මිහිදුම් සිහින….. 50

50 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

වටපිට බලමින් හිටපු බට්ටි දැක්කේ…
කලකට පෙර බට්ටිගෙන් ආදරේ ඉල්ලපු
ඩොක්ට කෙනෙක්
අම්මා තාත්තා යැයි කිව හැකි දෙන්නෙක් සමග ශාලාවට ඇතුල් වෙනවා…

ම්ම්ම් ……
ඩොක්ට අස්විද කොහෙද මෙහෙ…
අනුහස් අයියාගෙ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි වෙන්න ඇති…
එහෙම හිතමින්ම බට්ටි නැවතත් පෝරුව පැත්තට හැරුණා…

පොඩ්ඩිත් අනුහසුත් ගොඩාක් සතුටින් තමා පෝරුව උඩ හිටියේ..
සතුටු නොවී කොහාමද…..
දෙ⁣න්නාගේ ආදරේ මල්ඵල ගැන්වෙන දවස…
පොඩ්ඩිගේ මුවේ රැඳුණ ඒ අහිංසක හිනාව දැකපු බට්ටිට තමන් ගැනම තරහක් ආවා….
මෙහොතකට හරි පොඩ්ඩි ගැන ඊරිසියා හිතුව එක.ගැන….
මං වෙනුවෙන් තමන්ගෙ ආදරේ පවා නැති කරග්න ගියා නේද…
අනුහස්ට කොච්චර කාලයක් නම්
කැමැත්ත තිබිලත් ඒ ගැන නොකියා හිටියද…
මං වෙනුවෙන්….
බට්ටිටත් නොදැනිම කඳුළු පේලියක් ඇස් අගින් ගලා ගියා…

ඒයි..
චූටි බට්ටි ඔයා අඬනවද….
මොකද දුකයිද…
ළඟින්ම ඉඳපු නිසල් තමා බට්ටිගෙ කඳුළු දැක්කෙ..

ම්ම්ම් …
දුක හිතුණා …
පොඩ්ඩිත් යනවානේ..
මම තනිවෙනවා….

ඒයි පිස්සි..
තව ටික දවසනෙ….
ඔයත් යනවානේ
හැන්ඩි කොල්ලෙක් හොයාගෙන..
එතකොට හරි….
නිසල් බට්ටිගෙ උරහිසට අත දාලා තම උරහිසට බට්ටිව තද කරගන්න ගමන් කිව්වේ…

බට්ටි හිනා වුණා විතරයි…
මොකුත් කිව්වෙ නෑ….

අඬනවද අපේ බට්ටිච්චි …

ඔවු නිකී..
මෙයා තනි වෙනවා කියලා අඬන්නෙ මේ…

එහෙම වෙන්නෙ නෑ..
බැන්දා කියලා බට්ටිව අපි අත අරින්නෙ නෑ..
ලොක්කිත් කිව්වේ ආදරෙන්…

බට්ටි පොඩ්ඩි ගැන හිතපු දේවල් නිසා..
බට්ටිගෙ හිතට බට්ටිටම සමාව දීගන්න බැරුව ලතැවුණා…

පෝරුවෙ චාරිත්‍ර වලදි අම්මා ගැන කියන කොට නම් පොඩ්ඩි වගේම ලොක්කිත් ආයෙම ඇඬුවා…
කිරිකඩ හේලය අම්මාට දෙනකොට අම්මත් ඇඬුවා..
බට්ටි හැඟීම් විරහිතව ඒක තේරුම් ගන්න උත්සහ කළා….
තමන්ට මෙහෙම අවස්ථාවක් එන්නෙ නෑනෙ කියලා හිතුණා……

චාරිත්‍ර ඉවර වෙලා පොල්තෙල් පහන, කේක් කැපීම වගේ විසිතුරු අංග ටිකත් ඉවර වෙලා
නිසල්, තිළිණ වගේම තාත්තත් නෑදෑ හිත මිතුරන් සමග කතා බහට එක් වෙද්දි…
අම්මත් නැන්දලා මාමලා එක්ක කතා බහට ගියා..
⁣හිටපු මේසෙ ඉතුඑ වුණේ ලොක්කියි,නිමේෂියි එයාගෙ දෙමව්පියනුත්, බට්ටිත් විතරයි..
පෝරුවෙන් බැස්ස වෙලේ ඉඳලත් පොඩ්ඩිලාගෙ ෆොටෝ ගන්නවා ඉවරයක් නෑ….

පොඩ්ඩි හිටියෙ හරිම කම්මැලි කමින්…
ලොක්කිත් නිමේෂිලා එක්ක කතාව..
වට පිට සිරි බල බල ඉද්දි බට්ටි දැක්කා ඩොක්ට අස්විද එක්ක තාත්තා හරි සුහදව කතා කරනවා…
ඒ අතරෙ එකපාරම අස්විද හැරිලා බට්ටි හිටපු දිහා බැලුවා…
බට්ටිට අහක බලන්න තරම් වෙලාවක් නෑ…
ඒ නිසා බට්ටි පොඩි හිනාවක් දාලා ඉස්සරහා බලාගත්තා…
ඈ..
තාත්තා කිව්ව ඩොක්ට මෙයාද?????😦

අස්විද කියන්නෙ තලෙළු උස මහත ගානට තියෙන ටිකක් හැඩි දැඩි කෙනෙක්..
තේජාන්ට වගේ උස පෙනුමක් නෙමේ තිබුණෙ..
පොඩි නපුරු පාටක් මූණට ආවෙ ඒ විදියත් එක්ක මූණ පුරා තිබ්බ අකීකරු රැවුල නිසා වෙන්න ඇති…
නැත්නම් අස්විද නපුරු කෙ⁣නෙක් නෙමේ……….

මේසෙ උඩ තිබුණ අැපල් plate එකට වග කියන ගමන් බට්⁣ටි ඉතිං අනුහස්ලාගෙ නෑදෑයන්ගෙ ඇඳුම් බල බල ඒවයෙ ඇද හිත හිත ඔහේ හිටියා….
මොකද ඉතිං මේ වගේ තැනක එහෙ මෙහෙ රස්තියාදු වෙලා චාටර් වෙන්නත් බෑනේ..
හයි ෆයි නේ…

මිතුණී…

එකපාරම කණ ළඟින් ආව කටහඬට බට්ටිව ගැස්සුණා..
හැරිලා බලද්දි ඩොක්ට අස්විද..

ආ…
ඩොක්ට…
කියමින්ම බට්ටිව නැගිට්ටවුණා…

ඉඳගන්න ළමයෝ..
ඩොක්ට කියන්නෙ මේ hospital එක නෙමේ…
මම මෙතනින් ඉඳගන්නද..

ආ..මේ…
හා ..
ඩොක්ට ඉඳගන්න….

අස්විද ඉඳගන්න ගමන්ම හිටපු අනිත් අය දිහාත් බලලා සුහද හිනාවකින් සංග්‍රහ කළා…
මේ අය කවුද මිතුණී…
මට හඳුන්වා දෙනවද
මමම අඳුනගන්නද..
ලස්සනට හිනා වෙලා බට්ටි දිහා බලපු අස්විද ඇහුවේ ලොක්කිත් නිමේෂිගෙ ගෙදර අයත් ටිකක් පුදුමෙන් වගේ බලන නිසා…

ආ..
මේ ඉන්නෙ මගෙ ලොකු අක්කා නිකිණි..
මේ ඉන්නෙ අයියා මැරි කරන්න ඉන්න අක්කා නිමේෂි මේ එයාගෙ අම්මයි තාත්තයි…
කට්ටියම හඳුන්වලා දීලා අස්විද පැත්තට හැරුණ බට්ටි,
එතකොට මේ ඉන්නෙ අපේ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්..
ඩොක්ට අස්විද..
මෙහෙට ආවෙ කාගෙ පැත්තෙන්ද , කොහොමද කියලා මම නම් දන්නෙ නෑ….
ඒක ඩොක්ටගෙන්ම තමා අහගන්න වෙන්නේ…

ම්ම්ම් …
මට නිකන්ම අස්විද කිව්වා නම් ඇති…
මම ආවෙ අපිට මිතුණීගේ තාත්තා invite කරපු නිසා..
අපේ අප්පච්චියි ඔයාලාගෙ තාත්තයි යාළුවො..

බට්ටිගෙ ඇස් ලොකු වුණා…
මලා…
මේ තමයි එහෙනම් මට propose කරපු ඩොකා..
මම කොහෙමෙද මූට මාව එපා කරවන්නෙ..
වැරදි දෙයක් කරන්නත් බෑ..
මු කෙහොමත් දැන් අපේ තාත්තට කැමැත්ත දීලා ඉවර ඇති…
කලින් පාර බේරුණේ කොල්ලෙක් ඉන්නවා කියලා.
දැං මොකද කරන්නේ…
බට්ටි දහ අතේ කල්පනා කළා…

ලොක්කි නම් පොඩි කිණ්ඩි හිනාවක් දාලා ඉඟි කලේ
Maching couple කියලා…
බට්ටි ඉතිං රවනවා..
අස්විදත් මේක දැක්කා…
අස්විදටත් හිනා ගියා…

ලොක්කි ආයෙම නිමේෂිගෙ අම්මලා එක්ක කතාවට වැටෙද්දි..
අස්විද,බට්ටිව කතාවට අල්ලගන්න බැලුවා…

මේ..
මිතුණී …
මුලින්ම කියන්න ඕන ඔයා අද හරිම ලස්සනයි…
මම දැකලා තියෙන්නෙ යුනිෆෝම් එකෙන් විතරනෙ..

ආ..
Thank you ඩොක්ට…
මිතුණී ඒක කිව්වෙ වැඩිය ගානක් නොගෙන

මිතුණි,
ඔයාලගෙ තාත්තා කිව්වද මං ගැන මොනවා හරි…

ම්ම්ම් …
මතකයක් නම් නෑ ඩොක්ට..
බට්ටිත් නොදන්න ගානින් කතා කළා…

මේ..
ඔයාව මට propose කරලා තියෙනවා අප්පච්චිලා…
මම දන්නෙ නෑ මුලින්ම අපේ අප්පච්චි කියද්දි ඒ ඔයා කියලා…
පස්සෙ ෆොටෝ එක දැකලයි අඳුරගත්තෙ…
එතකොට දැං අර හිටපු ⁣boy ට මොකද වුණේ…
තාත්තලා ඒක නොදැනද ඔයාට proposal හොයන්නේ…

ආ…
ඔව්නෙ ඩොක්ට..
තාත්තලා දන්නෙ නෑ..

ඉතිං ළමයො ඒක අම්මලාට කියන්න තිබ්බනෙ…
බොරුවටනෙ අම්මලා යෝජනා හොයන්නෙ…

නෑ මේ…
අම්මලාට කියන්න බෑ…
එයාට අම්මලා කැමති වෙන්නෙ නෑ…
ඒකයි….

ඇයි..
ඉතිං කැමති වෙන්නෙ නෑ කියලා,
වෙන එකක් කරන්නෙත් නැත්නම් කොහොම හරි කැමති කරගන්න වෙනවානේ…
අකමැත්තෙන් හිතුවක්කාර තීරණයක් ගන්න අදහසක් මිතුණිට නැතුව අැති කියලා මං හිතනවා..
අස්විද ඒක කිව්වෙ ලස්සන හිනාවකුත් එක්ක…

ඒත් මිතුණීට, තේජාන් විතරක්ම ඉන්න හිතෙන්
ඒ ලස්සන පේන්නෙ නෑ…..
යකා නැග්ගා ඔළුවටම…
ඒත් පාලනය කරගෙන හිටියේ මොකුත් කියන්න බැරි නිසා…

ඔව් ළඟදිම මොකක් හරි කරන්න ඕන…
ඩොක්ට මට අකමැති කියන්නකො දැනට..
ඒ ඇති…

ම්ම්ම් …
ඒක නම් කරන්න බෑ මිතුණි…
මම දැනටමත් ඔයාට කැමැත්ත දීලා ඉවරයි..
හැබැයි මම කිව්වා ඒ ඔයා කැමති නම් විතරයි කියලා
මට ඕන නෑ කෙනෙක්ව බලෙන් බැඳගෙන විඳවන්න..
මට ඕන නිදහසේ ජීවිතේ විඳින්න….

අැත්තටම අස්විද කියන්නෙ හොඳ ගතිගුණ තියෙන,
කෙලින් කතා කරන,
බොරු සෝබන නැති කොල්ලෙක්..
තේජාන් බට්ටිගෙ මුළු හිතම අරක්ගෙන නොහිටියා නම්…
බට්ටිට වුණත් හිත යන්න තිබුණා…

Excuse me…
කිව්ව බට්ටි එතනින් නැගිටලා මනාල ජෝඩුව ඉන්න දිහාට ගියේ තරහටමයි…

අස්විද බට්ටි යන දිහා බලාගෙන හිටියෙ කට කොනින් හිනාවෙන ගමන්…
කෙල්ලට තරහා ගිහින් කියලා අස්විදට තේරුණා..
ඒ වගේම කෙල්ල කිව්වෙ බොරු කියලාත් අස්විදට තේරුණා..
හිතේ තියෙන පරණ මතකයන් එක්ක කෙල්ල දුක් විඳිනවා කියලා අස්විද ඒ ඇස් වලින් දැක්කා…

ඉන්නකො කෙල්ලේ…
මම කොහොම හරි ඔයාගෙ දුක නැති කරලා, මගෙ ආදරෙන් ඔයාව පිස්සු වට්ටනකල්…..
බට්ටි යන දිහා බලාගෙන අස්විද එහෙම හිතුවා…

අස්විද බට්ටිගෙ හීනි ඇස් දෙකට තමා මුලින්ම ආස වුණේ…..
වාට්ටුවෙ ඉන්න රෝගීන් එක්ක ඇස්වලින් පවා හිනා වෙවී..
ඒ රෝගින්ගේ වේදනාව මොහොතකට හරි නැති කරන්න උත්සහ කරන මේ හුරුබුහුටි හෙදිය ගැන මුලින්ම ආවෙ ගෞරවයක්..
හෙද සේවයේ අරුත මනාව වටහාගෙන කරන ඒ සේවය හරිම උතුම්…
ටික දවසක් බලාගෙන ඉද්දි තමා අස්විදගෙ හිතටත් නොදැනිම මිතුණි⁣ට ආදරේ වුණේ….
ඒත් මිතුණිගෙන් ඒ ගැන අහපු වෙලාවෙ හිනා වෙලාම මිතුණී ඒක ප්‍රතික්ෂේප කළේ වෙනත් සම්බන්ධයක් තියෙන බව කියලා…
අස්විදත් ආයෙ බට්ටි ගැන ආදරේ කරන කෝණයෙන් බලන්න ගියේ නෑ ඒ නිසා….
නමුත් තාත්තලා ගෙනාව යෝජනාව ගැන බලද්දි මිතුණිගෙ ෆොටෝ එක දැක්කම ආයෙමත් ඒ ආදරේ මතුවුණා….

බට්ටි කසාදෙට පස්ස ගහනවා කියලත් පරණ සම්බන්ධයක් තිබිලා කාලෙකට කලින් ඒක නැවතුනා.කියලත් බට්ටිගෙ තාත්තා අස්විදට කිව්වා…
හැබැයි ඒ තේජාන් කියලා වත්, අනුහස්ගෙ අයියා කියලාවත් කියන්න නොගියෙ අනවශ්‍යයි කියලා හිතුණ නිසා…
කැමති නම් දවසක බට්ටිම කියයිනෙ ඒ ගැන…
එහෙම තමා බට්ටිගෙ තාත්තා හිතුවේ….
බට්ටිව කැමති කරගන්න එක අස්විදටම බාර කළා….
මොකද බට්ටි අකමැත්තෙන් බලෙන් කසාදයක් කරලා දෙන්න කොච්චර වුණත් බට්ටිගෙ දෙමව්පියන් වත්, තිළිණ වත් කැමති නෑ…

****************************

පොඩ්ඩි ළඟට ගිය බට්ටි ටිකක් වෙලා බලාගෙනම හිටියා…
අනුහස් වගේම පොඩ්ඩිත් බැලුවෙ ප්‍රශ්නාර්ථයක් එක්ක…

අද මගෙ කලුච්චි පට්ටම ලස්සනයි හලෝ…
අනුහස් අයියේ..
මොකක්ද මෙයාව වෙඩිමට කලින් එක්ක ගිය saloon එක..
මටත් කියන්නකො අනේ…
ඉණටත් අත් දෙක තියාගෙන බට්ටි එහෙම කිව්වම නම් ප්‍රශ්නාර්ථයක් තිබ්බ මූණු දෙකට ⁣ලස්සන හිනාවක් ආවා…

ඒවා රහස් නේද අනුහස්…
එහෙම කියන්නෙ නෑ…
අද ඔයත් හරිම ලස්සනයි බට්ටිච්චි…
මට පෙන්නුවෙම නෑනෙ මොකක්ද අඳින්නෙ කියලා ඇහුවට…
දන්නවද අනුහස්..
මෙයා ඉස්සර මගෙ ඇඳුම් උස්සලා අපි දෙන්නා හැමදාම වලි…
මම වැඩට අඳින්න අයන් කරලා තියෙන ඇඳුම මෙයා පන්ති ඇඳලා මම පහුවෙනිදා ලෑස්ති වෙද්දි තමා දන්නෙ.

අනුහස්ට හිනා…

ඒම තමා නේද සිනා…
අක්කලා වුණාම ඒවා ඉවසන්න ඕන..
මේ ඒක නෙමේ…
ඇත්තටම ඔයා අද හරිම ලස්සනයි පොඩ්ඩි….
කවුද bridsmade color select කළේ…
ඒ පාටත් නියමයි….
Uncommon ..

වෙන කවුද ඉතිං…
ඔයාගෙ සිනා fashion designer කියලා අමතක වුණාද…
එයාගෙ colors, එයාගෙ design
මට තිබ්බෙ දෙයියනේ කියලා බලාගෙන ඉඳන්
කැමතිද නැද්ද කියන්න විතරයි…

මරු මරු..
එහෙනම් මම ගියා ඈ…
දැන් table visit යන්න ඕන නේද…

ආ..
මේ යන්න කලින් කියනවා..
කවුද අර තමුසෙ ළඟටම ඇවිතු කතා කර කර හිටපු හැන්ඩියා …

අම්බෝ…
තමුසෙටත් මාර ඇහැක්නෙ පොඩ්ඩි තියෙන්නෙ..
මෙහෙ වෙඩිම..
එ් අස්සෙ අච්චර දුර තියෙන අපේ table එකේ වෙච්ච දේවලුත් බලලා..
බට්ටි කිව්වෙ කම්මුලේ අතකුත් ගහගෙන පොඩ් ඇක්ෂන් එකකුත් දාලා…

මම බැලුවෙ ගෙදර අය කෝ කියලා හලෝ..
එතකොට දැක්කෙ…
කියනවාකො ඉතිං ඒ කවුද….

අපේ තාත්තා චූටිබෑනා කරගන්න
කැමැතතෙන් ඉන්න නමුත්
කවදාවත් එහෙම නොවන කෙනා…

ආ…
හරි හරි….
අර තාත්තා කිව්වෙ යාළුවෙක්ගෙ පුතා ගැන..
එ් ඩොක්ට ද..

ඔව් ඔව් එයා තමා..
බලන්නකෙි අනුහස් අයියෙ
මටවත් නැති සතුටක් පොඩ්ඩිට..
මේ හලෝ..
දැන් ඔයා බැඳලා…
හබියා එහා පැත්තෙ..
වෙන කෙල්ලන්ට ලයින් දාන්නෙපා…
මම යනවා..
කියලා හැරෙද්දි..

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *