මිහිදුම් සිහින…..43

43 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටසට…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

අශේන් ඒක කියලා ඉවර වෙනවත් එක්කම බට්ටිට ඇහුණෙ තිළිණගෙ කටහඬ…

මිස්ට. තේජාන්…

බට්ටි වගේම අශේනුත් බය වෙලා
පිටිපස්සට හැරුණෙ….

තිළිණ හිනාවෙමින් වුණත් දැඩි බැල්මකින් තේජාන් දිහා බලාගෙන ඉන්නවා…
තේජාන් ටිකක් ආඩම්බර බැල්මක් එක්ක තිළිණ දිහා බැලුවෙ..
ඒ මොකටද අහන්න වගේ….

ආ.. ඔව්..
මේ….නිකී ගෙ මල්ලි නේද..
ඇයි මල්ලි…

ඒත් තේජාන් වෙනසක් නැතුව
කතා කළා…..

එන්නකො ටිකක්..
එහාට යමුද..
මට කතා කරන්න ඕන

තේජාන් තිළිණ පස්සේ වැටුණේ වෙන කරන්න දෙයක් නැති නිසා..

බට්ටිත් අශේනුත් ඒ යන දිහා බලාගෙන ඉන්නවා…
අශේන්ට නම් වෙන්නෙ මොකද්ද කියලා හරි හැටි වැටහීමක් නැතත්,
බට්ටි දන්නවා තිළිණ තේජාන්ට කතා කළේ
තමන් හා තේජාන් අතර තිබූ සම්බන්ධෙ ගැන දේකට තමා කියලා..
මොකද උදේ කාර් එක ළඟදි වුණත් තිළිණ තේජාන් දිහා බැලුවෙ කෝපය මුසු වුණ බැල්මකින් කියලා බට්ටි දැක්කා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Hall එකට ආවට පස්සෙ
කැබ් එකක් කතා කරගෙන
තේජාන් ගෙදර යන්න හැදුවේ…
බට්ටිව දැක දැක ඉන්න එක වේදනාවක් නිසා….
ඒ වෙද්දි සෑහෙන වාර ගානක් විෂ්මිත් කතා කළා…
ආන්ස නොකරම ඉඳලා
බැරි තැන ආන්ස කළේ….
විෂ්මි කෝල් ගන්න එක නවත්තන්නෙ නෑ කියලා හිතුණ නිසා..

තේජ්..
Where r u…
අනුහස්ව යවනවා කියලා
ඔයත් මොකටද ගියේ…
හරියට සනීපත් නැතුව….
විෂ්මි තරහෙන් කියවගෙන ගියා…

විෂ්….
මම එනවා තව ටිකකින්…
මට නීති දාන්න එන්නෙපා..
මම බබෙක් නෙමේ….
කරන්න ඕන දේවල් කවුරුත් කියන්න ඕන නෑ..
නිසල් මගේ යාළුවෙක් මිසක් මල්ලිගෙ නෙමේ…
ඌ මෙතන තනියම..
මම ඒකයි ආවෙ…
පෝරුව වැඩ ටික ඉවර වුණාම කතා කරලා එනවා.. .

කියලා විෂ්මි ආයෙ මොකුත්ම කියන්න කලින් කෝල් එක කට් කලා…..
ඒ කෝල් එක අතරෙම,
අශේන් බට්ටි ළඟටම වෙලා කියවනවා.දැකපු නිසා
ආව ඊරිසියාවට….

තේජාන් ටික වෙලාවක් බලාගෙන හිටියා..
බට්ටිත් මොකුත් නොකියම..
අශේන් හිනාවෙමින් කියන ඒවා අහන් ඉන්න එක තේජාන්ට දරාගන්න බැරි වුණා..

තේජාන් බට්ටියි අශේනුයි ළඟට යන්න ගියේ…
ඒත් මේ සිද්දිය දිහා තිළිණත් බලාගෙන හිටියා….
කොහොමත් තිළිණට තේජාන් එක්ක කතා කරන්න ඕන කම තිබ්බා….
ඒ නිසා තේජාන් බට්ටිට කතා කරන්න කලින්ම තිළිණ ඉස්සර වෙලා තේජාන්ට කතා කළා….

******************
තිළිණ තේජාන්ව එක්ක ආවෙ හොල් එකෙන් එළියෙ garden එකට

තේජාන්…..
මම තිළිණ ….

Oh..nice to meet you තිළිණ …
මම එහෙ ආව එක වෙලාවකවත් meet වුණේ නෑනේ..
තේජාන් සුහදව කතා කරන්න අපහසුවෙන් වුණත් උත්සහ කළා…
මොකද තිළිණගෙ හැසිරීමට තේජාන්ගෙ උද්දච්ච හිත එච්චර කැමැත්තක් දැක්වුවෙ නෑ…

මට නම් තමුන්ව meet වුණ එක nice නෑ තේජාන්….
මාව මොඩයෙක් වගේ පේන්නෙ නෑනේ නේද….
ඒ නිසා මට කියනවද අපේ චූටි නංගි එක්ක තේජාන්ට තියෙන සම්බන්ධෙ මොන වගේද කියලා…
මම දේවල් ටිකක් දැනගෙනයි අහන්නෙ..
ඒ නිසා ඇත්තම කිව්වොත් හොඳයි..

තිළිණ ඒ විදියට කතා කළේ..
මේ වෙද්දි තිළිණ සම්පූර්ණ සිද්දිය විහාරාගෙන් දැනගෙන තිබුණ නිසා..
බට්ටිලාගෙ අම්මා…
තිළිණට සම්පූර්ණ විස්තරය කිව්වේ,
අනුහස්ගෙ යෝජනාවත් ආව නිසා..
බට්ටිට ගහන්න බනින්න යන්නෙ නෑ කියලා තිළිණව පොරොන්දු කරගෙන…

හහ්…
ඇයි තිළිණ මට මොනවා කරන්නද නොකිව්වොත්…
ආඩම්බර ස්වරයෙන්ම
තේජාන් සූරියආරච්චිගෙ
කටහඬ එළියට ආවා..

තේජාන් තිළිණ එක්ක සද්ද නොකර එතනින් ආවෙ කලබල කරන්න බැරි නිසා…
නැත්නම් තේජාන් කාගෙවත් අණ පිළිගන්න කෙනෙක් නෙමෙයිනේ…..
තිළිණ වගේ කෙනෙක්ගෙ වචනෙට කොහොමත් නැමෙන කෙනෙක් නෙමේ තේජාන්…..

මොකුත් කරන්නෙ නම් නෑ…
මිස්ට…
එහෙනම් මේ ටික අහගන්නකෝ…
අපේ එකීව බස් එකෙන් බස්ස ගත්ත දවසෙයි මට මුලින්ම මේ ගැන සැක හිතුණෙ…
ඒත් ගෙදර අයගෙන් අහද්දි ඒක නිසල්ගෙ යාළුවෙක් එක්ක වෙච්ච දෙයක් විදියට යට ගියා….
කොහොම කොහොම හරි බට්ටිත් අපේ ඇස් වහලා මිස්ට එක්ක රවුම් ගහලා..
මම ලොක්කිගෙ වැඩ ටික ඉවර වුණාම අපේ එකී එක්කත් බලාගන්නම්…
මිස්ට තේජාන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි…
තමුන්ගෙ මල්ලි..
තමුන් එක්ක ගත්තම දෙව්යෙක්…
මම දෙන්නා ගැනම හෙව්වා..
ඒ නිසා..
අනුහස්ට අපේ පොඩ්ඩිව ඕන නම්…
අදින් පස්සෙ කවදාවත් බට්ටි එක්ක එක වචනයක් කතා කරන්න තහනම්..
ඒ වගේම…
තමුන් මේ රටින් යනවා කියලා තමුන්ගෙ අම්මා අපේ අම්මාට කියලා තියෙනවා….
ඒ යනකල් අනුහස්ට වුණත් අපේ පොඩ්ඩි එක්ක අස්සරයක් බෑ..
අපිට මිස්ට තේජාන්ලට තරම් සල්ලි නැතුව ඇති හැබැයි…
සල්ලි ඉස්සරහ නැමෙන්න තරම් අහේනියකුත් නෑ…
මගෙ අක්කයි, නංගිලා දෙන්නවයි මම ඇහැක් වගේ පරිස්සම් කළේ…
තමුන් වගේ කොන්ද පණ නැති සල්ලි වලින් ඉදිමුණ එකෙක් නිසා දුක් විඳිනවා බලන්න නෙමේ….
තේරුණානෙ…
⁣ආයෙ බට්ට්ට ළං වෙන්න හිතන්නවත් එපා.
Thank you එහෙනම් මම ගියා…
තිළිණ යන්න හැරෙනවත් එක්කම තේජාන් කතා කළා…

හඃ..
දැන් තිළිණ හිතන්නෙ මම තිළිණ කිව්ව ඒවාට බය වුණා කියලද…
එහෙනම් තිළිණ …
තමුන්ට හොඳටම වැරදිලා..
මේ තේජාන් සූරියආරච්චි කරන්නෙ තමන්ට කැමති දේ…
මට කරනන ඕන දේවල් කියන්න කාටවත් බෑ…
කිව්වත් වැඩකුත් නෑ…
අම්මා අප්පච්චිට වත් වෙනස් කරන්න බැරි වුණ මාව ටිකක් හරි වෙනස් කරන්න පුළුවන් වුනේ මිතුණීට විතරයි….
ඒ නිසා..
මට හිතුණොත්
මිතුණීට ළං වෙන එක නවත්තන්න තිළිණට තියා කාටවත් බෑ…
හැබැයි..
මට තාම එහෙම ඕන කමක් නෑ..
එ් නිසා තිළිණගෙ තර්ජන
මට දාන්න එන්න එපා….
අනික අනුහස් කියන්නෙ වෙනම කෙනෙක්.මාවයි අනුහස්වයි පටලලා තීරණ අරන් ආදරේ කරන දෙන්නෙක්ව වෙන් කරන්නෙපා..
මම යනවා තමා..
මෙහෙ ඉන්නෙ නෑ..
අපේ අම්මි කිව්වා නම් මොනවා හරි ඒක ඒ විදියට වෙයි….
කියලා තේජාන් තිළිණට කලින්ම එතනින් ගියා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

තේජාන් තිළිණත් එක්ක එතනින් ගියාම අශේන් ආයෙමත් හැරුණෙ බට්ටිගෙ පැත්තට…

මේ…
මම කිව්ව ටික ඇහුණා නේද
කොච්චි කරල….
හිතලා බලලා කියන්නකො ඈ….

මේ…
මේක හොඳට අහගන්න..
මම මෙහෙම කතා කරන්නෙත් නිසල් අයියාගෙ යාළුවා නිසයි,
මේ අපේ අක්කාගෙ වෙඩින් එක නිසයි..
නැත්නම් අයියට මෙහෙම උත්තරයක් ලැබෙන්නෙ නෑ…..
හිතලා බලන්න කිසි දෙයක් නෑ….
මම කැමති නෑ..
කවදාවත් කැමති වෙන්නෙත් නෑ….
ඒ නිසා..
දැන්මම ඒ අදහස අත ඇරගන්න..
හරිනේ…😬😁
කියලා බට්ටි පොඩ්ඩි ළඟට කිට්ටු වුණා…

අශේන් බට්ටි යනදිහා බලන් හිටියෙ ගොඩාක් දුකින්…
කෙල්ල මෙහෙම මූණටම දමලා ගහයි කියලා අශේන් හිතුවෙ නෑ…
අල්ලලා දාපං අශේන්…
අවුරුදු 3ක් යාළු වෙලා ඉඳපු කෙල්ලත්
උඹේ වත් පොහොසත් කම් ගැන කියලා
මූණට දමලා ගහලා යද්දි
ඉවසං ඉඳපු උඹ….
මේ දවස් දෙක තුනක් දැකපු කෙල්ල මෙහෙම කලාට ගණං ගන්න ඕනද…
කියලා හිතපු අශේන්…
ආපහු සුපුරුදු හිනාවෙන් මුව සරසගෙන
කට්ටිය අතරට ගියා…

*****—*******
මේ වෙද්දි පෝරුවෙ වැඩත් ඉවරවෙන්න ඇවිත් තිබුණේ….
තේජාන් කෙලින්ම ඇවිදගෙන ආවෙ අනුහස් ළඟට….

මල්ලි…
ටිකක් වරෙංකො..

ආ.. ඇයි අයියා..
අනුහස් ඉක්මනින් තේජාන් ළඟට ගියේ…
බට්ටිත් අනුහස් අසලම හිටපු නිසා….

මම යනවා බං…
කැබ් එකකට කතා කළා..
උඹ නිසල්ව දාන්න යනවානේ…
තව කාව හරි එක්කගෙන යමං..
Kandy නේ යනවා කිව්වෙ…
නිසල්ට කියපං මම ඌව හම්බෙන්න එන්නම් කියලා..
එහෙනම් මම ගියා..
කියමින්ම බට්ටි දිහා බැලුවා…

බට්ටිත් තේජාන් දිහාමයි බලාගෙන හිටියෙ…
ඒ සිව් නෙත් මොහොතකට දොඩමළු වුණේ….
මුළු ලොවටම හොරෙන්….

ඉක්මනින් ඇස් ඉවතට ගත් තේජාන් එහෙමම හැරිලා යන්න ගියා..

බට්ටිට මුළු ලොකයක් ලැබුණා වගේ දැණුනේ…
තේජාන් මොනවා කටින් කිව්වත්
ඒ ඇස් වලින් බට්ටි ආදරේ දැක්කා…
මගෙ උද්දච්ච නරියා….
ඔයා එහෙනම් මට මෙහෙම කළේ ආදරේ නැතුව නෙමෙයි…
මට ඔයාගෙ ඇස් වල තිබ්බ ආදරේ අඳුරගන්න අමාරු නෑ තේජාන් අයියෙ…
ඔයා කවදා හරි එනකල් මේ බට්ටි බලාගෙන ඉන්නවා….
බට්ටි තේජාන්ගෙම විතරයි….
මම අද ඔයාට මගේ හිතින් දෙන පොරොන්දුවක් මේක….

බට්ටි ඉන් පස්සෙ නම් හිටියෙ ගොඩාක් සතුටින්…..
පහන් පත්තු කරලා
කේක් එකත් කපලා..
ෆොටෝ ගන්න ඒවත් සේරම ඉවර වුණාට පස්සෙ
බට්ටිටයි පොඩ්ඩිටයිත් නිදහසේ ඉන්න ලැබුණා….
බට්ටි අම්මා ළඟ තිබ්බ ෆොන් එක
ඉල්ල ගත්තෙ තාමත් බට්ටිගෙ යාළුවො දෙන්න,
ශශිනියි,ගයානියි ඇවිත් නැති නිසා
කෝල් එකක් ගන්න….

බට්ටිට viber මැසේජ් එකක්
ඇවිත් තිබුණා….
තෙජාන්ගෙන්…

බට්ටි ගැහෙන හදින් ඒක open කළේ…
මැසේජ් එකේ තිබුණේ…
බට්ටි,ලොක්කිගෙයි නිසල්ගෙයි පොටෝ ගන්න වෙලාවෙ ඒ දිහා බලාගෙන ඉන්න පැති පෙනුම ෆොටෝ එකක්…
ඒක යටින් තිබ්බෙ…
“””ලස්සනයි..
අද නම් චූටි බෝම්බෙ,
🌹රෝස මලක් වගේ…””

බට්ටිගෙ හිතම පිරුණා..
“Thank you අයියේ,
ඔයා කොහෙද ගියේ””

“”මම ගියේ නෑ…
එනවද..?
මට බලන්න ඕන””

තේජාන් යන්න කියලා ගියාට තිළිණ කිව්ව දේවලුත් එක්ක
දැන් මෙතනින් යන එක මදිකමක් වගේ දැණුනා..
ඒ නිසා හෝල් එකේම පැත්තකට වෙන්න තිබුණ restaurant එකට ගිහින් ඉඳගෙන උදේ අනුහස්ට කියලා ගත්ත බට්ටිගෙ ෆොටෝ ටික බැලුවා…
ඒ බලද්දි දැකපු ලස්සනම ෆොටෝ එක තමා බට්ටිට යැව්වෙ….
හරි වුණත් වැරදි වුණත් බට්ටි ඉස්සරහ තවත් තේජාන්ට තමන්ගෙ හිත හංගගන්න බැරි වුණා….

“”කොහෙද ඉන්නෙ””

බට්ටි දෙපාරක් නොහිතම ඇහුවා..

“”එළියෙ තියෙන hotel restaurant එකේ””

“”මට 5mis දෙන්න. මමඑන්නම්””

බට්ටි යාළුවො දෙන්නාව බලන්න ගේට් එක කිට්ටුවට යනවා කියලා පොඩ්ඩිට කියලා ඉක්මනින් එළියට ගියා….
තිළිණ නෑදැයන් හා හිත මිතුරන් අතර කතා කරමින් හිටපු නිසාත්..
තේජාන් ගිය නිසාත්,
බට්ටි ගැන අවධානය තිළිණගෙන් මිදුණා..
ඒ නිසා බට්ටිට කිසිම අපහසුවකින් තොරව තේජාන් ළඟට යන්න මාර්ගය හැදුණා….

තේජාන් අයියේ….

බට්ටි තේජාන් ඉඳගෙන හිටපු කෙළවරම මේසෙ ළඟටම ගිහින් කතා කළේ…

මගෙ වස්තු..
අද ඔයා ගොඩාක් ලස්සනයි…
මං කතා කරපු ගමන් එන්න,
ඔයා තරහ නැද්ද මා එක්ක…

තේජාන් බට්ටිගෙ අතින් අල්ලලා ළඟින්ම ඉන්දගන්න ගමන් ඇහුවා….

කවදාවත් නෑ අයියෙ…
ඒත් ඔයා දන්නවද
මම ගොඩක් විඳෙව්වා…
බට්ටිගෙ අැස් අගට කඳුලක් එකතු වුණේ
පහුගිය ටිකේ වින්ද වේදනාව මතක් වෙලා

ම්ම්ම් …
මම මගේ චූටි බෝම්බෙට ගොඩක් වද දුන්නා නේද…
මට වෙන කරන්න දෙයක් නෑ පැටියෝ..
තේජාන් බට්ටිගෙ කර වටා අත දාලා තුරුල් කරගත්තා…
අහන්නෙවත් නැද්ද මගෙන් හේතුව..
ම්ම්ම් ….
බට්ටිගෙ මූණ නිකටෙන් අල්ලලා උස්සපු තේජාන් ඒ ඇස් වලට එබිලා ඇහුවේ…

මොකක් වුණත් අයියාට වෙනස් කරන්න බැරුව ඇති…
නැත්නම් එහෙම කරන්නෙ නෑනෙ…
ඇය් එහෙම මැසේජ් එකක් එව්වෙ…
ඇත්ත කිව්වෙ නැත්තේ..

බට්ටි තේජාන් එවපු අන්තිම මැසේජ් එක ගැන ඇහුවේ…

හ්ම්ම් …
ඔයාට මාව අමතක කරන්න ලේසි වෙන්න පැටියෝ…
දැන් වුණත් මම කරන දේ හරි නෑ..
දැන් යන්න…
කලබල වුණ තේජාන් බට්ටිව ඈත් කරලා යන්න නැගිට්ටා….

එතකොටම…

🐣 තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *