මිහිදුම් සිහින…..57

57 වන සිහිනය

Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!

දිගටම රැඳී ඉන්න….
සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව……
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

මොකද තමා…
ලොක්කි උඹ දන්නවා නේද..
මෙච්චර කල් උඔලා තුන්දෙනාව මම රැක්කෙ කොහොමද…
උඹලා ගැන මම හොයන එක අඩු කළේ උඹලට හොඳ කරක තේරුම්ගන්න පුළුවන් තත්වෙට ආවම..
ඒත් මම හැම වෙලාවෙම ඇහැගහන් හිටයෙ…
අපි පස්දෙනාගෙම ආදරේ වැඩියෙන්ම ලැබුණ බට්ටිට කොහොමද ලොක්කි ආදරේ මදි වෙලා වගේ..
මෙහෙම හිඟන ආදරයක් පස්සෙ වැටුණෙ…
තිළිණගෙ කටහඬේ තිබ්බ රළු බව අඩු වෙලා අසරණ කමක් ආවෙ අන්තිම වෙද්දි….

මල්ලි…
සන්සුන් වෙයංකො මුලින්ම
මොකද වුණේ..
ඇයි මෙහෙම කෑගහන්නෙ…
ප්‍රශ්න විසඳන්න බෑ මල්ලි මෙහෙම කලබල වෙලා..
නිසල් කතා කළේ තිළිණගෙ කරට අතදාලා පුටුවකින් වාඩි කරවන ගමන්….

ඒ අතරෙ තිළිණගෙ සද්දෙට බට්ටි නින්දෙන් ඇහැරුණත්….
නිදි වගේම හිටියෙ මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න….

මට දුකයි නිසල් අයියෙ…
මෙහෙම වුණේ ඇයි ඒකි….
බට්ටිට අපි හැමෝම කොච්චර ආදරේද අයියෙ….
ඇයි ඒකිට බැරි වුණේ චුට්ටක් අපි ගැන හිතන්න…
දන්නවද…
තේජාන් දැන් මාස ගානක ඉඳලා ලංකාවෙ ඉඳලා තියෙන්නෙ…..
මේකි ඌ එක්ක ආයෙම පැටලිලා…..
ආරංචි වුණ විදියට ඌ එක්කම එක ගෙදරකත් ඉඳලා තියෙනවා….
ඇයි බං අයියෙ ඒක කරන්න කලින් බට්ටිට අපිව මතක් නොවුණෙ….
තිළිණ කතා කරන්නේ ගොඩක් දුකින්…
කළකිරුණ කටහඬින්…
කඳුළු පිරුණ ඇස් වලින්..

කාමරේ ඉඳන් අහන් උන්න බට්ටිට හීන් දාඩිය දැම්මා…
තෙජාන් තාම කෝල් එකක් දුන්නෙත් නෑ…
කිරිකැට්යෙක් බඩේ පණ ගැහෙනවා…
අයියාගෙ පහරදීම් වලින් බේරෙන්න නම්….
ඒ ගැන කියන්නම වෙනවා….

මගෙ පුතේ..
කියපං හරියට වෙලා තියෙන දේ…
මගෙ පොඩි එකී අමාරුවෙ වැටිලද..
අම්මාත් අඬන්න ඔන්න මෙන්න වගේ….

ඒක දැනගන්න තමා අම්මා මම අරකිව ඇහැරන්න කිව්වෙ….
හැබැයි අම්මා….
එයාට ආදරෙන් සේරම කියලා දුන්නටත් පස්සෙ…
මොකක්ම හරි ගොන් වැඩක්කරලා නම්,
එයාට කිසිම සමාවක් නෑ…
එච්චරයි….
අර ඩොක්ට අස්විදව ඉත්තා කරගෙන මෙයා අපිව කාලයක් රැවැට්ටුවා…
එක පාරම තාත්තට අස්විදව ගැලපෙන්නෙ නෑ කිව්වම මම නිකමට ආව සැකේකට කිහිප දෙනෙක්ට කිව්වෙ ටිකක් හොයලා බලන්න කියලා….
මට ලැජ්ජායි උන් ඇවිත් මේකි ගැන කියද්දි….

***************

මේ විදියට තිළිණ ලොක්කිවත්,නිසල්වත් අම්මාවත් තියාගෙන කතා කරන අතරෙ….
මේ කවුරුත් හිතුවෙ නැති දෙයක් සිද්ද වුණා…

ඉස්සරහ කතාවට ඇහුම්කන් දීගෙන හිටපු බට්ටිගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා..
මාසෙකට විතර පස්සෙ…

“තේජාන්”

හෙලෝ
තේජාන් අයියෙ….
බට්ටි හෙමින් කතා කළා…

හෙලෝ බබා…
මම ඔයාලගෙ ගෙවල් කිට්ටුව ඉන්නෙ…
මම උදේ ආවෙ..
පාළුයි බබා….

අයියෙ..
මම දැන් එනවා…
ගෙදරින් දැනගෙන..
මාව කොහෙ හරි එක්ක යන්න ප්ලීස් …
ගේට්ටුවට ටිකක් එහායින් ඉන්න…

කිව්ව බට්ටි හෑන්ඩ් බෑග් එක විතරක් අරගෙන හෙමින්ම කාමරෙන් එළියට ඇවිත් කුස්සිය පැතතෙන් එළියට යන්නේ….
හැමෝම ඉස්සරහ සාලෙ ඉඳගෙන කතාව නිසා…
බට්ටිට වාසියට හිටියේ…
බට්ටිලාගෙ ගෙදර සාලෙන් එන පොඩි කොරිඩෝ එකක තමා කාමර තියෙන්නේ…
ඒක කෙලින්ම යන්නෙ කෑම කාමරේට..
අනිත් පැත්තෙන් සාලෙට…
සාලෙ පැත්තෙ ඝණ දොර රෙද්දක් දාලා තියෙන්නෙ
අමුත්තන්ට ඒ පැත්ත නොපෙනෙන්න…

බට්ටි එළියට ඇවිත් ළිඳ පැත්තෙන් වැට අයිනට ගිහින් වැටෙන් පැනලා…
ගෙදර හැමොටම හොරෙන් තේජාන් ළඟට ගියා….

අයියේ…
ඉක්මනට යමු….
අපිට කෑගල්ලෙ ඉන්න බෑ..
කොහෙ හරි යමු…
අපේ අයියා අපි දෙන්නවම මරයි තියෙන තරහට…

ඇයි ඇයි මොකද බබා මේ…
Calm down..
⁣මොකද මේ…

අයියෙ..
මට සන්සුන් වෙන්න තිබ්බා…
මගේ බඩේ අපි දෙන්නාගෙ ආදරේ හුස්ම නොගත්තා නම්…

What…
තේජාන්ට බ්‍රේක් එක පෑගුණේ නොදැනුවත්ව…
තමුසෙ නර්ස් කෙනෙක් නේද…
පරිස්සම් වෙන්න දන්නෙ නැද්ද…

අයියේ….
මොකක්ද ඒකෙ තේරුම….
අයියාගෙ දරුවෙක් ආවට මොකද වෙන්නෙ
ඇයි අයියා කිව්වෙ විෂ්මි අක්කි figure out වෙනවා කියලා බබෙක් හදන්නවත් අකමැති වුණා කියලා..
ඔයාලා වෙන් වෙන්න ඒකත් හේතුවක් කියලා..

ඒ..ඒක හරි..
බා ඒත් අපි තාම බැඳලත් නෑ…

ඉතිං….
අපි බඳිමු…
බඳින්න ප්‍රශ්නයක් නෑනේ….

තේජාන් ගැස්සුණා
බට්ටි දැක්කෙ නෑ….

හරි හරි…
ඒත් මට තාම devorce එක හම්බෙලා නෑනේ බබා….

⁣දැන් එදා ගියාම devorce papers බාරදීලා එන්නම් කිව්වා නේද විෂ්මි අක්කාට..
දුන්නද…

ආ…හ්..මෙ…මේ.
ඔ.ඔව් ඔව්.
දුන්නා ටික කාලයක් යයි….

හරි ඒක හම්බෙනකල් ……
යමු කොහෙ හරි..
කෑගල්ලෙ ගෙදරට මාව හොයාගෙන එයි…
ඔයා ලංකාවට ඇවිත් මා එක්ක ඉන්නෙ කියලා දැන් අයියා දන්නවා…

හරි අපි යමු..
ඔයාගෙ රස්සාවට මොකද වෙන්නෙ බබා..

මම රස්සාව කරන්න ඕනද අයියේ….
බට්ටිට පුදුමයි …
තේජාන් වගේ කෙනෙක්…
තමන්ගෙ දරුවා බඩේ ඉද්දි රස්සාවට යන්නෙ නැද්ද අහනවා….

ඉතිං ඔයා රස්සාවට ආසයිනෙ ඒකයි…
මම හැමදාම ගෙදර නෑනේ…
මට එහෙ මෙහෙ යන්න වෙනවා..
දැන් බලන්න මේ පාර වුණත් ගිහින් මාසෙකින් ආවෙ
ඔයාට එපා වෙයි පැටියෝ….

බලමුකො..
මට දැනට මගෙ නිවාඩු තියෙනවානේ…
සතියක් දෙකක් ගිහින් වෙන කොහෙට හරි මාරුව හදාගන්න බලමු..
මුලින්ම මාව කොහෙ හරි අරන් යන්න…
බට්ටි කතා කරන්නෙ ටිකක් ආවේගෙන්…

හරි බබා….
අපි එහෙම කරමු…
ඔයා සන්සුන් වෙන්නකෝ…

අයියෙ මට බඩගිනියි…
කන්න හම්බුණෙත් නෑ….
ඔක්කාරෙට වගේ…

මොනවද මගෙ මැණිකට කන්න ඕන….
ම්ම්ම් …
ඔළුව අතගාලා තෙජාන් ඇහුවෙ ආදරෙන්…

ම්ම්ම් …
දැන් නම්…
රෝල්ස් කන්න තිබ්බා නම් හොඳයි සෝස් එක්ක…
තව උණු උණු නෙස්කැෆේ ඕනා…..
බට්ටි පොඩි එකෙක් වගේ ආශාවෙන් කිව්වා…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ලොක්කි ඇහැරන් එනවා බට්ටිව…
තිළිණ ලොක්කිට කිව්වා….

මල්ලි…
කෑ ගහලා, බැනලා..
අතින් පයින් ප්‍රශ්න විසඳන්න පුළුවන් වයසක නෙමේ දැන් බට්ටි ඉන්නේ
ඒ නිසා…
ඉවසීමෙන් කතා කරන්න හරිද…
කියලා නැගිටලා ගියේ ඉස්සර තුන්දෙනාම හිටපු කාමරේට..

නිසලුත් නොයෙක් දේවල් තිළිණට කිව්වේ ඉවසීමෙන් නැතුව…
බට්ටි වගේ හිතුවක්කාරියෙක් එක්ක ප්‍රශ්න විසඳන්න බැරි නිසා….

බට්ටි නෑ….
ඇඳේ හිටපු සළකුණු තියෙනවා…
ලොක්කි එහෙමම ගියේ කුස්සිය පැත්තෙන් එළියට…
ළිඳ ළඟ, වැසිකිළියේ..
හැම තැනකම බැලුවා…
ආයෙ ඇවිත් අම්මලාගෙ කාමරේට වගේම තිළිණගෙ කාමරේටත් ඔළුව දාලා බැලුවා….
අතේ තිබ්බ ෆෝන් එකෙන් බට්ටිට කෝල් එකක් ගත්තා…..
ඒකත් ඕෆ්…

අම්මා….
බට්ටි නෑනෙ කොහෙවත්…
කිවාගෙනම ලොක්කි ඉස්සරහට ගියා..

මොකක්…
දැන් ඇඳේ නිදාගෙන හිටයෙ….
ළිඳ පැත්තෙවත්ද…

නෑ අම්මා…
කොහෙවත් නෑ…
මම හැම තැනම බැලුවා….

හැමෝම එකතු වෙලා ආයෙම හැම තැනම බැලුවත් බට්ටි නෑ….
තිළිණගේ තරහා උපරිම වෙලා..
වෙව්ලනවා…
අත මිට මොලවලා බිත්තියටත් ගැහුවා…
ලොක්කි …
දැන්ම එන්න කියපං පොඩ්ඩිටයි අනුහස්ටයි….

මල්ලි..
පොඩ්ඩි දැන් ඉන්න තත්වෙ එක්ක එයාට අපි බට්ටි ගැන කියන එක හරිද..
කලබල වුණොත්…
අනුහස්ට විතරක් එන්න කියමුද..

නෑ…
දෙන්නටම එන්න කියන්න..
මම පොඩ්ඩිට ප්‍රශ්නයක් වෙන්න කතා කරන්නෙ නෑ..
ඔයාලා මට කතා කරන්න දෙන්න….
***

හෙලෝ..
පොඩ්ඩි….
අනුහස් මල්ලි ගෙදරද

ඔව් ලොක්කි..
මොකද නිකන් හදිස්සියක් වගේ
හැමෝම හොඳින් නේද

ඔවි ඔව් කලබල වෙන්නෙපා…
අපි මේ මහ ගෙදර ආවා….
එනවාකො දෙන්නා එක්ක මේ පැත්තෙ
පොඩ්ඩක් කතාකර කර ඉන්න…..

ඉන්න ලොක්කි මම අනුහස්ගෙන් අහන්නම්……

…………..

ආ ලොක්කි…
අපි එන්නම්…
පැයක් එකහාමාරක් යයි…

හා.
පරිස්සමින් එන්නකො….
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

තේජාන් බට්ටි එක්ක කාලා බීලා ගියේ කෑගල්ලෙ ගෙදරට…
එහෙන් බට්ටි ඕන කරන සේරම තේජාන් එක්ක එකතු වෙලා වාහනේට දාගෙන ආයෙම ගියේ කඩුගන්නාවෙ
තේජාන් කලින් නැවතිලා හිටපු තැන⁣ට….

ඇවිත් ටිකකින්
බට්ටිට මහන්සියටම නින්ද ගියා….

තේජාන් සෑහෙන්න කල්පනා කළා…
මම මේ කෙල්ලගෙ ජීවිතේට මොකක්ද මේ කළේ…
මම මේ චූටි කෙල්ලට ගොඩක් ආදරෙයි..
වෙන කාටවත් දෙන්න බෑ ලෝබයි…
ඒත්…
තේජාන් තව බොහෝ වේලාවක් බට්ටි දිහා බලාගෙනම කල්පනා කළා…
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අනුහසුත් පොඩ්ඩිත් ගෙදරට ආවා…
පොඩ්ඩි දැන් ඇවිදින්නෙ තාරාවෙක් වගේ..
බඩට මාස 6කුත් ඉවරයි…

ලොක්කි දුවගෙන ගිහින් අතින් අල්ලගෙන පොඩ්ඩිව ගෙට එක්ක ආවේ….

ටික වෙලාවක් සුහද කතාබහේ යෙදිලා
තිළිණ කතාවට මුල පිරුවා…

අනුහස්…
පොඩ්ඩි..
මට දැනගන්න දෙයක් තියෙනවා….
ඇත්තම කියන්න..
හරිද…
මේක වැදගත් හැමෝටම…
අහන්න හේතුව දැනගන්න ලැබෙයි…

මොනවද අයියෙ..
දන්න දෙයක් නම් කියන්නම්….
අනුහස් කිව්වා…

තේජාන්…
ඔයාගෙ අයියා දැන් කෝ….

අයියා ස්විස් වල…
ඇයි ඒ…

කවදද අන්තිමට ආවෙ ලංකාවට..

ගිය මාසෙ….

ඊට කිලින් ආවෙ නැද්ද…

දැනට මාස 3කට වගේ කලින් ආවෙ විෂ්මි අක්කිව මෙහෙ තියලා යන්න….

ඒ මොකටද වයිෆ්ව මෙහෙ තියලා ගියේ..

විෂ්මි අක්කිට බබා ලැබෙද්දි එහෙ
තනියමනෙ…
අක්කිට මාස 7 පිරුණම ආවෙ…
ආයෙ බබාව ලැබෙද්දි තමා
ගිය මාසෙ ආවෙ…

ශුවර්ද ආයෙම රට ගියා කියලා….

මමයි airport දාලා ආවේ…
අැයි තිළිණ නිකන් උසාව්යෙන් වගේ ප්‍රශ්න කරන්නෙ.

පොඩ්ඩි…
කලබල වෙන්නෙපා මෙහෙම කිව්වට..
තේජාන් ලංකාවෙන් ගියේ නෑ…
අපේ මැට්ටි එක්ක කෑගල්ලෙ ගෙදරක
හිටියෙ…

මොකක්….
අනේ අයියේ…
බට්ටි මගෙන් කෝල් කරලා තේජාන් අයියා ගැන ඇහුවා තමා…
අයියා විෂ්මි අක්කිව දාන්න ඇවිත් ගිහින් සති දෙක තුනකින් විතර…
මම මොකුත් කිව්වෙ නෑ…
මගෙ මෝඩ කම..
එදා විස්තර කිව්වා නම් බට්ටි ටිකක් හරි හිතයි….
තේජාන් දැන් තාත්තා කෙනෙක් කියලාවත්…
පොඩ්ඩි අඬනවා..
ලොක්කි ඇවිත් පොඩ්ඩිව එක්කගෙන ගියේ අඬන්න හොඳ නෑ කියලා සනසමින්….

තිළිණ …
ඔය ඇත්තමද කියන්නේ…
අපේ අයියා එහෙම බලු වැඩක් කරලද
ෂිට්…
මම එදා airport එකේදි අයියා යනකල්ම හිටයෙ නෑ..
එහෙමම ඔෆිස් යන්න ආවා…
ඒ කියන්නෙ මම ආවම ආපහු ඇවිත්…
අනුහස්ට ලැජ්ජයි
වගේම කේන්තියි…

අනුහස්..
බලපං අපේ මෝඩි ජීවිතේම විනාශ කරගෙන බං..
අද ගෙදර ඇවිත් හිටයෙ….
අපි මේ ගැන කතා වෙන ටිකට ඒකි ගෙදරින් ගිහින්…

මල්ලී…
මේ…
ලොක්කි දුවගෙන ආවෙ ලියුමක් අරන්….
බට්ටිගෙ කොට්ටෙ යට තබ්බෙ..

“අම්මේ, තාත්තතේ..
මම යනවා..
මාව හොයන්න එපා…
අයියට කියන්න අයියා දැනගත්ත දෙවල් හරි කියලා
මම මගෙ ආදරේ ළඟ අසරණයි..
මම වැරදි වුණත්, හරි වුණත් මේ තමා මගෙ දෛවය
පුළුවන් නම් මට සමාව දෙන්න..
~ බට්ටි ~

****************
තිළිණ….
එතකොට අයියා ගිය මාසෙම විෂ්මි අක්කලාගෙ දිහා හිටියෙ…
ඊයෙ රෑ තමා ආපහු යනවා කිව්වෙ…
ගිහින් නැද්ද දන්නෙ නෑ….

අනුහස් දැන්ම යමු…
මම අරූට කෝල් එකක් දෙන්නම්…
කෑගල්ලෙ ගෙදරට යමු…
තිළිණ කලබලේම අැඳන් හිටපු කලිසමටම ටීෂර්ට් එකක් දාගෙන එළියට බැස්සා…

කෑගල්ලෙ ගෙදර ගැන දන්න පුද්ගලයාවත්
මගින් අරන්
අනුහස් තිළිණත් එක්ක එහෙට යද්දිත් ප්‍රමාද වැඩ්යි…
තේජාන් බට්ටි එක්ක එහෙන් ගිහිල්ලා…
තිළිණ කෝපයෙන් දත් මිටි කමින් තමා නැවත ආවෙ..

ඒ අතරෙ ලොක්කිත් පොඩ්ඩිත් බට්ටිට කෝල් ගන්න නොනවත්වා උත්සහ කළා….
බැරිම තැන මැසේජ් එකක් දැම්මා…

“”බට්ටි, ඔයා තේජනේ එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න හදනවා නම් ඔයාට වැරදිලා…
තේජාන්ට දැන් මාසෙක පුතෙක් ඉන්නවා…
විෂ්මි අක්කා ලංකාවට ඇවිත් මාස 3ක්..
මැසේජ් එක දැක්ක ගමන් ගෙදර එන්න..
ලොක්කියි මමයි වෙනුවෙන්.””

තවත් සිහිනයකින් හමුවෙමු ….🐥

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

තව කොටස් 3යි. 😬😬😁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *