මිහිදුම් සිහින…..39

39 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

අනුහස්ට ඔළුව විකාර වෙලා වගේ..
අනේ තරිණි..
මම කියන් දේ ඇයි ඔයා ඇහුවෙ නැත්තෙ..
මම මෙච්චර කාලෙකට ආදරේ කරපු එකම කෙනා ඔයයි තරිණි….
ෂිහ්…
මම මොකද කරන්නෙ….
Hospital යන එකත් පස්සට දාපු
අනුහස් කාමරේ පුරා එහෙට මෙහෙට යමින් කොණ්ඩෙත් අවුල කර කර කල්පනා කළේ මේ මොකක්ද වුණේ කියලා…

අම්මී…
අම්මී……
අනුහස් පහළට ඇහෙන්නම කෑගැහුවා….

මොකද දරුවො..
කවදාවත් නැතුව…
තනූජා බය වුණේ අනුහස් එහෙම කෑගහන කෙනෙක් නෙමේ නිසා….

අම්මි…
මෙතනින් ඉඳගන්න..
කෝ අප්පච්චි …
අම්මාව ඇඳ කෙළවර ඉන්දන ගමන් අනුහස් ඇහුවෙ …

අප්පච්චි නිදා ගත්තා පුතේ…
ඊ⁣යෙ රෑම නින්දක් නෑ නේ….

හ්ම්ම් …
අම්මි…
ඔයා ආයෙ කලබල වෙලා ලෙඩ වෙන්නෙ නෑ කියලා මට promise වෙන්න…
අනුහස් ඇඳ උඩ දිගා වෙලා අම්මාගෙ ඔඩොක්කුවෙන් ඔළුව තියාගෙන කිව්වා..

කියන්න පුතේ…
මම එහෙම කලබල වෙන්නෙ නෑ…
ඊයෙ ඉතිං අයියට මොකද වත් නොදන්න නිසානෙ…

අම්මි…
අයියා කරපු කැත වැඩක් නිසා මට මගේ ආදරේ නැති වෙන්න යන්නෙ…

ආ…
ඒ මොකද්ද ඒ කතාව…
මට හරියට කියන්න බලන්න…
අනුහස්ගෙ කෙස් අතරින් ඇඟිලි යවන ගමන් යන්තම් හිනා වෙලා තනූජා කිව්වා

අම්මි…
අද අර ආවෙ…
අපේ ඔෆිස් එකේ වැඩ කරන girl…
අන්න එයා..
මම අම්මිට කියන්න හිටියෙ අයියාගෙ වැඩේ හරියට තීරණයක් වුණාම…
ඒත් අම්මි බලන්න
මම ඒ girl ට ආදරෙයි කියන්නත් කලින්ම අයියා නිසා එයා මා එක්ක තරහ වුණා…
අනුහස් පොඩි එකෙක් තමන්ගෙ ටීචර්ට ගතු කියනවා වගේ කියද්දි
තනුජාට හිනාත් යන්න ආවා…

අනුහස් එහෙම කියන්නෙත් තනූජා කලබල වෙයි කියලා හිතලා…

ඇයි..
දැං අයියා මොකද කළේ…

අර ඒ ආව චූටිම girlව මතකද…
රෝස පාට ටොප් එකක් ඇඳලා හිටියෙ..

ඔව් ..ඉතිං..

එයා තමා මිතුණි…
අයියා විෂ්මි අක්කිව එපා කිව්වෙ එයා නිසා

ඒ මොන පටලැවිල්ලක්ද පුතේ ඒ…

ඒක තමා අම්මි…
මම දන්නෙත් දැන් තරිණි කතා කරලා මට බැන්නම…
අයියා ඒක කරේ ඒ නංගි එක්ක දවසක් වෙච්ච රණ්ඩුවකට පලිගන්න කියලාලු ඒ නංගිට කිව්වෙ…
ඒ නංගි ගොඩක් අවුල් වෙලා…
අනුහස් P&S එකේ ඉඳන් වෙච්ච දේවල් සේරම තරිණි කිව්ව විදියට තනූජාට කිව්වා….

පුතා..
අයියා කරපු වැඩේ හොඳ වැඩක් නම් නෙමේ…
විෂ්මිව මැරි කරන්න කතා කරලා
ඒ පොඩි කෙල්ලට විහිළුවට හරි එහෙම කරපු එක අපරාධයක්…

විහිළුවක් කියලා මම හිතන්නෙ නෑ
අම්මා..
අයියා අසරණ වුණා..
විෂ්මි අක්කිව අත අරින්න අම්මිලාට කියලා උදව් ගන්නනෙ ඊයෙ ගියෙත්..
මට හිතෙන්නෙ ඒ නංගිට අයියා එක්ක තරහක් ඇති කරවන්න එහෙම කිව්වා කියලා…

කෙහොම වුණත් දැන් ඒ ළමයා විඳවනවා ඇතිනෙ පුතේ…
මට ඒ දරුවව මුණ ගස්සන්න බැරිද…
අපි කතා කරලා හිත හදමු…
ඔයාගෙ ආදරේත් ඉල්ලගමු..😊😊
කෙල්ලට මම නම් කැමතියි ඔන්න..
හරිම සිරියාවන්තයි..
ඒ වගේම හොඳට හැදුණ දරුවෙක් කියලා දැක්ක ගමන් පේනවා….

අම්මි…
මගෙත් හඳහන් බලනවාද….
එහෙනම් ආදරේ කියන්න කලින්ම බලවන්න අම්මි..
මට බෑ ආදරේ දීලා ආයෙ ගන්න..

අපි මොකද දැං කරන්නෙ…
4.30 යි වෙලාව….
ඒ දරුවො කොහෙද ඉන්නෙ…
තනූජා ඇහුවා..

අත්තනගල්ලෙ..
පැය එකහාමාරක් යයි යන්න..
යමුද..

ම්ම්ම් …
එහෙම හරි නෑ පුතා..
හවස වැඩ්යි වගේ…
මට කෝල් එකක් අරන් දෙන්න
මම කතා කරන්න

බෑ අම්මි..
එයා තරහාට ෆෝන් ඕෆ් කරගෙන…

හරි හරි..
බය වෙන්නෙපා…
ඔයාගෙ ප්‍රශ්නෙ මම විසඳලා දෙන්නම්..
ඒත් ඉතිං පොඩි දරුවාට වෙච්ච අසාධාරණේ නිසා තමා බය…

මම තිරිණිට ගන්නම්කො අම්මා…
දැන් යන්නම් hospital…

ඕවා හිත හිත යන්නැතුව පරිස්සමින් යන්න හරිද..
මම කුසුමාට කියලා කෑම හැදෙව්වා…
දෙන්නම කන්න..
අයියාගෙ ඇඳුම් ටිකත් අරන් යන්න මතක් කරලා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

යසයි අක්කලා නංගිලා තුන්දෙනාගෙ
හොර වැඩ…..
මට හිතුණා බට්ටි මේ ටිකේම හෝන්දු මාන්දු වෙලා ඉදදි…
ඉඳපල්ලාකො අද ⁣පොඩි එකයි තාත්තායි එනකල්…

අනේ අම්මා..
අයියෝ..
මෙහෙ එන්නකො…
ඇයි අම්මා එහෙම..
අපි තුන්දෙනා මෙච්චර කල් වැරදි දෙයක් කරලා තියෙනවද ඔයාලට ලැජ්ජා වෙන විදියට…
මේක මේ පොඩි ප්‍රශ්නයක්නෙ අම්මා..
ඇයි නිකන් මල්ලිට කියලා මේ නැති ප්‍රශ්න ඇති කරන්නෙ…

නැති ප්‍රශ්න නෙමෙයිනෙ..
ලොක්කියෙ..
දැන් ප්‍රශ්නයක් තියෙනවානේ…..
කොල්ලා මට කිව්වා එදා බට්ටි අර නිසල් පුතාගෙ යාළුවා එක්ක ආව දවසෙ උඹලා කිව්වට වඩා දෙයක් වෙලා තියෙනවා කියලා…
ජෝඩු දාලා බස් එකෙන් බහිද්දි කොල්ලාගෙ යාළුවෙක් දැකලා තිබ්බෙ…
ඒත් මම කිව්වා වැරදිලා වෙන්න ඇති කියලා..
දැන් බැලුවම අපිටනෙ වැරදිලා තියෙන්නෙ

අම්මා…
ඇයි ඔයත් එහෙම හිතන්නෙ…
අපේ වයස අම්මත් පහු කළනේ අම්මේ…
මේක තාත්තලාට කියන්නෙපා..
මගෙ සුදු අම්මානේ…
මම ⁣ළඟදි ගෙදරින් යන්න ඉන්න නිසාවත් මගෙ ඉල්ලීමට ඉඩ දෙන්න අම්මා..
ආයෙ ප්‍රශ්න නෑ…
බට්ටි ආයෙ අඬන්නෙත් නෑ…
නේද බට්ටි….

අනේ ඔව් අම්මා..
මට සමාවෙන්න..
මං නිසා අක්කලාටත් අයියාගෙන් බැනුමු අස්සවන්නෙපා….
අම්මාටවත් අපේ පවුලටවත් ලැජ්ජ වෙන කිසිම දෙයක් අපි කරන්නෙ නෑ….

බට්ටි තේජාන්ට දවසක් බැනලා අම්මේ කිසල් එක්ක මෙහෙ එන්න කලින්..
දන්නවානෙ පේ බට්ටිගෙ හැටි..
ඉතිං ඒ තරහට තේජාන් අයියා බට්ටිට බයිට් එකක් දීලා..
එකට බට්ටි අහු වෙලා..
එච්චරයි අම්මා…
අයියට කියන්න දෙයක් නෑ…
පොඩ්ඩිත් කිව්වා….

අනේ මන්දා…
උඹලා තුන්දෙනාව ඇහැ වගේ ආරක්ෂා කරන්නෙ තාත්තටයි මටයි වඩා අර කොල්ලා…
ඌව අමාරුවෙ දාන නැඩ එහෙම කරනවා නෙමේ..
දන්නවානේ කොල්ලාට කේන්ති ගියාම
තැන නොතැන,කවුද කින්ද මන්ද බලන්නෙ නෑ…
උඹලව අඬවලා යනකල් ඌ බලං ඉන්නෙ නෑ මොන තරම් ජගතෙක් වුණත්….
මම අදට උඹලගෙ වචනෙ විශ්වාස කරන්නම්…
බට්ටි..
ආයෙ එහෙම මනස්ගාත ඔළුවට අරන් විකාර නටන්න ලෑස්ති වෙන්නෙපා…
තුන්දෙනා එක්ක එනවා මට ඉඳි ආප්ප තම්බන්න උදව් කරන්න…

ආ..
අද ඉඳිආප්පද..
ශෝක් ශෝක්..
යමුනේ බට්ටි..
අදත් සිංදුවක් හදමු
ඉඳි ආප්ප රෙසිපි එකට..
නූඩ්ල්ස් එකට වගේ…
බට්ටිව අතින් අදිමින් පොඩ්ඩි කිව්වා…
පරිප්පු එකටයි සම්බෝලෙටයි already සිංදු තියෙනවානේ…😜

පරිප්පු නෙමේ..
අද මාළු කිරි හොදි…🙂
යමු යමු..
අම්මාත් එහෙම කියලා ගියේ
මොනවා වුණත් කෙල්ලො තුන්දෙනාගෙ සහෝදර ප්‍රේමය ගැන ආඩම්බරෙන්..
අද කාගෙ ගොඩක් අක්කලා නංගිලා මෙහෙම නෑනේ…

බට්ටිත් අක්කලා දෙන්නා නිසා තමන්ගෙ රිදුණ හිත එළියට එන්න නොදෙන්න තමන්ටම ගිවිසුම් දුන්නා…
මොකද දැන් බට්ටි පොඩි හරි දුකකින් හිටියොත් අම්මා වුණත් සිද්දිය දන්න නිසා ප්‍රශ්නයක් වෙන්න ඉඩ කඩ වැඩියි…
අක්කලාටත් තමන් නිසා නිරපරාදේ බැනුමු අහන්න වෙයි…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පහුවදා තරිණි වැඩට යන්න බෑ කියලා කෝල් එකක් දාලා ගෙදර නැවතුණා…
බට්ටි ලෙක්චර්ස් ගියේත් නෑ…
තුන්දෙනා එක්කම ගෙදර හිටියා…
10ට විතර…
ලොක්කි මල් පැළ වලට සාත්තු කරද්දි..
පොඩ්ඩි පොතක් කියව කියව හිටයෙ
අඹ ගහ යට බංකුවෙ ඉඳගෙන…
බට්ටි නම් ⁣වෙනමම කල්පනාවක පේර ගහේ දෙබලට නැගලා ඉඳගෙන
කකුල් පද්ද පද්ද හිටියෙ…

බට්ටිගෙ කල්පනාව බිඳුනෙ වාහනයක් ගේට්ටුව ළඟ හෝන කරපු සද්දෙට….

🐣තවත් සිහිනයකින් හමුවෙමු ….

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *