මිහිදුම් සිහින….. 51

✨🌹මිහිදුම් සිහින…..✨

51 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

මම යනවා කියලා හැරෙද්දිම
බට්ටිව හැප්පුණේ එතනින් යන්න ආව වේටර් කෙනෙක්ගෙ ඇඟේ…
බීම වීදුරුවක් බිම වැටිලා කඩුණෙ බට්ටිගෙ ඇඟෙත් බීම හැලිලා…

ඕහ් ..
Im really sorry miss..
වැරැද්ද බට්ටිගෙ වුණත් ඔහු ආචාරශීලිව සමාව ඉල්ලුවෙ හෝටලේ නීති රීති නිසා….

ආ..හ්..
its ok..
Wash room එක කොහෙද තියෙන්නෙ…
බට්ටි අතේ වැරැද්ද නිසාම බට්ටිත් සුහදව කතා කළා…

අතනින් යන්න මිස්..
කියලා ⁣wash room තියෙන පැත්තත් පෙන්නපු ඔහු වැටුණ වීදුරුවේ කැබලි ටික එකතු කළා…

නංගි අවුලක් නෑ නේද…
අනුහස් ඇහුවා..

ආ නෑ අයියා…..
කිව්ව බට්ටි
wash room එකට ගිහින් ඇඟේ හැලුන බීම ටිකත් හෝදගෙන
තවත් වෙලාවක් එතනම රැඳුනේ
බිත්තියේ ගහලා තිබ්බ විශාල කණ්නාඩියෙන් තමන් දිහාම බලාගෙන…..

ඇත්තටම ලස්සනයි….
ඒත් මේ ලස්සන බලන්න ඕන කෙනා…
අද ලංකාවෙත් නෑ…
ඇයි තේජාන් අයියෙ ඔයා මට මගේ හිතත් නැති කළේ…
මට අනිත් ගෑණු ළමයින්ට වගේ ලොකු ලොකු හීන තිබ්බෙ නෑ…
කසාද බඳින්න, පවුලක් හදාගන්න, ළමයි හදන්න…
මම හැමදාමත් නිදහස් ජීවිතේට ආස වුණේ….
ඔයා එකපාරම සුළි සුළඟක් වගේ
මගෙ ජීවිතේට ඇවිත්…
මගේ තිබ්බ සැනසීම, නිදහස හැමදේම උදුරගෙන
ජීවිතේම හැඩි කරලා යන්න ගියා..
මගේ යහපත වෙනුවෙන් ආදරෙත් දන් දෙන්න හදපු පොඩ්ඩිට ඉරිසියා කරන තැනට මාව අසරණ කළා…
කිසිම දවසක තියෙන දෙයින් සතුටු වුණා මිසක්,
අනුන්ට තියෙන දේ දිහා බලලා හූල්ලපු නැති මම…
පොඩ්ඩිගෙ, ලොක්කිගෙ විතරක් නෙමේ…
ආදරේ ජයගත්ත හැම කෙනෙක් දිහාම බලලා හූල්ලනවා….
ඒ මොනවා වුණත් මට ඔයාට වෛර කරන්නවත් හිත හදාගන්න බෑ….
වෙන කෙනෙක්ට දෙන්න ආයෙ මගෙ ළඟ හිතක් නෑ…
මුළු හිතම ඔයා අරන් ගිහින් තේජාන් අයියේ..
ඒත් මට මෙහෙම වත් ඔයා ගැන හිතන්න අයිතියකුත් නෑ……
කඳුලු වැල් දෙකක් ඇස් වලින් ගලාගෙන යද්දි…
කණ්නාඩියෙන් පේන තමන්ගෙම රූපෙට හිතින් මිමිණුවා …

බට්ටි wash room එකට ගියා දැක්කෙ මනාල ජෝඩුව විතරයි….
ලොක්කි බැලුවා බට්ටි පේන්න නැත්තෙ ඇයි කියලා….
අන්තිමට දැක්කෙ පොඩ්ඩි ළඟ ඉන්නවා නිසා පොඩ්ඩිගෙන් ඇහුවා..

මේ බට්ටි මෙතන ඉඳලා කොහාටද ගියේ..

ආ..හ්..
බීම එකක් හැලිලා wash room පැත්තට ගියා..
දැන් ටිකක් වෙලානෙ
ආවෙ නැද්ද

ආ..
හරි මම බලන්නම්
කියපු ලොක්කි ඉක්මනින් ඒ පැත්තට ගියා…

බට්ටි පියවි ලෝකෙට ආවෙ දොරේ අගුල කරකෙන සද්දෙන්…
ටක් ගාලා ටිෂු එකක් අරන් කඳුළු මාත්තු කරගද්දිමයි ලොක්කි ඇතුළට ආවෙ…

මොකද බට්ටි මෙච්චර වෙලා කළේ…
කෝ බලනවා….
ඇඬුවා නේද…
ඇයි බට්ටි…
මොකක්ද ප්‍රශ්නෙ…
තාමත් ඔයා තේජාන් නිසා විඳවනවද….

පිස්සුද හලෝ…
තමුසෙලා එක්ක බැරි ඕකනෙ..
හැම එකටම ඒ මගුල අල්ලගන්නවා…
මට දුකයි හලෝ..
මුලින්ම තමුසෙ ගියා..
දැන් පොඩ්ඩිත් යනවා…
මම තනි වෙනවා…

ඉතිං…
තව ටික දවසකින් ඔයත් යන්න ..
අස්විද එක්ක
එතකොට තනියක් නෑ….

අනේ මේ…
අම්මෝ මට බෑ..
යමු යමු ඉස්සරහට..
කියලා බට්ටි ඒ කතාව තව දුරටත් ගෙනියන්න තියෙන අකමැත්ත නිසාම ලොක්කි එක්කම එළියට ආවා…

*********************

අස්විද නැවතත් බට්ටිව අල්ලගත්තේ කෑම කන වෙලාවේ….

මිතුණී …😍
ඉතිං මට කියන්නකො ඔයාගෙ boyගෙ විස්තර..

ඒ මොකටද…
ඩොක්ටට එ්වා අදාළ නෑ…😠

මොකද නැත්තෙ..
මට බඳින්න කතා කරලා තියෙන්නෙ ඔයාව..
ඉතිං මාව ඔයා reject කරන්න හේතු වුණ පිරිමි ළමයා ගැන මම දැනගන්න ආසයි….🙂

ඒ වුණාට මම කියන්න ආස නෑ…😏

එහෙම කොහොමද…
එහෙනම් ඉතිං මට ඔයාට උදව් කරන්න බැරිවෙයි
ඒ බෝයි ළඟට යන්න….😉

කෙහොමත් ඩොක්ටට තියා කාටවත් මට උදව් කරන්න බෑ ඒකට…😞

මේ ළමයෝ ඩොක්ට ඉන්නෙ hospital එකේ…
මම අස්විද..
ආයෙ ඩොක්ට කිව්වොත් බලාගත්තැකි…

ඇයි..
ඩොක්ට මට මොනවා කරන්නද😠
ආයෙම පරණ බට්ටි ඇවිස්සුණා…

ම්ම්ම් …
මොනවා කරන්නද නේහ්…
මොනවාම හරි කරනවා අමතක නොවෙන්න..😋

තර්ජනයක්ද😠

අනේ නෑ….
ආදර තරවටුවක්…😍😉

හඃ…😏😠
කියලා ගස්සපු බට්ටි කමින් හිටපු එකත් තියලා නැගිටලා යන්න ගියා…

අස්විදට දුකක් නොදැණුනාම නෙමේ….
ඒත් බ⁣ට්ටි යන දිහා ආදරේ පිරුණ දෑසින් බලාගෙන ඉඳලා…
ටිකකින් ඔහුත් නැගිටලා ගියා….

මේ විදියට අස්විද බට්ටි එක්ක
මිතුරෙක් විදියට හරි ළං වෙන්න කිහිප
අවස්ථාවකම උත්සහ කළේ…..
මේ විදියට බට්ටිගෙ පස්සෙන් යන්න, කතා කරන්න ⁣hospital එකේදි වෛද්‍යවරයකු විදියට ඔහුට බැරි නිසා…
ඒත් බට්ටි ඒ සඳහා කිසිම බුරුලක් පෙන්නුවෙ නෑ…
අන්තිමේදි අස්විදටම එපා වෙලා
තවත් බට්ටි එක්ක කතා කරන්න ගියේ නෑ…

අනුහස්ලා පිටත්ව යන වෙලාවෙ පොඩ්ඩිව බදාගෙන බට්ටි ඇඬුවා…
ලොක්කිත් ඇඬුවත් බට්ටි තරමට නෑ…
පොඩ්ඩිත් ඇඬුවා..
තිළිණ උපේක්ෂාවෙන් බලාගෙන හිටියා…

**********************

අනුහසුත් පොඩ්ඩිත් මදුසමය සඳහා තෝරගෙන තිබුණේ…
සතියක සංචාරයක් මැලේෂියා වල…
සතියකින් තමා දෙවනි ගමන සඳහා අනුහස්ලාගෙ ගෙදර සාදය සූදානම් කරලා තිබ්බේ…

බට්ටි ඒ නිසා පහුවෙනිදම ආයෙ නුවර ගිහින්,
Homecoming එක පවත්වන්නෙ රෑ නිසා එදා උදේට ගෙදර එන්න තමා හිතුවෙ…

ගෙදර ඇවිත් අඹ ගහ යට බංකුවෙ ඉඳගෙන
ඈත බලං හිටපු
බට්ටි ළඟින් තිළිණ ඇවිත් ඉඳගත්තේ කරටත් අත දාගෙන…

මගෙ බට්ටිච්චි …
අද හරිම ලස්සනට හිටියානේ..
මම අහගෙන කොල්ලො දෙතුන්දෙනෙක්ම කතා වෙනවා..
කවුද අර හිංදි actress වගේ කෙල්ල කියලා…

අනේ යන්න අයියා බොරු නොකියා…
තව ඕන තරම් ලස්සන කෙල්ලො හිටියෙ….

ඒ වුණාට මගෙ චූටි නංගි අද ඒ හැමෝටම වඩා ලස්සනයිනේ…
අනුහස්ගෙ යාළුවො තමා මැරෙන්න හැදුවෙ
අනුහස්ට කියලා නෑනව ගොඩදාගන්න ඕන කිය කිය…
තිළිණ අද අන් කවරදාටත් වඩා බට්ටි ළඟ දොඩමළු වෙනවා….
බට්ටි ටිකක් පුදුමෙන් තමා බලන් හිටියෙ…

මේ…
බට්ටි…
අස්විද එක්ක කතා කළා නේ අද…
මොකද කියන්නෙ…

අනේ…
මොනවා කියන්නද ඉතිං..

අස්විදව මම අඳුරනවා බට්ටි..
ඒ වගේ හොඳ කොල්ලෙක් මම දැකලම නෑ මෙච්චර කාලෙකට…
අනුහස් මල්ලිත් ඒ තරම් නිහතමානී නැතුව ඇති
බට්ටි…..
පරණ දේවල් සේරම අත ඇරලා දාලා පොඩ්ඩක් හිතන්න..
මේ අයියා කවදාවත් උඹට වැරැද්දක් කරන්නෙ නෑ.කියලා දන්නවා නේද….
අස්විද දැන්ම මැරි කරන්න කතා කරන්නෙත් නෑනෙ
ටිකක් ආස්‍රය කරලා බලන්න….
පරණ දේවල් ඉබේම අමතක වෙයි…

බට්ටි මොකුත්ම කිව්වෙ නෑ…

අඩු තරමෙ යාළුවො විදියට වත් කතා කරලා බලනවා
මට දැන් හිතේ තියෙන එකම බර උඹ..
මට බයයි බං..
උඹේ හිතේ මොනවා තියෙනවද කියලා..
අනිත් උං දෙන්නාට දෙකක් ගහලා හරි
හිතේ තියෙන දේ දැනගන්න පුළුවන් වුණත්
උඹෙන් එහෙම බෑ කියලා මම දන්නවා…
පොඩි කාලෙත් තාත්තා කොච්චර ගැහුවත් උබෙන් දෙයක් දැනගන්න උඹ කට අරින්නෙම නෑනෙ….
අන්තිමට තාත්තටමයි ගහලා එපා වෙන්නෙ…
ඒකමයි බං මම උඹට අනිත් උං දෙන්නට වඩා සැරෙන් හිටියෙ…
උඹ හරි හිතුවක්කාරයි…

මගෙ නංගියෙ…
උඹ නෙමේ ආදරේ කරලා ඒ සම්බන්ධෙ නැවතුන එකම කෙල්ල…
මේ ලෝකෙ ඕන තරම් මේ වගේ දේවල් වෙනවා බං..
හැබැයි එහෙම කියලා ඒ මත්තෙම මැරෙන්නෙ ඇයි…
සැබෑ ආදරේ කියන්නෙ හිමිකරගැනීමම නෙමේ කියලා කියයි…
ඔව් ඒක ඇත්ත..
ඒත් බං කෙල්ලෙක්ට මේ ලෝකෙ තනියම ඉන්න අමාරුයි…
බෑ කියන්නෙ නෑ මම
මොකද එහෙම ඉන්න අය ඇති ඕන තරම්….
ඒත් තේරුම්ගන්න..
ලොක්කි බැඳලා ගියා…
ඉස්සර තරමට දැං ලොක්කිට පුළුවන්ද ඔයා ළඟට වෙලා ඉන්න…
බෑ නේද…
ඇයි ඒ..
එයාට දැන් වෙනමම පවුලක් තියෙනවා බලාගන්න..
එතකොට පොඩ්ඩි වුණත් එහෙම තමා..
මේ කියන මම වුණත් කසාද බැන්දම තියෙන වගකීම් එක්ක පොඩි දුරස් බවක් එනවා බට්ටි…
අම්මා තාත්තා හැමදාම ඉන්නෙ නෑ…
එතකොට දවසක උඹ තනිවෙනවා බං…
අපි කොච්චර ආදරේ වුණත් උඹට වුණත් දැනෙයි
මං තනිවෙලා කියලා..
ඒක අද තේරෙන්නෙ නෑ….

බට්ටි ඇස් වලට උණන කඳුළු ආයාසයෙන් දරාගෙන තොල් පට විකාගෙන තිළිණ කියන දේවල් අහගෙන හිටියෙ….

තිළිණත් ඈත බලාගෙනම තවත් කියවනවා…

දැං බලනවා ඇති ඇයි මම මෙහෙම කියන්නෙ කියලා නේද…
උඹ දන්නවද
අපි උඹට මුලින් නුවර යන්න එපා කිව්වනේ..
ඒත් පස්සෙ ගෙදර හැමෝම කැමැත්ත දුන්නානේ..
ඒ මම නුවර හොස්පිටල් එකේ ඉන්න මගේ යාළුවෙක්ගෙ නැන්දා කෙනෙක් නිසා…
ඇටෙන්ඩන් ඇන්ටි කෙනෙක්..
ඒ ඇන්ටිට කිව්වා මම මගෙ නංගිව බලාගන්න කියලා
ඒ ඇන්ටිව උඹ අඳුරගනීවි මම මෙ⁣හෙම කිව්වොත්..
දැන් මාස දෙකකට විතර උඩදි මහත්තයා accident වුණේ….
ඒ නිසාම එහෙන් ගම්පහට ට්‍රාන්සර් හදාගෙන ආවෙ..
අන්න එයා..

බට්ටිට මතක් වුණා ඒ කිව්ව ඇටෙන්ඩන් ව..

ඉතිං ඒ ඇන්ටි තමුසෙ ගැන බැලුවා…
එහෙ ගිහින් හිටපු කාලෙට අස්විද අැතුළුව තව තුන් හතර දෙනෙක්ම තමුසෙට ලයින් දැම්මානේ..
ඒ හැමෝටම දුන්න උත්තරේ අන්ටිට කියලා තිබ්බෙ තමුසෙගෙන් ඇහුව male නර්ස් කෙනෙක්….
නංගි මට හිතෙනවා නිකමට උඹේ හිතේ තියෙන දේ..
ඒකමයි මම තාත්තට කියලා අස්විදගෙ තාත්තා එක්ක තිබ්බ යාළු කම අලුත් කරගෙන මේ යෝජනාව කලේ්…
නැත්නම් අපේ තාත්තාගෙයි අස්විදගෙ තාත්තාගෙයි යාළුකම යට ගිහින් තිබුණෙ…
හිතපං..
මොළයක් තියෙනවානේ…
උඹ ගැන දශමයක් නොහිතපු ඒ වගේ කෙනෙක් වෙනුවෙන් උඹට ආදරේ මේ මුළු පවුලම දුකට පත් කරනවද කියලා…

කියපු තිළිණ බට්ටිගෙ ඔළුවත් අතගාලා ගෙට ගියා…

මෙච්චරවෙලා හිර කරන් ඉඳපු කදුළු ඔහේ කඩා වැටෙන්න ඉඩ ඇරපු බට්ටි තිළිණ කිව්ව වචනයක් ගානෙ ආපහු හිතුවා….

අන්තිමේදි බට්ටි තීරණයක් අරන්
ගෙට යන්න නැගිට්ටා

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *