මිහිදුම් සිහින…..42

42 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
කට්ටියක් හරියට ⁣කිව්වා කවුද ආවෙ කියලා..
ඒ අයට විතරයි wedding cake.😉😋
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

එදා අනුහස් බට්ටිලාගෙ ගෙදර ආව සිද්දිය තේජාන් දැනගත්තෙ
ඉස්පිරිතාලෙන් ගෙදර ආවටත් පස්සේ..

ලොකු පුතා..
විෂ්මි දුවත් එක්ක කතා කරගෙන පුළුවන් ඉක්මනින් වෙඩින් එකට ලෑස්ති වෙන්න…

ඇයි අම්මි මේ හදිස්සියෙ ….

ලොකු පුතා..
ඔයා කරලා තියෙන්නෙ එච්චර හොඳ වැඩක් නෙමේ…
අර මිතුණී කියන දරුවගේ හැඟීම් සෙල්ලමට අරන්…
මල්ලිව තරිණි දුවට යෝජනා කරලා ආවෙ මම ගිහින්…
ඒ නිසා…
ඒක සිද්ද වෙන්න කලින් පුතා යන්න ඕන..
මම මෙහෙම කියන්න වෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ ….
එත් ඔයාගෙ නාහෙට නාහන වැඩ නිසා ඔයාගෙ මල්ලිගෙ සතුටත් නැති කරන්න ලෑස්ති වෙන්නෙපා…
මල්ලිගෙයි ඒ දුවගෙයි හඳහන් වුණත් ගැළපෙනවා…
මං ගිය වෙලේ ඉල්ලගන ආවෙ හඳහන..ඔයාලගෙ හඳහන් දෙතැනකින් බලවලාත් කිව්වෙ එකම දේ….
ඒත් පුතා ඒක ගණන් ගන්නෙ නැත්නම් කමක් නෑ…
බැන්දාට පස්සෙ රට යන එක ඒ අපල වලටත් හොඳයිලුනේ…..

තේජාන්ගෙ පපුවට පිහියකින් අනිනවා වගේ දැනුණා …
මල්ලි තරිණිව බඳිනවා කියන්නෙ මට චූටි බෝම්බෙ දිහා බල බල ජීවිත කාලෙම විඳවන්න වෙනවා…

අම්මි…
ඒ මගුල නොකර ඉන්න…
මම යන්නෙ නෑ කොහෙවත්…
එක පාරම ආව වේදනාව, තරහා, තේජාන් එහෙමම පිට කළා….

පුතා..
ඔයා ඇයි ඔච්චරම හිතක් පපුවක් නැති කෙනෙක් වුණේ…
එක අතකින් අපිත් මේවට වග කියන්න ඕන…
ඔයාට ඕන විදියට නටන්න දුන්නෙ අපි…
සල්ලි වල බලය අතට දුන්නෙ අපි…
තනූජාගේ ඇහෙන් කඳුලක් වැටුණා…

තේජාන් ඒ දිහා තත්පර කිහිපයක් බලන් ඉඳලා යන්න ගියා…

**********
තේජාන්ට
නිසල්ගෙන් කෝල් එකක් ආවේ ඒ වෙලාවෙ

හෙලෝ නිසල්…
මචං..
බය වෙන්නෙපා මම වෙඩින් එකට එනවා

නෑ බං මම ගත්තෙ උඹට මහන්සි වෙන්න හොඳ නැති එකේ…
නළලෙ තුවාලෙකුත් තියෙන එකේ ..
වෙන එකෙක්ව ගන්න කියලා…

පිස්සු හැදිලද..
මම එන්නම ඕන..
අප්පච්චිගෙ කාර් එකත් අරන් මම අනිද්දට එනවාමයි…
මගෙ කිට් එක එවපං අපේ ගෙදරට..
කාගෙ හරි අතේ…
නැත්නම් මම මල්ලිව යවලා එතනින් ගන්නම්..

හරි බං…
මම උඹේ හොඳට කිව්වෙ..
මම ගෙදරට කිට් එක එවන්නම් මගෙ අනිත් යාළුවා අතේ…
එහෙනම් තිබ්බා..
පරිස්සමින් ඉඳපං එහෙනම්….

බායි මචං..

තේජාන් ෆෝන් එක තියලා හිතුවෙ අම්මා කිව්ව දේවල් වගේම…
තමන් මේ වෙනකල් කියපු කරපු දේවල් ගැන….
තේජාන් තීරණයක් ගත්තා….

ඔව් …
මම එහෙම කරනවා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ලොක්කි ළඟට ලස්සන හිනාවක් එක්ක ආවෙ අනුහස්….

අක්කි….
ඔන්න මමයි ආවෙ මල් පොකුර අරන්..
නංගිගෙ කැමැත්ත අරන් දෙනවද මට …😉

අනුහස් හිනාවෙමින්ම මල් පොකුර දෙන ගමන් ලොක්කිට එහෙම කිව්වා…
ලොක්කිගේ මුවේ ඇඳුන ඒ අව්‍යාජ හිනාව හරි අපුරුවට කැමරා කාච වල සටහන් වුණා….

අනුහස්, පොඩ්ඩිගේ මල් පොකුර දෙන ගමන් ම ඒ සියුමැලි ඇඟිලි තුඩු ස්පර්ශ කළේ………
පොඩ්ඩිව හිරිවට්ටමින්…
අනුහස්ගේත් පොඩ්ඩිගේත් ඒ ආදරණිය බැල්මත් හරි ලස්සනට කැමරාකරු හසු කර ගත්තා…

මේ සේරම දිහා බට්ටි බලන් හිටියේ හදවතින්ම හිනා වෙමින් නමුත්…
කඳුළු හිත පතුලෙම සඟවමින්…
අශේන් මල් පොකුර අරන් බට්ටි ළඟට ආවෙ ඇහැකුත් ගහන ගමන්…

ආ..
කොච්චි කරල.
අද දවසම මාත් එක්ක කොකු දාගන්න එහෙම බලා පොරොත්තුවක් නෑ නේද…
කියලා බට්ටිට විතරක් ඇහෙන්න කියන ගමන් මල් පොකුර දුන්නා…
බට්ටි අශේන්ට රවමින්ම මල් පොකුර ගන්නවා තමා කැමරාවේ සටහන් වුණේ…

කෑම මේසෙත් ඉඳුල් කරලා…
අම්මා තාත්තාට වැඳලා ..
ඒ අවස්ථා වගේම තවත් විවිධ චායාරූප කිහිපයක් අරන්..
අනුහස්ලා ගියාට පස්සෙ..
තිළිණ යාළුවෙක්ගෙන් අරන් ආපු කාර් එකට නැගලා අක්කා නගෝලා තුන්දෙනා පිටත් වුණේ
ෆොටෝ ෂූට් එකට යන්න….

නිසල්, අනුහස්, අශේන් ඇන්දෙ කෝට් කිට් එක..
මුල් ඇඳුම අඳින්න ආස වුනේ නෑ නිසල්…
අශේන්ගේ විහිළු තහළු නිසා ෆෝටෝ වලට බලෙන් හිනා වෙන්න නම් ඕන වුණේ නෑ…
ඒත් වෙනදා වගේ නෙමේ…
බට්ටි නම් නිහඬයි…
පොඩ්ඩිටත් ලොක්කිටත් ඒක හොඳින් දැනුණත් මේ වෙලාවෙ ඒ දෙනන්ටත් කරන්න දෙයක් නෑ..
ෆෝටෝ වලට නම් කට පුරා හිනා වෙලා බට්ටි හිටයෙ ඇත්තටම ලොක්කිට තියෙන ආදරේ නිසා….
ගම්පහ මල් වත්තෙ වගේම..
ගුවන් පාලම උඩත් ..
ලස්සන අවස්ථාව රාශියක් කැමරාවට හසු කරගත් පිරිස කිරිබත්ගොඩ පිහිටි උත්සව ශාලාවට යන්න පිටත් වුණේ පෝරුව චාරිත්‍ර වලට වෙලාවට එතන ඉන්න ඕන නිසා…

වාහන වලට නගින්න යද්දි තමා බට්ටි දැක්කේ නිසල් ආව අවුඩි කාර් එකට හේත්තු වෙලා ඉන්න තේජාන්ව….

බට්ටිගෙ හදවත නැවතුණා වගේ….
සුදු ෂර්ට් එකට කෝට් එකත් දාලා කැෂුවල් ටයිප් එකට ඇඳලා හිටපු තෙජාන් අද ඇත්තටම තවත් කඩවසම්….
එත් බට්ටි ඉක්මනින් බිම බලාගෙන එයාලා ආව ප්‍රියස් එක ළඟට ගියා..
යද්දි තිළිණ හිටියෙ ඈත තියාම
ගිණි පිටවෙන දෑසින් තේජාන් දිහා බලාගෙන….

අයියා…
කාර් එක ගමු අර හරියට අක්කිට නගින්න.ෆොටෝ අරන් ඉවරයි…
බට්ටි කිසි ප්‍රශ්නයක් නැති ගානට තිළිණට කතා කළේ
තේජාන් දිහා කේන්තියෙන් බලනවා දැක දැකමයි…

තිළිණත් කාර් එකට නැග්ගේ…
මේ කිසි දේකට වෙලාව නොවන නිසයි…

*************

තේජාන් තීරණය කලේ අනුහස්ව යවන්න…
ඒ වගේම විෂ්මි එක්ක ඉක්මනින් මේ රටින් යන්න….
තමන්ට නැති වුණ සතුට මල්ලිටත් නැති වෙන්න දෙන්න බෑ…
කියලා තේජාන් හිතුවා…
ඒ වගේම වෙඩින් එකට තේජාන් එන්නෙ නෑ කියලා හිතුවත්…
තේජාන්ට බට්ටිව දකින්න ආස හිතුණා…
පුංචි මනාලියක් විදියට…..
මනමාලිය තරමට නැතත්…
යහළු මනමාලියන්ද එදාට පුංචි මනාලියෝ වගේනේ හැඩ ගන්වන්නේ…

අනුහස්ගෙ වෙඩින් එකට වත් ලංකාවෙ ඉන්න තේජාන්ගෙ බලාපොරොත්තුවක් නෑ
පුළුවන් ඉක්මනින් යන්නයි දැන් තේජාන් හිතාගෙන ඉන්නෙ…
තමුන්ට කවද⁣ම හරි විඳවන්න වෙයි කියලත් තේජාන් දන්නවා….
තමුන්ගෙ නොහික්මුණ හිත නිසා අද පොඩ් කෙල්ලෙක් විඳවනවා…
බට්ටිගෙ ඇස් දෙක දැකපු තේජාන් අද නම් බට්ටිගෙ වේදනාව හොඳටම දැක්කා….
ඒ කෙල්ලව සතුටින් තිබ්බොත් අනිත් කෙල්ල විඳවනවා….
තේජාන් කාව තෝරගත්තත් දැන් තමන් කරපු දේ වෙනස් කරන්න බෑ කියලා
තේජාන්ටම තේරෙනවා…
බට්ටි ගැන හිතුණ වෙලාවෙමයි ඒ අදහස අත ඇරලා දාන්න තිබ්බෙ…
එහෙනම් මෙච්චර දුකක් නෑ….
අශේන් එක්ක බට්ටි චායාරූප වලට පෙනී ඉද්දි…
තේජාන්ගෙ හදවතට ඉඳුකටු අනිනවා වගේ දැණුණා….
තමන් කලබල වෙලා තීරණ නොගත්තා නම් අද බට්ටි එක්ක ඉන්නෙ තමුන් නේද කියලත් හිතුණා……

තේජාන් සිතුවිලි වලින් මිදුණේ අනුහස් ඇවිත් කතා කළාම…

අයියේ..
යමු…
මොකද..
චූටි බෝම්බෙ අද ලස්සනයි නේද…

දැන්වත් තීරණයක් ගනිං අයියෙ…
ජීවිත කාලෙම විඳවන්න එපා…
විෂ්මි අක්කිට කෙලින් කතා කරපං බං..
වටෙන් ගිහින් කන අල්ලන්නෙ නැතුව…

අනේ මේ…
කට වහගෙන ඉඳපං..
මං බලපු ලස්සනක් නෑ..
යමං…

එහෙම කියපු තේජාන් මෙහා පැත්තෙ සීට් එකට නගිද්දි අනුහස් ඩ්‍රයිවිං සීට් එකට නැග්ගා..
තේජාන් ආවෙම චූටි බෝම්බෙ බලන්න තමා…
නැත්නම් තේජාන්ට ඩ්‍රයිව් කරන්නවත් හොඳ නෑ…

අනුහස් ඒ බව දන්නවා වුණත් තවත් මොකුත් නොකිව්වේ…
අයියා කවුද කියලා හොඳට දන්න නිසා…
තේජාන්ට ඕන දේ මිසක් කවදත් වෙන කාටවත් ඕන දෙයක් තේජාන් කරන්නෙ නෑ….
අහන්නෙත් නෑ…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පෝරුවේ චාරිත්‍ර කෙරීගෙන යන අතරතුර…
බට්ටිටත් පොඩ්ඩිටත්
අසල හිටන් ඉන්නවා මිසක්
වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ…
පොඩ්ඩි අනුහස් ළඟ රැඳෙන කොට
අශේන් බට්ටිට කිට්ටු වුණේ…
එදා බට්ටිව දැක්ක මොහොතේ ඉඳන්
බට්ටි ගැන ඇති වුණ හැඟීම
අද උදේ දැක්කට පස්සෙ තව ටිකක් වැඩි වුණ නිසා…

නංගි..
මොකෝ කල්පනාව..
ම්ම්ම් …
බට්ටිගෙ කණට හුස්ම වැදෙන තරම් කිට්ටු වෙලා ඒක ඇහුවෙ..

මුකුත් නෑ…
අනික මම මොනවා හිතුවාම ඔයාට මොකද…😏
කියමින්ම බට්ටි එහාට වුණා…

ම්ම්ම් ..
මට මොකද නේ…??🤔🤔
ඇත්ත..
මට මුකුත් නෑ තමා…😊😄😄
ඒත් නැත්තෙමත් නෑ….

අනේ මේ…
හරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව ඉන්නවද….😠

හපොයී…..
මට හරකා කිව්වා නේද නංගි
කැත නැතුව මූණ බලාගෙන…
හරි හරි…
කමක් නෑ….
කෙලින්ම කියන්නම්කෝ..
අද තව කීදෙනෙක් මෙහෙම කියයිද දන්නෙ නෑනේ…
අපිට ඉතිං සල්ලිබාගෙ නෑ තමා අර ඔයාගෙ චූටි අක්කාගෙ boy ට වගේ…
ඒත් ඉතිං හිත පිරෙන්නම ආදරේ දෙන්න පුළුවන් හොඳ හදවතකුයි…
දුකක් නොදී බලාගන්න පුළුවන් රස්සාවකුයි තියෙනවා…….
නංගි හිතලා බලලා කියන්නකෝ…
වටේ ගියේ නෑ..
ඔන්න කෙලින්ම කිව්වා…
නංගි කැමති නම් අදම වුණත් ගෙදරින් අහන්නම්…
මම කැමතියි නංගිව මැරි කරන්න…

අශේන් ඒ ටික කියලා ඉවර වෙනවත් එක්කම…

🐣තවත් සිහිනයකින් හමුවෙමු ….

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *