මිහිදුම් සිහින…..41

41 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

අනුහස්ගෙත් තරිණිගෙත් අතර තිබූ අමනාපය නැති වුණත්…
අනුහස්ට ආදරෙයි කියන්න නම් තරිණිට හිතුණෙ නෑ…
දෙන්නා කතා කළා..
අනුහස් වුණත් ආයෙ ආදරේ ගැන කියන්න ගියේ නෑ..
තරිණිටම හිතිලා කැමැත්ත දෙනකල්..

තරිණිගෙ අම්මා විහාරා..
තාත්තාටත් තිළිණටත් කිව්වා තරිණිට විවාහ යෝජනාවක් තේජාන්ගෙ මල්ලිගෙන් ආව බව…
තාත්තා ඒ ගැන වරදක් නොදුටුවත්..
තිළිණගෙ වැඩි කැමැත්තක් දකින්න ලැබුණෙ නෑ…..

බට්ටිත් හරියට වචනක් නොදුන්න එකේ ටිකක් ඉවසන්නකෝ අම්මා…
මම ටිකක් හොයලා බලන්නම්කෝ….
කියලා තිළිණ කිව්වා…

තරිණිට ඔෆිස් එකේදී අනුහස් ගැන කියලා යශෝධා ඇතුළු පිරිස එහෙන් මෙහෙන් ඇනුම්පද කිව්වත්..
තරිණි ඒ දේවල් උපේක්ෂාවෙන් බාරගත්තා මිසක් එ්වට උත්තර දෙන්න ගියේ නෑ…
ඒ ඕප දූප වලටත් වැඩි අයුෂ නැති වුණේ
අනුහස්ගෙත් තරිණිගෙත් කතා බහ ගෙදර ඉන්න වෙලාවට පමණක් සීමා කරගෙන ඔෆිස් එකෙදී සාමාන්‍ය පරිදිම ඉන්න තරම් ඔවුන් බුද්ධිමත් වුණ නිසා…

තේජාන් නිවසට වී විවේක ගත්තේ වෛද්‍යවරුන් ,
ඔහුගේ අභ්‍යන්තර ලේ ගැලීම වලට ප්‍රතිකාර කරපු නිසා ඇඳටම වී ඉන්න නියම කරපු බැවින්…
විෂ්මි නිතරම තේජාන් ළඟට වෙලා ඉඳිමින් ඔහුගේ සුවදුක් බැලුවා….

ලොක්කී නිසල්ට කතා කරලා තේජාන් වෙනුවට වෙන කෙනෙක් කතා කරගන්න
පුළුවන්ද කියලා බලන්න කිව්වේ
තේජාන්ගෙ අනතුර ගැන කියලා…
නිසල් වුණත් ඒක අනුමත කළා..

ලොක්කිගේ විවාහයට තව ඇත්තේ දවස් 6ක් නිසා ..
ගෙදර කලබල ස්වභාවයක් තමා තිබුණේ..
බට්ටිත් ලොක්කි එක්කම ගෙදර හිට්යෙ පොඩ්ඩිට එහෙම නිවාඩු ගැනීමේ හැකියාවක් නෑති නිසා….

බට්ටි තේජාන ගැන අමතක කරපු
විදියටම හැසිරුණත්..
මහ රෑ තනියම අඬපු වෙලාවල් ඕන තරම් තිබුණා…
ඒත් ළඟින්ම හිටපු අක්කලා දෙනනටවත් ඒක දැනෙන්න නොදී ඉන්න බට්ටි පරිස්සම් වුණා..
තේජාන්ට වෛර කරන්න කොච්චර උත්සහ කළත්..
බට්ටිට ඒක කරන්න බැරි වුණා…

මේ විදියට දවස් ගෙවිලා…
හෙට තමයි ලොක්කිගේ විවාහය….

ලොක්කි…
මේ..
තමුසෙට මොනවද ඕයි දැනෙන්නෙ…
අම්මෙ ඉතිං..
හෙට මේ වෙලාව වෙද්දි අපේ ලොක්කි
පැණි හඳේ නේද ඈ….
බට්ටි ලොක්කිට විහිළු කරන්න ගත්තෙ රෑ නිදාගන්න ගිහින්…

අනේ මේ..
යනවා යන්න මැට්ටි…
පොඩිකමටද ..
ලොක්කි බට්ටිට කොට්ටෙකින් ගැහුවා…

බට්ටිත් ගැහුවා…
ඒක වැදුණෙ මැද්දෙ හිටපු පොඩ්ඩිට..

මෝඩි..
ඉන්නවා මාත් එනකල්..

තුන්දෙනාම කොට්ට වලින් කෑ ගහමින් ගහ ගත්තා අම්මා ඇවිත් බැන වදිනකල්ම

මොකද මේ..
හෙට පාන්දර ඇහැරෙන්නත් ඕන නේද ලොක්කියෙ…
අනේ ඉතිං හෙට ඉඳන් මගෙ ලොක්කි මෙහෙ නෑනේ…
ඇස් වල කඳුළු පුරවගෙන අම්මා ඇවිත් ඇඳ කොනින් ඉඳගත්තා..

අනේ අම්මා….
ලොක්කිගෙත් ඇස් වල කඳුළු පිරුණා..
එහෙමම අම්මාගෙ උරහිස් වටා අත් යවලා අම්මාව තුරුල් කරගත්තා…

බට්ටියි පොඩ්ඩිත් එහෙමම ඇදිලා ඇවිත් අම්මාවයි ලොක්කිවයි බදාගෙන හතරදෙනාම ඇස් වල කඳුළු පුරවගෙන ටික වෙලාවක් එකට තුරුල් වෙලා හිටියා…

හා හා…
දැං ඇති …
Imotional සීන් ඉවරයි…
ලොක්කිගෙ තරු ඇස් දෙක හෙට මැලවිලා තිබ්බොත වැඩක් නෑනෙ…
අනික හෙට හවසට ලොක්කි යද්දි අඬන්නත් කඳුළු ඉතුරු කරගන්න අනේ…
ඉවර වුනොත් එහෙම…
කට්ටිය බලයි අපිට දුක නැද්ද කියලා..
බට්ටි කඳුළු පිහදාගෙන කට්ටියවම හිනැස්සුවා….

හලි හලි දැන් මේ මහ තැනත් ගිහින් දොය්යගන්න..
Girls night එකට දැන් ඔයාව හරියන්නෙ නෑ අනේ…

අම්මා හිනා වෙවී තුන්දෙනාගෙම ඔළුව අතගාලා යන්න ගියා…

ලොක්කි..
ඇත්තට දුකයි හලෝ..
හැබැයි ඍගඊට වඩා හැපි නේද පොඩ්ඩි..
බට්ටි හරි බරි ගැහිලා ඉඳගෙන කෙට්ටෙකුත් උකුලට අරන් කිව්වා…

ඒ මොකෝ හැපි…
අක්කාගෙ වෙඩිම නිසාද..
බට්ටිත් ඇඳ විට්ටමට හේත්තු වෙමින් කිව්වෙ…

ඇයි අනේ…
තමුසෙ මෙච්චරකල් අමාරුවෙන් ඇඳවල් දෙක එකතුවෙන දාරෙ අස්සට වැටිලා නිදාගත්ත එක හෙට ඉඳන් නැවැතුවහැකිනෙ…
⁣අපි දෙන්නා ෂපාන් එකෙ ඇඳවල් දෙකේ දොයියමු..😜😄

ලොක්කිටයි පොඩ්ඩිටයි හිනා ගියා..😄😄

අනේ පිස්සු කතා කියන්නෙපා මොඩි..
මම කොහෙද දාරෙ අස්සෙ නිදාගත්තෙ…

හලි අනේ…
ඒම කියලා ලොක්කිව අවුස්සනවාකො හලෝ…
මේ ඒක නෙමේ..
ලොක්කි හෙට මාර ලස්සනට ඉඳියි නේද..
මම නම් ආස going away ලෙහෙඟා එකට
ඒක පට්ට…
👌👌👌👌👌

හ්ම්ම් ….
මට දුකයි අනේ…
ආයෙ ඉතිං මගෙ බට්ටිච්චියි, පොඩ්ඩියි එක්ක මෙහෙම විකාර කරන්න නෑනේ..

ඒ වුණාට නිසල් අයියා එක්ක වෙනම විකාර ටිකක් තියෙනවානේ….😊😉😋
නේද පොඩ්ඩී …..

හා හා..
නිදාගමු..
තව ටික වෙලාවකින් ආයෙ
ඇහැරෙන්නත් ඕන…

තුන්දෙනාම වෙනදා වගේ නෙමේ..
එකට තුරුල් වෙලා නිදාගත්තා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

පාන්දරම ආව රූපලාවණ්‍යය ශිල්පිනිය විසින් අක්කා නගෝලා තුන්දෙනාව හැඩගැන්නුවේ….
අම්මා තාත්තාගෙ විතරක් නෙමේ….
තිළිණගෙ පවා ඇහැට කඳුලක් එක් වෙන විදියට…

ලොක්කි මුතු පබළු වලින් වැඩ දැමූ සුදු පැහැති ඔසරියෙන් උඩරට මනාලියක් විදියට සැරසෙද්දි…
පොඩ්ඩිත් බට්ටිත් ලා දම් පැහැති ඔසරියෙන් සැරසිලා හිටියා…
ලොක්කිට තැල්ල තියද්දි..
අම්මාගෙ ඇස්වල තිබ්බේ ආඩම්බරයක්..
⁣ගෑණු දරුවෙක්ව හොඳට හදලා..
උස්මහත් කරලා…
දවසක මනමාලියක් විදියට
ගෙයින් පිට කරන කොට මොන අම්මාට වුණත් අහිංසක ආඩම්බරයක් තමා තියෙන්නේ…
චායාරූප ශිල්පියා ඒ අවස්ථා හරි අපූරුවට කැමරා කාචයේ සටහන් කරගත්තා…

ටිකකින් චාරිත්‍ර විදියට මල් පොකුරු දෙන්න යාළු මනමාලයින් පැමිණියා….
ගෙයි සාලෙ මැද ලොක්කිත් පොඩ්ඩිත් බට්ටිත් පිළිවෙලින් හිටගත්තේ චායාරූප ශිල්පියාගේ මග පෙන්වීමට..

ඉදිර් දොරින් ඇතුල් වෙන
යාළු මනමාලයින් දෙදෙනා දුටු අක්කා නගෝලා තුන්දෙනාගෙම
ඇස් ලොකු වුණා….

තිළිණගෙ ඇස නම් හීනි වුණා..
ලොක්කි ඔයා දැනගෙන හිට්යද..
පොඩ්ඩි හොරෙන් ඇහුවා…
බට්ටි නම් සතුටින් ඉපිලෙමින් හිටියෙ…

නෑ…
අනේ..
මම විසල්ට කිව්වා …

හරි මුලින්ම
මනමාලිට මල් පොකුර දෙන්න
චායාරූප ශිල්පියා කිව්වා..

මල් පොකුර අරන් ලස්සන හිනාවකුත් එක්ක ලොක්කි ළඟට ආවේ…

🐣තවත් සිහිනයකින් හමුවෙමු …. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *