මිහිදුම් සිහින….. 48

48 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!
පෙර කොටස් සියල්ලම…

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

බට්ටි නුවර රෝහලේ වැඩ බාර අරන්
එහෙ හොස්ටල් එකකම නැවතුණා…

මෙ විදියට තවත් මාස 6ක් ගෙවුණේ..
බට්ටි රොහලේ කාර්‍යමණ්ඩලයේ මෙන්ම එහි එන රෝගීන්ගේද හිත දිනාගනිමින්…
දඟකාර, කටකාර බට්ටි වෙනුවට හිතහොඳ , ප්‍රියමනාප හෙදියක් බිහිවුණේ…
රැකියාවේ තියෙන වගකීම් යුතුකම් මනාව වටහාගත් නිසාමයි…

අම්මා…
අද ගෙදරින් කවුරුත් ආවෙ නැද්ද..

අනේ නෑ මිසී නෝනේ…
දූට කරදරයි අර කොලු පැටවු දෙන්න අරන් බස් එකේ එන්න…
මම ඉතිං කිව්වා ඕන නෑ කියලා…
අනික නෝනේ ඒකිට දවසෙ කුලියක් මලියක් කරගන්නත් නෑ මෙහෙ දුවං ආවම…

ආ…
අම්මාගෙ දුවගෙ මහත්තයා මොනවද කරන්නෙ…
එතකොට අම්මාට අර පිටින් ගන්න කිව්ව බෙහෙත් ටික…
ඒක අද ඕනනෙ අම්මෙ…..

අනේ මිසී නෝනේ..
මම ඒක කෙල්ලට කිව්වෙ නෑ…
ඒකිත් අමාරුවෙන් නෝනෙ ජීවිතෙ ගැට ගහගන්නේ..
දුවගෙ වාහෙ පොල් කඩලා කීයක් හරි හොයාගෙන ආවට ඒක මදි නෝනෙ දරුවො දෙන්නෙකුත් ඉද්දි
ඒකයි කෙලිත් ගෙවල් අහල පහල කුලියක් කරන්නෙ…

බට්ටිට හිතුණා
ඒ අම්මා කියන දේවල් වලට
ම්ම්ම් එහෙමද..
එහෙනම් ඉන්නකෝ….
කියු බට්ටි…
රෝහල් සේවකයෙක් යවා එම අවශ්‍ය දේවල් ගෙනත් දුන්නේ තමන්ගෙ පඩිපතින්…..

මගෙ නෝනෙට බුදුබව ලැබෙන්න ඕන..
හිතන පතන හැමදේම ඉටු වෙන්න ඕනේ..
නෝනෙ රංකඳක්..
නෝනෙ වගේ හිත හොඳ අය අද කාලෙ අඩුයි….
නෝනෙවලබන මහත්තයත් හරි පිංවන්තයි…

ඒ වයසක අම්මාගේ පිංදීම
සිනහවකින් පිළිගත් බට්ටි
තම ඉතිරි වැඩ සඳහා ගියා..

මේ වගේ දේවල්
බට්ටිගෙ පළවෙනි වැටුප ගත්ත දා ඉඳලම සිදුවුණා…
⁣අම්මත් තාත්තත් වැටුප බැංකු පොතක දාලා ඉතුරු කරගන්න කිව්වේ
ගෙදර වියදම් බට්ටිගෙන් ගන්න තරම් අඩුපාඩුවක් අගහිඟකමක් නැති නිසා…
ඉතිං බට්ටි මේ දේවල් කලාට කවුරුත් දැනගත්තෙ නෑ…
බට්ටි ගොඩාක් සතුටින් රෝහලෙ සේවය කළා….

මෙ මාස 6ට බට්ටිට ප්‍රේම ආරාධනා වලින් අඩුවක් වුණේ නෑ….
සහොදර කාර්‍යමණ්ඩල සේවකයින් මෙන්ම
තරුණ වෛද්‍යවරුන් දෙදෙනෙක්ද ඇයට විවාහ යෝජනා ගෙනාවා….
ඒ ව්තරක් නෙමේ..
නේවාසික තරුණ රෝගීන්ගෙන්,
රෝගින් බලන්න එන අයගෙන් පවා ඇයට යෝජනා ආවා…
ඇය එම යෝජනා කාරුණිකව ප්‍රතික්ෂේප කරලා ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කරගෙන ගියා….

බට්ටිගෙ දැන් ජීවිතේ ඉඩක් නොතිබුණ එකම දේ ආදරේ පමණයි….
සතුට ,සැනසීම එක්ක බට්ටි ගොඩාක් හොඳින් හිටියා..
තේජාන්ට ආදරේ කරමින්, තේජාන්ගේ යහපතම පතමින් තමන්ගේ ජීවිතය නිදහසේ ගෙව්වා…

ඒ අතර අනුහස්ගෙත් පොඩ්ඩිගෙත් විවාහයට ගෙවල් වලින් ලෑස්ති වුණේ…
පොඩ්ඩි අනුහස්ට තාමත් කැමති කිව්වෙ නැති වුණාට දෙන්නාගෙ ආදරේ නම් ඒ දෙන්නටත් හොරෙන්ම ලියලා වැඩී තිබුණ නිසයි..
තේජාන් ගිහින් දැන් අවුරුදු එකහාමාරක් විතර වන නිසාත්
බට්ටිගෙ සැහැල්ලු හැසිරීමත්,
බට්ටිගේ ගෙදර අයට අනුහස් ගැන තීරණයක් ගන්න පහසු කළා….

⁣නිවාඩු දවසට ගෙදර ආවම වුණත්
බට්ටි කිසිම පසුතැවීමකින් නෙමෙයි දැන් ඉන්නේ…
තම රැකියාව උපරිම තෘප්තියෙන් කරමින් සැහැල්ලුව හැසිරෙන බට්ටි ගැන කිසිවෙක්ට හිතුණෙ නෑ….
ඒ හදවත තාමත් ගැහෙන්නෙ
තේජාන් වෙනුවෙන් කියලා…
දැන් තේජාන් බැඳලත් අවුරුද්දකට වැඩියි
ආයෙ තේජාන් ලංකාවට ආවෙත් නෑ..
බට්ටි දුකින් හිටියෙත් නෑ….

බට්ටි, පොඩ්ඩියි අනුහස් ගැනයි ගොඩක් සතුටින් හිටියෙ…
හැබැයි පොඩ්ඩිගෙ යාළු මනාලිය වීම බට්ටි කාගෙත් හිත් නොරිදවා ප්‍රතික්ෂේප කළා…

තිළිණගේ විවාහය හැමදාමත් කල් තබන්නේ බට්ටිත් බඳිනකල් තිළිණ බඳින්නේ නෑ කියලා කියන නිසා.
මොකද අයියා කෙනෙක්ගෙ වගකීම් තිළිණ ඕනාවටත් වඩා හොඳින් දන්න සහෝදරයෙක්…..
ඒත් ගෙදර ආව දවසට බට්ටි ඒ ගැනත් ටිකක් කියවනවා…

මොනවද අයියෙ…
මං බඳින්කල් බඳින්නෙ නැතුව ඉද්දි අර නිමේෂි අක්කිට කරන අසාධාරණයක්නෙ..
නිමේෂිගෙ අයියට බඳින්න වෙන්නෙත් නෑනෙ ඔයා වගේ හිතුවොත්..

බට්ටි…
පැහිච්චකම් කියවන්නැතුව ඉන්නවා…
අයියලා බඳින්නෙ නෑ නංගිලාට කලින්

ඉතිං අයියේ…
පොඩ්ඩි බඳිනවානේ..
මට තව කල් තියේනෙ හලෝ…
මට 25ක් වත් වෙනකල් මම බඳින්නෙ නෑ
තව අවුරුදු 4ක්ම තියෙනවා…
බට්ටි එහෙම කිව්වෙ තිළිණගෙ තීරණේ වෙනස් කරන්න..

හා හා…
බලමුකො…
පොඩ්ඩිගෙ වෙඩින් එක
ඉවරවෙන්න එපැයි මුලින්ම….

ලොක්කිගේ වෙඩින් එකේදි වගේ පොඩ්ඩිගෙ වෙඩින් එකේදි බට්ටිට උදව් කරන්න නම් ලැබුණෙ නෑ….
බට්ටි ඒ ගැන දුක් වුණෙත් නෑ..
මොකද නිසල් අයියටයි ලොක්කිටයි වගේ ගණන් බලලා, බජට් හදලා,
කිරලා මැනලා වෙඩින් එක කරන්න ඕනකමක් අනුහස්ට නෑ..
ඒ තේජාන්ගෙ මල්ලි…
සූරියආරච්චි කන්ස්ට්‍රක්ෂන් එකේ අයිතිකරුගෙ බාල පුතු…
පොඩ්ඩිට මොනවද ආස ඒ හැමදේම ඒ විදියටම කරන්න අනුහස්ට මහන්සි ගන්න දෙයක් නෑ…

*************************

හෙලෝ නර්ස් නෝනා….

අනේ මගෙ ලොක්කිට මාව මතක් වෙලා.

අමතක වෙලා නෑ හරිද
මගෙ බට්ටිච්චියෙ ..
තාමත් මට මගෙ චූටි නංගියම තමා තමුසෙ මහ ලොකු ⁣නර්ස් නෝනා වුණාට

ඉතිං ඇයි දැං මේ මට වද දෙන්න කතා කළේ….
පවුලේ අය ඉස්සරහ තාමත් පරණ දඟකාරි ඔළුව උස්සන්නෙ නැතුවත් නෙමේ…

ආ එහෙමද..
එහෙනම් ඉන්නවාකො මම කට් කරන්න…

අනේ අනේ…
මොනවද අප්පා…
බැඳලා මහ ලෙකු කාලෙකුත් නෑ බට්ටිගෙ විකාර කතා අමතක වුණාද…

අමතක නෑ බට්ටි..
මම කතා කළෙත් ඒක කියන්න..
අයි ඔයා පොඩ්ඩි එක්ක වැඩිය කතා නොකරන්නෙ…
පොඩ්ඩි ගොඩාක් දුකින්..
අනුහස්ව බඳින්න යන නිසා
ඔයාව එයාට නැති වුණා කියලා මට කතා කර කර අඬනවා…
අනුහස්ව අමතක කරලි දාන්නත් හිතෙනවලු වෙලාවකට
කෝල් එකක් ගත්තත් ඔයා වැඩිය කතා.කරන්නෙ නෑලු…
ඉක්මනින් කට් කරනවාලු වැඩ කියලා..
ඇයි බට්ටි ඒ…

අනේ..
එහෙම එකක් නෑ..
මට ඇත්තටම වැඩ තියෙද්දි තමා පොඩ්ඩි කතා කරන්නෙ…
එහෙම කිව්වත් බට්ටිත් හිතලා බැලුවා
වෙඩින් එකට දින දාපු දවසෙ ඉඳලා පොඩ්ඩිව ටිකක් මග අරින්න බලනවා නේද කියලා….
බට්ටිට තමන් ගැනම පොඩි තරහකුත් ආවා..

නැත්තෙ නෑ….
හරි ඒ වෙලාවට තමුසෙට වැඩ නම්
දැන් වගේ කතා කරන්න පුළුවන් වෙලාවක ගන්න තිබ්බානේ…
අහන්නකො මගෙ බට්ටිච්චි
ඔයාට තාමත් ඒ දේවල් ගැන දුකද
පැටියෝ….

අපෝ නෑ ලොක්කි
පිස්සුද..
බැඳපු කෙනෙක් දිහා බල බල
හූල්ල හූල්ල ඉන්න එකෙන්
මට ඇති වැඩේ මොකක්ද
නිකං පවු පුරෝගන්න ඕන නෑ මට…
ලබන ආත්මෙත් මට ආදරේ නිසා දුක් විඳින්න වෙයි…

එහෙනම් ඇයි ..
පොඩ්ඩි හිත රිද්දුවද
මොනා හරි කියලා

අනේ නෑ ලොක්කි…
තේරුම් ගන්නකො….
මම හිතලා එහෙම කලේ නෑ…
මම කතා කරන්නම් පොඩ්ඩිට….

හරි හරි…
මේ එ්ක නෙමේ…
මම තව දේකටත් එක්ක කතා ක⁣ළේ..

ඒ මොකද්ද..

මේ…⁣
මේ…බට්ටි…
නිසල් අයියාගෙ අම්මා කිව්වා…
අපිට බබෙක් අරන් හදාගන්න කියලා…
එතකොට අපිට හම්බෙන්න තියෙන ඉඩකඩ වැඩිලු…
අම්මාගෙ අක්කා කෙනෙකුත් ඉන්නවාලු එහෙම…

තමුසෙට පිස්සුද ඕයි…
මොළයක් තියෙනවා නේද..
තාම බැඳලා අවුරුදු 2ක් වත් නෑ…
බබාලා හොයන්නෙ හදාගන්න..
හරි….
ඉතිං දැං ලොක්කි මට ඒක කියලා
මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නෙ..

තමුසෙ නර්ස් නේ..
හොස්පිටල් එකෙන්ම එහෙම හම්බුණ ගමන් බබෙක් හොයලා දෙන්නකො…

අනේ ලොක්කි..
එහෙම කරන්න බෑ මම නර්ස් වුණාට…
දැන් එහෙම දාලා ගිය බබෙක් වුණත්, හදාගන්න දෙන්න කැමති බබෙක් වුණත් පරිවාසෙට දාලා,එතනින් කුල වැද්දුම් නඩුවක් දාලා තමා හදාගන්න දෙන්නේ…
අක්කලාට මම එහෙම කරගන්න යන්න ඕන තැන නම් හොයලා දෙන්නම්…
ඒත් ලොක්කි මම නම් කියන්නෙ තව ටික කාලයක් ඉවසන්න..
තාම අවුරුදු 2ක් වත් නෑනේ….

හ්ම්ම් …
එහෙම නම් එතන ගැන හොයලා කියන්නකො…
නිසල්ගෙ අම්මානෙ කිව්වේ…
එහෙනම් තියන්නම්…

*************

ලොක්කිගෙ කෝල් එක කට් කරලා එහෙමම ගත්තෙ පොඩ්ඩිට..

ඒයි..
කලුච්චි…
මොකද මේ ලොක්කිට බොරු කේලම් කියන්නෙ ආහ්….

මොනවද..

මොනවද තමා..
මම තමුසෙට කතා කරන්න කැමති නෑ..
මම තරහා වෙලා කියලා තියෙන්නේ….

ඉතිං ඇත්තනේ…
ඔයා මට ඉස්සර වගේ කතා කරන්නෙ නෑනෙ…
Bridsmade ට එන්නත් බෑ කිව්වා…
පොඩ්ඩි ඇද ඇද වගේ කිව්වෙ නෝක්කාඩුවක්…

ඉතිං බූරියෙ..
තමුසෙ bridsmade ලා 6ක්ද කොහෙද ගන්නවා කිව්වානේ..
මම හිටියත් එකයි නැතත් එකයි…
ලොක්කිගෙ එකේ නම් ඉතිං නංගිලා දෙන්නා ඉන්න ඕන නිසා මම හිටියෙ..
මම ඕවට ආස නෑ කියලා තමුසේ දන්නවානේ….
අනික මට දැන් වැඩත් එක්ක තමුසෙගෙ වෙඩිමට එන්නත් වෙන්නෙ කලින් දවසෙ
එහෙම එකේ මාව අරන් තමුසෙටමයි වදේ
ඔන්න ඔහෙ අර අපේ නෑදැයන්ගෙ ඇච්චො බැච්චො ටික ගන්නවා..
ලොක්කිගෙ වෙඩිමටත් හිතේ හැටියට ඇඳුමක් අඳින්න බැරිවෙච්ච එකේ
මේකට වත් අඳින්නම් ඕයි…
අනුහස් අයියාගෙ යාළුවොත් එයිනේ…
😜හිහ්…
අපිටත් මොකෙක් හරි සෙට් කරගන්න එපැයි…
බට්ටි ඒක කිව්වෙ කටට ආවට….
පොඩ්ඩිගෙ හිත හදන්න විතරයි..

අනෙ අම්මෝ……
එහෙම බලාපොරොත්තුවක් තියේ නම් බලෙන් ආවත් මම ගන්නෙ නෑ
bridsmade ට.
තමුසෙ ඕන විදියකට ඇවිත්
මටත් වෙන්ඩ සිනා කෙනෙක් හොයලා දෙනවා එහෙනම්..
පොඩ්ඩි එහෙම කිව්වෙ අනුහස්ට බට්ටි එහෙම කියන එක මතක් වෙලා…

හා හා…
එ්වා එතකොටනේ…
කෝ දැන් මගේ වෙන්ඩ සිනා…
කාලෙකින් දැක්කෙත් නෑ…
මතක් කළා කියනවා…
තව ටික දවසයි වෙන්ඩ සිනා…
පස්සෙ ඉතිං “”සිනා උණා” තමා..😂😂

😂😂😂😂
කොහෙන් කටට එනවද මන්දා..
ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ට හිනා ගස්සලා මරන්නෙ එහෙම නෑ නේද තමුසෙ..

පිස්සුද පිස්සුද ..
මම මෙහෙ සුහච කීකරු ,සුකුමාල ,ලඳ බොළඳ හැදිච්ච මිසී…
හරිද කලුච්චි…
ෆේෂල් ටිකක් වත් කරගෙන සුදුවෙනවා
නැත්නම් වෙන්ඩ සිනාගෙ යාළුවො හිනා වෙයි…
මොකද බං මේ කියලා..
අනුහස් අයියා ඉතිං චීස් කෑල්ල වගේ ඉන්නවානේ…..
මේ ඒක නෙමේ…
තමුසෙගෙ මස්සිනා ගැන ආරංචි නැද්ද මොකුත්…

කවුද නිසල් අයියද…

අනේ ගොනී…
නිසල් අයියා මගෙත් මස්සිනානේ…
තමුසෙගෙ මස්සිනා කිව්වෙ අනුහස් අයියාගෙ අයියා ගැන…

ම්ම්ම් …
මම මොකුත් දන්නෙ නෑ බට්ටි ..
අනුහස් එක්කත් වැඩි කතාවක් නෑලු..
අනුහසගෙ අම්මාටයි අප්පච්චිටයි විතරලු කතා කරන්නෙ.
අනුහස් මොකුත් කිව්වෙ නෑ මට නම් විශේෂයෙන්….
තාමත් හිතනවද බට්ටි..

නෑ හලෝ…
ඕකනෙ ඉතිං තමුසෙලා එක්ක කතා කරන්න ආස නැත්තෙ…
මම කිව්වානෙ ..
එහෙම මගුලක් නෙමේ..
ආසයිනෙ ඉතිං දැනගන්න..
දවසකට හරි love කරපු එකානේ…
හොඳින්ද කියලානෙ ඇහුවෙ..

හරි හරි..
එහෙනම් ඉතිං කිසි අවුලක් නෑ.
දෙන්නා එහෙ හොඳින් ඉන්නවාලු…

හරි පොඩ්ඩියෙ..
විකාර හිතන්නෙපා…
මට එහෙම තරහක් නෑ..
මම දැන මගෙ රස්සාවට මටත් වඩා ආදරේ වෙලා…
ඒක හරිම උතුම් රස්සාවක් කියලා දැන් තමා මට තේනේනෙ…
මුලින්ම ජොලියට මේක කරන්න හිතුවත් අද මම සතුටුයි මේක තෝරගත්ත එක ගැන….
එහෙනම් තියන්නම්
බුදුසරණයි ..
වැඩ ටික හොඳට කරගන්න….
Good night ….

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
යාළුවනේ …
කතාව බෝරිංද..
කතාව කියවන ප්‍රමාණය අඩු වෙලා…
මේ දේවලුත් කියන්නෙ කතාවෙ වටපිටාව හදන්න..
නැත්නම් එක පාරම වෙච්ච දේ දාන්නත් පුළුවන් මෙහෙම නොකියා…
මොකද කියන්නේ ළමායි…
(මම එ්ක ඇහුවෙ හැමදාම මට comment දාන අයගෙන්….
අනිත් අය ඉතිං සුපුරුදු පරිදි like එකක්වත් දාන්න) 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *