මිහිදුම් සිහින….. 52

52 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

කතාවට කලින් දෙයක් කියන්න කැමතියි..
බට්ටිට ඔයාලා ගොඩක් ආදරෙයි කියලා මම දන්නවා..
දුක් දෙන්න එපාලු, තේජාන්ව ගේන්නලු..
කතාව කියවන ඔයාලට ඔහොම දුකයි නම්..
ඒකට මුහුණ දුන්න බට්ටිට කෙහොම දැනෙනවා ඇද්ද..
බට්ටි අවුරුදු 3ක් දුක් වින්දා……..
තේජාන් නිසා..
තේජාන්ගෙන් කිසිම ආරංචියක් නැතුව….
හිතින් ආදරේ කරමින්…

මට එක පාරම අවුරුදු 3කට පසු කියලා පටන්ගන්න තිබ්බා..
ඒකට තමා මම ඇහුවෙ බෝරිංද කියලා..
ඒත් වැඩ් දෙනෙක් කිව්වා නිදහසේ ගලාගෙන යන්න දෙන්න කියලා..
ඒ අවුරුදු 3 බට්ටි විඳපු වේදනාවෙන් හරිම පොඩ්ඩයි මම මේ ලිව්වෙ…

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

බට්ටි ගෙදර අය වෙනුවෙන් අස්විද ගැන හිතන්න තීරණයක් ගත්තා…
කවදාවත් ආදරේ කරන්න බැරි වෙයි..
ඒත් අයියා කිව්වා වගේ මට මේ තරම් ආදරේ කරන ගෙදර මිනිස්සුන්ට මං වෙනුවෙන් දුක් වඳින්න දෙන්න බෑ කියලා බට්ටි හිතුවා…

තාත්තේ…
මම අස්විදට කැමතියි කියන්න බෑ…
ඒත් මම ආස්‍රය කරලා බලන්න කැමතියි..
හැබැයි මම ආස්‍රය කරලා බලලා ගන්න තීරණේට ඔයාලා කැමති වෙන්න ඕන…
මට හිතුණොත් අස්විදව මට ගැලපෙන්නෙ නෑ කියලා
ඔයාලා ඒක පිළිගන්නවද…
බට්ටි රෑ කෑම කද්දි ඇහුවේ අම්මයි තිළිණත් ඉන්න.තැන…

ඔව්
බට්ටි මටවත්, අම්මටවත්
අපි කාටවත් ඔයාව බලෙන් කාටවත්ම බන්දන්න ඕන කමක් නෑ….
ඒ නිසා ටිකක් කතා බහ කරලා …
තමන්ගෙ ගෞරවේට හානියක් නොවෙන විදියට ආස්‍රය කරලා බලලා තීරණයක් ගන්න…
අස්විද පුතත් ඒකට කැමතියි…
දැන් හෙට උදේම යනවා නේද hospital ..

ඔව් තාත්තා…
ආයෙ මම සෙනසුරාදා දවල්ට එන්නම්
රෑනෙ party එක

හ්ම්ම් ..
හෙට අස්විද පුතත් යනවා කිව්වා..
බට්ටි කැමතිද අස්විද එක්කම යන්න..
මගෙන් ඇහුවා හවස
මම මොකුත් කිව්වෙ නෑ…

හා තාත්තා..
එන්න කියන්න..

කාලා ඉවරවෙලා කාමරේට යන්න යද්දි
තිළිණ කතා කළා….

බට්ටි..
තමුන් ගැන හිතන්න….
අනුන් වෙනුවෙන් තීරණ ගන්නෙපා..
කියලා බට්ටිගෙන් පිළතුරක් බලාපොරොත්තු නොවීම
යන්න ගියා…

******************
පහුවදා අස්විද නම්
බට්ටිව ගන්න ආවෙ හරිම සතුටින්
අස්විද ඉන්නෙ වේයන්ගොඩ…
බට්ටිගෙ තාත්තා රෑ කතා කරලා කිව්වම අස්විද උදේ වෙනකල් හිටියෙ හරිම නොඉවසිල්ලෙන්….

Good morning මිතූ….

කාර් එකට නගිද්දිම අස්විදඑහෙම කිව්වම
බට්ටි අස්විද දිහා බැලුවෙ නිකං
ඒ කවුද ඒ කියලා අහන්න වගේ බැල්මකින්…

Good morning …
එච්චරයි බට්ටි කිව්වෙ

ඉතිං..
මිතුණිට මම මිතූ කියලා කතා කරනවට අකමැතිද
⁣අස්විද ඇහුවෙ හරිම ලයාන්විතව..

ඩොක්ට කැමති එකක් කියන්න…
මොකක් කිව්වත් මට දැනෙන්නෙ නෑ…
දෙවනි වාක්‍යය නම් හිතුවා විතරයි කිව්වෙ නෑ….

ආ…ආ…ආ….
අන්න ළමයා වැරදි වචනයක් කිව්වා…
මගේ නම අස්විද කවිශාන්…
ඔයා ඒ නම් දෙකෙන් එකක් හරි, ඒවයින් හදාගත්ත නමක් හරි..
ඒ මොකුත්ම බැරිනම් අයියා හරි කියන්න…
ඩොක්ට කියලා නම් කියන්නෙපා බබෝ…
එතකොට මට දැනෙන්නෙ ඔයා මගෙ patient කෙනෙක් හරි සේවකයෙක් හරි වගේ..
අපි ඊට වඩා ළඟයිනේ…

ඉතිං මම ඩොක්ට වැඩ කරන hospital එකේ සේවකයෙක් තමා…
මම ඒකෙ නර්ස් කෙනෙක් කියලා අමතක වුණාද..
සමච්චල් හිනාවකුත් කට කොණ් තියාගෙන බට්ටි කතා කළේ….
ගෙදර අය ගැන හිතලා තීරණයක් ගත්තට තාමත් බට්⁣ටිගෙ හිත මුරණ්ඩුයි…

ම්ම්ම් …
ඒකත් හරි…
හැබැයි ඉතිං..
දැන් මෙතන වෙනම කතාවකුත් තියෙනවානේ..
හරි ඔයාට හිතුණ දවසක මට කැමති විදියට කතා කරන්නකො එහෙනම්..
දැන් මට කියන්න හදිස්සියෙම මොකද තාත්තට කිව්වෙ මා එක්ක යන්න කැමතියි කියලා…

මට ගෙදර අයගෙ හිත රිද්දන්න බෑ…

හ්ම්ම් …
ඒකත් එහෙමද..
මිතූ….
මම දන්නවා දැන් ඔයාට boy කෙනෙක් නෑ කියලා…
හිටපු boy ගැන තමා ඔයා තාමත් හිතන්නෙ…
කැමතිද මා එක්ක ඒ ගැන කියන්න…

මට බෑ..
මගෙ ජීවිතේ දේවල් කා එක්ක වත් බෙදාගන්න
මට ඕන නෑ….
බට්ටි ආවේගශීලි වුණා…

අස්විද ගැස්සිලා වගේ බට්ටිදිහා බැලුවෙ…
calm down මිතුණි…
මේ ඉන්නෙ අර patientලා එක්ක ආදරෙන් කරුණාවෙන් ඉන්න, ඒ අය ආදරේ කරන එයාලගෙ සීදේවි මිසී නෝනාමද…
අස්විද හරිම ඉවසීමෙන් ඒ ටික කව්වේ හිතට දැණුන පුදුමයත් එක්කමයි….

ඔව් ඔව්….
මම තමයි ඒ..
මම රඟපෑමක් කරන්නෙ..
මේ තමා මගේ හැටි…
කියපු බට්ටි අත් දෙකෙන් මූණ වහගෙන අඬන්න ගත්තා…

අස්විද කාර් එක අයිනට කරලා නැවැත්තුවා….
වෛද්‍යවරයකු විදියට අස්විදට දැණුනා මේ විදියට බට්ටි හැසිරෙන්නේ හිත ඇතුලෙ මහා ලොකු පීඩනයක් හිර කරගෙන ඉන්න නිසා කියලා….
බට්ටිට මේ මොහොතෙ මොකුත් කියන එක යුතු නෑ කියලත් තේරුණ නිසාම සුක්කානමෙන් දෑත් නොගෙනම සීට් එකට හේත්තු වෙලා ඔළුව හරවලා බට්ටි දිහා බලාගෙන හිටියා….

විනාඩි දෙක තුනක් එහෙම හිටපු බට්ටි බෑග් එකෙන් ලේන්සුව අරන් මූණ පිහද ගත්තා…

ඇයි ඩොක්ට නැවැත්තුවෙ..
යමු පරක්කු වෙනවා කියලා ඉස්සරහා බලාගෙනම කිව්වා…

මිතුණි..
මම දැන් කතා කරන්නේ අස්විද විදියට නෙමේ..
ඩොක්ට කෙනෙක් විදියට…
මට ඔයාව බලෙන් බඳින්න කිසිම ඕන කමක් නෑ..
මම එදත් කිව්වා…
මගේ වයිෆ් එක්ක ජීවිතේ විඳින්න මිසක් විඳවන්න මට ඕන නෑ…
ඒ නිසා මේ කියන දේ හොඳට අහගන්න…
ඔයා ඔය විදියට හිතේ තියෙන දේවල් පිට නොකර හිර කරගෙන ඉන්න ඉන්න ඔයාමයි දුක් විඳින්නෙ…
හිතේ තියෙන දේවල් කාටම හරි කියන්න..
කැමති නම් මට වුණත් කමක් නෑ
ඩොක්ට කෙනෙක් විදියට ඔයාගෙ ප්‍රශ්නෙ දිහා බලන්න මට බැරි කමක් නෑ…
ඒක කොහෙත්ම අස්විදගෙ වයිෆ් වෙන්න බලපාන්නෙත් නෑ…
හැබැයි දරුවෝ…
ඔයා මට නැතත් කාටම හරි ඔයාගෙ හිත විවෘත කරන්නම ඕන….

බට්ටි අහගෙන හිටියා විතරයි…

මිතුණී ..
මට තේරෙනවා..
ඔයා තාම love afair එකකට සූදානම් නෑ…
මම කැමතියි ඔයාගෙ යාළුවෙක් වෙන්න…
ඒකටවත් කැමති නැද්ද ඔයා..??
ම්ම්ම් …

ඩොක්ට…
මම දන්නෙ නෑ මම හරිද වැරදිද කියලා..
හැබැයි ම පොඩ්කාලෙ ඉඳලම හිතුවක්කාරයි ..
අම්මා තාත්තාගෙන් ගුටි කෑවත් මම මට ඕනදේ කරනවමයි….
ඒ වගේම ලොකු වෙද්දිත් ඒ ගතිය නැති වුණේ නෑ..
හැබැයි හොඳ නරක දන්න නිසා හිතුවක්කාර වුණාට මම වැරදි වැඩ කලේ නෑ…
මට අනිත කෙල්ලන්ට වගේ කසාද බැඳලා පවුලක් වෙන්න ආසාවක් තිබ්බෙම නෑ…
කවදාවත් කොල්ලෙක් එක්ක යාළු වුණෙත් නෑ ඒ නිසාම
අනික මම එහෙම යාළු වෙන්න ආව කොල්ලන්ට ලැජ්ජා කලේ ආය කවදාවත් කෙල්ලෙක් පස්සෙන් නොයන්න…
මට තැනක් නොතැනක් නෑ කාත් එක්ක වුණත් රණ්ඩු කරන්න…
ලොකු අක්කා බැන්ද අයියා මට වලි කෙක්ක කියලා විහිළු කරන්නෙ….

බට්ටි දිගටම ඉස්සරහ බලාගෙනම කියාගෙන යනවා..
අස්විදත් බාධා කරන්න ගියේ නෑ….
වාහනය එළවන ගමන්ම හොඳින් ඇහුම්කන් දුන්නා..

ලොකු අක්කාගෙ වෙඩින් එකේ වැඩ වලට ගියෙත් මරන්න ගෙනියනවා වගේ…..

දවසක් මම කන්න ගියතැනකදි කෙනෙක් එක්ක එකට එක කියාගත්තා….
බට්ටි එදා තේජාන්ව මුලින්ම මුණගැහුණ දවස ගැන, වෙච්ච සිද්දිය ගැන කිව්වා….

පස්සෙ බලද්දි නිසල් අයියාගෙ යාළුවෙක් එයා…
අපි නිතර හම්බුණේ ඒ නිසා..
සල්ලි මාන්නෙන් ඔළුව උදුම්මගත්ත කෙනෙක්…
ඒත් මටත් නොදැනිම ඒ අහංකාර උද්දච්ච හිතට මං ආදරේ කළා…
කවදාවත් මවපු නැති ,මවන්න ආස නොවුන හීන මම එයා නිසාම මැවුවා….
ඒත් එයා මාව එක තැනකදි රැවැට්ටුවා ..
එයා මට වගේම තවත් ගෑණු ළමයෙක්ට බලාපොරොත්තු දීලා තියෙද්දියි මට ළං වුණේ…
එයාගෙ මාන්නෙටම ගැළපෙන කෙනෙක්…
එයාට දෙන්නවම ඕන වුණා…
ඒත් අනුහස් අයියා පොඩි අක්කාට හම්බ නොවුණා නම්..
අදටත් මම සතුටින් ඉන්න තිබ්බා ..
එහෙම වුණා නම් එයා බැඳලා රටින් යන්නෙ නැති වෙන්න තිබ්බා හදිස්සියෙම ….

Sorry මිතුණී …
අනුහස්ගෙයි ඔයා කියන ඒ කෙනාගෙයි සම්බන්ධෙ මොකක්ද…

ඩොක්ට…
ඒ තමා අනුහස් අයියාගෙ අයියා…
තේජාන්..

Oh..my god….
අස්විද කිව්වා නෙමේ…
ඉබේම කියවුණා…

බට්ටි ඊට පස්සෙ තේජාන් accident වුණ එක, ඊට කලින් දාපු මැසේජ් , hospital ගියාම අනුහස්ගෙ අයියා කියලා දැනගත්ත හැටි, ලොක්කිගෙ වෙඩින් එකෙදෙි තේජාන් කිව්වෙ බොරු කියලා දැනගතත හැටි, තේජාන් අසරණ වෙලා විෂ්මිව බැඳලා රට ගිය හැටි..
එදා ඉඳළ තේජාන්ව තාමත් හිතින් අයින් කරන්න බැරි හැටි සේරම ටික අස්විද එක්ක කිව්වා….

මිතු…
මම මේක කිව්ව⁣ට තරහා වෙන්න එපා…
මම ඔයාට propose කරපු කෙනා විදියට නෙමේ මේක කියන්නේ….
ඔයාගෙ කතාව අහපු කෙනෙක් විදියට
තේජාන් ආත්මාර්ථකාමී පුද්ගලයෙක් ..
තමන්ගෙ සතුට ගැන විතරක්ම හිතන කෙනෙක්..
ඔයාට බලාපොරොත්තු දුන්නෙත් එයාගෙ සතුටට
බැන්දෙත් එයාගෙ සතුටට..
ඔයා තාමත් එයාට ආදරේ කරන එක ඔයාගෙ මෝඩ කම..
දැන් බැඳලා ගිහින් අව්රුදු 2කට කිට්ටුයි කිව්වා නේද..
හොරෙන් හරි ඔයාට කතා කරන්න උත්සහ කළාද..
වැඩිය ඕන නෑ…
තමන්ගෙ මල්ලිගෙ වෙඩින් එකට එන්න එපා කිව්වත් මම වගේ නම් එනවා ඔයාව බලන්න හරි ලැබෙනවානේ කියලා….
මන්දා මිතූ…
ඔයා සම්පූර්ණයෙන්ම ඒ තේජාන්ව හිතෙන් අයින් කරගන්නකල්
මම ඔයාට හොඳ යාළුවෙක් වෙන්නම්…
බය වෙන්නෙපා..
මම තරහත් නෑ.. අමනාපෙකුත් නෑ..
කාටවත කියන්නෙත නෑ….
මම දන්නවා ඔයාට මා එක්ක ආදරෙන් කතා කරන්න වත් හිතෙන්නෙ නෑ…
තේජාන් ඔය හිතෙන් යනකල් මම බලන් ඉන්නම්…
වෙනදට වඩා ඔය චූටි හිතට සහනයක් දැනෙයි අද..
කියලා ලස්සන හිනාවකින් මුව පුරවගෙන බට්ටි දිහා බැලුවා…
බට්ටිත් අස්විද දිහා බැලුවෙ ඒ මොහොතෙමයි…

සිවුනෙත් යාවුණා මොහොතකට…
ඒත් අස්විදගෙ දෑස් වල තියෙන විශ්වාසනීය කම, ආදරය, හඳුනගන්න බට්ටිට බැරි වුණා….

නමුත් බට්ටිගෙ හිතේ තියෙන දුක, ගෞරවයක් මිසක් වෙන කිසි හැඟීමක් නැති ඒ ඇස් ,
අස්විද හඳුනගත්තා….
කාලයට ඉඩදීලා බලාගෙන ඉන්න අස්විද තීරණය
කළා….

********************

සෙනසුරාදා බට්ටි ගෙදර ආවෙත් අස්විද එක්ක..
මේ සතියට බට්ටිත් අස්විදත් හොඳ යාළුවො වුණා…
බට්ටි ඉස්සර ලොක්කියි පොඩ්ඩියි එක්ක වගෙ දවසේ වෙන සේරම අස්විද එක්ක ෆෝන් එකෙන් කියන්න ගත්තා..
රෝහලේදි ඔවුන් රාජකාරි මට්ටමෙන් විතරක්ම හැසිරුණා…

අස්විද බට්ටි එක්කම ආවෙ…
අද අනුහස්ගෙ ගෙදර party තියෙන නිසා අස්විද බට්ටි එක්ක යමු කියලා බට්ටිගෙ තාත්තා යෝජනා කරපු නිසා…
බට්ටිත් අකමැති වුණේ නැත්තෙ දැන් අස්විද සේරම දන්න නිසාත්…
අස්විදගේ යාළුකම බට්ටිට ප්‍රිය උපදවන්නක් නිසාත්…

බට්ට් ඇන්දෙ ඇඟේ පැහැයට ළඟ වර්ණයකින් යුත් දිගු ගවුමක්…..
බට්ටිගේ පෙණුම වඩාත් සුන්දරව ඒ ඇඳුමට පෙනුණා…

අස්විද ආවා බට්ටිවත් අම්මයි, තාත්තයි එක්ක යන්න…
තිළිණගෙ කාර් එකේ ලොක්කිවත් නිසල්වත් එක්ක.ගියා..
නිමේෂි ව මේ ගමනට සහභාගී කර නොගත්තේ තවමත් ඇයව තිළිණ කසාද බැඳලා නැති නිසා..
අද සාදය නෑදෑයන් හට පමණක් නිසා…

**********
පොඩ්ඩි රතු පාට දිග ගවුමකිනුත් අනුහස් කළු කලිසමයි කමිසයයි ඇඳලා රතු පාට කෝට් එකකුත් අැඳලා…
බටහිර විලාසිතාවට තමා සැරසිලා හිටියෙ…

නෑදෑ පිරිවර 100ක් පමණ අද එකතු වෙලා හිටයෙ
අනුහස්ලාගෙ ගෙදර …
ලස්සනට සරසලා තිබුණ ගෙදරත් ගෙවත්තත් පොඩි උත්සව ශාලාවක සිරි ගත්තා..

අම්මේ මගෙ පෙඩ්ඩිගෙ ලස්සන….
ලොක්කි දැක්ක ගමන් පොඩ්ඩිව බදාගත්තා…

අනුස් අයියා වැඩකාරයා නේද ලොක්කි…
බලනවාකො හලෝ..
සතියට මගෙ කලුච්චි සුදු වෙලා ඒ මදිවට ලස්සනත් වෙලා…
බට්ටිත් පොඩි විහිළුවක් කළා….

අනුහස් හිනා වෙද්දි පොඩ්ඩි නම් ලැජ්ජාවෙන් ඇඹරුණා…
අනේ යනවා බට්ටි යන්න..
අද තමුසෙත් පට්ට…
බලන්නකො ලොක්කි..
බට්ටිගෙ ගවුම නේද.

හා හා…
ශේප් එකේ කතාව මාරු කරන්නෙපා..
ඉතිං කියනවාකො හලෝ මැලේෂියා වල හනිමූන් එක කොහොමද…😉

බට්ටි මේ…
තමුසෙත් ගිහින් බලාගන්නවා කොහොමද කියලා…
මොකෝ ඩොකාට බැරි නෑනෙ එහෙ එක්ක යන්න..
කියලා අනුහස් දිහා බැලුවෙ අනේ මාව බේරගන්න කියන්න වගේ…

හරි හරි..
අපි යනවා අර පැත්තට..
කට්ටිය ඉන්නවානෙ තව කතා කරන්න..
මෙහෙ එනවා බට්ටි පොඩ්ඩිව අමාරුවෙ දාන්නෙ නැතුව
කියලා ලොක්කි බට්ටිවත් අැදගෙන සෙනග අතරට ගියා…

බට්ටි අස්විද එක්කම හිටියෙ දැන් දෙන්නා හොඳ යාළුවො නිසා…
තිළිණත්, නිසලුත් අස්විද එක්ක හොද හිතවත්කමකින් හිටියේ අස්විද ඇත්තටම හොඳ නිහතමානි පුද්ගලයෙක් වුණ නිසා…
කට්ටියම කමින් බොමින් විහිළු තහළු කරම්න් කාලය ගෙවද්දී…
එතපාරම නිසල්ගෙ කතාව නැවතුණේ හිනාවත් වියැකෙමින්……

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *