක් කළබල වුණා…

මේ මොකද මේ මෙච්චර කලබලේ..
අපි දන්නෙ නෑ…
ෆෝන් වැඩ නෑ කියන්නෙ…

හ්ම්ම් …
බට්ටි හිතුවෙ මැසේජ් එක දාලා දැන් එන්නෙත් නැත්තෙ කිව්ව සේරම අැත්ත…
එයා මගෙන් පලිගත්තා….
ඒත් මට කවදාවත් ඔයාට වෛර කරන්න බෑ අයියෙ..
මම කාටවත් වෛර කරලත් නෑ මේ වෙනකල්…
මගේ මේ දඟකාර කම් යට තියෙන හිත අයියට අඳුරගන්න බැරි වුණා නම්…
ආයෙ කවුරුත් අඳුරගන්න එකක් නෑ…
මම එහෙම වෙන්න තියන්නෙත් නෑ….
මේ බට්ටි..
තේජාන්ගෙ ආදරේ වෙනුවෙන් හැමදාමත් ඉන්නවා අයියෙ…
මගෙ ආදරේ ඇත්ත නම්පඅයියවම මට ලැබෙයි..

මොකෝ මේ ඒ පාර මනෝ ගහලා..
බට්ටි මට තමුසෙව සැකයි හලෝ..
තේජාන් අයියට තමුසෙ බැල්ම දානවද
ලොක්කි ඇහුවෙ ඇස් කුඩා කරමින්…

නෑ..නෑ..
පිස්සු …

නැත්නම් කමක් නෑ ..
ඒ බට්ටි මතක තියාගන්න තේජාන් කියන්නෙ අපිට අල්ලන්න පුළුවන් දුරක තියෙන අත්තක් නෙමේ…
නිකන් හිත රිද්දගන්න එපා..
ඉන්නවා පොඩ්ඩක් හිමිකාරයා එනකල්…

මේ ලොක්කි…
බලනවාකො හලෝ..
ඉඳුවරගෙ අයියා accident ,වෙලාලු..
පවු නේ…
ඉඳුවර සෑහෙන upset එකේ ඉන්නවා ඇත්තෙ..
මේ…
අපි යමුද හොස්පිටල් ..
වැඩ ටික ඉවර කරලා..
මම අහගන්නම් කොහෙද ඉන්නෙ කියලා..

අප්පේ..
බලන්නකො ලොක්කි අපේ පොඩ්ඩිගෙ බටර්…
මෙකෝ කියන්නෙ යමු නේ..
මටත් ආසයි මේ ඉඳුවර ලොක්කාගෙ මූණ පොඩ්ඩක් බලාගන්න…
අපේ කලුච්චිට රැවටෙන්න තරම් ඌට තියෙන අඩුපාඩුව මොකක්ද බලාගන්න…
ඒක කිටමින්ම බට්ටි එළියට දිව්වෙ පොඩ්ඩි ගහන්න පැනපු නිසා……

පොඩ්ඩි අනුහස්ට කෝල් එකක් ගත්තෙ විස්තර අහන්න…
ඒත් අනුහස් මේ වෙද්දිත් hospital යන ගමන් හිටියෙ…
ඒ නිසා ආන්ස කලේ නෑ..

“”Good morning, කරදරයක් නැත්නම්
සර්ගෙ අයියා මොන හොස්පිටල් එකේද ඉන්නෙ කියලා text එකක් දාන්න…”

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අනුහස්, තනුජාත් රණසිංහත් එක්ක ⁣hospital එකට එනකොටත් රෂ්මිලා ඇවිත්.

සුනන්ද හිටියෙ ඩොක්ට එක්ක කතා කරනගමන්..

අනුහස්ට තේරුණා ඊ⁣යෙ ඉඳන්ම වලි කෑවේ private ගෙනියන්නනෙ…
අපි නැති ටිකට ඩොක්ට එක්ක එක තමා කතා කරගන්න ඇත්තෙ කියලා…

අප්පච්චි ..
ප්ලීස් ..
අයියා normal වෙනකල් තියලා එක්ක යමු කොහෙට ගියත්..

හරි පුතා..
කලබල නොවී ඉන්නකො..
ලොකු පුතා තාම අපේ…
සුනන්දට අයිතියක් නෑ පුතා වෙනුවෙන් තීරණ ගන්න..

ඩොක්ට..
Good morning
අපේ පුතාගෙ තත්වෙ කොහාමද මේ වෙද්දි

මිස්ට. සූරියආරච්චි ..
අපි හිතපු තරම් වත් ප්‍රශ්නයක් නෑ..
අනිවාර්යයෙන්ම සිහිය එයි 12 පහුවෙන්න කලින්….
ඔක්කොම නෝමල්…
ඇඟපතේ අමුරුව තියෙයි ටිකක් දවස් යනකල්…
අනික internal ඩැමේජ් එකට ට්‍රීට් කරපු නිසා 2weeks විතර බෙඩ් රෙස්ට් කළා නම් හරි..
හෙට ගෙදර යන්නත් පුළුවන් වෙයි..
Reports සේරම නෝමල්…
මම මේ මිස්ට.රණවීර ට කිව්වෙ ඒකයි දැන් private අරන් යන්න හදන එක නිකං අපරාදෙ …..

Thank you ඩොක්ට..
Thank you very much …
Private ගෙනියන්න ඕන නෑ..
හෙට ගෙදරම එක්ක යමු..
නේද සුනන්ද..

විෂ්මිගේත් සුනන්දගේත් මූණු ඇකිලෙද්දි ⁣රණසිංහ කිව්වා….

එහෙම කරමු ..
දූ..

ක දවසනෙ…

හරි එහෙනම් මට වෝඩ් එකට යන්න ඕන..
පේෂන්ට්ව තව ටිකකින් වෝඩ් එකට දානවා…
කියමින් ඩොක්ට එතනින් ගියා..

අම්මි..
අපි ඉඳගෙන ඉමු අයියාව වෝඩ් එකට දානකල්…
තනූජාව එක්කගෙන අසල බංකුවක් වෙත ගිය අනුහස් ෆෝන් එක බැලුවා…

තරිණි ..
⁣ඔයා එන්නද අහන්නෙ..
ම්ම්ම් …
මම මොකද අම්මිට කියන්නේ..
අම්මිට කිව්වෙත් නෑනෙ තාම ඔයා ගැන
මේ කලබල අස්සෙ…
කමක් නෑ අම්මිට කියමු
එහෙම හිතමින්ම තරිණිට මැසේජ් එකක් දැම්මා..

“”Genaral hospital””

අම්මි…
මේ.
සමහර විට අයියව බලන්න අපේ ඔෆිස් එකේ ගෑණු ළමයෙක් එයි ..
මම අම්මිට පස්සෙ විස්තර කියන්නම්කො හරිද…
අයියාගෙ කටයුතු තීරණයක් වුණාට පස්සෙ මම කියන්න හිටයෙ…
අම්මි..ඒ ළමයා මගෙ යාළුවෙක් විතරයි තාම…
අම්මිලාට කියලම කතා කරන්න හිතුවෙ..
ඒ නිසා ආවොත් කලබල නොවී ඉන්නකො හරිද මගෙ සුදු අම්මියෝ …

තනූජා හිනා වුණා විතරයි…
මේ වෙලාවෙ තේජාන්ගෙ සිහිය විතරයි හිතේ තියෙන්නෙ..
මොනවා වුණත් තමන්ව කුළුඳුලේ අම්මා කෙනෙක් කරපු දරුවට අම්මලාගෙ හිත් කොහොමත් බැඳීම වැඩියි…

අර ඊයෙ පෑලියගොඩ accident වෙලා ගෙනාපු පේෂන්ට්ගෙ කට්ටිය ඉන්නවද..
නර්ස් කෙනෙක් ඇවිත් ඇහුවෙ ඒ වෙලාවෙ

ඔව් මිසී…
තනූජාට ඉබේම උන් තැනින් නැගිට්ටුණා..

වෝඩ් එකට දැම්මා ..
තාම සිහිය නම් නෑ…
දෙන්නා දෙන්නා වගේ ඇවිත් බලලා යන්න
මේ වෙලාව ලෙඩ්ඩු බලන්න දෙන්නෙ නෑනෙ..
ඒ නිසා ඔක්කෙමෙ එකට එන්නෙපා..

කියපු නර්ස් යන්න හැරුණා..

විෂ්මි ඉක්මනින් යන්න ආවත් සුනන්ද විෂ්මිව අල්ලගත්තා..
දුව..
තේජාන්ගෙ අම්මා තාත්තට යන්න දෙන්න මුලින්..
අපි ඊළඟට යමු..

අනේ ඩැඩා..
ඒ වුණාට තේජ්ව බලන්න ඕන මට..

හරි…
හරි..
තේජාන්ගෙ අම්මලා ආවම යමු..
මුරණ්ඩු වෙන්නෙපා…
ඔයාට වඩා අමාරුවෙන් ඒ අම්මලා ඉන්නෙ. ඔයාට මොනවා හරි වුණොත් මමාටයි මටයි කලින් තේජාන්ට ඔයාව බලන්න අපි වුණත් ඉඩ දෙයිද..
තේරුම්ගන්න දූ…
ඔයා ඔහොම විකාර කළොත් තේජාන්ගෙ අම්මලාට ඔයා ගැන පැහැදීමක් නැති වෙනවා…

ඒවා මට වැඩක් නෑ…
කෙහොමත් මමයි තේජානුයි මෙහෙ ඉන්නෙ නෑනෙ..
අපි මැරි කරලා ස්විස් යනවා..
හඃ😠😠
සුනන්දටත් ගස්සලා විෂ්මි අහක බලාගෙන හිටගත්තෙ…
තනූජා එක්ක රණසිංහ වෝඩ් එකට යද්දි..
අනුහස් නැවතුණා…
විෂ්මි තරහෙන් ගස්සනවා
අනුහස් දැක්කා…

හඃ😏 …වෙලාවකට
මට නම් දිරවන්නෙම නෑ
මේ විෂ්මි අක්කිව…
අයියට වගේම මූලක්ගායද කොහෙද..
මරුවට තියෙයි දෙන්නා බැඳලා එකපාර දෙන්නටම තද වුණාම…😄

*******************
මූණෙ තැන් කීහිපයක් , නළල, අත් වලත් තැන් කිහිපයක
පොඩි පොඩි ප්ලාස්ටර් දාලා තිබුණ තේජාන්ව දකපු ගමන්ම තනූජා සැනසුම් සුසුම් හෙලුවේ
මෙතෙක් වේලා හිතේ හොල්මන් කරපු බය තුරන් කරගනිමින්….

මගේ දරුවා..
තුරුණුවන්ගෙම සරණින් මේ විදියට බේරලා දුන්නට ඔබ වහන්සෙට ගොඩාක් පිං….
මගෙ පුතා…
ඉක්මනින් මේ ඇස් දෙකත් අරින්න
අම්මිට කතා කරන්න…

තනූ..
යමු නේ ..
දැන් හිතට හොඳයිනේ..
අපි ⁣⁣12ට ආවම ළඟ ඉමු…
දැන් ඉන්න එක හොඳ නෑනෙ මේ වෙලාවෙ

තනුජා රණසිංහ එක්ක ආවම විෂ්මි සුනන්ද එක්ක ගිහින් ආපහු ආවෙ සැහෙන වෙලාවක් ඉඳලා..
අඬ අඬමයි..
අනුහසුත් ඉක්මනින් ගිහින් අයියා ඉන්න තත්වෙ බලලා ආයෙම ආවා…

කට්ටියම හොස්පිටල් එකෙන් ආවෙ වාහනේට වෙලා ඉඳලා 12ට ආපහු යන්න..

🐣තවත් සිහිනයකින් හමුවෙමු ….

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *